• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුඹෙ අම්මා කිරට ගියා… කිරි එරවා එන්න ගියා… කිරි මුට්ටිය ලිඳේ ගියා… නාඩා නිදියන්න ඔයා I Sri Lanka Latest News

February 17, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථික අර්බුද වැඩිවෙනකොට මිනිස්සුන්ගේ මානසික පීඩනයත් ඊට සාපේක්ෂව ඉහළ යනවා. දුක් විඳලා හරිහම්බ කරගන්න සොච්චම සති දෙකක් ජීවත් වෙන්න මදි බව දැනෙනකොට, දරුවන්ගේ දහසකුත් එකක් අවශ්‍යතාවලට යොදවන්න මුදල් නැතිවෙනකොට, ලෙඩට දුකට වියදම් කරන්න සතයක්වත් ඉතිරි කරගන්න බැරිවෙනකොට මිනිස්සුන්ගේ මානසිකත්වය ඇද වැටෙන තැන ගැන කියන්න ඕනේ නැහැ.(Sri Lanka Latest News)

දරුවෙක් කියන්නේ හැම ගැහැනියකගේම සිහිනයක්. දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියා දැනගත් දා පටන්ම ඒ අම්මා දරු ගැබට ආදරය කරනවා. ඒ නූපන් දරුවා වෙනුවෙන් කැපවෙන්නේ තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව. පුදුමාකාර ආදරයක් තමන්ගේ කුසේ ඉන්න දරුවා කෙරෙහි ඒ අම්මා තුළ උපදිනවා. තත්පරෙන් තත්පරේ දවසෙන් දවස මාසෙන් මාසේ පෙරුම් පුරලා බලන් ඉන්නේ ඒ ආදරණීය දරුවා මේ ලෝකෙට බිහිකරන්නයි. දහසක් පැතුම් හදවතේ පුරවාගෙන සිහින මවාගෙන දරු පැටියාගේ මුහුණ බලන්නයි අම්මා කෙනෙක් පෙරුම් පුරන්නේ.

දරුවෙක් ලෝකෙට බිහිවුණාම ඒ දරුවාට ඉස්සෙල්ලාම ලැබෙන උතුම්ම තෑග්ග තමයි මව්කිරි කියන්නේ. දරුවා මේ ලෝකේ එළිය දුටුව විගස පොවන මව් කිරි උගුරක මහ ශක්තියක් ගැබ්ව ඇති බව අපේ පැරැන්නන් පවසා තිබෙනවා. දස මාසයක් කුසේ හොවාගෙන ඉඳලා බිහිකරපු කුලුඳුල් දරුවාට දෙන්න ඒ අම්මා ළඟ මව් කිරි නැති වුණාම ඇය කොයි තරම් මානසිකව කඩා වැටෙනවාද? මුළු ලොවක් සනහාලන්නට තරම් වූ ශක්තිය කැටිවූ මව්කිරි ඇය සතුව නැති වුණාම ඇය කොයිතරම් පීඩනයකට පත්වෙනවාද? ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.

මව්කිරි නොමැති වීම නිසා ජීවිතයෙන් සමුගත් මවක් පිළිබඳ මේ අනුවේදනීය පුවත අපට පසුගිය 10 වැනිදා අසන්නට ලැබුණේ මුලතිව් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයෙන්. තම කුලුදුල් දරුවා බිහිකර එම දරුවාට පෙවීමට දෙතනේ කිරි නොමැති වීම නිසා සියදිවි හානි කරගත් මේ මවගේ නිසල සිරුර පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් සෙයාගෙන තිබුණේ ළිඳක තිබියදීය. මෙලෙස සියදිවි නසාගෙන තිබුණේ 09 වැනි පටුමගේ පදිංචිව සිටි ඩෙනිස්ටන් කිර්තනා නමැති 29 හැවිරිදි කාන්තාවක්.

ඇය දින කිහිපයකට පෙර සිය කුලුඳුල් දරුවා බිහිකර තිබුණා. නමුත් මේ මවට සිය දරුවාට ලබාදීමට කිරි එරිලා තිබුණේ නැහැ. ඒ නිසාම ඇය පත්ව සිටියේ දැඩි කනස්සල්ලකටයි. මෙම තත්ත්වය නිසා දින 11ක් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබා ඇය නිවෙසට පැමිණ තිබුණේ මීට දින කිහිපයකට පෙරයි. ඇගේ අසල්වැසියන් පවා පැවැසුවේ එම කාන්තාවට සිය දරුවාට මව්කිරි ලබාදීමට නොහැකි වීම නිසා ඇය සිත් තැවුලට පත්ව සිටි බවයි. ඇය දින ගණනාවක සිට කල්පනා කරමින් සිටි බව ඇගේ ඥාතීන්ද පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම කනගාටුදාක තත්ත්වය හේතුවෙන් ඇය ළිඳට පැන දිවි තොරකර ගන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කළේ. ඇය ළිඳට පැන ඇති බව දැනගත් මොහොතේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට ඇදී ආවා. අනතුරුව ඇගේ දේහය ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුලතිව් රෝහල වෙත යොමුකිරීමට පොලිසිය කටයුතු කළා.
අම්මලාට දරුවන් වෙනුවෙන් සමහර දේවල් දරාගන්න අමාරුයි. මේ අම්මාටත් එහෙම මානසික ආතතියක් ඇතිවෙන්නට ඇති. නමුත් ඊට ඇති පිළිතුර දිවි තොරකරගැනීම නෙවෙයි, එය අණුවන ක්‍රියාවක් බව අපට කියන්නට පුළුවන්. එසේ වුවත් ඒ මොහොතේ ඇගේ මානසිකත්වය ගැන දන්නේ ඈම පමණයි. ඒ හදවතේ කකියන වේදනාව දන්නේ ඈම පමණයි.

ළදරුවෙක් කියන්නේ හයක් හතරක් නොතේරෙන කෙනෙක්. ඒ දරුවාට කුසගින්න දැනී පැය ගණනක් අඬන්නට ඇති. තමාගේ කුසගින්න නිවන්න තම අම්මාට කිරි එරෙන්නේ නැති බව මේ කිරිකැටියා කොහොම තේරුම් ගන්නද? දරුවාට කිරිපිටි ලබාදෙන්නට තරම්වත් වත්කමක් මේ අම්මා සතුව නොතිබෙන්නටත් ඇති. ඇය සිය දරුවා කුසගින්නේ හඬන වේදනාව දින එකොළහක් පුරා ඉවසාගෙන ඉන්නට ඇති. අද හෝ කිරි ටිකක් එරේවි යැයි සිතමින් දවසින් දවස ගතකළත් ඇගේ බලාපොරොත්තුව ඉටු නොවූ තැන හදවතේ කකියන වේදනාවෙන් ඇය තව තවත් දැවෙන්නට ඇති.

මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මවක් පත්වෙන්නේ ශරීරයේ පෝෂණය දුර්වල වූ විට බවයි පැවැසෙන්නේ. රෝහලේ කාර්ය මණ්ඩලය පවා මෙවැනි මව්කිරි එරෙන්නේ නැති කාන්තාවකට විකල්ප පිටි වර්ග නිර්දේශ කළ යුතුයි. ‘මව් කිරිවලට සමකළ හැකි කිසිවක් මේ ලෝකයේ නැහැ’ කියලා මතයක් හදලා තියෙන්නේ මේ සමාජයෙන්මයි. ඒ කතාව සත්‍යයක්. නමුත් එවැනි දරුවන් ජීවත් කරවීම වෙනුවෙන් අදාළ සෞඛ්‍ය අංශ මගින් විශේෂිත කිරිපිටි වර්ගයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් එය එවැනි දරුවන්ට මෙන්ම මව්වරුන්ටද විශාල සහනයක් වනවා.

නමුත් මේ අසරණ අම්මාට එවැනි අදේශක පිටි වර්ගයක් ගැන දැනුම් දී නොමැති බවයි වාර්තා වුණේ. එවැනි තත්ත්වයකදී මවක් ඉතා අසරණ වෙනවා. එවිට ඒ මවගේ මානසිකත්වය ශක්තිමත් කළ යුතුයි. මෙවැනි පීඩාවක් තනිවම දරාගැනීමට නොහැකි වූ විට ඇය විශාදය වැනි මානසික තත්ත්වයන්ට ගොදුරු වීමටත් ඉඩ තිබෙනවා. ඒ නිසා පවුලේ ඥාතීන්ගෙන් වගේම රෝහලෙන් පවා ඒ මවට උපදේශනය මෙන්ම ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ධනාත්මක උපදෙස් ලබාදීමට කටයුතු කළ යුතුයි.

කාන්තාවක් මවක් වන්නට සූදානම් වන දා පටන්ම හොඳ පෝෂණයක් ලබාගත යුතු බව අප ඕනෑ තරම් අසා තිබෙනවා. පෝෂ්‍යදායී ආහාර පාන ලබාගැනීම, සිත නිරන්තරයෙන් සතුටින් සැහැල්ලුවෙන් තබාගැනීම වගේ පුරුදු මවක වීමට බලාපොරොත්තු වන සේම දරුවකු බිහිකළ අම්මා කෙනකුටත් ඉතා වැදගත් වනවා. කෙසේ වෙතත් වර්තමානය වන විට රටේ බහුතරයකට එදා වේල පිරිමහ ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. පෝෂ්‍යදායී ආහාර වේලක් තබා ආහාර වේල් තුනෙන් එකක් දෙකක් අතහැර දමන තත්ත්වයට අපේ රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් පත්වෙලා. එවැනි අයගේ සිත් තුළ සතුටක්, සැනසීමක්, සැහැල්ලුවක් තියෙන්න පුළුවන්ද? බැහැ, එවැනි පීඩිත මිනිසුන් තුළ ගොඩනැගෙන්නේ ඍණාත්මක සිතුවිලි වගේම ජීවිතය එපාවෙන හැඟීම්.

අද දරුවෙක් ලැබෙන්න ඉන්න කාලයේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න පුළුවන් අපේ රටේ කීයෙන් කීදෙනාටද? ගැබිනි මවකට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් පැවැසුවත් ඒ දේ කරන්නට පුළුවන් සීමිත පිරිසකට පමණයි. බිත්තර, මස්, මාළු, කිරි වැනි පෝෂණයෙන් ඉහළ ආහාරවල මිල ගණන් තුන් හතර ගුණයකින් ඉහළ ගිහින්. ඒ නිසාම සාමාන්‍ය රැකියාවක් කරන හෝ සුළු ව්‍යාපාරයක් කරන කෙනකුට එවැනි පෝෂ්‍යදායී ආහාර මිලට ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්වෙලා.

දරුවෙක් බිහිකළ අම්මා කෙනෙක් වෙනුවෙන් මවුපියන් වගේම සැමියා ඇතුළු පවුලේ ඥාතීන් වෙනදාට වඩා වැඩි අවධානයක්, සෙනෙහසක් ලබාදිය යුතුයි. නමුත් අද සමාජයේ ඒ වගකීම, අවධානය ගිලිහී ගිහින්. අම්මා කෙනෙක්ට සතුටක් නැති තැන පෝෂණයක් නැති තැන කිරි එරෙන්නේ නැහැ. කිරි එරෙන්න නම් හොඳ පෝෂණයක් වගේම යහපත් මානසිකත්වයක්ද ඈ සතුව තිබිය යුතුයි.

ඈත අතීතයේ මව්වරුන් පලාවර්ග, ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට ගත්තා. තම ගෙවත්තේම එවැනි පලා වර්ග වගාකළා. වස විෂ නැති ස්වභාවික ආහාර අනුභව කළා. නමුත් වර්තමාන සමාජයේ වැඩි තැනක් ලැබෙන්නේ රූපවාහිනියේ නිතර පෙන්වන කිරිපිටි ඇතුළු පිළිකාකාරක අඩංගු බවට හඳුනාගෙන ඇති විවිධ ආහාර වර්ගවලට. එවැනි කෘත්‍රිම ආහාර වර්ග වැඩිපුර භාවිත කිරීම නිසාද ඇතැම් විට මව්කිරි නිෂ්පාදනය අවම විය හැකි බව සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ අම්මාගේ ළඟ සිටි අයම මව් කිරි නොමැති වීම සම්බන්ධයෙන් ඇතැම් විට ඇයව මානසිකව වට්ටන්නට ඇති. පවුලේ ආදරය වගේම හිතවතුන්ගේ කරුණාව නොලැබෙන විටදී ඉච්ඡාභංගත්වය කියන දේ ඇතිවෙනවා. ඉච්ඡාභංගත්වය කියන්නේ තමන් කැමැති දේ නොලැබීමයි. මේ මානසිකත්වය නිසාම සියදිවි නසාගැනීම වැනි දරුණු තීරණයකට ඇය යොමුවෙන්නට ඇති. එවැනි කාන්තාවකට ආදරය කරුණාව සෙනෙහස වෙනදාටත් වඩා ලබාදී ඇය පිළිබඳ සොයා බැලිය යුතුයි.

එසේ කළා නම් ඇය අද ජීවතුන් අතර සිටින්නට තිබුණා. නමුත් දැන් ඇය ජීවිතය හැරගොස් හමාරය. ඒ කිරිකැටියාට මවත් නැහැ මව් කිරිත් නැහැ. මේ දුක්ඛිත කතාව එක අම්මා කෙනකුගේ වුවත් වැඩි දවසක් ගතවෙන්නට පෙර එය සමාජය පුරාම පැතිර යා හැකි ව්‍යසනයක් විය හැකි බව අප සිහිතබා ගත යුතුයි. ඊට හේතුව ආර්ථික අර්බුදය හමුවේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීම අද වන විට බොහෝ දෙනකුට කළ නොහැකි දෙයක් බවට පත්වෙලා. එදා වේල පිරිමසා ගන්නට නොහැකි තැනට මිනිසුන් පත්වෙලා. බදු බරෙන් හෙම්බත් වුණු ජනතාව සිටින්නේ කරකියා ගන්නට දෙයක් නොමැතිවයි.

ජීවිතය කියන්නේ ආර්ථික ප්‍රශ්න, මානසික ප්‍රශ්න සියල්ල සම සිතින් දරාගෙන ඉතා කල්පනාවෙන් යා යුතු ගමනක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ ගමන නිවැරැදිව යන්න නම් දැඩි මානසික ශක්තියක් අත්‍යාවශ්‍යයි. වැටෙන තැන්වලදී නැගිටින්න, වරදින තැන්වලදී නිවැරැදි වෙන්න අපි පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න ඕනේ. මවුපියවරුත් තම දරුවන්ට ආත්ම ශක්තියෙන් යුතුව ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දෙන හැටි කුඩා කාලේ ඉඳලම කියා දිය යුතුයි.

එවැනි ශක්තිමත් මානසිකත්වයක් ඇති කිසිදු අම්මා කෙනෙක් කවදාවත්ම ජීවිතය නැති කරගන්නේ නැහැ. මෙවැනි ප්‍රශ්නයක් නිසා වටිනා ජීවිතය විනාශ කරගන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට වෛද්‍යා විද්‍යාවේ ඇති විකල්පයක් වෙත යොමු වුණා නම් ඒ අම්මාට සිය කිරිකැටියා ඉතා සුරක්ෂිතව හදාවඩා ගන්නට අවස්ථාව ඕනෑ තරම් තිබුණා. නමුත් දැන් ඊට අවස්ථාව නැහැ. ඉදිරියේදීවත් සියලු මව්වරුන් මෙවැනි තත්ත්වයන් ගැන දැනුවත් වී, සැලකිලිමත් වී අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරනවා නම් එය මවගේත් දරුවාගේත් යහපත පිණිසම පවතිනු ඇත.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පෞද්ගලික පාසල්වල සිසුන්ට තියෙන තාක්ෂණික දැනුම රජයේ පාසල්වල සිසුන්ට නෑ! මේ බෙදීම අපි නැතිකරනවා! 100 වැනි සක්වළ ස්මාර්ට් පන්ති කාමරය කැස්බෑවේ දරුවන්ට ලබාදෙමින් සජිත් අධ්‍යාපනයේ බෙදීම නැතිකරන හැටි කියයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

Next Post

ඡන්දෙකින් පරද්දයි කියලා බයේ පුටින් හිරකරගෙන හිටපු රුසියාවේ ජනප්‍රිය විපක්ෂයේ නායකයා නවාල්නි හිර ගෙදර ඇතුළෙම මරණයට පත්වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

Load More
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.Sri Lanka Latest News විපක්ෂයේ...

Read more
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.