• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියෙ ඉඳන් රනිල් පත්තුකරපු ඡන්ද ගින්නට තිස්සමහාරාමෙ ඉඳන් සජිත් පිදුරු දමයි I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිනිසුන්ගේ ඡන්ද අයිතිය ගැන රනිල්-සජිත් හටන…

වර්තමානයේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවකට මැතිවරණයක අවශ්‍යතාවක් නොමැති බවටත්, ඔවුන් තුළ මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.(Sri Lanka Latest News)

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පසුගිය 03 වැනිදා පැවති 2023 – 2024 ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද බලයක් ලබාගත නොහැකි බවයි. එබැවින් සියලු දෙනා එක්විය යුත්තේ මැතිවරණයක් ලබාගැනීම සඳහා නොව, වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාවේදී පවසා තිබුණා. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද, රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ එම කතාවේ උපුටනයක් පහත දැක්වේ.

මූලික වශයෙන්, අපගේ වර්තමාන ජයග්‍රහණ කෙටිකාලීන බව අප පිළිගත යුතුයි. එබැවින් පවතින අභියෝගය ජය ගැනීමට අප තව බොහෝ දුර යා යුතුව තිබෙනවා. එසේ වන්නේ අප මුහුණ දුන් අර්බුදය ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ එකක් වීම නිසයි. රට මීට පෙර කැරලි සහ යුද්ධවලට මුහුණ දී තිබුණද මෑතකදී අප මුහුණදුන් මෙම ආර්ථික අර්බුදය රටේ සමස්ත ක්‍රියාවලියටම දැඩි බලපෑමක් එල්ල කළ බව අපි දන්නවා.

නීතිය හා සාමය, දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අප කටයුතු කර සිටියදීත්, අපේ පුරවැසියන් සහ පාර්ලිමේන්තුව, රජය, අධිකරණය, මාධ්‍ය, පෞද්ගලික අංශය, වෘත්තීය සමිති සහ වෘත්තීන් වැනි විවිධ පොදු ක්‍රියාකාරීන් අතර තවමත් විශ්වාසය කඩවීමක් පවතිනවා. මෙය අපගේ අවධානයට ලක්විය යුතු වැදගත් කරුණක් බව කිව යුතුයි.

පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීවරයෙකු පමණක් සිටින ජනාධිපතිවරයෙකු විවිධ මත දරන මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක් සමග කටයුතු කළ යුතුව තිබෙන බැවින් වත්මන් දේශපාලන තත්ත්වය පෙර නොවූ විරූ තත්ත්වයක් බව අපි දන්නවා. එසේම ස්ථාවර දේශපාලන ව්‍යුහයක් සහිත දේශපාලන පක්‍ෂ නොමැතිකම භයානක තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.

එපමණක් නොව, මන්ත්‍රීවරුන් විවිධ මත දරන නමුත්, පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එක්වුවද ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නැහැ. අප අතිශයින් දේශපාලනීකරණය වූ රටක් නිසා මෙම ප්‍රතිශතය 70%ක් තරම් ඉහළ අගයක් ගත හැකිව තිබූ නමුත් අපේ අනාගතය තීරණය කිරීමට ඉතිරිව ඇත්තේ 10%ක් පමණයි.

අපි වෙනත් රටවලට භාණ්ඩ අලෙවි කර උපයා ගන්නා මුදලට වඩා වැඩි මුදලක් ඒ රටවලින් භාණ්ඩ මිලදී ගැනීමට වියදම් කරනවා.

මට මතකයි මම කර්මාන්ත අමාත්‍ය ධුරයේ කටයුතු කරන සමයේදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා ඔවුන්ට ආයෝජකයන් නොමැති නිසා අපේ සහය පැතුවා. නමුත් දැන් අපට ආයෝජකයන් ගෙන්වා ගැනීමට ඔවුන්ගෙන් සහ බංග්ලාදේශයෙන් සහය පැතීමට සිදුව තිබෙනවා. ඒවගේම අපි සංචාරක ව්‍යාපාරය ආරම්භ කළ අවස්ථාවේ අපගේ අතිරික්ත සංචාරකයන් මාලදිවයිනට යැව්වා. අද මාලදිවයිනේ අතිරික්ත සංචාරකයින් ලංකාවට එනවා.

මේ පිළිබඳ අවධානය යොමු කරන විට මෙම නව ආර්ථික වැඩපිළිවෙළේ දී අපට රැඩිකල් වෙනසක් අවශ්‍යයි. අප අපගේ ගමන තීරණය කළයුතු අතර ඉහළ ආර්ථික වර්ධනයක් සහ යහපත් ජීවන තත්ත්වයක් පිළිබඳ ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලිය යුතු වෙනවා.

දැන් තිබෙන ප්‍රශ්නය දේශපාලන හෝ වෙනත් අවශ්‍යතා නොවෙයි. අපගේ සම්පූර්ණ අවධානය රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා යොමු විය යුතු අතර ඒ සඳහා සියලු දෙනා කැප විය යුතුයි.

එහෙත් ඇතැමුන් රටේ වත්මන් ආර්ථික තත්ත්වය සමග සෑහීමකට පත්වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ කෙසේ වෙතත්, අපි මූල්‍යමය වශයෙන් දැඩි දුෂ්කරතාවකට පත්වූ රටක් බව අමතක නොකළ යුතු අතර අප මේ වන විට ලබා ඇති ස්ථාවරත්වය ආරම්භක පියවරක් පමණක් බව කිව යුතුයි. අපගේ විදේශීය සහ දේශීය ණය යන දෙකෙහිම ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කරගත් පසුව අපට සාර්ථකත්වයක් ලබාගත හැකියි.

තවදුරටත් අපට මෙම ක්‍රමවේදය ඔස්සේම ඉදිරියට යා නොහැකියි. එබැවින් අපගේ ඊළඟ පියවර කුමක්ද කියා අප සොයා බැලිය යුතුයි. අපේ ආර්ථිකය තිරසාර මාවතකට ගෙන ඒමට අප අවංක උත්සාහයක නිරත විය යුතු අතර අපගේ ජාතික සංවර්ධන සැලැස්මට ඉහළ තරගකාරී ආර්ථිකයක් ස්ථාපිත කිරීම ඇතුළත් විය යුතුයි. ඒ වගේම අපගේ ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමට අප උත්සාහ කළයුතුයි.

ලෝකයේ ආර්ථික වර්ධනයක් සිදු වූ 1980 – 2000 යුගයේ මෙන් නොව අප දැන් එක්සත් ජනපදය හා චීනය අතර එදිරිවාදිකම් මධ්‍යයේ ආර්ථික යුද්ධයක් ද අත්විඳිමින් සිටිනවා. මෙම තරගකාරීත්වයේ ප්‍රතිවිපාක වලින් අප ආරක්ෂා වීම අත්‍යවශ්‍ය වන අතර අපගේ වර්තමාන තත්ත්වය පිළිබඳ තක්සේරුවකින් යුතුව අනාගත සැලසුම් සකස්කළ යුතු බව මගේ විශ්වාසයයි.

ඉදිරි වසර 20 තුළ රටේ ජනතාව දිළිඳුකමෙන් මුදාගැනීමේ දිගුකාලීන ඉලක්කය ඇතිව අපගේ ආර්ථික හා සමාජ ආරක්ෂණය සැලසුම් සකස් කළයුතු අතර දරිද්‍රතාවයෙන් පෙළෙන අයට සහන සැලසිය යුතුයි.

රටේ අපේක්ෂිත ආර්ථික වෙනස්කම් ඇති කිරීම සඳහා, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ හරිත ආර්ථිකයක් හා ඩිජිටල් ආර්ථිකයකට අනුවර්තනය වීමේ වැදගත්කම අප හඳුනාගෙන සිටින අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ද අපට අවශ්‍ය වෙනවා.

මම සිදුකළ කතාවේ දී අපේ ජාතික ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අංග හතරක් පිළිබඳ සාකච්ඡා කළා. මූල්‍ය හා මූල්‍ය ප්‍රතිසංස්කරණ, වෙළෙඳපොළ ලිහිල්කරණය, සමාජ ආරක්ෂණය සහ රජය සතු ව්‍යවසායන්හි ප්‍රතිසංස්කරණ ඊට ඇතුළත් වෙනවා.

රජය සතු ව්‍යවසාය සහ වත්කම් පිළිබඳ අපගේ දැනුමේ හිඩැස් ඇති බව අප පිළිගත යුතුයි. 2048 වන විට සංවර්ධිත ජාතියක් බවට පත්වීමේ අපගේ අරමුණ කරා ළඟා වීමට නම් අප සැලකිය යුතු වෙනස්කම්වලට භාජනය වීම අත්‍යාවශ්‍යයි.

ජනාධිපතිවරයා සිදුකළ ඉහත ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය, එක් ආසනයක් දක්වා අඩුකර, එම පක්ෂය විනාශ කළ නායකයා, මැතිවරණ පිළිබඳ ජනතාවට විශ්වාසයක් නැතැයි ප්‍රකාශ කිරීම පිළිබඳ පුදුම නොවන බවයි.

මැතිවරණයක් පැවැත්වුවහොත් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට අත්වන ඉරණම පිළිබඳ ඔහු හොඳාකාරව දන්නා බැවින් දේශපාලන පක්ෂවලට රටේ බලයෙන් 50%ක් වත් නැතැයි ඔහු පවසන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියා.

නීතිඥවරු ගෙන්වා, ඔවුන්ට රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වා ඉන් අනතුරුව මැතිවරණ අනවශ්‍ය බවට ඔවුන්ට දේශන පැවැත්වීම පිළිබඳ අප්‍රසාදය පළකළ විපක්ෂ නායකවරයා, මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ කඩිනමින් පරාජය කළ යුතු බවද ප්‍රකාශ කළා.

හෙතෙම මේ අදහස් පළකළේ සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ‘උදාවක ඇරඹුම’ වැඩසටහනට පසුගිය 04 වැනිදා උද්දකන්දර සදානීලගම ප්‍රදේශයේදී සහභාගි වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ එම සම්පූර්ණ ප්‍රකාශය ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

අපට අහන්න ලැබුණා රටේ වර්තමාන ජනාධිපතිවරයා අරුම පුදුම ප්‍රකාශයක් කරනවා. එතුමාට ඒක අරුම පුදුම නොවෙන්න පුළුවන්. රටේ ජනාධිපතිවරයා කියනවා මේ රටේ බහුතර ජනතාවට, තරුණ පරපුරට ඡන්දය අවශ්‍ය නෑ කියලා ඒ අය හිතනවලු. මැතිවරණ ඕනෙ නෑ කියලා ඒ අය හිතනවලු. ඇත්ත වශයෙන්ම පහුගිය මහ මැතිවරණයෙන් ලක්ෂ 3කට වැඩිය මනාප අරගෙන, රටේ විපක්ෂ නායකවරයා හැටියට පත්වුණු මට මේ වගේ අදහසක් රටේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරනකොට මම පුදුම වෙනවා. හැබැයි මට ඒක පුදුමයක් වුණාට මට හිතාගන්න පුළුවන් ඇයි ඒක වර්තමාන ජනාධිපතිවරයාට පුදුමයක් නොවන්නේ කියලා.

මේ රටේ අභිමානවත් දේශපාලන පක්ෂයක් මහපොළොවටම සමතලා කරලා, කිසිම මන්ත්‍රීවරයෙක් ඡන්දයකින් පත්කරගන්නට බැරිව, ජාතික ලැයිස්තුවෙන් පත්වුණු මන්ත්‍රීකමට පින් සිද්ධ වෙන්න, එකම එක මන්ත්‍රීකමකට ඒ අභිමානවත් පක්ෂය සීමා කරපු නායකයා, රටේ ජනතාවට මැතිවරණ ගැන විශ්වාසයක්, කැමැත්තක් නැහැ කියලා කියද්දී මම පුදුම වෙන්නේ නැහැ. ඇත්තටම ඔහුට අකැමැත්තක් තියෙන්න පුළුවන් මැතිවරණයක් පැවැත්වීම ගැන. මොකද ඔහු දන්නවා මැතිවරණයක් පැවැත්වුවොත් ඔහුට අත්පත් වෙන ඉරණම.

ඔහු පුදුමාකාර ලෙස කියනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන පක්ෂවලට රටෙන් 50%ක් වත් නැහැ කියලා. කොහොමද ජනාධිපතිවරයා එහෙම කියන්නේ? මම කියනවා ජනාධිපතිවරයට 50%ක් තියෙනවද නැද්ද කියලා බලාගන්න කැමැති නම්, ලබන වසරේ පවත්වන්න නියමිත ජනාධිපතිවරණය, මේ වසරේ අගභාගයේ පවත්වන්න කියලා. ඒ සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය ලබාගන්න සමගි ජන බලවේගයේ අපි සහයෝගය ලබාදෙනවා. පුළුවන් නම් ජනාධිපතිවරණයක් තියලා බලාගන්න 50% තියෙන්නේ කාටද, 50%ට වඩා අඩු වෙන්නේ කාටද කියලා.

දැන් මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට 50%ක් නැහැ කියලා ඔහු කියනවා නම්, ඒක දැනගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මැතිවරණය. ඉතින් කවුද මෙහෙම කියන්නේ? මැතිවරණ අවශ්‍ය නෑ, මැතිවරණවලින් වැඩක් නෑ, මේ රටේ තරුණයෝ මැතිවරණවලට කැමැති නෑ කියලා? මේ කියන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන මුදල් ඇමැතිවරයා. රටේ ජනාධිපතිවරයා. ඔහුම පළාත් පාලන මැතිවරණය නතර කරලා, ඔහුම තීන්දු කරනවා රටේ තරුණ පරපුර මැතිවරණවලට කැමැති නෑ කියලා.

අපි සූදානම් ඕනෑම මැතිවරණයකට. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මම කියන්න කැමැතියි සජිත් ප්‍රේමදාස සූදානම් ජනාධිපතිවරණයකට. අපි සූදානම් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා. ඒ අවශ්‍ය නීති ප්‍රතිපාදන ගේන්න. ඒ සඳහා සම්පූර්ණ සහයෝගය අපි ලබාදෙනවා. ජනාධිපතිවරණය තියලා බලන්න, කාටද 50% තියෙන්නේ? කාටද 50%ට වඩා අඩු වෙන්නේ කියලා. අපි සූදානම් ඒ අභියෝගය භාරගන්න. අපි මැතිවරණවලට බය නෑ. අපි ජන මතයට වටිනාකමක් ලබාදෙනවා. අපි ජනතාවගේ සිතුම් පැතුම්වලට අගයක් ලබාදෙනවා. අපි ජනතාවගේ අදහස්වලට ප්‍රමුඛතාවක් ලබාදෙනවා.

අපි මේ රට විනාශ කරපු, මේ රට බංකොලොත් කරපු රාජපක්ෂවාදීන් 134 දෙනෙක්ගෙන් බිහිවෙන ජනාධිපතිවරයා වෙන්න අපි සූදානම් නෑ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මට පුන පුනාම කියද්දී ‘සජිත් ඔයා ඇවිල්ලා අගමැතිකම ගන්න, ඊට පස්සේ ඔබට ජනාධිපති වෙන්න පුළුවන්’ කියලා, මම එතුමාට කිව්වේ මම ඔය තනතුරුවලට යන්නේ පාර්ලිමේන්තුව ඇතුළත ක්‍රියාත්මක වෙන දේශපාලන ඔළුගෙඩි සූදුවකින් නෙවෙයි, සජිත් ප්‍රේමදාස ඔය තනතුරුවලට යන්නේ රටේ ජනතාවගේ ශක්තියෙනුයි කියන එක.

ජනාධිපතිතුමා පළාත් පාලන මැතිවරණයක් නතර කරලා, පහුගිය දවසක රටේ ඉහළ අධිකරණවල ගරු විනිසුරුවරුනුත් ගෙන්වලා රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වලා, ඒ අයට දේශන පවත්වලා කියනවා මැතිවරණවලින් වැඩක් නෑ කියලා.

මැතිවරණවලින් ඵලක් නෑ කියලා. මෙන්න මේ කාරණාව මහා භයංකාර එකක්. පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කරන්න පෙර මට මතකයි ඒ කාලෙත් කියාගෙන ආවා දැන් 8000ක් ඉන්න සභිකයෝ 4000ට අඩු කරන්න ඕනෙ කියලා. එහෙම කතාවක් කියලා තමයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයා කුමන්ත්‍රණකාරී ලෙස වැළැක්වූවේ. දැන් ඔහු කියනවා මැතිවරණ අවශ්‍යම නෑ කියලා. මැතිවරණවලට රටේ තරුණයෝ කැමැතිම නෑ කියලා.

අපිට ලොකු සැකයක් තියෙනවා මොහු එකදු මැතිවරණයකටවත් ඉඩ ප්‍රස්ථාව ලබා නොදෙන ජනාධිපතිවරයෙක් වෙයිද කියන එක ගැන. මම එකක් කියන්න කැමැතියි, මැතිවරණ වළක්වන්න, මැතිවරණ නතර කරන්න කවුරු හරි දේශපාලන නායකයෙක් කටයුතු කරනවයි කියන්නේ ඒක ඒ පුද්ගලයගේ දේශපාලන ආයුෂවල අවසානය. ඔය දේශපාලන ගමනේ අන්තිම තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ රටේ පුරවැසියන් හැටියට, ප්‍රධාන විපක්ෂය හැටියට රටේ මැතිවරණ කාලසටහන, මැතිවරණ සිතියම ප්‍රජාතන්ත්‍රවාදී විදියට ක්‍රියාත්මක කරන්න ජනතාව වෙනුවෙන් හැම මොහොතකම සටන්වදිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

SendShareShare
Previous Post

මාලිංග හොයාගත් වීරවිල පුංචි කොල්ලා ‌දෙබරවැව ඉස්කෝලෙට ඇවිත් සුරංග ලක්මාල්ගේ පුහුණුකරු ඉදිරියේ බෝල් කරයි! පුහුණුකරු මවිත වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලේක්හවුස් එකට සංයුක්ත සැලැස්මක් තාම නෑ! සේවකයො 122ක් තවම වැඩියි! සභාපතිට එක වාර්තාවක් දෙද්දී විගණකාධිපතිට තව වාර්තාවක් දීලා! කෙහෙළිය කරපු අනීතික පත්කිරීම් ගැනත් එළියට! ලේක්හවුස් එකේ අක්‍රමිකතා රැසක් කෝප් එකේදී හෙළිවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.