• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවන ගමන සවිමත් කරන Outreach Projects (Guarantee) Limited…

March 23, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
ජීවන ගමන සවිමත් කරන Outreach Projects (Guarantee) Limited…
Share on WhatsAppShare on Facebook

Outreach Projects (Guarantee) Limited ගෙවතු වගාව තුළින් ස්වංපෝෂිතභාවය සහ පෝෂණය සාක්ෂාත් කරගැනීම සඳහා අඩු වරප්‍රසාද ලත් ග්‍රාමීය පවුල්, විශේෂයෙන්ම ගෘහස්ථ කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණෙන් සමාගමේ ප්‍රමුඛතම මුලපිරීම වන තිරසාර කෘෂිකාර්මික වැඩසටහන (SADP) 2006 වර්ෂයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව තුළ දශක දෙකකට ආසන්න කාලයක් සමාජ සත්කාරක වැඩසටහන් ඔස්සේ සමාජ සහ ආර්ථික අපහසුතා ඇති ජනතාවගේ දියුණුව සඳහා ජීවනෝපාය මාර්ග විවර කර, ජීවන තත්ත්වය ඉහළ නංවා සාර්ථක හෙට දවසක් කරා ගෙන යෑමට Outreach Projects සමාගම කටයුතු කරයි. Outreach Projects (Guarantee) Limited ව්‍යාපෘතියේ අරමුණු පිළිබඳ එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සේනක ද ෆොන්සේකා මහතාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ‘මව්රට’ පුවත්පත මගින් කරනු ලැබුවා.

මොකක්ද මේ Outreach Projects කියලා කියන්නේ?

Outreach Projects (Guarantee) Limited යනු සමාජ සහ ආර්ථික අපහසුතා ඇති ජනතාවගේ සුබසාධනය සඳහා කැපවී සිටින ලාභ නොලබන සමාගමක්. දිවයින පුරා ප්‍රජාවන් හි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ ජීවනෝපායන් සංවර්ධනය කිරීමට දායක වීම මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මේ සඳහා අන්තර්ජාතික තිරසාර ඉලක්කද පදනම් කරගෙන ජාතික මට්ටමේ ඇති සමාජ අභියෝගද කේන්ද්‍ර කරගෙන ප්‍රජා ආයෝජන ව්‍යාපෘති මගින් විසඳුම් ලබාදීමට Outreach Projects සමාගම වෑයම් දරනවා.

SADP ව්‍යාපෘතියෙන් අදහස් කරනු ලබන්නේ මොකද්ද?

SADP (Sustainable Agricultural Development Programme), නැත්නම් තිරසාර කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන මගින් තිරසාර කෘෂිකර්ම පුරුදු වැඩිදියුණු කිරීමත් ගෙවතු වගාව තුළින් ග්‍රාමීය ප්‍රජාවන් ස්වයංපෝෂිතත් කරනු ලබනවා. අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණෙන් 2006 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා.

කොහොමද SADP ව්‍යාපෘතියට ප්‍රතිලාභිකයන් තෝරාගන්නේ?

අපි තෝරාගන්නා ප්‍රතිලාභියකුට අවම වශයෙන් පර්චස් 10ක් 20ක් අතර වපසරියක් තියෙන්න ඕනෙ. ඒ වගේම වසරේ මාස 10ක් වත් අඛණ්ඩව ජලය ලබාගැනීමට හැකියාව තියෙන්න ඕනෙ. ඒ වගේම ඔවුන් අඩු ආදායම්ලාභී පවුලක් වෙන්න ඕනෙ. ඔය නිර්ණායක තුන සහිත අය තමයි මේ ව්‍යාපෘතියට තෝරාගන්නේ. අපේ ව්‍යාපෘතිවලදී එක ගමකින් පවුල් 200ක් තමයි තෝරාගන්නේ. ඉන් පසුව අපි ඔවුන්ව කැඳවා මේ ව්‍යාපෘතිය ගැන ඔවුන්ට හොඳ පැහැදිලි කිරීමක් කරනවා.

SADP ගෙවතු වගා ව්‍යාපෘතිය දිවයින වටා කරන ව්‍යාපෘතියක්ද?

ලංකාවේ දිස්ත්‍රික්ක 25න් 17ක අපි මේ ව්‍යාපෘතිය කරලා තියෙනවා. ගාල්ල, මාතර, කුණ්ඩසාල, අඟු‍ණකොලපැලැස්ස, වලස්මුල්ල, දෙවිනුවර, තලාව, දඹුල්ල, ගම්පොල සහ වෙනත් ප්‍රදේශවල, මේ වනවිටත් මේ කටයුත්ත සාර්ථකව සිදුවෙනවා.

SADP ව්‍යාපෘතියෙන් යැපෙන ප්‍රතිලාභීන් මේ වෙද්දී කොපමණ ප්‍රමාණයක් ඉන්නවද?

පවුල් විශාල සංඛ්‍යාවක් සඳහා අපි මේ වෙද්දී SADP ව්‍යාපෘතිය කරලා තියෙනවා. ප්‍රතිලාභීන් සංඛ්‍යාව දළ වශයෙන් 80,000කට වැඩියි, ආසන්න වශයෙන් පවුල් 20,00කට අධික ප්‍රමාණයක්. 2007 වර්ෂයේ සිට ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අප රටේ සිදුවන ගෙවතු වගා ව්‍යාපෘති අතරින් ඵලදායී ව්‍යාපෘතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය ඇත්තටම සමාජ සහ ආර්ථික අපහසුතා ඇති ජනතාවගේ ජීවනාලියට අත්වැලක්.

රටේ ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට මේ හරහා ලැබෙන දායකත්වය මොන වගේද?

පසුගිය වසරේදී මිනිස්සු කොවිඩ් වෛරසයෙන් හොඳටම පීඩාවට පත්වුණා. ඒ අයට අපේ ගෙවතු වගා ව්‍යාපෘතිය හොඳ රුකුලක් වුණා සමබර ආහාර වේලක් ලබාගන්න. ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාගැනීමට වගේම අපි ඔවුන්ට මාස දෙකහමාරකට වරක් ගෙවතු වගාවන්ට අවශ්‍ය බීජ වර්ග ලබාදෙනවා. මිරිස්, තක්කාලි, ගෝවා, මෑකරල්, වම්බටු, පතෝල, කරවිල වගේම භෝග පැළත් ලබාදෙනවා. ගම්මිරිස්, බුලත්, ඇඹරැල්ලා, පැපොල්, දොඩම්, දෙහි, පොල් වැනි පැළ වර්ග ඒ අවුරුදු දෙකහමාර තුළදි ඔවුන්ට අපි ලබාදෙමින්, කාර්මික උපදෙස් සමග ඵලදායී ගොවිතැනක් කරා රැගෙන යාමට අපි ඔවුන්ව නිරන්තරයෙන්ම කටයුතු කරනවා.

SADP වැඩසටහනේ සාර්ථකත්වය සහතික කරන්නේ කෙසේද?

මේ වැඩසටහනේ ප්‍රතිලාභීන් සතු ඉඩම තුළ පැළ වර්ග 25ක් වත් වගා කරනවා. අපේ ක්ෂේත්‍ර නිලධාරීන් මේ වගාවන් නිතර නිරීක්ෂණය කරනවා. ඒක තමයි මේ ව්‍යාපෘතියේ තියෙන සාර්ථකත්වය. අපේ නිලධාරීන් දවස් 10කට වරක්වත් මේ ගෙවතු වගා නිරීක්ෂණය කරන්නට යනවා. මෙම ප්‍රතිලාභීන් සාර්ථකව මේ ව්‍යාපෘතිය කරගෙන යන බව අපි තහවුරු කරගැනීමෙන් පසුව, ගම් කුකුළන්, එළුවන් වැනි ඵලදාවට හිතකර සතුන් ද අපි ලබාදෙනවා.

ඔබේ ආයතනය මෙම ප්‍රතිලාභීන්ගෙන් ඵලදාවක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද?

ඔවුන්ගේ ජීවිතවලට සහනයක් ලබාදීම අපේ ප්‍රධානම අරමුණයි. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අයගේ එදිනෙදා පරිභෝජනයට මේ වගාවෙන් ලැබෙන අස්වැන්න යොදාගැනීමයි. ඊට අමතරව වැඩි ඵලදාවක් තිබෙන භෝග අලෙවි කිරීමට ද ඔවුන්ට අවස්ථාව තිබෙනවා.

SADP ගෙවතු වගා ව්‍යාපෘතියට අමතරව Outreach Projects ව්‍යාපෘතිය “සුව ජීවන”, “ව්‍යවසායකයා”, උදාහරිත”, “ගොවිසවි”, “ප්‍රජාලෝක” “දිවි සහන” යන නම්වලින් හඳුන්වනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් තිබෙනවා. මේ ගැන විස්තර කළොත්?

දුරස්ථ ගොවි ප්‍රජාවන් හරහා නිදන්ගත වකුගඩු රෝගයට (Chronic Kidney Disease) තියෙන ගම් සොයාගෙන ඊට එරෙහි ජාතික සටනට “සුව ජීවන” වැඩසටහන හරහා සහාය දීමට Outreach ව්‍යාපෘතිය මගින් අපි උත්සාහ කරනවා. ඒ සඳහා Reverse Osmosis (RO) ජල පිරිපහදු පද්ධති හරහා පිරිසිදු පානීය ජලය සඳහා ප්‍රවේශයක් ලබාදීම මගින් මෙම ප්‍රශ්ණය විසඳීමට අපි උත්සාහ දරණවා. දිනකට එක් පද්ධතියකින් පිරිසිදු පානීය ජලය ලීටර් 10,000ක් සපයන අතර අද වන විට “සුව ජීවන” වැඩසටහන මගින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිලාභීන් 30,000කට අධික සංඛ්‍යාවකගේ ජීවන තත්ත්වය ඉහළ නංවා තිබෙනවා. මේ වන විට මෙවැනි ව්‍යාපෘති 10ක් කරලා තියෙනවා. කුරුණෑගල, මීගලෑව, වවුනියාව, මුලතිව්, පොළොන්නරුව, බළන්ගොඩ, දෙහිඅත්තකණ්ඩිය බුත්තල, ඔක්කම්පිටිය ආදී ප්‍රදේශවල දැනටමත් මේ වැඩසටහන් සාර්ථකව සිදුකෙරෙමින් පවතිනවා.

“ව්‍යවසායකයා” නම් වෘත්තීය පුහුණු වැඩසටහන අපගේ නවතම වැඩසටහනයි. මෙය දියත් කිරීමට අපි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සහ ජාතික තරුණ සේවා සභාව (National Youth Services Council) සමග අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. මෙම වැඩසටහන මගින් අවුරුදු 21කට වැඩි අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබාදීම සිදුවෙනවා. මේ දිනවල වැඩි ඉල්ලු‍මක් තියෙන වෘත්තීන්, එනම් උපස්ථායක (Caregiver), හෝටල් ක්ෂේත්‍ර නිලධාරී (්‍Hotel Stewards), කෘෂි ක්ෂේත්‍ර සහකරු (Agriculture Field Assistant), පෑස්සුම්කරු (Welder) වැනි වෘත්තීන් මෙම වැඩසටහනට ඇතුළත් කර තියෙනවා. එහි ඇතුළත් පාඨමාලාවල (NVQ3) සහ (NVQ4) මට්ටමින් සහතික ලබාදීම එහි විශේෂත්වයයි. පාඨමාලා කාලය මාස 06යි. එම කාල පරිච්ඡේදය තුළ අපි Life Skills පිළිබඳවද පුහුණුකිරීම් කරනවා. මසක් වැනි කාලයකදී Classroom පුහුණුවක් සමග ඉතිරි මාස 05 වැඩිදුර පුහුණුව සඳහා On-the-Job වෙත යොමුකරනවා. “ව්‍යවසායකයා” වැඩසටහන තුළින් තරුණ පරපුරට සාර්ථක ජීවිතයක් ගෙන යෑමට ඔවුන්ට පිටුවහලක් සැලසීම අපේ මූලික බලාපොරොත්තුවයි. 1000ක් වැනි තරුණ පිරිසකට ශිෂ්‍යත්ව ලබාදී රටේ ආර්ථිකය ගොඩනැගීමට දායක වන අනාගත පරපුරක් බිහිවනු දැකීම අපගේ පරමාර්ථයයි.

ශ්‍රී ලංකාවේ විනාශ වෙමින් පවතින ගස් හා වෘක්ෂලතාදිය රැකගැනීම සහ ජාතියට හරිත අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා පරිසර පද්ධතිවලට නව ජීවයක් ලබාදීම “උදාහරිත” ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. 2030 වන විට වන ආවරණය 29% සිට 32% දක්වා වැඩිකිරීමේ ජාතික ප්‍රමුඛතාවට සහාය දැක්වීම සඳහා Outreach Projects ව්‍යාපෘතිය විසින් වනාන්තර වර්ධනය වැඩිදියුණු කිරීම සඳහා, දිවයින පුරා දීර්ඝකාලීන නැවත වන වගා ව්‍යාපෘති, ගස් සිටුවීම සහ පැළ බෙදාහැරීම සිදුකරනු ලබනවා. මාතලේ අක්කර 123ක ජෛව විවිධත්ව භූමියක් පවත්වාගෙන යාම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සීගිරියේ නැවත වන වගා කළ අක්කර 12ක භූමි ප්‍රමාණයක් නඩත්තු කිරීම වැනි ප්‍රධාන වැඩසටහන් “උදාහරිත” ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙනවා. අපි ඉදිරියේදී රත්නපුර ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර 87ක විනාශ වූ භූමි ප්‍රමාණයක නැවත වන සංරක්ෂණය කිරීමටද බලාපොරොත්තු වෙනවා.

අපගේ තවත් වැඩසටහනක් වන්නේ “ගොවිසවි” වැඩසටහනයි. එමගින් කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා වාරිමාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් කුඩා පරිමාණ ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින්, ග්‍රාමීය ගොවි ප්‍රජාවන්ට සහය ලබා දෙනවා. වඩාත් සුදුසු ගොවි ප්‍රජාවන්ට ප්‍රතිලාභ සැලසීම සහතික කිරීම සඳහා ගොවි සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කිරීම “ගොවිසවි” වැඩසටහන මගින් සිදුවෙනවා. අද වන විට “ගොවිසවි”, ශ්‍රී ලංකාව පුරා පුද්ගලයන් 17,000කගේ ජීවිතවලට ධනාත්මකව බලපා තියෙනවා.

මීට අමතරව “ප්‍රජාලෝක” වැඩසටහන තුළින් කුඩා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීමෙන් ග්‍රාමීය ප්‍රජාවන් හරහා ධනාත්මක චින්තනයක් ඇති කිරීමට උත්සාහ දරනු ලබනවා. උදාහරණයක් ලෙස ගොවිතැන් කරන කුඹුරකට කානු පද්ධතියක් කඩා වැටුණොත් ජලය එන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට Outreach Projects ව්‍යාපෘතිය උදව් වෙනවා. 2019 හි ආරම්භයේ සිට, ප්‍රජා සාමාජිකයන් 52,000කට වැඩි පිරිසකගේ ජීවිතවලට ප්‍රතිලාභ ලබාදී තියෙනවා. ඇළ මාර්ග පිළිසකර කිරීම, මරණාධාර සමිතිවලට උදව් උපකාර කිරීම වැනි වැඩසටහන් “ප්‍රජාලෝක” වැඩසටහන මගින් සිදුකරනු තවත් වැඩසටන් කිහිපයක්.

“දිවි සහන” ව්‍යාපෘතිය මගින් ආපදා තත්ත්වයන්හිදී විපතට පත්වන පුද්ගලයන් යථා තත්ත්වයට පත්කිරීමට වෑයම් දැරීම අපේ ප්‍රධාන අරමුණයි. උදාහරණයක් ලෙස කොවිඩ් අවස්ථාවේදී දුෂ්කර තත්ත්වයන්වලට යොමු වූ බොහෝ දෙනකුට අපි අත්‍යාවශ්‍ය බඩුමලු‍ ලබාදුන්නා. ගංවතුර ආපදාවලදී පවා අපි සොයා බලා විපතට පත්වන පුද්ගලයන්ට සහාය ලබාදීමට අපි කැපවී සිටිනවා.

Outreach Projects (Guarantee) Limited සමාගමේ ඉදිරි අරමුණ ගැන අවසාන වශයෙන් යමක් කිව්වොත්?

Outreach Projects (Guarantee) Limited සමාගමේ මූලික පරමාර්ථය වන්නේ ප්‍රතිලාභීන් 300,000කට වැඩි ජනතාවකගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහාය දීමයි. සමාජ සහ ආර්ථික අපහසුතා ඇති ජනතාවගේ දියුණුව සඳහා ජීවනෝපාය මාර්ග විවර කර, ජීවන තත්ත්වය ඉහළ නංවා, දිවයින පුරා සිටින ප්‍රජාවන්ට ආයෝජනය සලසා දීමෙන් සාර්ථක හෙට දවසක් කරා ගෙනයාමට Outreach Projects සමාගම ඇපකැපවී සිටිනවා. තවද, මේ මගින් රටේ ආර්ථිකයට ඇති පීඩනය තරමක් අඩු වී, ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආදායමක් ලැබීමට පිටිවහලක් සැලසෙනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙනවා.



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඊයේ මහ රෑ ටාජ් හෝටලයේ තීරණාත්මක සාකච්ජාවක්! ලොව ප්‍රබල රටවල් රැසක තානාපතිවරු-රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් එකතු වෙයි! විපක්ෂනායකත් එක්ක විපක්ෂයේ සියලුම පක්ෂ නායකයනුත් එයි! මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය උදුරා ගැනීම ගැන කතා කරයි! සියලු දෙනාම එකඟතාවකට එයි! EXCLUSIVE PHOTOS & VIDEO

Next Post

G-20 ඉන්දියාවට හොඳ වේදිකාවක්…

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.