• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියල්ල හැරදා දුර රට යන අපේ රටේ නෑදෑයෝ I Sri Lanka Latest News

August 14, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොහෝ විට රටක් කියලා කියන්නේ මිනිස්සු හරියට ආදරේ කරන තැනක්. තමන්ගේ අම්මා තමන්ගේ ආගම ජාතිය, තමන්ගේ රට කියන මේ සංකල්පය මුළු ලෝකය පුරාම ඉතා ඉහළින් සලකන දෙයක්. බොහෝ විදේශිකයෝ එහෙමයි.(Sri Lanka Latest News)

ඒ වගේම ඉන්දියානුවොත් එහෙමයි. හැබැයි සමහර රටවල් තියෙනවා මිනිස්සු උත්සාහ කරන්නේ පුළුවන් තරම් ඉක්මනට ඒ රටෙන් පැනගන්න. හරියට ගිලෙන නැවක් වගේ. ගිලෙන නැවකින් මිනිස්සු හදන්නේ ඉක්මනට පැනගන්න. හේතුව මිනිස්සු දන්නවා නැව ගිලෙනවා කියලා. නැව ගිලුනම හානි වෙනවා. සමහර විට ජීවිත හානි පවා වෙන්න පුළුවන්.

මේ වගේ තත්ත්වයක් යටතේ තියෙන රටක් ගැනයි මේ කියන්න හදන්නේ. මිනිස්සු හදන්නේ ඒ රටෙන් පැනගන්න. මොනවා හරි කරලා පැනගන්න. හොර බොරු වංචා මොනවා හරි දෙයක් කරලා පැනගන්න. ඇත්තටම ඒකෙ වරදක් අපට කියන්න බෑ. මිනිස්සු හදන්නේ ජීවිතේ බේරගන්න පැනලා යන්න. පරිස්සමට ජීවත් වෙන්න පැනලා යන්න. හුස්මක් කටක් ගන්න පැනලා යන්න. නැත්නම් කන්න බොන්න නැතුව මැරිලා යන්න වෙනවා කියන එක ඒ මිනිස්සු දන්නවා.

මම ඉස්සෙල්ලා කියපු ගිලෙන නැව වගේ. ඒ රට මොකක්ද දන්නවද? ඒ රටට කියන්නේ ශ්‍රී ලංකාව කියලා. ඒ රට තියෙන්නේ ඉන්දියන් සාගරය මැද. ඒක ලස්සන දූපතක්. හැඩය ගත්තාම අඹ ගෙඩියක් වගේ. සම්පත් හැම දෙයක්ම ඒ රටේ තියෙනවා. ඒත් අදූරදර්ශී පාලකයන් විසින් මේ රට විනාශ කරලා. දැන් අත්හැරලා දාලා යන්න හැම දේම මිනිස්සුන්ට ලෑස්ති කරගන්න වෙලා. තව එකක් තියෙනවා.

මිනිස්සු දේශපාලකයන්ට චෝදනා කළාට 100%ක් වැරැදි දේශපාලකයොම නෙවෙයි. දේශපාලකයන්ටත් වඩා වැරැදි ඒ දේශපාලකයන්ව පත්කරපු මෝඩ මිනිස්සු. අද පාරක යනකොට මොනවා හරි දෙයක් කරන්න ගන්නකොට, කඩේකට පොළකට, සල්පිලකට සහභාගි වෙච්ච වෙලාවක හැමෝටම තේරෙන දෙයක් තමයි අපේ රටේ මිනිස්සු කොච්චර නරකද කියන එක. මේ නරක මිනිස්සු අතින් පත්වෙන්නේ හොඳ පාලකයෝ නෙවෙයි.

තමන්ව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට යවන මිනිහා තමන් වගේම මිනිහෙක් විය යුතුයි කියලා ගොඩක් අය හිතනවා ඇති. ඒ නිසා වෙන්න ඇති නරක පාලකයෝ මෙතෙක් කල් පාර්ලිමේන්තු ගියේ. මෙතෙක් කල් මේ රට පාලනය කරන්න තෝරගත්තේ.

කොහොම වුණත් ඇයි මේ කතාව කියන්න ලෑස්ති වුණේ? මේ කතාව කියන්න ලෑස්ති වුණේ වේයන්ගොඩ ඉස්කෝලෙක විදුහල්පතිවරයෙක් ඊයේ පෙරේදා කියලා තිබුණු කතාවක්. එතුමා එක්තරා රැස්වීමදී කියනවා ‘අද වෙද්දී අපේ පාසලේ දරුවෝ 27 දෙනෙක් මේ රට අතහැරලා ගිහිල්ලා’ කියලා. සාමාන්‍යයෙන් ඉස්කෝලෙක ළමයි 27ක් ඉස්කෝලෙට නොඑන තරමට එකපාරටම අයින් වෙලා ගියපු එක අවස්ථාවක් මගේ ජීවිතේ අත්දැකීමක් විදියට තියෙනවා.

ඒක 27කට වඩා වැඩියි කියලයි මට මතක තියෙන්නේ. ඊට ආසන්නතම සිදුවීම තමයි අරණායක සාමසර කන්දේ නායයෑම. නායයෑමෙන් පස්සේ ආසන්නතම පාසලේ දරුවෝ විශාල ප්‍රමාණයක් ඒ පාසලට අහිමි වෙලා තිබුණා. මේ විදියට දරුවන් අහිමි වී යෑමේ වෙනත් අවස්ථා ගැන අදසක් නෑ. සමහර විට සුනාමියෙන් එහෙම වෙන්න ඇති. හැබැයි ඒ කිසිම ස්වභාවික ව්‍යසනයක් නැතිව අපේ රටේ දරුවෝ අපිට අහිමි වෙලා ගිහිල්ලා.

27 දෙනෙක් කියලා කියන්නේ පොඩි ගානක් නෙවෙයි. තවදුරටත් මේ විදියට ගණන් හැදුවේ නැති ඉලක්කම්වලින් කතා නොකරපු තැන් කොච්චර තියෙනවද? ඒ ගොඩක් තැන්වල දරුවෝ මේ රට අතහැරලා ගිහිල්ලා. එහෙම නැත්නම් අතහැරලා යන්න සැලසුම් හදනවා. යා යුතුයි කියලා හිතනවා.

අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ වෛද්‍යවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් මේ රට අතහැරලා ගිහිල්ලා ඉවරයි. ඉංජිනේරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් රට අතහැරලා ගිහිල්ලා ඉවරයි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් වැඩි ප්‍රමාණයක් රට අතහැරලා යනවා සහ යෑමට නියමිතයි. ඊට අමතරව සාමාන්‍ය වෘත්තිකයෝ, සාමාන්‍ය පුද්ගලයෝ තමන්ගේ තනතුරුවලින්, රාජකාරිවලින් නිවාඩු ලබාගෙන මේ රට අතහැරලා යනවා.

ඒ යන්නේ ආයෙත් එන්න බලාගෙන නෙවෙයි. ඒක තමයි තියෙන විශේෂත්වය. දැන් ඇයි මිනිස්සු මේ රට අතහැරලා යන්නේ. මිනිස්සු අපේ රට අතහැරලා යන්නේ ඇයි කියන ප්‍රශ්නයට ශාස්ත්‍රීයව උත්තර දෙන්න මම නොදන්නවා වුණත්, මගේ පැත්තෙන් බලලා මේ විදියට කියන්න පුළුවන්.

මම මේ රට අතහැරලා දාලා යන්න සැලසුම් හදපු මනුස්සයෙක් නෙවෙයි. කවදාවත් එහෙම දෙයක් තුන් හිතකවත් තිබුණු කෙනකුත් නෙවෙයි. මිනිස්සුන්ගේ තිබුණු තිරිසන් ගති දැක්කට පස්සේ මේ රට අහැරලා දාලා යනවා ඇර වෙන දෙයක් කරන්න බෑ කියලා හිතපු මනුස්සයෙක් මම. අනෙක තමයි අපේ කෙනෙක් ලෙඩ වුණාම ඒ මනුස්සයට බේතක් හේතක් ගන්න තැනක් නැත්නම්, සැත්කමක් කරන්න විදියක් නැත්නම්, රටේ බේත් ටික නෑ කියලා විශ්වාසයෙන්ම අපි දන්නවා නම්, රටේ රෝහල්වල රෝගීන් මියයන බව අපිට පේනවා නම් මොනවද කරන්නේ? අපිට ලෙඩ නොවී ඉන්න බෑ. එහෙනම් ලෙඩ වෙලා, ඒ ලෙඩේට බේතක් ගන්න පුළුවන් රටක් හොයාගෙන යනවා හැර වෙන කරන්න දේකුත් නෑ.

මූලික පහසුකම් ටිකවත් හරියට හොයාගන්න බැරි රටක ජීවත් වෙන එක කොච්චර අසීරුද කියලා අපට දැනෙනවා. ඒ නිසා තමයි මිනිස්සු මේ රට අතහැරලා යන්නේ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිව ගියා විතරයි තාමත් ඒවා හිතේ තියෙනවා. ගෑස් මිල වැඩිවෙන්න සතියක විතර ඉඳලා කඩේ ගෑස් නෑ. තෙල් වැඩි වේවි යැයි අදහසින් 31 වැනිදා වෙද්දී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වලින් 90%ක තෙල් නෑ. ඒවා වහලා දාලා. ආණ්ඩුව මොන උප්පරවැට්ටි යෙදුවත් සාර්ථක වෙන්නේ නෑ.

වැහි නැතුව සතියක් ගියපු ගමන් විදුලි බලය උත්පාදනය කරගන්න අපේ රටට තාමත් බෑ. වැහි නැතිව සති දෙකක් ගියපු ගමන් ගොවියාගේ කුඹුරුවලට වතුර ටික දෙන්න සැලසුමක් නෑ. එහෙම රටක ජීවත් වෙන්න අපට පුළුවන්ද? එළවළු මිල සතියෙන් දෙගුණ වෙනවා. හාල් මිල සතියෙන් දෙගුණ වෙනවා. පාන් පිටි, බේකරි නිෂ්පාදනවල මිල තීරණය කරන්නේ කවුද කියලා අපි දන්නේ නෑ. බිත්තර මිල එහෙට මෙහෙට වෙන වේගය ඉවසගන්න බැරුව ගොඩක් සිල්ලර වෙළෙන්දෝ බිත්තර විකුණන්නේ නෑ. ඉතින් එහෙම රටක ජීවත් වෙන්න පුළුවන්ද? ඒ නිසා තමයි මිනිස්සු කදමලු බැඳගෙන මේ රට අතහැරලා යන්නේ.

ඒ, සැප විඳින්න නෙවෙයි. සුරංගනා ලෝකවලට යන්න නෙවෙයි. කරන්න වෙන දෙයක් නැති නිසා. ජීවත් වෙන්න ඕනෙ නිසා. මැරෙන්නෙ නැතිව ඉන්න ඕනෙ. බේත්හේත් ගන්න ඕනෙ. ඉතාම විශ්වාසවන්ත සාක්ෂි තියෙනවා. දරුවන්ට බේත් ටික ගන්න ඕනෙ හින්දා මේ රට අතහැරලා දාපු මිනිස්සුන්ගේ කතන්දර තියෙනවා. ඒ නිසයි මිනුවන්ගොඩ ඉස්කෝලේ විදුහල්පතිතුමාගේ කතාව වැදගත් වෙන්නේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘මගේ බබා ඉක්මනටම හම්බවුණා! ඒ වුණාට හම්බවුණාට පස්සේ බබාව බිමට වැටුණා! ළඟ හිටියට අල්ලගන්න කාටවත්ම බැරි වුණා! බබාව බිමට වැටුණට පස්සේ බබාව අරගෙන දිව්වා බේබි කාමරයට! පස්සේ බබා නැතිවෙලා!’ අනුරපුර රෝහලේ හෙදියන්ට මවකගෙන් බරපතළ චෝදනාවක්! Sri Lanka Latest News

Next Post

දොඩංගොඩදී අද උදේ අවුරුදු 37ක එක්දරු පියෙක්ව කපලා කොටලා මරලා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.