• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උන් ප්‍රභාකරන් සමරනවා… මුන් විජේවීර සමරනවා… සිංහලුනේ අපිටත් ඉන්නවා වීරයෝ දන්නෙ නැති නම් දැනගනිල්ලා මෙන්න ලැයිස්තුව…

December 16, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
උන් ප්‍රභාකරන් සමරනවා… මුන් විජේවීර සමරනවා… සිංහලුනේ අපිටත් ඉන්නවා වීරයෝ දන්නෙ නැති නම් දැනගනිල්ලා මෙන්න ලැයිස්තුව…
Share on WhatsAppShare on Facebook

නොවැම්බර් මසය ගෙවීගොස් දෙසැම්බරය එළැඹ තිබේ. කතෝලික ආගමට අනුව මළවුන්ගේ දිනය යෙදී ඇත්තේ නොවැම්බර් දෙවැනිදාටය. එහෙත් ලංකාවේ නොවැම්බර් මාසය පුරාම ජාති ආගම් භේදයකින් තොරව මළවුන් සමරනු දැකගත හැක්කේය. ජාති, කුල, ආගම් මදිවාට භාෂා වශයෙන්ද බෙදී වෙන්වී එකිනෙකාට ද්වේශ කරගනිමින් සිටියද සාඩම්බර ජාතියක් ලෙස අප සිතා සිටින මේ රටේ මිනිස්සු මළවුන් සමරන්නට සියලු වාද භේද ඉවතලා එක්වීම කෙතරම් යහපත්දැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් ඇත්තම කතාව නම් අප මළවුන් සමරන්නේද දෙතුන් පිලකට බෙදී වෙන්වීය. පෙර සඳහන් භේදයන්ට අමතරව මළවුන් සැමරීමේදී දේශපාලන වශයෙන්ද බෙදීමට තරම් ලාංකිකයන්ගේ බෙදීමේ ශක්‍යතාව කාර්යක්ෂම වී තිබේ.

ලෝකයේ අන් රටවල කෙසේ වෙතත් ලංකාවේ ජාතික තලයේ මළවුන් සැමරීම් සියල්ලේදීම ඔවුනට වීරත්වයක් ආරෝපණය කර සැමරීම දැකගත හැකි පොදු ලක්ෂණයක් වෙයි. ජනතා විමුක්ති පෙරමුණ ඉල්මහ විරු සමරුව ලෙසින් පවත්වන්නේද මළවුන් සැමරීමය. තම පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු ආණ්ඩුවේ හමුදා සහ නොනිල මැර හමුදා විසින් ඝාතනය කරන ලද තම සාමාජිකයන් සමරන්නට ‘ඉල්මහ විරු සමරුව’ නමින් ඔවුන් උත්සවයක් පවත්වයි. රෝහණ විජේවීර ඝාතනය කරන ලද්දේ 1989 නොවැම්බර් 13 වැනිදා නිසා ජ.වි.පෙ. තම ඉල්මහ සැමරුම යොදාගන්නේ එදිනටය. ජනතා විමුක්ති පෙරමුණ විසින් 1971 දී සහ 1987 – 89 දී දියත්කරන ලද අසාර්ථක කැරලි නිසා එම පක්ෂයේ ආධාරකරුවන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය විය. ඊට අමතරව ඔවුන්ගේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් සෙසු දේශපාලන පක්ෂවලට අයත් තවත් විශාල පිරිසක්ද ඝාතනය කරන ලදී. ඒ, එවක පැවැති ආණ්ඩුව විසින් ජ.වි.පෙ. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර තහනම් කර තිබූ අවධියේය. කෙසේ වෙතත් එලෙස ඝාතනය වූ කිසිවකුගේ හෝ ඥාති මිත්‍රාදීන් ජ.වි.පෙ.ය. පවත්වන ඉල්මහ විරු සමරුවට එරෙහි වන්නේ නැත. සැබැවින්ම එය අගේ කළ යුත්තකි. එමෙන්ම ආණ්ඩුව ත්‍රස්ත ලේබල‍ය ගසා තිබුණද, ඝාතනය කරන ලද තම සටන් සගයන් විරුවන් ලෙස සමරන්නට පක්ෂයක් ලෙස ජ.වි.පෙ.ට ඇති අයිතිය ලියුම්කරු හිස නමා පිළිගන්නේය.

ලංකාවේ ඉල් මාසයේ සිය මියගිය විරුවන් සමරන්නේ ජ.වි.පෙ.ය පමණක් නොවේ. උතුරු නැගෙනහිර දෙමළ ජනයාද 30 අවුරුදු යුද්ධයේදී මියගිය සිය ඥාති මිත්‍රාදීන් සමරන්නේද නොවැම්බර් මාසයේය. ඒ වෙනුවෙන් ඔවුන් නොවැම්බර් 21 සිට 27 දක්වා සතියක කාලයක් සැමරුම් පවත්වන අතර ඒ සතිය හඳුන්වනුයේ ‘මහවිරු සතිය’ නමිනි. ඉල්මහ විරු සැමරුම ප්‍රශ්න නොකරන දකුණේ බහුතරයකට උතුරු නැගෙනහිර මහවිරු සතිය රුස්සන්නේ නැත. ඇතැම් විට ඊට හේතුව මහවිරු සතියේ නිධාන කතාව කොටි සංවිධානය සමග යාවී තිබීම විය හැකිය.

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වැනිදාට යෙදී තිබීමත් එම සංවිධානයේ කර්නල්වරයකු මෙන්ම ප්‍රභාකරන්ගේ සමීපතමයකු වූ ශංකර් නමැත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් මියගියේ 1982 වසරේ නොවැම්බර් 27 වැනිදා වීමත් යන කරුණු දෙක මුල්කර මුල් අවධියේ මහවිරු සතිය සැමරීම කොටි සංවිධානයේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එහෙත් යුද්ධය නිමවීමෙන් පසුව විවිධ දේශපාලනඥයන් හා සිවිල් සංවිධාන මගින් එම සැමරීම පවත්වන බව ප්‍රකට කරුණකි. අද වන විට උතුරු නැගෙනහිර ජනතාව යුද්ධයේදී මැරුම්කෑ තම ආදරණීයයන් සිහිකිරීමට මෙම මහවිරු සතිය යොදාගනී. එහෙත් දකුණේ බහුතරයකට තවමත් මේ දිනය පෙන්නන්නට බැරිය. ඔවුන්ගේ මතයට අනුව උතුරේ ජනයා තම මියගිය ඥාතීන් සැමරීම සාපරාධී වරදකි. ඉල්මහ විරු සැමරුමට දකුණේ ජනතාවට ඇති අයිතිය උතුරේ ජනතාවට නැතැයි සිතීම කිසි ලෙසකින් හෝ සාධාරණීකරණය කිරීමට නොහැක. ප්‍රභාකරන් මෙන්ම විජේවීර, ගමනායක වැන්නෝද මියගියේ ආණ්ඩුවේ හමුදාවේ හමුදා ප්‍රහාරවලින් මිස උණ හෙම්බිරිසාව සෑදී නොවන බව අප අමතක කළ යුතු නොවේ.

නොවැම්බර් මාසයේ සමරන්නට වීරයන් ඇත්තේ ජ.වි.පෙ.ට සහ උතුරු නැගෙනහිර ජනතාවට පමණක් නොවේ. ඕනෑකමක් තියෙනවා නම් මුළු රටටම සමරන්නට හැකි වීරයන් පිළිබඳ මතකයන් නොවැම්බර් මාසයෙන් සොයාගත හැකිය. අදින් වසර 204කට පෙර මහනුවර බෝගම්බර වැව අසලදී බි්‍රතාන්‍ය පාලකයන් විසින් හිසගසා දමා ඝාතනය කරන ලද කැප්පෙටිපොළ රාජපක්ෂ වික්‍රමසේකර බණ්ඩාරනායක නොහොත් මොණරවිල කැප්පෙටිපොළ මහදිසාවේ එවැනි එක් විරුවෙකි. මාතලේ කන්ද උඩරට, සෙංකඩගල පුරයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ සභාවේ දිසාවේ ධුරයක් හෙබවූ මෙතුමන් අනතුරුව බි්‍රතාන්‍ය පාලනය යටතේද මහදිසාවේ ධුරය දරන ලදී.

ලංකවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්රිග්ගේ පාලනය විසින් උඩරට ගිවිසුමේ පොරොන්දු උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා ජනතාව දැඩි කලකිරීමකට පත්ව සිටි අතර 1817 පමණ වන විට බි්‍රතාන්‍ය කිරීටයට අභියෝග කරන තැනට එය පත්ව තිබිණි. මෙම අවස්ථාවේ රටේ උසස් නිලතල සිංහල රදළ පවුල්වලින් පිට ලබා නොදෙන බවට දී තිබූ පොරොන්දුව ඉවතලමින් බි්‍රතාන්‍යයෝ වෙල්ලස්සේ අධිකාරම් ලෙස හජ්ජි මරික්කාර් නම් මුසල්මානුවෙක් පත්කරන්නට කටයුතු කරන ලදී. එය සිංහල වංශවතුන් අතර දැඩි කලකිරීමකට හේතු විය. මීට සමගාමීව නායක්කාර් වංශිකයකු වූ දොරේසාමි නමැත්තා ලංකාවේ රජකමට උරුම අයිතිවාසිකම් කියන්නට විය. ඉන් කලබලයට පත් බි්‍රතාන්‍යයෝ දොරේසාමී අත්අඩංගුවට ගැනීමට වෙල්ලස්සේ අධිකාරම ලෙස පත් කළ හජ්ජි මරික්කාර් සහ බදුල්ලේ උප ඒජන්තවරයාව සිටි සිල්වෙස්ටර් විල්සන් නම් නිලධාරියා යවන ලදී. එහෙත් වෙල්ලස්සේ ජනයා මෙම දෙදෙනාම මරාදමන ලදී. (මෑත භාගයේ දුරකතන සමාගමක් විසින් ඉවත දමන ලද භූගත කිරීමේ කූරක් සොයාගත් තරුණයන් පිරිසක් සහ භික්ෂුන්වහන්සේ නමක් එය මෙම සුදු ජාතික උප ඒජන්තවරයාට විදින ලද ඊතළය ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍යයෙහි විඩියෝවක් උඩුගත කර තිබිණි) 1818 කැරැල්ලේ සමාරම්භ වනුයේ මෙම ඝාතන දෙක බව සඳහන් කළ යුතුය.

මෙම ඝතනය සමග බි්‍රතාන්‍ය සෙබළුන් වෙල්ලස්සේ ජනතාවට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක කරන්නට විය. සුළු කාලයක් තුළ වෙල්ලස්සේ කැරැල්ල මාතලේ, හාරිස්පත්තුව වැනි පළාත්වලට පමණක් නොව නුවර කලාවියටද පැතිරෙන්නට විය. අවසන බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මාෂල් ලෝ (යුද නීතිය) පනවන්නට කටයුතු කළේය. මෙම අවස්ථාවෙ අනුරාධපුරයේ ස්ථානගත කර සිටි හමුදා අනුඛණ්ඩයේ ලෙෆ්ටිනන්ට් ඕනිල්ගේ දේශීය ඔත්තුකරුවෙක් විසින් සපයනු ලැබූ ඔත්තුවක් අනුව ගිය බි්‍රතාන්‍ය සෙබළුන් කැප්පෙටිපොළ දිසාවේ අත්අඩංගුවට ගෙන මහනුවරට ගෙන එන ලදුව 1818 නොවැම්බර් 26 දා මරණීය දණ්ඩනය ලබාදෙන ලදී. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන අවස්ථාවේ මොණරවිල කැප්පෙටිපොළ දිසාවේ විදහා පෑ එඩිතරකම දැක මවිත වූ බි්‍රතාන්‍ය නිලධාරීන් ඔහුගේ හිස්කබල එංගලන්තයට ගෙනගොස් කපාල විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයන්ගේ අධීක්ෂණයට ලක්කරන ලදී. හිස්කබලේ හිමිකරු කලාතුරකින් දැකිය හැකි එඩිතරකම් සහිත පුද්ගලයෙක් බව විද්වත් මතය වූ බව කියවේ. ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් මිදුණු පසු කැප්පෙටිපොළ දිසාවේගේ හිස්කබල නැවතත් මෙරටට ගෙන ආවද ඔහු පිළිබඳ මතකය ඉන් ඔබ්බට රැගෙන යාමක් සිදුවූයේ නැත.

කැප්පෙටිපොළ දිසාවේ ඝාතනය කරන ලද දිනය නොවැම්බර් මාසයට යෙදී තිබුණද ඒ දිනය සමරන්නට ලංකවේ කිසිවකුත් උනන්දු වූයේ නැත. තමන්ගේ වීරයෙක් සමරන්නට උනන්දුවක් නැති වුවද ලංකාවේ බහුතරයක් අන්‍ය ජාතීන්ගේ විරුවන් සැමරීමට විරුද්ධ වීමට පසුබට නොවෙති. කැප්පෙටිපොළ, කුඩාපොල හිමි වැනි විරුවන් අමතක කරන ලද සමාජයක දිවි ගෙවන නිර්වින්දිත ප්‍රජාව සෑම නොවැම්බරයකම උතුරේ විරු සැමරුම්වලට එරෙහි වෙති. යුද්ධ‍ය නිමා වීමෙන් පසු උතුරු පළාතේ ජනතාව ඉදිකරන මහවිරු සොහොන් බිම් පවා සමතලා කර දැමූ නිසා දැන් එහි ඉතිරිව ඇත්තේ හමුදාවෙන් ඉදිකළ සැමරුම් පමණි. උතුරේ විරු සැමරුම්වලට විරුද්ධ වන දකුණේ වීරයන් කරන්නේ තම මියගිය හෝ මරාදැමූ ඥාතීන් වෙනුවෙන් පහනක් දැල්වීමට එහි ජනයාට ඇති අවම අයිතියට එරෙහි වීමය.

එක් සමාජයකට වීරයෙක් වන පුද්ගලයා තවත් සමාජයකට ද්‍රෝහියෙක් වීමට ඕනෑ ත‍රම් ඉඩ තිබේ. මොණරවිල කැප්පෙටිපොළ දිසාවේ ප්‍රමුඛ 1818 කැරැල්ලේ නායකයන් බි්‍රතාන්‍ය පාලනය විසින් රාජද්‍රෝහීන් ලෙස නම්කරන ලද අතර නිදහසින් පසු මෙරට පාලනය කළ කිසිදු රජයක් ඔවුන් එම ද්‍රෝහී ලේඛනයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ නැත. අන් ආණ්ඩු කෙසේ වෙතත් සිංහල බෞද්ධකම වෙන්දේසි කරමින් 2005 සහ 2010 දී මෙරට පාලන බලය ලබාගත් මහින්ද රාජපක්ෂ සහ එකී රෙජීමයේ මුර බල්ලන් වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග වැනි දේශපාලකයන් සහ ගලගොඩඅත්තේ ඥානසාර, මැදගොඩ අභයතිස්ස, මාගල්කන්දේ සුදත්ත වැනි වොයිකට් නිකායේ යතිවරුන්ටවත් මොණරවිල කැප්පෙටිපොළ සහ 1818 කැරැල්ලේ වීරයන් ද්‍රෝහී ලේඛනයෙන් මුදාගැනීමට අමතක විය. අවසන ඒ කාර්ය කරමින් ඔවුන් යළි ජාතික වීරයන් තලයට ඔසවා තැබූවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. ලංකවේ වීරයන්ගෙ ඉරණම එතරම්ම ඛේදජනකය.

වීරයන් සැමරීම එක් එක් කෙනාට ඕනෑ හැටියට සිදුකරන්නේ වර්තමානයේය. අතීතයේ ලංකාවේ සියලු දෙනාට ජාතික වීරයන් සමරන්නට පොදු දිනයක් විය. ඒ සෑම වසරකම මැයි මස 22 වැනිදාය. ඒ දිනය එවක හැඳින්වූයේ ජාතික වීර දිනය නමිනි. ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය ඩොමිනියන් තත්ත්වයෙන් මිදී ජනරජයක් වූ 1972 පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් එකී වීර දිනය ප්‍රකාශයට පත් කරන ලදී. එම ව්‍යවස්ථාව අහෝසි වී 78 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසුවද කෙටි කලක් වීර දිනය ක්‍රියාත්මක විය. එහෙත් මෑතක සිට එම දිනය මුළු රටටම අමතකව ගොසිණි. ඇත්තටම එවැනි දිනයක් යළි නම් කරන්නේ නම් හොඳ බව ලියුම්කරුගේ මතයය. නමුත් එවැනි දිනයක් නම් කරන්නේ නම් තමන්ගේ වීරයන් තෝරාගැනීමට සෑම ජන කොටසකටම අයිතිය තිබිය යුතුය. මන්ද යත් අනුන් තෝරාදෙන වීරයන්ට පොදු ජනයා නමස්කාර කළ යුගය නිමා වී බොහෝ කල් ගතවී ඇති බැවිනි.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘සංජීව’ කියන්නෙ නොම්මර එකේ අපායට! ‘තිමිර’ කියන්නේ පට්ටපල් කුණු කණුව! ‘රෝෂිණී-කාමිණී-නටාෂා’ ගැන මම කියන්නේ නෑ! ‘අයෝනි’ මරු නේද! ‘අ’යන්න මුලට දැම්මාම නෙගටිව් වෙනවා! අද කාලේ දරුවන්ට අම්මලා තාත්තලා තියන නම් ගැන මහාචාර්ය මේධානන්ද හිමියන්ගෙන් අපූරු විග්‍රහයක්! (VIDEO)

Next Post

ඉස්කෝල දෙක එහා පැත්තේ! පන්සල අත ළඟ! එහෙම තියෙද්දී හද්ද පිටිසර වන්නියාකුඹුර ගමට බාර් ලයිසන් එකක් දුන්න එකා මොකාද? මුළු ගමම එකතුව පාරට බහී! (VIDEO)

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.