• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රන්ජන් භයානක කලාපයක! මාරු නොකළොත් වීරයා ඉවර වෙයිද?

November 1, 2021
in Exclusive, News
Reading Time: 10 mins read
A A
චන්ද්‍රිකාගෙන් රන්ජන්ට ලියුමක්: විජය කියපු කතාවකුත් මතක් කරලා
Share on WhatsAppShare on Facebook

“නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස
එ දුරු නොවෙයි කළකම් පලදෙවා මිස
තඹුරු වනය මුකුලිත වෙන බව සවස
කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස” යනුවෙන් අලගියවැන්න මුකවැටි කවියා සුභාෂිත කාව්‍ය ලියද්දී සඳහන් කෙළේය.

‘කෙනකුට යමක් සිද්ධවෙන්නට ඇත්නම්, විඳින්නට ඇත්නම් කළ කර්මය ගෙවෙන තුරුම ඒ විඳිය යුතු දුක විඳිය යුතුම වේ’ යන්න එහි අර්ථයයි. අපේ ගම්වල මිනිස්සු ඒ පව් (දුක්) ගෙවන කාලය සෙනසුරු ඒරාෂ්ටකය බවද කියති.

සෙනසුරා (ශනි) එක රාශියක ගතකරන කාලය අවුරුදු දෙකහමාරකි.

fදාළොස්වැන්න, ලග්නය සහ පළමු කොටුව යන කොටු තුනේ ශනි ඒ අනුව ගතකරන කාලය අවුරුදු හතහමාරකි. ඒ කෙනකුගේ “ලග්න” ඒරාෂ්ටක කාලයකි.
හිරේ විලංගුවේ වැටෙනවා යැයිද නොවිඳිනා දුක් විඳින්ට සිදුවෙනවා යැයි කියන්නේද එම කාලයේය. කාලය අවුරුදු හතහමාරක් වුවද ඉන් තදබල අපල කාලය අවුරුදු හයකි.
සිද්ධාර්ථ තවුසාණන් දුෂ්කර ක්‍රියාවේ යෙදුණේද ඒ, ඒරාෂ්ටක කාලයේ බව මතයකි.

විෂ්ණු දෙවියනට වනගතව වසර හයක් බටකොළ කමින් ජීවත් වන්නට සිදුවූයේද ඒ මාරක ඒරාෂ්ටකය නිසාවෙනි.

හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් වහන්සේට හය වසරක් හිරේ තපින්නට සිදුවූයේ ඒ කාලයේය. ඒ ලෝක ස්වභාවය වේ. එහෙත් ඒ කාලය ගෙවී අවසන් වූ වහාම ඒ විඳි දුක් වේදනාවලට වන්දි වශයෙන් “ගෙඩිය පිටින්ම” ලැබෙන එක වළක්වන්නටත් “අම්මේ මුත්තේ” කීවත් කාටවත් නොහැකිය. ඒකත් ලෝක ධර්මතාවයි. දුෂ්කර ක්‍රියා නිමාකළ සිදුහත් තවුසාණෝ ලෝකයේ උත්තරීතර පදවියම ලැබූහ.

වසර හයක් හිරේ ලැග්ග හේන්පිටගෙදර හාමුදුරුවන් වහන්සේ එළියට අවුත් හිරේදී ලියූ පොත් ටික (මතක හැටියට පොත් විසිහතරකි) එළිදැක්වූහ. එමගින් උන්වහන්සේ මහත් කීර්ති කදම්භයකටත්, ධනයකටත් හිමිකම් පෑහ.

නමසිය හැට ගණන්වලදී රත්නපුර පැත්තේ අන්ත දුක් වින්ද නමේ කොටසකට “කිරි” යන කෑල්ලක් තුබූ අයකුට එවකට ලංකාවේ ලොකුම වෛරෝඩිය හමුවූ බව පුවත්පත්වල පළවිණි.

ඒරාෂ්ටකය යනු වෙස්වළාගත් ආශිර්වාදයකි.

දෛවය යනු තිබ්බ තැන එසේම නොසෙල්වී තියෙන හතරැස් පෙට්ටියක්ද නොවේ.

ඒක චක්‍රයකි. රවුමකි. කැරකෙන එකකි. බමරයක් මෙනි. වැල්ලෙත් කැරකෙනවා යැයි කියන්නේ එවිටය. වැල්ලේ පමණක් නොව ගොල්ලේ, මල්ලේ බෙල්ලේ ආදී ඕනෑම තැනක කැරකේ. අවබෝධ කරගත යුත්තේ ඔය ටික පමණි.

මේ අටුවාව කියන්න සිදුවූයේ හිරේ ලගින අපේ මිනිහෙක් නැතහොත් අපේ කෙනෙක් ගැන කීමටය.

ඒ, අපේ “රන්ජන්”ය. උප්පැන්නේ සඳහන් හැටියට නම් “සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ අඹ කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ රාමනායක”ය.
කොටින් කිවහොත් අපේ මහජනයාගේ “රන්ජා”ය.

අදට (2021.10.31 දිනට) රන්ජන් හිරේට යවනු ලැබ දින 294කි. මේ වන විට රන්ජන්ට හිරිහැරදායී කාලයක් උද්ගතව ඇති බව පැවසුවේ දිලිප් වෙදආරච්චි මහතාය. එය ලඝුකොට නොතැකිය යුතු ජීවිත තර්ජනයකි.

ඔහු (දිලිප් වෙදආරච්චි) ඒ ගැන කතා කළේ හැඟීම්බරව නොවේ. ආවේගශීලීවය.

දුරකතනයෙන් කී දේ අපැහැදිලි නිසා මා “ඇහුණෙ නෑ” යැයි කී විට මා සමගද කෙළ ගන්නට ආවේය. ඒ අර ආවේගශීලී ගතිය නිසාය. දිලිප් වෙදආරච්චි මහතාට “ලෙල්ලටම” තදවී තිබුණේ අඟුණකොළේ (අඟුණකොළපැලැස්සේ බන්ධනාගාරයේ) සිට අනාරක්‍ෂිතව රන්ජන් රාමනායක ගාල්ල කරාපිටිය රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙනයන එකටය.

“රන්ජන් වෛදා්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ගෙනියනවා. අඟුණකොළේ ඉඳල හයිවේ එක ළඟට (අධිවේගී මාර්ගයට) කිලෝමීටර් දෙකයි. එතැන ඉඳල ගාල්ලට හැතැප්ම පනහක් හැටක් තියෙනවා. ඒ හයිවේ එකේ (ගාල්ලෙ) ඉඳල කරාපිටිය රෝහලට හැතැප්ම දෙකයි. හයිවේ එකේ ආරක්‍ෂාවක් තිබුණා. දැන් ඒක නෑ. අනිත් අතට එහෙම අරගෙන ගියේ පොලිස් ආරක්‍ෂාව ඇතුවයි. දැන් රන්ජන්ට පොලිස් ආරක්‍ෂාවත් අයින් කරල.

රන්ජන් පසුගිය දොළොස් වැනිදා කීව පැන්ඩෝරා හඬපට ලේඛන තමන් ගාව තියෙනව ඔප්පු කරන්න පුළුවන් කියල. ඒ ටික බන්ධනාගාර ප්‍රධානින් හරහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවත් කීව.

ඊට පස්සෙ තමයි රන්ජන්ට ඔය තත්ත්වයට මුහුණ දෙන්න වුණේ. දොළොස් වැනිදාට ඉස්සර රන්ජන් එක්ක ගියේ පොලිස් ආරක්‍ෂාව ඇතුව හයිවේ එකේ. දැන් පොලිස් ආරක්‍ෂාව නැතුව සාමාන්‍ය මහා මාර්ගයේ ගෙනියන්නේ.

මම අඟුණකොළේ බන්ධනාගාර අධිකාරිගෙන් ඇහුව, “රන්ජන්ට එහෙම කරන්නෙ ඇයි කියලා. අනාරක්‍ෂිතව, පොලිස් ආරක්‍ෂාවකුත් නැතුව පොදු මාර්ගයේ එහෙම ගෙනියන එකෙන් මේ තියෙන වාතාවරණෙ යටතේ ඒ මනුස්සයගෙ ජීවිතේට තර්ජනයක් ඇතිවෙනව නේද?” කියල.

“පොලිස්පතිතුමාගෙ ඕඩර් එකකට තමයි එහෙම පොදු මාර්ගයේ ගෙනියන්න වෙලා තියෙන්නෙ” කියල ඔහු කීවා. මම ඇහුව “ඇයි පොලිස් ආරක්‍ෂාව අයින් කෙරුවෙ? ” කියලා.

“ත්‍රස්ත තර්ජන නැති අයට පොලිස් ආරක්‍ෂාව ඉවත් කරලලු තියෙන්නේ” කියලයි එයා දුන්න උත්තරේ.

“2003-2004 කාලෙ බන්ධනාගාරෙ හිටපු රත්නවීර ගෙනියනකොට සීනිමෝදර පාලම උඩදි වෙඩිතිබ්බ. ඒත් ඒකෙන් බේරුණා. පස්සෙ ඇඹිලිපිටියෙ පල්ලෙරොටේදි වෙඩිතියල මැරුව.

මම මේ කල්පනා කරන්නෙ රන්ජන් රාමනායකටත් ඒ ගේමම දෙන්න හදනවද කියල. මේව මහජනතාව දැනගත යුතු කරුණුයි” යැයි දිලිප් වෙදආරච්චි මහතා කීවේය.
දැනට සති තුනහතරකට පමණ පෙර අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කාටත් හොරා තවත් අප්‍රකට සිදුවීමක්වී තිබේ.

බන්ධනාගාර ආරංචි, ඒ අවට ගම්වාසීන්ගේ කියුම්, නිල නොවන පොලිස් ආරංචි සහ ගාල්ල කරාපිටිය රෝහල් ආරංචි යන සියලු තොරතුරු එකට ගලපාගත් කල මහජනයාට කිවයුතු කරුණක් ඇත. ඒ මෙසේය.

අඟුණකොළපැලැස්ස නගරය ආසන්නයේ දී බන්ධනාගාර නිලධාරීන් යැයි කියන කීප දෙනකුත් පළාතේ කීපදෙනකුත් අතර ගැටුමක් ඇති කරගෙන තිබේ. කීප දෙනකුට තුවාල සිදුවූ බවක්ද කියැවේ.

සිද්ධියෙන් පසුව පළාතේ කීපදෙනකු අත්අඩංගුවටද පත්ව තිබේ. ඒ සැකකරුවෝ රක්‍ෂිත බන්ඳනාගාර ගතකර ඇත්තාහ. බන්ධනාගාරය අඟුණකොළපැලැස්සය.
ගොදුර “ලෙනටම” ආ කල නොකා සිටින නරි නැත්තෝමය.

බන්ධනාගාරය ඇතළේ වූ සිද්ධියකින් හොඳටම තුවාල ලැබූ බව කියන අයකු කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව කරාපිටිය රෝහල් ආංචි කියයි.

හංවඩු ගසා ඇත්තේ රැඳවියන් අතර ගැටුමක් බවය. සිද්ධියට විජේදාස රාජපක්‍ෂ මහතාගේ නමද කනින් කොනින් ඇසිණි. ඒ මහතාගේ හිතවතකු හෝ සේවාදායකයකු හෝ කියන අයකු සිද්ධියට සම්බන්ධ බවකි. හරියටම කිව නොහැකිය. ආරංචියක් පමණි.

කෙසේ වෙතත් මේ ගුටිකෙළිය අවශ්‍ය වාතාවරණයක් සකස් කරගැනීම උදෙසා නිර්මාණය කළ එකක් බවද පැවැසිණි.

ඔය අන්දමේ අභ්‍යන්තර ගැටුම්වලින් අවස්ථා කීපයකදීම රැඳවියන් ඝාතනය වී තිබේ. කුට්ටමනීලා බූස්සෙදීත් තවත් පිරිසක් බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේදීත් ඒ අන්දමින් අවසන් ගමන් ගියහ.

එහෙත් රැඳවියන් අතර ගැටුම්වලින් සිදුවෙන මරණවලට සාක්‍ෂි නැත. මේ ගැටුමද සාක්‍ෂි නැති මරණයකට පරිසරය සකස් කිරීමක් බව කියති. පැන්ඩෝරා සිද්ධියෙන් අනාවරණ නොවූ සිද්ධීන් පවා අනාවරණ කිරීමට තමා සන්තකයේ සාක්‍ෂි සහ හඬපට ඇති බව පැවසීමෙන් පසුව මෙවන් තත්ත්වයක් ඇතිවිය.

මේ ගැටුමේ අරමුණ ඉලක්කය කොතැනක දැයි දන්නේ දෙවියන් පමණක් බව විස්තර කී කීපදෙනෙක් ම කීහ.

භාග්‍යා මොහාට්ටි යනු රන්ජන්ගේ පෞද්ගලික වෛiවරියයි. ඉඩ ලද විටෙක ඕ රන්ජන්ව දැකීමට අඟුණකොළපැලැස්සේ බන්ධනාගාරයට යන්නීය. සිරගත රන්ජන් දැකීමට අවසර (විසිට්) ඇත්තේ මාසයකට වරකි. ඒ අවස්ථාව ලැබෙන්නේද එක් අයකුට පමණි. කොරෝනා වසංගතය නිසා බන්ධනාගාර රැඳවියන් බාහිර පාර්ශ්වයට බැලීම සීමාකර තිබිණි. එහෙත් මේ මාසයේ (ඔක්තෝබර්) මුල් සතියේ එක් අයකුට මාසයකට වරක් යන කොන්දේසිය යටතේ රන්ජන් රාමනායක බැලීමේ “විසිට්” එක ලැබී තිබේ. ඒ අවස්ථාවේදී භාග්‍යා මොහොට්ටි මහත්මිය ඔහු හමුවීමට ගියාය.

ඒ අවස්ථාවේදී ඔහු ඇය සමග කී ඇතැම් දේ “මව්රට”ට මෙසේ කීවාය.

පහුගිය කාලෙ කොරෝනා නිසා “විසිට්” එකක් (බලන්න අවස්ථාවක්) මට තියා කාටවත් ලැබුණෙ නෑ. මේ මාසෙ (ඔක්තෝබර්) මුලදි තමයි ලැබුණෙ. ඒත් එක්කෙනාටයි. ඉතින් මම එයා බලන්න ගියා. භාග්‍යා මොහොට්ටි කීවාය.

ඉස්සර මාදිවෙල ඉන්නකොට එයා කිලෝ අනූඑකක් (91) බරයි. දැන් අසූ දෙකට බැහැලා. රූපෙ වෙනසක් වෙලා තිබුණෙ නෑ”.

මං දැක්ක හැටියෙම වෙනදා අහන පළමු ප්‍රශ්නෙ මෙදා ඇහුවෙ නෑ. වෙනදා මං දැක්ක හැටියෙම අහන්නෙම රටේ මිනිසුන්ට මාව එපාවෙලාද? අමතක වෙලාද? කියල.
මේ පාර කවුරු හරි එනතුරු මඟ බලාගෙන ඉඳල තියෙන්නෙ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටයි, සජිත් ප්‍රේමදාස මැතිතුමාටයි, කරු ජයසූරිය මැතිතුමාටයි ස්තුති කළා කියන පණිවුඩේ දෙන්න.

ජනාධිපතිනිය මට සමාව ඉල්ලලා යවල තියෙන ලියුමෙ මා ගැන කියල තිබුණු කරුණු ටික ගැන මට මා ගැනම ආඩම්බරයක් හිතෙන විදිහට ලියල තිබුණෙ. ඒ ගැන මම එතුමියට යළි යළිත් ස්තුති කරනවා කියන්න. හැකියාවක් තියෙනව නම් නෙමෙයි බන්ධනාගාර කොමසාරිස්තුමාගෙන් කොහොම හරි අවසරයක් ඉල්ලාගෙන මාව බලන්න එන්න කියන්න. මම එතුමිය දකින්න හරි ආසාවෙන් ඉන්නෙ කියල කීවා.

ඒ වාගෙම සජිත් ප්‍රේමදාස නායකතුමයි කරු ජයසූරිය මැතිතුමයි මා ගැන ගන්නා මහන්සිය ගැන කොහොම ස්තුති කරන්නද කියල මට නම් හිතාගන්නවත් බෑ කියල කීව කියන්න කීව.

ඒ වාගෙම නළුනිළි සංවිධාන කලා ක්‍ෂේත්‍රයෙ සියලු දෙනා මා වෙනුවෙන් ජනාධිපතිතුමාට කරපු, එමෙන්ම කරන ඉල්ලීම් ගැනත් ස්තුතියි කියල කියන්න කීවා.
ඒත් සමහර හිතවත්තු ගැන ටිකක් කලකිරීමෙන් කතා කළා. විවිධ අන්දමේ දූෂිතයො ගැන පාර්ලිමේන්තුවෙදි ඒ අය කතා කරනව. ඒත් ඒ අයට, මගෙ යාළුවන්ට මා ගැන වචනයක් හරි කතාකරන්න බැරිවීම ගැන කනගාටුවකටත් වැඩිය මට තියෙන්නෙ දුකක් කියල කීව.

යූටියුබ් එහෙම, ෆේස්බුක් එක එහෙම කොහොමද කියල අහනව. කොරෝනා නිසා ලියුම් ලැබිල නැහැ. ඒත් නොලැබුණු ලියුම් එකවර 40ක් ලැබුණ කීවා. ඒවා ආදරෙන් කියෙව්ව කීවා. ඔක්කෝටම ස්තුතියි කියල කියන්නත් කීවා.

එයා මාදිවෙල ඉන්නැද්දි ඕපන් යුනිවර්සිටියෙ (විවෘත විශ්වවිද්‍යාලෙ) උපාධියකට ඉගෙන ගනිමින් හිටියෙ. තරුණ ප්‍රජා සංවර්ධනය යටතේ. අඟුණකොළ පැලැස්සෙදි ඔන්ලයින් ක්‍රමයට පටන් ගත්තලු. ඒත් සිග්නල් නැති නිසා නවත්වන්න වුණාලු.

බන්ධනාගාර අධිකාරිතුමා මාර්ගයෙන් කොමසාරිස්තුමාට කියල වැලිකඩට මාරුවක් ලබාගන්න ඕනෑ කීවා අධ්‍යාපන කටයුතු ටික කරගන්න. භාග්‍යා මොහොට්ටි කීවාය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ජේ.ආර්.ට හුස්ම දෙන්න සජිත් තීන්දු කරයි! (VIDEO)

Next Post

මගුලට-මරණෙට-පාසලට-කඩවලට දවස් 15කට අලුත් නීති එයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.