කටුනායක ගුවන් තොටුපළේ තීරුබදු සහන සහිත සාප්පු සංකීර්ණයේ මත්පැන් අලෙවිසල් බදු දීමේදී දැනහැඳුනුම්කම් මත ඇතැම් වෙළෙඳසල් ලබාදී ඇති බවට හෙළිව ඇති තොරතුරු මත ඒ පිළිබඳ විමර්ශනය කිරීමට ඇමැති මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
ඇතැම් සාප්පු නියමිත ක්‍රියාපටිපාටියට අනුකූලව ලබාදී ඇති නමුදු ඇතැම් ඒවා හැඳුනුම්කම් මත ලබාදී ඇති බවට ලැබී තිබූ තොරතුරු මත පසුගියදා ඇමැති මණ්ඩල අනු කමිටුවක් පත්කරන ලද බවද ඔහු සඳහන් කළේය.
එම විමර්ශනයෙන් පසුව නියමිත විවෘත ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුව අදාළ සාප්පු ලබාදීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා පැවැසීය.
ගුවන් තොටුපළ සාප්පු සංකීර්ණයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ‘මව්රට’ අවස්ථා ගණනාවකදී කරුණු හෙළිදරව් කර තිබිණි.
ප්‍රේමලාල් විජේරත්න










