• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරියන් සහ හතර රියන්… බැන්නලු… බැන්නෙ නෑලු… බොරු කියන්නෙත් නෑලු…

January 2, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
කොරියන් සහ හතර රියන්… බැන්නලු… බැන්නෙ නෑලු… බොරු කියන්නෙත් නෑලු…
Share on WhatsAppShare on Facebook

කොරියානු ප්‍රධානියා ඇත්තටම බැන්නේ කාටද? මේක අපූරු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. මේවා ඉතින් අපට වැඩකුත් නෑ අනුන්ගේ දේවල් හින්දා. අනුන්ගේ දේවල් හින්දා කට පියාගෙන ඉන්නත් බැරි රටක් ඉස්සරහා අපි නෝන්ඩි වෙනකොට එතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් අපි ඉන්නේ එංගලන්තය, ඇමෙරිකාව, ජපානය ඉන්න ලෙවල් එකේ නොවෙන නිසා. අපි දැන් ඉන්නේ මිල මුදල් අතින් නැති බැරිකම් තියෙන රටක් විදියටනේ. මේ නැති බැරිකම් තියෙන අය තව කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලා ගන්න කොට ඒකට පොඩි ගෞරවනීය බවක් දිය යුතුයි. ඒ වගේම ඒ ඉල්ලා ගන්න කෙනාව සතුටු කරන එක, වෙලාවට වැඩ කරන එක හොඳ ගුණාංගයක් විදියට අපේ රටේ යමක් කමක් දන්න උදවිය හිතනවා. ඒක නිසා එදා ඒ වෙලාවේ සිද්ධ වෙච්ච ඒ සිදුවීම වැරැද්දක් විදියට භාරගන්න බැරි නම්, ඒක වැරැද්දක් නොවෙන්නේ කොහොමද කියලා හරි තේරුම් ගන්න ඕනේ. මේකෙ තියෙන අපූරු කතාව ඒක නෙවෙයි.

දැන් මේ කොරියානු ප්‍රධානියා මොකක්ද මේ කියන්නේ? ඔහු කියනවා මම අනුප පැස්කුවල්ට බැන්නෙ නෑ කියලා. ඒ වගේම ඔහු කියනවා භාෂා පරිවර්තකවත් ඔහුට හරි විශ්වාසයි කියලා. භාෂා පරිවර්තකව විශ්වාසයි නම් භාෂා පරිවර්තක විසින් කරන ලද පරිවර්තනයත් විශ්වාසවන්ත විය යුතුයි නේ. එතකොට භාෂා පරිවර්තක විසින් සිදුකරන ලද මෙම පරිවර්තනය විශ්වාසයි නම් එහිදී කා අතින්ද වරදක් වුණේ කියන එක ගැන අපට දෙපාරක් තුන්පාරක් හොයලා බලන්න වෙනවා. මොකද, ඔහු විසින් එදා කී කතාවත්, අද කියන කතාවත් දෙකක් වෙනකොට ඒකට සාධාරණ වැරැදිකාරයෙක් බවට පත්වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ භාෂා පරිවර්තක තමයි. භාෂා පරිවර්තක අතින් යම් විදියකින් පරිවර්තනය වැරැදුණා නම්, ඒ සම්බන්ධව භාෂා පරිවර්තක කනගාටු විය යුතුයි වගේම, භාෂා පරිවර්තක දෙපැත්තකින් සමාව ගත යුතුයි. එක පැත්තකින් ඔහු විසින් මේ රාජ්‍යතාන්ත්‍රිකයාගෙන් සමාව ගත යුතුයි. ඒකට හේතුව වෙන්නේ ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදියට රටකට ඇවිල්ලා, ඒ රටේ අමාත්‍යවරයෙක්ව විවේචනය කළ බවට වැරැදි ප්‍රකාශයක් නිකුත් කරනවා නම්, ඒක බරපතළ ප්‍රශ්නයක්. ඒකට හේතුව යම් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තවත් රටකට ගිහිල්ලා ඒ රටේ වගකිව යුතු අමාත්‍යවරයෙක්ව ප්‍රසිද්ධියේ විවේචනයට ලක්කිරීම රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් නිසා.

ඊළඟ කාරණාව වෙන්නේ මේ රාජ්‍යතාන්ත්‍රිකයා කරන ලද ප්‍රකාශය ඔහු විසින් අපේ රටේ අනුප පැස්කුවල්ට අපහසුතාවක් ඇතිවන ආකාරයෙන් වෙනස් කළා නම් එහිදී අපට රජයක් විදියට ඔහුට විරුද්ධව නීතිමය පියවර පවා ගත හැකිව තිබෙනවා. ඊට හේතුව වෙන්නේ ඔහු විසින් මෙසේ හාස්‍යයට ලක් කරන්නේ ශ්‍රී ලංකාවේ රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක්ව වීම. අමාත්‍යවරයෙක්ව පිරිසක් ඉදිරියේ උසුළු විසුළුවට ලක්කිරීම හරහා සිද්ධ වෙන්නේ රටක් උසුළු විසුළුවට ලක්කිරීමට. එසේම මේ භාෂා පරිවර්තක කොරියානු ප්‍රධානියා නොදන්වා වචන භාවිත කරලා අප ඉදිරියේදී ඔහුව විවේචනයට ලක් කළා නම් ඒ විවේචනයට ලක්කිරීම හරහා කොරියානු ප්‍රධානියා විවේචනයට ලක් නොකළ වරදකට යම් පුද්ගලයෙක්ව වැරැදිකරුවෙක් බවට පත්කිරීමේ වරදත් ඔහු විසින් සිද්ධ කරලා තියෙනවා. එහෙම නම් වහාම කළ යුත්තේ මේ භාෂා පරිවර්තකව සේවයෙන් පහ කිරීම සහ ඔහු එවැන්නක් කිරීමට හේතු විමසීම. නමුත් අරුමය වන්නේ මේ රාජ්‍ය තාන්ත්‍රිකයා විසින්, භාෂා පරිවර්තක වරදක් නොකළ බව තරයේ ප්‍රකාශ කර සිටීම. එහෙම නම් භාෂා පරිවර්තක නිදහස් වෙනවා. ඔහු අතින් කිසිදු වරදක් සිදුව නැති බව අපි දැනගන්නවා.

මේ කාරණා කිහිපයම එකට එකතු වුණාම අපට අවසාන වශයෙන් ආයෙත් පේන්න තියෙන කාරණය වෙන්නේ ඇත්තටම එදා මේ අමාත්‍යවරයා විසින් වරදක් කළාද කියන එක. අපට මේ රාජ්‍යතාන්ත්‍රිකයාගේ ප්‍රකාශය නොඇසුණා නම් ඔහු කිසිවක් නොකීවා නම්, ඔහු කී දෙයක් හෝ නොකී දෙයක් හෝ මෙසේ එළියට නොආවා නම් හැබෑව කුමක්ද? ඇත්ත කතන්දරය වන්නේ හැබෑවටම රාජ්‍යතාන්ත්‍රිකයෙක් ඉදිරියේදී ඔහුත් සමග රටක් විදියට ගනුදෙනු කරන කොට අපේ රටේ මැති ඇමැතිවරුන්ට මීට වඩා වගකීම්සහගත වෙන්න කියා දිය යුතුයි. එසේ නොවුණහොත් අපට සිදුවෙන පාඩුව පුද්ගලික පාඩුවක් නොවන නිසා. යම් කිසි විදියකට මේ අමාත්‍යවරයා පුද්ගලික සම්බන්ධතාවකට, එහෙම නැත්නම් පුද්ගලික හිතවත්කමකට, මොනවා හරි ඉල්ලාගන්න මේ ගමන ගියා නම්, ඔහුට වුවමනා විදියට ඔහුට පුළුවන්කම තියෙනවා පරක්කු වෙලා යන්න. ඔහුට පුළුවන්කම තියෙනවා බොරු කියන්න. ඔහුට පුළුවන්කම තියෙනවා ගණන් නොගෙන ඉන්න. ඒ සියල්ල ඉතා සාධාරණයි. නමුත් ඔහු යන්නේ රට නියෝජනය කරමින්. ඔහු ඉල්ලීම කරන්නේ රටක් විදියට. මේ පරිත්‍යාග හෝ ආධාර හෝ ලබාදෙන්නේ රටකට. එහෙම නම් රටක් විදියට නියෝජිතයෙක් තවත් කෙනෙක් මුණගැසීමට යෑම කියලා කියන්නේ රටවල් දෙකක් මුණගැසීමක්. අමාත්‍යවරයා විසින් මේ ලිපිය කියවන ඔබත්, මමත් අප දෙදෙනාවත් නියෝජනය කරලා තියෙනවා. අපේ මවුපියෝ, අපේ නෑදෑයෝ, එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙච්ච සියලු දෙනා නියෝජනය කරමින් තමයි ඔහු ඒ අවස්ථාවට සහභාගි වෙන්නේ. කොරියාවේ මෙතෙක් එතෙක් උපන් හෝ නූපන් බොහෝ දෙනෙක් නියෝජනය කරමින් තමයි මේ කොරියානු ජාතිකයා ඒ ස්ථානයට පැමිණෙන්නේ. එහෙම නම් සියලු දෙනා නියෝජනය කරමින් පැමිණි කොරියානු ජාතිකයාත්, අපිව නියෝජනය කරමින් ගිය ශ්‍රී ලාංකිකයාත්, කොරියාව සහ ශ්‍රී ලංකාව හමුවන අවස්ථාවක් විදියට තමයි ඒ වෙලාවේ මුණගැහෙන්නේ. එහෙම නම් ඒ වගේ තැනකදී වෙලාවට නොඑන එක රටක් විදියට අපිව අපහසුතාවට පත්කිරීමක්. ඒක නිසා ඒකට ඔහු බැන්නද, නොබැන්නද, ඔහු ඇත්තටම බැන්නේ නැද්ද, ඔහු කළේ බොරුවක්ද කියන කතන්දරේ වැඩක් නෑ. ඒ නිසා අපට අපේ රටේ මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ රටක් විදියට අපිව නියෝජනය කරමින් වැඩ කරනවා නම් මීට වඩා වගකීම්සහගත වෙන්න කියලා.

ඊළඟට අපි තව ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වීඩියෝව දැකපු, මේ වීඩියෝව බලපු ඔය භාෂාව දන්න නෝනා මහත්වරු ඉන්නවනේ. අපි ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් බලලා කියන්නකෝ ඇත්තටම මේ මොකද වෙලා තියෙන්නේ කියලා. අපි දන්නෙ නෑනේ වැඩේ සිද්ධ වුණාට පස්සේ අපේ රටේ ලොක්කෙක් ඔය කොරියානු ජාතිකයව බය කළාද කියලා. මොකද අපේ රටේ අයට ඕවා නුහුරු නුපුරුදු දේවල් නොවන නිසා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

Hemas Surgicals & Diagnostics වෙතින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට Nihon Kohden AED යන්ත්‍රයක්…

Next Post

පෙට්‍රල් සත පහකින් අඩු නෑ! භූමිතෙල් 10කින් ඩීසල් 15කින් අඩු කරයි!

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.