• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ මුහුද යට යුද්ධයකට ලෑස්තියි…

July 26, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ලංකාවේ මුහුද යට යුද්ධයකට ලෑස්තියි…
Share on WhatsAppShare on Facebook

තූත්තුකුඩියේ මුහුද යට සබ්මැරීන්…
2013 කොළඹ මුහුද යට සබ්මැරීන්…
හම්බන්තොටට ආපු චීන නැවත් අභිරහසක්…

ශ්‍රී ලංකාව විදෙස් රාජ්‍යයන්හි බලපෑම්වලට යටත් වූයේ අද ඊයේ සිට නොවේ. අතීතයේ පටන්ම විවිධාකාරයේ බලපෑම් මේ කුඩා දිවයිනට එල්ල වී ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අප රටේ පිහිටීම බව බොහෝ දෙනාගේ අදහසය. කුඩා දූපතක් වුවද, ශ්‍රී ලංකාවේ පිහිටීම ලෝක බලවතුන්ට අතීතයේ සිටම ඉතා වැදගත් වී ඇත.

විදෙස් බලපෑම් පිළිබඳ කතාබහ නැවත වරක් අලුත් වූයේ පසුගියදා ඉන්දීය සබ්මැරීනයක් ශ්‍රී ලංකාවට නුදුරු තූත්තුකුඩි නගරාසන්න වරායක ස්ථාපිත කළ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමත් සමඟිනි. තූත්තුකුඩිය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 250ක් පමණ දුරකිනි. ශ්‍රී ලංකාවට එතරම් ආසන්නයේ එවැනි සබ්මැරීනයක් ස්ථාපිත කිරීමට ඉන්දීය නාවුක හමුදාව තීරණය කළේ චීන බලපෑම් හේතුවෙන්දැයි ප්‍රශ්න කිරීමටද ඉන්දීය මාධ්‍ය කටයුතු කර තිබිණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ෂභී සින්දු ශ්‍රාස්ත්‍ර ලෙසින් නම් කර ඇති මෙම සබ්මැරීනය අති නවීන යුද තාක්ෂණික උපක්‍රම සහිත එකකි. මෙම සබ්මැරීනය මඟින් මුහුද යටදී තවත් සබ්මැරීනයකට ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම මුහුදේ සිට අහසට ප්‍රහාර එල්ල කිරීමටද හැකියාව ඇත.

මෙම සබ්මැරීනය තූත්තුකුඩි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත්තේ බි්‍රතාන්‍ය සමඟ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා වන බවද පසුව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබිණි. එහිදී ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබුණේ චීනය ශ්‍රී ලංකාවේ නාවුක කටයුතු දියුණු කිරීමට උත්සාහ දරන පසුබිමක ඉන්දියාවද මේ ආකාරයෙන් තම නාවුක බලය වැඩි කර ගැනීමට උත්සාහ දරන බවය.

මීට පෙරද ශ්‍රී ලංකාව ආසන්නයේදී මේ ආකාරයේ අබිරහස් සබ්මැරීන පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ ආසන්නයට ළඟා වූ එම සබ්මැරීන පිළිබඳ තොරතුරු වාර්තා වූයේ ඉන්දීය මාධ්‍ය හරහා වීමද විශේෂත්වයකි. ඒ 2013 වසරේදී සහ 2014 වසරේදීය.

ඉන්දීය මාධ්‍ය ඒ දිනවල වාර්තා කළේ චීනයට අයත් සබ්මැරීනයක් කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ නවතා ඇති බවය. කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය චීන සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඒ දිනවල නවීකරණය වෙමින් තිබිණි. කොළඹ වරායට අබිරහස් චීන සබ්මැරීන් පැමිණීම ඉන්දීය පාර්ලිමේන්තුවේදී පවා කතාබහට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ඉන්දීය රජය පියවර ගනු ලැබිණි.

අද වන විට නිර්මාණය වෙමින් පවතින්නේද ඒ දිනවල පැවැති වටපිටාව බව බොහෝ දෙනාගේ අදහසය. චීනයට අයත් විකිරණශීලී ද්‍රව්‍ය රැගත් නෞකාවක් හම්බන්තොට වරායට ළඟා වූ බවද පසුගිය දිනවල වාර්තා විය. ඒ පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුල්වරට තොරතුරු අනාවරණය කළ අතර විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු වීම හේතුවෙන් එම නැව නැවත පිටත් කර හැරි බව හම්බන්තොට වරාය ප්‍රධානියා සඳහන් කර තිබිණි. එසේ වුවද එම නැව හම්බන්තොට වරායට ඇතුළු වූයේ කොයි ආකාරයෙන්ද යන පැනයට අදටද කිසිවෙකු විසඳුම් ලබා දී නැත.
ශ්‍රී ලංකාව තුළ චීනයේ මැදිහත් වීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ජාත්‍යන්තරයේ ඇති වී තිබෙන පසුබිමක ඉන්දියාව ශ්‍රී ලංකාවට ආසන්නයේ සබ්මැරීන ස්ථාන ගත කිරීම දැඩි ආන්දෝළනයකට තුඩු දී ඇත. මේ සිදුවීම් හරහා අප රට ජාත්‍යන්තර යුද පිටියකට මැදි වීමේ අවදානමක් මතුව ඇති බවද විචාරකයන්ගේ අදහසය.

මේ අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇතිවී තිබෙන සහයෝගිතාව ඉන්දියානු සාමාන්‍ය ජනතාවගේ පවා විරෝධයට හේතු වී ඇති බවක් මේ වන විට පෙනෙන්නට ඇත. ඒ බව වඩාත් හොඳින් තහවුරු වූයේ පසුගියදා තමිල්නාඩුවේ ධීවර සමිති නායකයෙකු සිදු කළ ප්‍රකාශයක් සමඟිනි.

ශ්‍රී ලංකාවට ආසන්නයේම පිහිටි ඉන්දීය ධීවර වරාය ලෙස සැලකෙන තමිල්නාඩුවේ රාමේෂ්වරම් වරාය බහුදින ධීවර යාත්‍රා සංගමයේ සභාපති එන්. ජේ. බෝස් මහතා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ මුහුද තුළ ව්‍යාපාර කටයුතු සිදු කිරීමේ අවස්ථාව චීනයට ලබා දෙන්නේ නම් ඒ අවස්ථාව අසල්වැසි තමන්ටද ලබා දිය යුතු බවටය. ඔහු එලෙස ප්‍රකාශ කර තිබුණේ චීන සමාගමක් විසින් කිලිනොච්චියේ ක්‍රියාත්මක කරන කූඩලු ගොවිපොළ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවටය.

එමෙන්ම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළ මගී ප්‍රවාහන බස් රථ මුහුදු ගත කිරීමද ඉන්දීය ධීවරයන්ගේ දැඩි විරෝධයට හේතු වී ඇත. ධාවනයෙන් ඉවත් කළ ශ්‍රී ලංගම බස් රථ මුහුදේ ගිල්වීමට ධීවර අමාත්‍යාංශය කටයුතු කළේ එය මත්ස්‍ය කර්මාන්තයේ උන්නතියට හේතුවන බව පවසමිනි. මෙරට ධාවනයෙන් ඉවත් කළ බස්රථවලට අමතරව උතුරු පළාත සඳහා රුසියාවෙන් විශේෂයෙන් ආනයනය කළ බස් රථද මුහුදු ගත කිරීමට ධීවර අමාත්‍යාංශය කටයුතු කළ ආකාරය දැක ගත හැකි විය.

නමුත් තමිල්නාඩු ධීවරයන්ගේ අදහස වී ඇත්තේ එය තම ධීවර ආම්පන්න විනාශ කිරීම සඳහා ඇටවූ උගුලක් බවය. ඒ හරහා තම ධීවර ආම්පන්න විනාශ වූ බවට තමිල්නාඩු ධීවරයින් එරට බලධාරීන්ට අවස්ථා ගණනාවකදී පැමිණිලි කර ඇත.

එහෙත් එම බස් රථ රඳවා ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේය. එම බස්රථ හරහා තමිල්නාඩු ධීවරයන්ගේ ආම්පන්න විනාශ වීම පිළිබඳව එහි බලධාරීන්ට පියවර ගත නොහැක්කේ එය මුහුදු සීමා උල්ලංඝනය කිරීමක් වන නිසාය. එය තමන්ට පාඩමක් ඉගැන්වීමට ශ්‍රී ලංකා බලධාරීන් ගත් පියවරක් බවට තමිල්නාඩු බලධාරීන් පවසන්නේ ඒ නිසාය.

මේ සියල්ල මධ්‍යයේ කච්චතිව් දූපත පිළිබඳව ප්‍රශ්නයද තවමත් තමිල්නාඩු දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. ඒ අතරට චීනයද පැමිණීම හරහා සිදුවන්නේ ප්‍රශ්නය තවදුරටත් ව්‍යාකූල වීමය. අද වන විටද අප රට පත්ව ඇත්තේ ආර්ථික අගාධයේ දරුණුතම අඩියකටය.

එය එදිනෙදා ජීවිකාව සරිකර ගන්නා සාමාන්‍ය ජනතාවටද දැන් ඉතා හොඳින් දැනී ඇත. එවැනි පසුබිමක රට ජාත්‍යන්තර ගැටුමකට මැදිවුවහොත් එය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් හා සමාන වන බව ජනතාවගේ අදහසය.

–චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පවිත්‍රා ගෙදර යනු! රට පුරා පෝස්ටරයක්! (PHOTOS)

Next Post

රන්ජන් හිටපු තැන මනූෂ රන්ජන්ටම ලියා දෙයි! (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

Load More
Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩිම ඌව පළාතේ බව බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය වාසනා මාරසිංහ මහත්මිය පවසයි....

Read more
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.