මීටර් සවි කර ඇති ත්‍රිරෝද රථ සඳහා දැනට ලබා දෙන ඉන්ධන කෝටාව ඉදිරියේදී ඉහළ දැමීමට මූලික පියවර ගනිමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
“පොලිස් ස්ථාන මගින් එක් එක් පොලිස් බල ප්‍රදේශ තුළ ඇති කුලී රථ ලෙස ධාවනය වන මීටර් සවි කරන ලද ත්‍රිරෝද රථ සඳහා දැනට ලබා දෙනු ලබන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගනිමින් පවතී.” යනුවෙන් අමාත්‍යවරයා සදහන් කළේය.










