පවතින ආර්ථික අර්බුදය හමුවේ සහ ස්වභාවික ව්‍යසනය හමුවේ ආණ්ඩුව නැවත වතාවක් විදුලි බිල ඉහළ දැමුවහොත් ඊට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ කොට දැවැන්ත සටනක් දියත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.Sri Lanka Latest News
වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ වනවිට අවස්ථා දෙකකදී විදුලි බිල ඉහළ නංවා ඇති අතර, මතුව ඇති අර්බුදය හමුවේ යළිත් වතාවක් විදුලි බිල ඉහළ දැමුවහොත් එය කිසිසේත්ම මහජනතාවට දැරිය නොහැකි බව සජබ ස්ථාවරය වී තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
මේ වනවිට විදුලිබල මණ්ඩලය 11.5%ක මිල ඉහළ නැංවීමක් ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.










