• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට වෙනුවෙන් යුද්ධ කරපු රට වෙනුවෙන් ආබාධිත වුණු රට වෙනුවෙන් අරගල කරපු වීර කමාන්ඩෝ ඔබට අපේ ආචාරය… මේ විරුවාට අවසාන ගමනට නිල ඇඳුම අහිමි කළේ ඇයි?

January 21, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
රට වෙනුවෙන් යුද්ධ කරපු රට වෙනුවෙන් ආබාධිත වුණු රට වෙනුවෙන් අරගල කරපු වීර කමාන්ඩෝ ඔබට අපේ ආචාරය… මේ විරුවාට අවසාන ගමනට නිල ඇඳුම අහිමි කළේ ඇයි?
Share on WhatsAppShare on Facebook

කොමාන්ඩෝ කිව් පමණින් අපේ හිතට නැඟෙන්නේ ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙන සටන්කාමීන් පිරිසක්. කොමාන්ඩෝ කෙනකුට පැවරී ඇති රාජකාරිය ලේසි පහසු එකක් නම් නොවේ. තරුණයකු යුද හමුදාවට බැඳී කොමාන්ඩෝ කෙනකු වීම දක්වා යන ගමන දැඩි බාධකවලින් පිරුණු එකකි. ඔවුන් රට වෙනුවෙන් පුහුණුවීම් කළේ පොළොවේ පස් කාගෙන දුෂ්කර ජීවිතයක් ගතකරමිනි. මොවුන් පුහුණුවීම් කරන්නේ අතිදුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දීමෙනි. ඔවුන්ට මඩ වගුරද ගස් ගල්ද මහ මුහුදද යන්න අදාළත්වයක් නැත. කොමාන්ඩො කෙනකු වීමට විශේෂිත වූ හැකියාවක් තිබිය යුතුය. කොමාන්ඩෝ බළකායේ තේමාව ‘නොහැක්කක් නොමැත’ යන්නයි. අපේ රටේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉතිහාසය වසර 74ක් දක්වා ඈතට දිවයනවා. රට වෙනුවෙන්, අප වෙනුවෙන් එදා සිට අද දක්වා ඔවුන් හෙලූ දහඩිය කඳුළු අපමණය. යුද මෙහෙයුම්වලදී සතුරු පාර්ශ්වයෙන් දැඩි ප්‍රහාර එල්ල වන අවස්ථාවල ඒ සතුරු බලවේග මර්දනය කරන්නට ඉදිරිපත් වන්නේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අභීත සෙබළ පිරිසය. ඔවුන් ලේ මස් නහර මාතෘ භූමිය වෙනුවෙන් පූජාකර රටට දැයට නිවහල් හෙටක් ඉතිරි කරන්නට කළ කැපකිරීම සැබැවින්ම ප්‍රශංසනීයය.

මෙවන් මාහැඟි සේවයක් රට වෙනුවෙන් ඉටුකළ ඔවුන්ගේ සේවා කාලය අවසන්ව විශ්‍රාම ගිය පසු ඔවුන්ට බොහෝ ගෞරවාන්විතව සැලකිය යුතුය යන්න අපේ අදහසය. නමුත් අවුරුදු 22ක් පුරා අසීමිත කැපකිරීම් සිදුකර විශ්‍රාම ලබා සිටියදී මියගිය කොමාන්ඩෝ නිලධාරියකුට තම නිල ඇඳුම පවා අහිමි කරන්නේ නම් එය ඉතා කනගාටුදායක තත්ත්වයකි. කොමාන්ඩෝ කෙනකුට අවසානයේ අත්වන්නේ මෙවැනි ඉරණමක් නම් එය මොන තරම් අවාසනාවක්ද?

ජීවිතය හැරගිය අවසාන මෙහොතේ තමන් ආදරය කළ නිල ඇඳුමෙන් සැරසීමටවත් අවසර නැති කොමාන්ඩෝ සෙබළෙක් පිළිබඳ පසුගියදා අපට අසන්නට ලැබුණේය. ඔහුට නිල ඇඳුම අහිමි වුණේ ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී චරිතයක්ව සිටි නිසා බව බොහෝ දෙනකුගේ මතය විය. අපි හැමෝම අපේ රටට ආදරෙයි. ජනක චමින්ද ලලිත් ජයසේන නම් වූ අපේ කතා නායකයා අවුරුදු 22ක් රුදුරු ත්‍රස්තයන් සමග සටන් වැදුණේ උපන් බිමට ඇති ආදරය නිසාමය. ඔහු කාමාන්ඩෝ රෙජිමේන්තුවේ බුද්ධි ඒකකයේ සේවය කළ නිලධාරියකු වන අතර, යුද සමයේදී රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ සෙබළෙකි. රට විනාශයට පත්වනු දැක දැක තවදුරටත් ඉවසා සිටීමට බැරි නිසා අරගලයට සහාය දීම සඳහා ඔහු එදා පාරට බැස්සේය. එලෙස 2022 මැයි 09 වැනිදා ක්‍රියාත්මක වූ ගාලුමුවදොර අරගලයේදී 59 හැවිරිදි විශ්‍රාමික කොමාන්ඩෝ නිලධාරී ජනක චමින්ද ලලිත් ජයසේන මහතාට වෙඩි උණ්ඩයක් එල්ල වුණා. ජනාධිපති ආරක්ෂක අංශය විසින් අරගලකරුවන් පලවාහැරීමට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් එලෙස ජනක චමින්ද මහතාගේ හිසට වැදී තිබුණේ ඔහු අරගලයේ පාගමනේ යෙදී සිටියදීය. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කෙරුණු අතර, මාස ගණනාවක් පුරා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී ජීවිතය පිළිබඳ තිබූ සියලු අපේක්ෂාවන් බිඳදමනින් පසුගිය 15 වැනදා ඔහු දිවි ගමනට සමුදුන්නේ සිය ඥාති හිතෛෂී සියලු දෙනාට සදාකාලික ශෝකයක් ඉතිරිකර තබමින්ය.

ජනක චමින්ද මහතා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර්වරයකු ලෙස විශ්‍රාම ගොස් තිබුණේ 2004 වර්ෂයේදීය. වසර 22ක සේවා කාලය තුළ උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඔහුගේ එක් පාදයක් අහිමි විය. විශ්‍රාම ලැබීමෙන් පසු ඔහු ඇවන්ගාඩ් පෞද්ගලික සමාගමේ කලක් සේවය කළ අතර, පසුව ඉන් ඉවත්ව ජපානය සහ ඉරාකය යන රටවලට ගොස් විවිධ රැකියාවන්වල නිරතව තිබුණා. විදේශ සේවයෙන් අනතුරුව ඔහු අඹතලේ ප්‍රදේශයේ පිහිටි සමාගමක ආරක්ෂක කළමනාකරුවකු ලෙසද සේවය කර ඇති බව වාර්තා වේ.

ජනක මහතාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල වීමෙන් පසු ඔහුගේ බිරිය හැඬූ කඳුළින් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ මෙලෙසය.

‘සටන් බිමේදියි එයාගේ පාදයට වෙඩි වැදුණේ. නැවත කකුල ෆිට් කරගෙන සේවය කළා. මගේ ස්වාමිපුරුෂයා පදක්කම්ලාභී සෙබළෙක්. මෝඩයෙක් සිවුරු ඇඳගෙන බණ්ඩාරනායක මහත්තයාට වෙඩි තිබ්බායි කිව්වනේ. අඥානයෝ යුද හමුදාවේ ඉන්න තාක්කල් ඒ යුනිෆෝම් දාගෙන කරන නරක වැඩවලින් මේ වගේ හොඳ මහත්වරුන්ගේ ජීවිත තමයි බිලිවෙන්නේ. එයා දැන් ජීවත් වෙන්නේ මොළේ සැත්කම්වලට භාජනය කරමින්. අපිට සාධාරණය ඉල්ලන්න බැහැ. මගේ මහත්තයාව සල්ලිවලට ගන්න බැහැ. මම ලංකාවාසීන්ගෙන් ඉල්ලන්නේ දරුවෝ වෙනුවෙන් පවුල වෙනුවෙන් මහත්තයා බේරලා දෙන්න ආශීර්වාද කරන්න කියලයි…’ ජනක මහතාගේ බිරිය එම ඉල්ලීම සිදුකර මාස 06ක් ගතවන්නටත් මත්තෙන් ඔහු ජීවිතයෙන් සමුගත්තේය.

පවුලේ ඥාතීන් පවසන ආකාරයට ඔහු හොඳම කොමාන්ඩෝ සෙබළා ලෙස පදක්කම් රැසක්ම දිනාගෙන ඇත. පදක්කම් කොපමණ දිනුවත් ඔහුගේ අවසන් මොහොතට නිසි ගෞරවය නොලැබෙනවා නම් ඒ පදක්මවලින් ඇති ඵලය කුමක්ද යන්න බොහෝ දෙනෙකුගේ අදහස විය.
ඔහුගේ සමීපතමයන් පවසන්නේ ඔහුගේ මුල් වෛද්‍ය වාර්තාවල වෙඩි වැදුණු බව සඳහන්ව තිබුණද මරණ පරීක්ෂණ වාර්තාවේ වෙඩි වැදීමක් පිළිබඳ සටහනක් නොමැති බවය. හිසෙහි වූ තුවාලයකින් විෂබීජයක් ඇතුළුවී නිව්මෝනියා තත්ත්වයට පත්ව මරණය සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන්ව ඇති බවද පැවසේ.

කෙසේ වෙතත් වසර 22ක් අතිදුෂ්කර යුද මෙහෙයුම් රාශියක් සාර්ථකව නිමා කළ වීරෝදාර රණවිරුවකුගේ අවසන් ගමනට ඔහු දරා සිටි නිල ඇඳුමවත් නොලැබෙන්නේ නම් එය කොයි තරම් ශෝචනීය තත්ත්වයක්ද? ජන අරගලයට සහාය දැක්වීම නිසා ඔහුට යුද හමුදා ගෞරවය පිරිනැමීම නොකළ යුතු බවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් අණකර තිබූ බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් යුද සෙබළකු උසාවියකින් වරදකරු වුවහොත් පමණක් ඔහු මියගිය විට දේහයට නිල ඇඳුම ඇන්දවීම නොකළ යුතු බවයි යුද හමුදා නීතියේ දැක්වෙන්නේ. නමුත් ජනක චමින්ද ලලිත් ජයසේන මහතා උසාවියකින් වරදකරු වී නොමැති බව ඔහුගේ පවුලේ සමීපතමයන් සඳහන් කර ඇත. එසේම මෙම අසාධාරණය පිළිබඳ විමසීමට යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි්‍රගේඩියර් රවී හේරත් මහතා අවස්ථා ගණනාවකදී දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද එම උත්සාහයන් ව්‍යර්ථව ගිය බවද මාධ්‍ය වාර්තා කළා.

විශ්‍රාමික කොමාන්ඩෝ මේජර් ජනක චමින්ද ලලිත් ජයසේන මහතා දෙදරු පියෙකි. ඔහුගේ බිරිය ගුරුවරියකි. ඔවුන් මාතර වැල්ලමඩම මැද්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

අරගලය අවස්ථාවේ බොහෝ හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් කටයුතු කරනු ලැබුවේ අනීතිකව බවට මෙම සිදුවීම කදිම සාක්ෂියකි. එදා කොළඹට රැස්වූ දහස් ගණන් මහා ජන ගඟ අතර සිටි එක් වීරෝදාර සෙබළෙක් අද අපට අහිමිව ගොස්ය. අපට අද නිදහසේ ජීවත් වන්නට රටක් ඉතිරි වුණේ මෙවැනි රණවිරුවන් දහස් ගණනකගේ දයඩිය කඳුළු නිසයි. ඔවුන්ටත් ජීවිතවල ලස්සන හීන තිබෙන්නට ඇත. දරුවන් සමග ජීවිතය ගතකරන්න ආස වුණත් ඔවුන් ඒ දේවල් කැපකළේ රට වෙනුවෙන්ය. මිනිස්සුන්ට සතුටෙන් ඉන්න පුළුවන් රටක් ඉතිරි වුණේ මෙවැනි රණවිරුවන් නිසාය. ඒ රණවිරුවන් රටේ යහපත වෙනුවෙන් ජන අරගලයට එක්වීම, ඔවුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමට තරම් වරදක්ද යන්න අප බලධාරීන්ගෙන් ප්‍රශ්න කරමු. ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු ගරුබුහුමන් ඒ අයුරින්ම ලැබිය යුතුය.

ජනක චමින්ද ලලිත් ජයසේන මහතාණෙනි, නිල ඇඳුම් ඇන්දේ නැති වුණාට, ආචාර වෙඩිමුර නැති වුණාට ඔබ හැමදාමත් ජනතාවගේ වීරයෙක්. උපන් බිමට ණය නැති වීර පුතෙක්…
සහෝදරයා, ඔබට ජාතියේ උත්තමාචාරය….

‘කැපකර නුඹේ තුරුණු දිවිය
කුරිරු අතීතයේ
අවි අරන් හාමතේ යුද වැදුණේ…
දිවි ගෙවුණේ බංකරේ
රැකගන්න මාතෘ භූමිය
නුඹ ළය පුරා වැගිරූ ලේ දහඩිය බිඳු
ඒ බව දැනුණේ නැහැ
මේ නොමිනිසුන්ට (අමනයන්ට)
ආචාර වෙඩිමුර නැති වුණාට
උපන් බිමට ණය නැති
වීර පුතෙක් නුඹ හැමදාමත්….’

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රාජගිරියේ වෙඩි තියලා! එක්කෙනෙක් මැරිලා!

Next Post

හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ ‘අලංකාර උත්සවය’ ඇරඹේ!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.