හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියගේ 90 වැනි ජන්ම දිනය අදට (27) යෙදී ඇත. (Sri Lanka Latest News)
ඒ අනුව ඇගේ ජන්ම දිනයට ආශීර්වාද කරමින් මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් අගනා සම්බුද්ධ ප්‍රතිමාවක් ප්‍රේමදාස මැතිනියට පිරිනැමීමට කටයුතු කොට ඇත.









