උණුසුම් කාලගුණ තත්ත්වය ලබන මැයි මස මැදභාගය වනතෙක් පැවැතුණද විටින් විට ඇතිවන අතරමැදි වර්ෂාව නිසා එම උණුසුම් කාලගුණය තාවකාලිකව සමනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ මෙරීන් මෙන්ඩිස් මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
හිරු රශ්මිය පොළොවට තදින් දැනීම නිසා පොළොව මතුපිට පවතින ජලයද සිඳීයන තත්ත්වයක් ඇතිවන බවයි ඔහු සඳහන් කළේ.
තවත් කාලගුණ විද්‍යාඥයකු සඳහන් කළේ සෑම වසරකම අප්‍රේල් මාසයේ හිරු මුදුන් වන කාලය නිසා අවුරුදු සූර්ය මංගල්‍යය ලෙස අවුරුදු උදාව හඳුන්වන බවයි.
ලබන මාර්තු 02 සහ 03 යන දිනවලද දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවද ඔහු පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










