• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාග ලෝකෙට සම්බන්ධ නාග විමානයක් මැද පිහිටි මහා හාස්කම් ඇති දඹුල්ලේ නයින්දනාව…

September 7, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
නාග ලෝකෙට සම්බන්ධ නාග විමානයක් මැද පිහිටි මහා හාස්කම් ඇති දඹුල්ලේ නයින්දනාව…
Share on WhatsAppShare on Facebook

බනාගයන් කියලා කියූ සැණින් අපට මතක් වෙන්නේ බඩගාගෙන යන උරග නාගයන්. අතීතයේ නාග නමින් ගෝත්‍රයක් හිටියා කීවට ඒ ගෝත්‍රය කවුද කියන එක ගැන විවිධ මත පළවෙනවා මිසක ඒ ගැන හරි ඒකමතික බවක් දක්නට නැහැ. මෙම ලිපිය මගින් ඔබට ඒ පිළිබඳ යම් දැනුමක් ලබාගත හැකි වේවි. කුරුණෑගල – දඹුල්ල පාරේ ඉබ්බාගමුව නගරයේ සිට කි.මී. 21ක් ගිය පසු හමුවන එගොඩගම හන්දියෙන් තලාකොළ වැව පාරෙන් ගිය විට ‘නයින්දනාව’ කියලා තැනක් හමුවෙනවා. හැබැයි නයින්දනාව කියන්නේ ගමක නමක් නම් නෙවෙයි. පන්සලක නමකුත් නෙවෙයි. එහෙනම් නයින්දනාව කියන්නේ මොකක්ද? නයින්දනාව කියන නමේ ඉතිහාසය ක්‍රි.පූ. 6 වැනි සියවසට එහා ගිය එකක්. හැබැයි එදා නමින්ම තමයි අදත් හඳුන්වන්නේ. ඒ නයින්දනාව කියලාමයි.

නාගයන් කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. ඒ උරග නාග, දේව නාග හා ගෝත්‍ර නාග වශයෙන්. මෙයින් උරග නාග කියන්නේ මහ පොළොවේ අපට පේන්න ඉන්න බඩගාගෙන යන උරග නාගයන්ට. මේ උරග නාගයෝ කොටස් කිහිපයක් ඉන්නවා. අපේ සම්බුද්ධ දේශනාවේ මෙත්තානිසංස සූත්‍රයේ උරග වර්ග හතරක් ගැන සඳහන් වෙනවානේ. අටදත් ඒ නාග වර්ග ඉන්නවා. හැබැයි ඒ අය විවිධ කුලවලට අයත් වෙනවා.

දේව නාගයන් කියන්නේ පුණ්‍ය ශක්තිය බොහෝ සෙයින් තිබෙන නමුත්, මනුෂ්‍ය හෝ දේව භවයක් නොවන, බොහෝ සෙයින් මනුෂ්‍ය ලෝකය සමග සම්බන්ධතා පවත්වන, පිනට අතිශයින් ප්‍රිය කරන, පිනට කැමැති අයට පිහිට වන එක්තරා උත්පත්ති භවයක සිටින පිරිසක්. මේ පිරිසගේ විශේෂත්වය තමයි තමන්ට කැමැති ස්වරූපයක් ක්ෂණිකව මවා ගැනීමේ හැකියාව තිබීම. හැබැයි එලෙස මාරු කරගත් ස්වරූපය සංසර්ගයේදී හා නින්දේදී ප්‍රකෘතියට පත්වන එකක්. ඊට අමතරව අනෙක් ඕනෑම වේලාවක තමන් කැමැති ස්වරූපයක් මවාගන්න පුළුවන්. බුදුන් වහන්සේගේ සමයෙහි මෙසේ දේව නාගයෙක් මනුෂ්‍ය වේශය ගෙන පැවිදිව කුටිය තුළ සැතපුණු අවස්ථාවක ප්‍රකෘතියට පත්වුණු බවත්, මෙය දැකීමෙන් භීතියට පත් භික්ෂුන් වහන්සේලා එය බුදුරජාණන් වහන්සේට සැල කිරීමෙන් පසුව නාගයන් පැවිදි නොකරන ලෙස නීතියක් පැනවූ බවත් විනය පොතේ සඳහන් වෙනවා. විශේෂයෙන් බඩගාගෙන යන උරගයන්ගේ ස්වරූපයට මෙම පිරිස ප්‍රිය බව දැක්වෙනවා.

එතකොට ගෝත්‍ර නාග කියලා කියන්නේ දේව නාග පිරිස දේවත්වයෙන් අදහන ඒ වෙනුවෙන් උරග නාගයන්ටද පුද සත්කාර කරන ඉතා තීක්ෂණ බුද්ධියක් තිබුණු ඉතා ධනවත් කුල හෙවත් ගෝත්‍ර කණ්ඩායමක්. හැබැයි මතක තියාගන්න මේ අය කණ්ඩායම් තුනක් වුණාට බොහෝ අවස්ථාවල එකකු වෙලා කටයුතු කරන බව. ඉතිහාසය කියවනකොට ඒ ගැන හොඳට පේනවා.

විශේෂයෙන් කිව යුත්තක් තියෙනවා. අපේ ඉතිහාසය ලියනකොට සිදුවූ ලොකු අත්වැරැද්දක් තමයි මේ නාග කණ්ඩායම් තුනම එකක් වශයෙන් ගෙන සැලකීම සහ ඔවුන්ට අඩු තක්සේරුවක් ලබාදීම. හැබැයි ලංකා ඉතිහාසයේ වැව් බැඳීම වැනි ඉතා සූක්ෂ්ම කටයුතු රාශියකටම රජවරුන්ට පවා සහාය වී ඇත්තේ මේ නාග ගෝත්‍රික පිරිස. ඒ නිසා මේ අයට නිසි තැන ලබාදිය යුතු කාලය එළඹිලා කියලා අප විශ්වාස කරනවා. ඒ වගේම මේ මහ පොළොවේ ඇති වස්තුවලින් වැඩි ප‍්‍රමාණයක අයිතිය තියෙන්නේ මේ නාග පිරිසට බව හොඳට මතක තියාගන්න. නාග ගෝත්‍රිකයන් සඳහාම වෙන් වූ ප්‍රදේශයක් තමයි ‘නයින්දනාව’ කියලා කියන්නේ. ඒ නම හැදෙන්නේ නයි වන්දනාව – නයින්දනාව විදියට. මොකද්ද මේ නයි වන්දනාව? කොයි කාලෙද මේ වන්දනාව පටන් ගත්තේ? මිනිස්සු ඇයි මෙහෙම නයි වන්දනාවක යෙදුණේ? අදටත් නයි වන්දනාවේ ආශ්චර්යවත් දේවල් දකින්න ලැබෙනවාද? මේ ප්‍රශ්න සියල්ලටම උත්තර තියෙන්නේ නයින්දනාවෙයි. ඒ නිසා අද නයින්දනාව ගැනයි මේ කියන්නේ.

ජනප‍්‍රවාදවලට අනුව මහාවංශයේ විජයාවතරණයේදී නම සඳහන් වන කුවේණිය පදිංචිව සිටි ගම්මානයද තියෙන්නේ මෙම නයින්දනාවට සමීපවයි. කුවේණිය කියන්නේ යක්ෂ ගෝති‍්‍රක කණ්ඩායමක කෙනෙක්. මේ කුවේණියට ඉඳලා තියෙනවා රම්බා (අදටත් රබේ මේ අවට ඇති ප්‍රදේශයක්) කියලා මාමා කෙනෙක්. මේ රංබා කියන කුවේණියගේ මාමා තමයි මේ සත් පෙණ නාග දරණ රූපය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ප‍්‍රශ්නයක් එනවා නාග ගෝති‍්‍රකයන්ට අයිති භූමියක යක්ෂ ගෝති‍්‍රකයෝ ප‍්‍රතිමා හදන්නේ ඇයි කියලා. බොහෝ විට එය ගෝත‍්‍ර දෙකේ සුහදත්වය සංකේතවත් කිරීම පිණිස සිදුකළ බව ප‍්‍රකාශ වෙනවා. එසේම යක්ෂ ගෝති‍්‍රකයන් ගල් කර්මාන්ත සඳහා ඉතා දක්ෂ පිරිසක් නිසාත්, ඉතිහාසයේ ගලින් කළ බොහෝ නිර්මාණ යක්ෂ ගෝති‍්‍රකයන්ගේ කි‍්‍රයා බව කියැවෙන අතර එම ගල් කර්මාන්තයට ඔවුන් අතිශය දක්ෂ කණ්ඩායමක් බව සඳහන් වෙනවා. නාග ගෝති‍්‍රකයන්ගේ ඉල්ලීම අනුව මෙම සුවිශාල සත් පෙණ නාග දරණය රම්බා විසින් කි‍්‍ර.පූ. 6 වැනි සියවසේදී හෝ ඒ ආසන්න කාලෙක ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරනවා. (මෙම සත් පෙණ නාග දරණය කාබන් 14 පරීක්ෂණය සඳහාද අනුමත කර ඇති අතර ඉන් පසුව උක්ත කරුණු ස්ථිරවම සනාථ වන බව විහාරාධිපති හිමියන්ගේ අදහසයි).

මෙවැනි විශාල නාග රූපයක් නිර්මාණය කරන්නට හේතුව කුමක්ද කියා සොයා බලන්නට කලියෙන් මේ සත් පෙණ නාග දරණයේ ප‍්‍රමාණයන් විමසා බලමු. ප‍්‍රධාන නාග පෙණයේ පළල අඩි 2යි. නාග දරණයේ සම්පූර්ණ පළල අඩි 6 යි. දරණය ගසා සිටින නාගයාගේ උස අඩි 7යි. නාගයාගේ කඳේ පළල අඩි 1, 1/2 යි. නාගයාගේ සම්පූර්ණ දිග අඩි 21යි. ශ්‍රී ලංකාවේ පැරැණිම මෙන්ම විශාලතම නාග රූපය වන්නේද මෙයයි. මහින්දාගමනයෙන් පසුව ඇතිවන අභිනව සංස්කෘතියේ නාග පෙණ සංකේතය විහාර ආදී පූජනීය ස්ථානවල මුරගල්වල සංකේතයක් ලෙස භාවිත කර ඇත. ඉහතින් අප කීවා සේ නාග ගෝති‍්‍රකයන්ගේ මර්මස්ථානයකි, නයින්දනාව. ඒ බවට බොහෝ සාධක ඇත. එය එම භූමියට යන කාට වුවද නිරායාසයෙන් වැටහෙන සත්‍යයකි. සත් පෙණ නාග දරණය අසල ඇති පොකුණෙහි ගැඹුර සෙවීමට නොහැක. මොන ක්‍රමයෙන් ගැඹුර මැන්නද අවසානයක් සෙවිය නොහැක. එම පොකුණ නාග ලෝකය හා මනුෂ්‍ය ලෝකය අතර ඇති සම්බන්ධය තහවුරු කරන එක් සාධකයකි. නාගයන් සම්බන්ධ බොහෝ තැන්වල මෙවැනි අද්භූත පොකුණු දක්නට ලැබීම සාමාන්‍ය දෙයකි. එම සෑම පොකුණකම පාහේ ගැඹුරෙහි අවසානයක් සෙවිය නොහැක. (මිහින්තලේ නාග පොකුණද මේ ගණයෙහිලා සැලකේ). එසේ නම් කළ යුත්තේ එහි ගැඹුර සෙවීම නොව, එය එසේ තිබීමට හැරීමය. මන්ද යත් මහ පොළොවෙහි බොහෝ ප‍්‍රමාණයක අයිතිකරුවන් නාගයන් වන බැවිනි.

අද පවා මෙම භූමියට නාගයන්ගෙන් ආරක්ෂාව ලැබෙන බව ඇස් පනාපිට පෙනෙන සත්‍යයකි. කිසිම දිනක මෙම නයින්දනාව භූමියේ සතුන් මැරීම කළ නොහැක. කවුරුන් හෝ එසේ සිදු කරන්නේ නම් ඔහුගේ ජීවිතයද අකාලයේ මියැදෙන බව අදටත් පිළිගත් මතයයි. ඒ සඳහා ආසන්නතම සිදුවීමක් ලෙස විහාරාධිපති නාහිමියන් පැවැසුවේ මෙවැනි සිදුවීමකි.

‘දැන් ටික දවසකට ඉස්සල්ලා පෙණ ගොබේ ළඟ ඇති විලේ ඉන්න ඉබ්බො අල්ලන්න මනුස්සයෙක් ඇවිල්ලා තියෙනවා. කොහොම හරි එක ඉබ්බෙක් අල්ලගෙන ගිහිල්ලා ඌ මදි නිසා තවත් ඉබ්බෙක් අල්ලන්න ඇවිල්ලා තියෙනවා. දෙවැනි ඉබ්බා අල්ලගෙන පොකුණෙන් ගොඩට එන්න ලැබුණේ නෑ නිතරම වගේ මේ අවට ගැවසෙන නැයින් දෂ්ට කරලා ඒ මනුස්සයා මළා….’ මෙහෙම සතුන් මරන්නට පැමිණි මිනිසුන්ට පමණක් නොව වෙනත් සතුන්ටද අත් වූයේ මරණයම බව වැඩිදුරටත් විහාරාධිපති හිමියෝ ප‍්‍රකාශ කළහ.

මෙවැනි පසුබිමක් ඇති නයින්දනාව මහින්දාගමනයටත් පෙර ප‍්‍රාග් බෞද්ධ යුගයෙහි නාග ගෝති‍්‍රකයන්ගේ සුප‍්‍රසිද්ධ පුදබිමක් වශයෙන් පැවැතිණි. දැනට ගලේ පමණක් සත් පෙණ නාග දරණය තිබුණද පෙර මෙය දේවාල සංකීර්ණයක් ලෙස පැවැත ඇත. ඒ බවට සාධක ලෙස යම් යම් පෞරාණික ඉදිකිරීම්වල පාදම් සහ නෂ්ටාවශේෂ මේ භූමිය පුරාම දක්නට ලැබේ. ඉහත කරුණු අනුව අපට පැහැදිලි වනවා නයින්දනාව කියන්නේ මොන වගේ ස්ථානයක්ද කියලා. වර්තමානයේද එහි අනුහස් සහ ආශ්චර්ය අද්භූත දේවල් පවතින බව පිළිගත යුතු දෙයකි. විහාරාධිපති නාහිමියන් දිනක් සත් පෙණ නාග දරණය අසලින් යන විට තමන් වහන්සේට වුවද මැදින් රිංගා යා හැකි තරම් නාග සැවක් දැක තවත් අයකුටද එය පෙන්වා ඇත. එසේම විශේෂ දවස්වලට පුවක් ගස් තරමේ දිග පළල නාගයන් පැමිණෙන බවත් ඔවුන්ගෙන් කාටවත් කරදරයක් නැති බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ. අවට ගම්වාසීන්ටද මෙවැනි දර්ශන එතරම් නුහුරු ඒවා නොවෙන බව ඔවුහු ප‍්‍රකාශ කළහ.

මහින්දාගමනයෙන් පසුව සීග‍්‍රයෙන් බුදු දහම වැලඳගන්නා ලක්වාසීන් ගිරි ගුහා කඳු ශිඛරවල කටාරම් කොටා ගල් ගුහා ලෙස මහා සංඝරත්නයට පූජා කළා. එකල්හි මෙම නයින්දනාවද භික්ෂු වාසස්ථානයක් වූ අතර සද්ධාතිස්ස රජු දවස වැඩ සිටි ඛුජ්ජතිස්ස මහ රහතන් වහන්සේ මෙහි වැඩ සිටි බවට සඳහන් වෙනවා. ඒ බව සෙල් ලිපියකද දැක්වෙනවා. උන් වහන්සේ වැඩසිටි කුටිය, තවමත් දක්නට ලැබෙන අතර උන් වහන්සේ පෙරවූ සිවුරම ප‍්‍රයෝජනයට ගෙන පිළිමයක් නිර්මාණය කර තිබෙනවා. අදටත් ඒ සිවුර හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. පැරණි විහාර ගෙය, සුවිසල් චෛත්‍ය සහිත නයින්දනාව, දේවානම්පියතිස්ස, සද්ධාතිස්ස, ගෝඨාභය, මහසෙන් ආදී විවිධ රජවරුන්ගේ අනුග‍්‍රහය යටතේ බෞද්ධාගමික පසුබිමක් සහිත ස්ථානයක් බවට පත් වුණා. නමුත් නාගයන්ට වෙන් වූ භූමියක් හෙයින් නයින්දනාවට නාග ඇල්ම බැල්ම පිහිට ආරක්ෂාව නොඅඩුව පවතිනවා. අද වුවද නයින්දනාවේ විහාරයට බුද්ධ පූජාව සඳහා කිසිම ක්‍රමයකින් කිලි කුණු හසුවෙන්න බැහැ. අමතකවීමකින් හෝ අතපසුවීමකින් එසේ වුවහොත් කළු දෙබරු ඇවිත් මුළු විහාරයම වසා ගන්නවා. ඒ වගේම ඔසප් වූ කාන්තාවක් එදිනට විහාරයට පැමිණියහොත් අර වගේම කළු දෙබරු එනවා. අනෙක එදාට එළිවෙනතුරුම කන කීරිගැහෙන විදියට නාගයන් කෑගහනවා. ඒ බව මේ ගම් තුලානේ අය දන්න නිසා පරිස්සමින් තමයි කටයුතු කරන්නේ.

‘දිනක් නොදන්නාකමින් ඔසප් වූ කාන්තාවක් පොහොය දිනෙක සිල් ගන්න ඇවිත් තියෙනවා. අඩි 10ක් පමණ දිග අඩි 2ක් පමණ පළල මහා නාගයකු ධර්ම ශාලාව වටා කැරකෙන්න පටන් ගත්තා. කාරණාව අවබෝධ වෙලා අර කාන්තාව පිටමං කළාට පස්සෙයි නාගයා යන්න ගියේ. මෙහෙ අයට නම් ඕවා සාමාන්‍ය දේවල්…’ යැයි විහාරාධිපති හිමියන් පැවැසූහ. පන්සල සතු පූජා භූමියට සහ එහි වැඩසිටින මහා සංඝරත්නයට විශේෂයෙන්ම නාගයන්ගෙන් ආරක්ෂාව හිමි වෙනවා. යම් දුස්සීල මහණකු මෙම පන්සලේ සිටියොත් උන්වහන්සේට හිමි වන්නේ අතිශය දරුණු විපාක. බොහෝ කාලයකට පෙර වැරැදි කර්මාන්තයක යෙදුණු භික්ෂුන් වහන්සේ නමකට සිදුවූ බිහිසුණු ඛේදවාචකයක් ගැනද අසන්නට ලැබිණි. එසේම මෙම භූමියට හෝ එහි වැඩවසන මහා සංඝරත්නයට අහිතක් කිරීමේ අදහසින් මෙම භූමියට කිසිවකුට ඇතුළු විය නොහැක. එවැනි කටයුත්තකට පැමිණි කණ්ඩායමකට සිදුවූ දරුණු ඛේදවාචකයක් විහාරාධිපති නාහිමියන් මෙසේ විස්තර කළහ.

‘දවසක් මේ භූමියට කරදර කරන්න මහා රාති‍්‍රයේ පිරිසක් පැමිණියා. ඔවුන් අතේ විවිධ ආයුධත් තිබිලා තියෙනවා. හැබැයි ටික වේලාවයි ගියේ කළු දෙබරු දහස් ගණනක් ඇවිල්ලා ඔවුන්ට දරුණු විදිහට දෂ්ඨ කළා. නාගයන්ද හපා කාලා දෂ්ඨ කරලා තිබුණා. ඒ නිසා මම ඉල්ලන ඉල්ලීම නම් කවදාවත් මේ භූමියට කරදරයක් කරන්න හිතාගෙන නම් එන්න එපා. ඒ වගේම මේ භූමියේ සතුන් මරන්න සොරකම් කරන්න ආදී දුරාචාරයේ හැසිරෙන්න එනවා නම් ආපසු යෑමේ අදහස අතහැරලා එන්න. මම මේ කියන්නේ කරුණාවෙන්. නැත්නම් ඔබට නාගයන්ගේම රැකවරණයි. මෙවැනි මහා ආශ්චර්ය අද්භූත කාරණා රාශියකින් හෙබි නයින්දනාව රජමහා විහාරයේ එවක විහාරාධිපතිව කටයුතු කළේ ජ්‍යොතිෂ්ශාස්ත්‍රඥ, ගුප්ත වෛද්‍ය, අට්ඨ මහා විහාරාධිපති පූජ්‍ය පොහොරවත්තේ සුමනසාර හිමියන්ය. අදට වුවද ඒකාන්ත ආශීර්වාදයක් තිබෙන භූමියක් ලෙස නයින්දනාව හැඳින්විය හැකි අතර ඔබටත් එම භූමියට ගොස් වන්දනා කිරීමට අප ආරාධනා කරනවා. හැබැයි මතක තියාගන්න අත්හදා බලන්න විනෝද වෙන්න හෝ වෙන වෙන කුහක අරමුණු තියාගෙන නම් එතනට යන්න එපා. සාදු සිතින් කිලි කුණු හසු නොවන ලෙස එතැනට යන්න. නයින්දනාව ඔබේ ජය භූමියක් වෙනවා නොඅනුමානයි. ඔබට නයින්ගේම රැකවරණයි.

නයින්දනාවට යා හැක්කේ කෙසේද? කුරුණෑගල දඹුල්ල පාරේ ඉබ්බාගමුවට ගොස් ඉබ්බාගමුව නගරයේ සිට මඩගල්ල පාරේ කි.මී. 21ක් ගිය පසු එගොඩගම හන්දිය හමුවේ. එගොඩගම හන්දියෙන් තලාකොළ වැව පාරෙන් ගොස් නයින්දනාව පන්සල පාරෙන් නයින්දනාව රජමහා විහාරයට යා හැකිය.

අන්තර්ජාලය ඇසුරිනි

SendShareShare
Previous Post

තියුණු තරගයක්! එක බෝලයක් තියා ලංකාව දිනයි! ඉන්දියාව ගෙදර?

Next Post

මීටර් ත්‍රීවීල්වලට කංචනගෙන් චාන්ස් එකක්!

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.