• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජයපැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී I Sri Lanka Latest News

March 2, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන දවස වෙනකොට පත්තරකාරයෙක් විදියට අවුරුදු 11ක විතර රාජකාරි කාලයක් ගෙවලා ඉවරයි. ලංකාව පුරාම හැම අහු මුල්ලකම රිංගලා ඉවරයි. මිනිස්සු දැකලා අහලා විඳලා සමහර අත්දැකීම් ඔබට කියන්න බැරි දේවලුත් තියෙනවා. පත්තර ජීවිතේ මේ අවුරුදු 11 තුළ. ඇත්තටම ජීවිතේ මනුස්සයෙක් දකින්න ඕනේ නැති ගොඩක් දේවල් අපට පත්තරකාරයෝ විදියට දකින්න ලැබුණා. මිනිස්සු සීය දෙසීය මියයන හැටි මිනිස්සුන්ගේ ජීවිතවල ඉතාම නරක අත්දැකීම් විතරක් නෙවෙයි, ජීවිතේ හිතාගන්න බැරි සැපපහසුකම් සහිතව සමහර දවස දෙක ගතකරන්න අපට අවස්ථාව ලැබුණා.(Sri Lanka Latest News)

ඒ ඔක්කොමත් එක්ක මේ ලිපිය ලියන දවස වෙනකොට ජීවිත අත්දැකීම් මහ ගොඩක් එකතු වෙලා ඉවරයි. හැබැයි දැන් මම ලියන ලිපි ගැන බලන දකින අහන සමහර අය කියනවා ටිකක් කලබලෙන් ලියලා වගේ නේද, ඉස්සර වගේ වෙලාව අරගෙන ආටිකල් ලියන්න විදියක් නැද්ද කියලා. ඔව්. ඒකට උත්තරේ ඔව්. මොකද ඒකට හේතුව දැන් අපේ ගෙදර ඉන්නවා දුවෙක්. එයාට මේ මුළු ලෝකෙම වෙන කාටත් වඩා වටින්නේ එයාගේ අප්පච්චිව. එයාට එයාගේ අප්පච්චි කරන රස්සාවවත්, අප්පච්චිගේ ලිපි කියවන මිනිස්සු ගැනවත්, රටේ තියෙන වගකීමක් ගැනවත් වැඩක් නැහැ. එයාට වැදගත්ම දේ තමයි එයාගේ අප්පච්චි එයා වෙනුවෙන් කරන කියන දේවල්. දුවෙක්ගේ තාත්තෙක් වෙන එක ලේසි නෑ. තාත්තෙක් වුණාම දුවෙක්ට මුළු ලෝකෙම ඒ තාත්තා විදියට පේන්නේ. ඒ නිසා දුවෙක්ගේ තාත්තෙක් කියන්නේ තාත්තෙක්ට ආඩම්බරයක්.

සඳසි සෞන්දර්යා ශ්වේතාම්බරී කියන පුංචි කෙල්ල අද අවුරුදු 11ක් රස්සාව කරපු පත්තරකාරයෙක් වෙච්ච මාව සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ එයාට ඕනෙ විදියට. එක තත්පරයක්වත් එයාට ඕනෙ නැති විදියට ඉන්න බෑ. ඒ වගේම ලියුම්කරුට කීප වතාවක් හිතිලා තියෙන දෙයක් තමයි සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ දරුවා දාලා ගියේ කොහොමද කියලා. මේ කෙල්ලව දාලා එක තත්පරයක් ගෙදරින් යන්න හිතෙන්නේ නැති මට, සක්විති රජකම දෙන්නම් කිව්වත් මේ කෙල්ලව දාලා යන්න බැරි මට, කවදාවත් බුදු බව නම් ලැබෙන්නේ නැති වෙයි කියලා හොඳටම විශ්වාසයි. ඒකට හේතුව මොන තරම් සැප සම්පත් තිබුණත් දාලා යන්න බැරි බැඳීමක් ගේ ඇතුළේ දැන් තියෙනවා.

මේ ලිපිය ලියන්නේ තවත් එහෙම තාත්තෙක් ගැන කියන්න. එයාගේ නම සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස නිතරම තාත්තෙක් ගැන කියමින් දේශපාලනය අරගෙන ගියපු කෙනෙක්. එයා තමයි ආර්. ප්‍රේමදාස. ආර්. ප්‍රේමදාස මහත්තයගේ පුතා සජිත් ප්‍රේමදාස. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයට දුවෙක් ඉන්නවා. සජිත් ප්‍රේමදාසටයි, ජලනි ප්‍රේමදාසටයි දැන් දුවෙක් ඉන්නවා. ලංකාවේ දේශපාලනයේ ඉතාම අප්‍රසන්න චෝදනාවක් තමයි එයා කසාද බැඳලා නෑ, එයා පිරිමිත් එක්ක සම්බන්ධතා පවත්වනවා, එයාට දරුවො නෑ වගේ කතන්දර.

ඇත්තටම මනුස්සයෙකුට දරුවෙක් නැතිව යෑම කියන එකේ වේදනාව දරුවෝ නැති අම්මලා තාත්තලා දන්නවා. දරුවෝ නැතිව යෑම කියන එක මහ ලොකු හිතන්න කාරණයක් නෙවෙයි. විවේචනයට කාරණයක් නෙවෙයි. ගමේ අම්මණ්ඩිලා පාරේ මුණගැහුණාම විවාහක දෙපළකගෙන් අහන පළමු ප්‍රශ්නෙ තමයි දරුවෝ නැද්ද කියලා. යුරෝපේ මිනිස්සු දරුවෝ හදන්නේ නෑ. ලංකාව වගේ රටක දරුවෝ හදලා බෑ. මොකද මේ මහ පොළොව කොයි අතට කැරකෙයිද කියලා දන්නේ නැතිකොට ලංකාවේ දේශපාලනය මොන සෙප්පඩ විජ්ජාවක් කරයිද කියලා නොදන්නකොට, ලංකාවේ ආර්ථිකය කොයි පැත්තකට කඩාවැටෙයිද කියලා නොදන්නකොට අම්මලා තාත්තලා දරුවෝ හදන්න බයයි.

අපි වැටුණු වළේම උන්වත් දාන්න තියෙන බය නිසා කොහොම හරි සජිත් ප්‍රේමදාස මහත්තයට අප්‍රසන්න විදියට ජරා විදියට චෝදනා කරපු මිනිස්සු හිටියා. ඒක වැරැදියි. ඒක නරකයි. ඒක සජිත් ප්‍රේමදාස මහත්තයට නෙවෙයි, දේශපාලනයට ආපු කාට වුණත්, දේශපාලනයට නොආපු අයට වුණත්, ගමේ රටේ පාරේ තොටේ මුණගැහෙන ඕනෙ කෙනකුටත් දරුවේ නෑ කියන එක හරහා අපහාස කරනවා නම් ඔවුන්ගෙන් ඒක ප්‍රශ්න කරනවා නම්, ඒ හරහා ඔවුන්ව අපහසුතාවට පත්කරනවා නම් ඒක ඔබේ තිරිසන්කම බව ඔබ මතක තියාගන්න. මේ ලිපිය කියවන කෙනෙක් කොහේ හරි ඉන්නවා නම් ඒ තිරිසන්කම සහිත මනුස්සයෝ ප්‍රතික්ෂේප කරන්න පුරුදු වෙන්න.

පහුගිය දවසක රැස්වීමකදී සජිත් ප්‍රේමදාස මහත්තයා ආඩම්බරෙන් කියනවා මම දැන් තාත්තා කෙනෙක් කියලා. එහෙම කියලා ටික වෙලාවකින් ජලනි ප්‍රේමදාස සහ සජිත් ප්‍රේමදාස දෙමළ දරුවත් එක්ක ඉන්න පින්තූර සමාජ ජාලවලට එකතු වෙනවා. මේ කතන්දරය සහ පින්තූර දේශපාලනිකව මනිනවට වඩා ඒ දිහා හෘදයාංගමව බලනවා නම් ඒක ලස්සන වෙයි. හැබැයි මේ හෘදයාංගමව බැලීම ඇතුළේ අපි නොදන්න අපි නොකියපු අපිට මුණ නොගැහුණු කතාවකුත් තියෙනවා. ඒ තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා බෙහෙත් විදින්න ගියපු වෙලාවක එතැනදී අහන්න ලැබුණු කතාවක්.

එක්තරා බෙහෙතක නමක් කියලා ඔහු කියනවා මේ බෙහෙත සාමාන්‍ය දරුවන්ට විදින්නේ නෑ, ඒක සල්ලිවලට ගන්න ඕනේ, නමුත් ඒක විදින්න ඕනේ කියලා. ඔහු ඔව් කිව්වම ඒ විස්තර ඇහුවම කියනවා රුපියල් හත්දාස් ගානක් වෙනවා මේ බේත, ඒ නිසා අපි සාමාන්‍ය මට්ටමෙන් මේ බෙහෙත විදින්නේ නෑ කියලා. ඇත්තටම බොහෝ වෙලාවට රජයේ ඉස්පිරිතාලෙන් දෙන එකට වඩා පුද්ගලික අංශයෙන් ලැබෙන බෙහෙත මිල අධික වුණත් හොඳයි කියන විශ්වාසයක් දැන් තියෙනවා. ගොඩක් දෙනෙක් ඒක විදගන්නවා. එහෙම විදගන්නේ තමන්ගේ දරුවෝ පරිස්සම් කරන්න ඕනේ හින්දා. නැතිබැරිකම නිසා දරුවෝ පරිස්සම් නොවිය යුතුද කියන ප්‍රශ්නය ලියුම්කරුටත් මීට කලින් හිතිලා තියෙනවා.

සජිත් ප්‍රේමදාස මහත්තයා මේ දරු පැටියත් එක්ක එළියට බැහැලා සමාජගත කරන්න හදන කාරණාව ඉතා ප්‍රසන්නයි. ඔහු කියනවා මගේ දරුවා වගේ තමයි හැම දරුවෙක්ම රකිනවා, හැම දරුවෙක්ටම මම ආදරේ කරනවා කියලා. ඒක දේශපාලන පොරොන්දුවකටත් වඩා තාත්තෙක්ගේ පොරොන්දුවක් විදියට ගන්න පුළුවන් නම් ලස්සනයි. මොකද තාත්තෙක්ගේ වටිනාකම දන්න පුතෙක් විසින් තමන්ගේ දරුවා ගැන සහ රටේ දරුවන් ගැන මේ විදියට කතා කරනවා කියන එකත් වෙනම කතාවක්. දැන් අපේ රටේ හුඟදෙනෙක් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දරුවගේ උප්පැන්න සහතිකේ අඩුපාඩු හොයන්න පටන් අරගෙන. කොහෙන්ද ආවේ, කොහොමද ආවේ, කවුද ගෙනාවේ කියලා.

දරුවෝ එන්නේ රෝස කැලෙන්. දරුවෝ දෙන්නේ දෙවියෝ. ඒක විතරක් දැනගෙන හිටියාම හොඳටම ඇති. සජිත් ප්‍රේමදාස මහත්තයා තාත්තා කෙනෙක්. රජයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අනාගතේ දවසක මේ ගෑනු දරුවාගේ තාත්තා විදියට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නම ලියැවෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා උප්පැන්න සහතිකේක දැන් නම තියෙනවා තාත්තා කියලා. එතැනින් එහාට අපට හිතන්නවත්, බලන්නවත්, දකින්නවත් දෙයක් නෑ. හැබැයි අපේ රටේ දේශපාලකයන්ට අපට කියන්න තියෙන්නේ උප්පැන්න සහතිකේට විතරක් තාත්තලා වෙලා වැඩක් නෑ. තමන්ගේ දරුවන්ට විතරක් තාත්තලා වෙලා වැඩක් නෑ. මේ මහපොළොවේ ඉපදිච්ච හැම දරුවෙක්ටම තාත්තෙක් වෙන්න පුළුවන් නම් එදාටයි ඔබ හැබෑ දේශපාලකයෙක් වෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහත්තයට මුළු රටම කිව්වා ජාතියේ අප්පච්චි කියලා. ඒක ගෞරව නාමයක්. ඔහු කළේ මොනවද, ඔහු අද ඉන්නේ කොහෙද කියන එක නෙවෙයි වැදගත්. ඔහුට ඒක දිනාගන්න පුළුවන් වුණා. ඒ ගෞරවය ඔහුට රැකගන්න පුළුවන් වුණා නම් ඔහු ඇත්තටම ජාතියේ අප්පච්චි වෙනවා. අපි අප්පච්චි කියන වචනය ඉතා ප්‍රේමයෙන් කියන්නා සේම ඉතා ගෞරවයෙන් කියන ජාතියක්. සමහර දෙවි දේවතාවුන්වහන්සේලාගේ නම් එක්ක අපි මේ අප්පච්චි කියන කොටස අමුණන්නේ ඒ තියෙන වුවමනාවට. සමහර වෙලාවට අපි මින්නේරි දෙයියන්ට, මින්නේරි අප්පච්චි කියනවා, අයියානායක අප්පච්චි කියනවා. දැන් සජිත් ප්‍රේමදාසත් අප්පච්චි කෙනෙක්.

ඒක උදාන වාක්‍යයක්ද, එහෙම නැත්නම් ගෞරව නාමයක්ද කියනවටත් වඩා ජීව විද්‍යාත්මකව ඔහු අප්පච්චි කෙනෙක්. ඒක නිසා මේ තාත්තට දැන් පපුවට දැනෙනවා ඇති දරුවන්ගේ වේදනාව. එහෙම නොදැනෙනවා නම් ඒක රටේ වේදනාව. අපිට දේශපාලකයෝ ගැන විශ්වාස කරන්න බැහැ. ලෙයින් අස්සන් කරලත් එහෙට මෙහෙට පනින සෙප්පඩ විජ්ජා දාන දේශපාලකයෝ ගැන සත පහක විශ්වාසයක් ලියුම්කරුට නෑ. හැබැයි ලියුම්කරුට මිනිස්සු ගැන විශ්වාසයකුත් නෑ.

ඒත් මිනිස්සුත් දේශපාලකයොත් අතරේ ඉන්න අප්පච්චිලා ගැන තාත්තලා ගැන මෙන්න මේ මානවීය ප්‍රේමය ගැන ලියුම්කරුට විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි මේ කොටස මේ විදියට ඉවර කරන්නේ. සජිත් ප්‍රේමදාස අලුතෙන් තාත්තා කෙනෙක් වෙච්ච ආදරණීය දේශපාලකයාණෙනි, අපි ඔබට සුබ පතනවා. එය ඔබේ ජීවිතයට ජයග්‍රහණයක් වෙයි. හැබැයි සිද්ධාර්ථ කුමාරයා කිව්වා වගේ ඕක සසරට බැඳ තබන බැම්මක්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කඩ කෑම කාලා හමාරයි! අද රෑ ඉඳන් ආයෙමත් ටී-ප්ලේන්ටී-රයිස්-කොත්තු මිල ගණන් ඉහළ දමයි! I Sri Lanka Latest News

Next Post

අප්‍රේල් වෙනකම් පායනවා! Sri Lanka Latest News

MORE NEWS

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.