• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචිහේවාත් පන්න ගත්ත, ක්‍රිකට් හොරකම් එදා ඉඳන්ම හොයමුද? I Sri Lanka Latest News

November 13, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේක තමයි හැම තැනකම ඇහෙන්නෙ. ඇත්තටම ක්‍රිකට් ඉවරයි. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ. ක්‍රිකට් ක්‍රීඩකයො බරපතළ විදියට ක්‍රීඩාව දූෂණය කරලා ඉවරයි. ක්‍රීඩකයන්ගෙ වැඩි දෙනෙක්ට ක්‍රිකට් ගැන කිසිම ආදරයක් නෑ. පරදින එක ගැන ලැජ්ජාවක් නෑ.(Sri Lanka Latest News)

එක කාලයක් අපි දැක්කා මැච් එක අස්සෙ කාඩ් සෙල්ලම් කරනවා. ඒ අස්සෙ ඊයෙ පෙරේදා තරගාවලියක් අතරෙ කට්ටිය පබ්ජී කියන පරිගණක ක්‍රීඩාවට සහභාගි වෙනවා. එක්කෙනෙක් ඒක බලන්න ඇවිත්. එයත් වෙනදට ගහනවලු. ඒ අස්සෙ එක්කෙනෙක් තරගාවලියක් අස්සෙ රති කෙළියෙ යෙදිලා, ඒකට හොඳ පරිප්පුවක් කාළා. දෙදෙනාගේම කැමැත්ත තිබ්බා කියලා ජාතික වීරයෙක් වුණා. එයාම තව දෙන්නෙක් එක්ක බුබුලෙන් එහෙම පැනලා පාරෙ මොකක්ද ජව්සමක් නැටුවා. ඒ අස්සෙ රෑට නයිට් ක්ලබ්වල ගහගන්නවා. මේගොල්ලො රෑජාමේ එහෙ මෙහෙ ගිහිල්ලා එළිවෙනකොට හෝටලේට එනවා කියනවා.

‘මෙයාලා නොගහන්නෙ ක්‍රිකට් විතරයි….’

මිනිස්සු එහෙම කියන තැනටම ක්‍රිකට් වැටුණා. පනහට හැටට අවුට් වෙන එක දිගින් දිගටම වෙන්න පටන් අරගෙන. ඒකෙන් පසුතැවිලි වෙන බවක් පේන්න නෑ. හැදෙන බවක් පේන්නත් නෑ. නෑ. පුළුවන් වෙලාවට පාරම් බානවා මිසක් වෙන මොනවත් නෑ.

‘ක්‍රිකට් දන්න අය දන්නවා…’ කියලා කියනවා මිසක් විචාර ප්‍රතිචාර නිසා හැදෙන්නෙ නෑ. ඒ අස්සෙ ක්‍රිකට් සම්බන්ධව ඉන්න බලධාරීන් පෝලිමේ පිස්සු කෙළිනවා. ඒවා ලියන්න කියන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා. ඒ නිසා ඒවා ලියන්න යන්නෙ නෑ.

ඒත් ක්‍රිකට් සභාපති ගැන ලියන්න වෙනවා. මේ වෙලාවෙ ෂම්මි ද සිල්වා ගැන එක එක චෝදනා ඇහෙනවා. ඇත්තටම ඒ චෝදනාවලට ඔහු උත්තර දෙන්නම ඕනෙ. ඔහුව ආරක්ෂා කරන්න ඉහළින් පහළින් තියෙන දේවතා එළි යට හැංගිමුත්තන් නොකර එළියට බහින්නම ඕනෙ. ලොකු ලොකු රාජකාරිවල භාරකාරයො වෙච්ච මහත්තුරු එක්කො ක්‍රිකට් බලන්න ඕනෙ.

එයාලටත් අපි විඳින වේදනාවම දැනෙන්න ඕනෙ. වෙන උන් ඇවිල්ලා දුවන්න ගැහුවම රිදෙන හැටි එයාලටත් දැනෙන්න ඕනෙ. එහෙම උනාම මේ තිර පිටිපස්සෙ වෙන සෙල්ලම් ඉවර කරලා එළිය එනවා. ෂම්මි ද සිල්වා හරි නම් හරි. එහෙම නම් ඔහු ඉන්න ඕනෙ. හරි නැත්නම් ඔහු යන්න ඕනෙ. එහෙම නැත්නම් ඔහුව ඉවත් කරන්න ඕනෙ. හැමෝගෙම පව් ඔහුගෙ පිටින් දාලා බේරෙන්න බෑ. ශ්‍රී ලංකා ක්‍රිකට්වල තියෙන බරපතළ අවුල් සියල්ලම මේ සභාපතිගෙ නෙමෙයි. ඒවා ක්‍රමයෙන් වර්ධනය වූ ඒවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරු ගැන කතාකරන කොට මුලින්ම මතක් වෙන්නෙ ආනා පුංචිහේවා. ඔහු ක්‍රිකට් බෝඩ් එකට එන්නෙ එක්දහස් නවසිය අනූපහේදී. එතකොට ලංකාවෙ ක්‍රිකට් තිබුණෙ ඉතාම පහළ මට්ටමක. අදට වඩා පහළ ද නැද්ද කියන එක මට තේරෙන්නෙ නෑ.

කොහොම වුණත් 1995 නවසීලන්ත තරග සංචාරයට පෙර ඔහු ක්‍රීඩකයන්ට දැනුම් දුන් බව කියනවා, තමන්ගෙ වියදමෙන් අව් කණ්ණාඩි ලබාදෙන්න. චමින්ද වාස්ගෙ විශිෂ්ට පන්දු යැවීමත් එක්ක මේ තරගය ජයගන්න ශ්‍රී ලංකා පිලට ඔහු ඒ කියපු විදියටම අව්කණ්ණාඩි ලබාදෙනවා. ඒ වගේම ලංකාවට විදේශ පුහුණුකරුවන් හොයමින් වෙහෙස වෙන්නෙ ඔහු. ඒ වෙහෙසේ ප්‍රතිඵලයක් විදියටයි ඩේව් වට්මෝර් ලංකාව එන්නෙ.

ඒ වගේම 1996 බෝම්බ පිපිරීම එක්ක ඔස්ටේ්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වො ලංකාවට එන්නම බෑ කියනවා. ඒ මොහොතෙ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යෝජනා කරන්නෙ දෙපිලටම එක ලකුණ බැගින් දෙන්න. ආනලා තමයි සටන් කරන්නෙ එහෙම බෑ. අපිට ජයග්‍රහණයක් සඳහා ලැබෙන ලකුණු දෙක දෙන්න ඕනෙ කියලා. පළමු ඡන්ද විමසීමෙන් පරාජය වුණත් ආයෙත් සටන් කරනවා ඔහු. ඒ සටනෙන් වෙන්න පුළුවන් මේ ජයග්‍රහණයේ මාවත ඇරෙන්නෙ.

හැබැයි මේ ක්‍රිකට් සභාපති පුටුවේ විස්මිත බව වෙන්නෙ, ක්‍රිකට් වෙනුවෙන් සියලු කැපකිරීම් කරපු ආනා පුංචිහේවා 1996 ලෝක කුසලානය දිනපු අවුරුදෙදිම සභාපති තරගය පරාජය වෙනවා. ආයෙ ඔහුට කවදාවත් මේ පුටුවට එන්න බැරි වෙනවා. ඒක තමයි මේ සභාපතිකමේ අරුමය.

ලොකු මුදලාලිලා ක්‍රිකට් එකට ඇවිල්ලා තමන්ගෙ සල්ලිවලින් ක්‍රිකට් හදනවා වගේම පොඩි මුදලාලිලා ක්‍රිකට් එකට ඇවිල්ලා ක්‍රිකට් සල්ලිවලින් එයාලා හැදුණා කියලත් කියනවා. ඒ අස්සෙ ක්‍රිකට් එකේ අනුග්‍රහයෙන් විදෙස් සංචාර ගියා කියලත් කිව්වා. මෙකී නොකී අක්‍රමිකතා අරවා මේවා ඕනෑ තරම්. ඒ නිසා ක්‍රිකට් හදන්න නම් අග ඉඳලා පටන් ගන්නෙ නැතිව මුල ඉඳලා හොයාගෙන ගියා නම් හරි.

ආනා පුංචිහේවාට ආයෙ එන්න බැරුව ගිය හැටි වගේම ජනාධිපති ඉල්ලුවත් සභාපති පුටුව නොලැබෙන විදිය වගේ සරල සාමාන්‍ය මාතෘකා මේ වෙලාවෙ කතා කළාට කමක් නෑ. ඒවායෙන් මතුවෙන කොන දිගේ හොයාගෙන යන්න. ඡන්ද ක්‍රමය, ඡන්ද බලයන් වගේ මාතෘකා බොහොම වැදහත් වෙයි. ක්ලබ් හැදෙන හැටි ක්ලබ්වලට එක එක හැඳිවලින් බෙදෙන හැටි වගේම, ලංකාවෙ ක්ලබ් ක්‍රිකට් බින්දුවට වැටුණු තැන හොයාගන්න අමාරු වෙන එකක් නෑ. ලංකාවෙ ක්ලබ් මෙච්චර හැදෙන්න හේතුව තේරුම් යයි. ක්ලබ් වැඩිවීමත් එක්ක ක්‍රීඩකයන්ගෙ තරගකාරීත්වය අඩුවෙන එක මේ ක්‍රිකට්වල වැටීමට හේතුවක් බව අපි දන්නවා.

මේ අතර ලංකාවෙ පාසල් ක්‍රිකට් නොහැදෙන්නෙ ඇයි කියලත් හොයන්නම ඕනෙ. ඒවට වැරදිකාරයන්ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගෙනල්ලා අධෝමුඛයට ගහන්න ඕනෙ පන්න පන්න බැට් එකකින්. ලංකාවෙ ක්‍රිකට් උන්ගෙ අම්මලගෙ අප්පලගෙ බූදලයක් කියලා හිතාගෙන ඉන්න උන් තමයි අන්තිමටම නරක.

නීති ප්‍රකාරව සිවු වසරකට වරක්, ඡන්ද විමසීමකින් ආයතනය සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගන්නවා. ඒකට කල්ලි හැදිලා සටන් කරනවා. සභාපති, උපසභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු මෙම නිලවරණයේදී තෝරගන්නවා. ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති බලයත් එක්ක පාලක කමිටුව විසුරුවා හැරීමටත්, අතුරු පාලක කමිටුවක් පත්කිරීමටත් ඉඩකඩ තියෙනවා කියල පතපොතේ එහෙම සඳහන් වෙලත් තියෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හොඳයි..! තියෙන තත්ත්වයට අනුව හොඳ අයවැයක්! මිනිස්සු සහන ඉල්ලුවාට ජනාධිපති කිව්වා මේක ‌සහන දෙන වෙලාවක් නෙමෙයි කියලා! දුමින්ද ශ්‍රීලනිප මතය කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නුවරඑළිය තැපැල් කාර්යාලය රැකගන්න වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් දිස්ත්‍රික් ලේකම්ට යෝජනා මාලාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.