• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ දුප්පත්කම නැති කරන්න ආණ්ඩුව කතාකරන්නේ කිසිම දත්තයක්-සංඛ්‍යාලේඛනයක් අතේ නැතිව! එහෙම කොහොමද සමාජයක් සවිබල ගන්වන්නේ? ඉස්සේලාම දුප්පත්කම නිර්වදනය කරගෙන ඉන්න! ගිය ආණ්ඩුවෙන් අස්වැසුම දුන්නෙත් සංඛ්‍යාලේඛන නැතිව! මේ ආණ්ඩුව යන්නෙත් ඒ පාරේමයි! VIDEO I Sri Lanka Latest News

March 7, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජ ආරක්ෂණය ප්‍රජා සවිබල ගැනීම ග්‍රාමීය සංවර්ධනය ධීවර ජලජ හා සාගර සම්පත් ක්ෂේත්‍රය ගැන සාකච්ඡාවට ලක්වන අවස්ථාවේ සමාජ සවිබල ගැන්වීම ගැන නිවැරදි දත්ත හා දර්ශක ගැන අවබෝධයක් නොමැතිව මේ ගැන රජය කතා කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ජනාධිපතිවරයා පවා භාවිත කරන්නේ ලෝක බැංකු වාර්තා භාවිත කිරීම වුවත් ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය සිදු කර ආහාර හා ආහාර නොවන වියදම් ගණනය කර ඒ හරහා දරිද්‍රතා රේඛාව සකස් කර ගෙන එම දරිද්‍රතා රේඛාව තුළ සහ යට ඉන්නේ කවුද කියා අවබෝධ කර ගෙන සමාජ සවිබල ගැන්වීම සිදුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

සංඛ්‍යා ලේඛන පවා හරියට දන්නේ නැතිව දුප්පත්කම තුරන් කළ නොහැකි යි

ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ 8 වැනි පිටුවට අනුව දරිද්‍රතා අනුපාතය 25.9%ක් යැයි පවසන බවත් 2024 ප්‍රගති වාර්තාව අනුව 2025 සිට 2029 දක්වා වසර 5ක කාලය තුළ බහුමාන දරිද්‍රතාවට මුහුණ දී ඇති පවුල් මිලියන 2ක් සවිබල ගන්වන බව සදහන් බවත් පවුල් මිලියන 2ක් සවිබල ගැන්විම හොද දෙයක් වුවත් එය රටේ මුළු දුප්පත්කම නොවන බවත් 2023 ලෝක බැංකු වාර්තා අනුව ලක්ෂ 56ක් දරිද්‍රතාවෙන් පෙළෙන බවත් සංඛ්‍යා ලේඛන පවා දන්නේ නැතිව දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුප්පත්කම නැති කරන හැටි ජනසවියෙන් සමෘද්ධියෙන් ඉගෙන ගන්න

අස්වැසුම දීමනාව පමණක් ලබා දීමෙන් දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් ඒ සදහා ඉතිරි කිරීම ආයෝජනය නිෂ්පාදනය අපනයනය හා පාරිභෝජනය සිදුවිය යුතු බවත් දැනට මෙහි ඇත්තේ මුදල් ලබා දී පාරිභෝජනය කිරීම පමණක් බවත් ඒ ආකාරයෙන් දුගී දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් රජයට දුගී දුප්පත්කම තුරන් කරන වැඩපිළිවෙළක් නොමැති බවත් ජනසවිය සමෘද්ධි වැඩසටහන් හි ලබා ගත හැකි උගත් පාඩම් ලබා ගෙන විධිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළකට යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අයවැයේවත් දුප්පත්කම ගැන හරිහැටි දත්ත නැහැ

මෙරට තුළ දුප්පත්කම ගැන දත්ත හෝ හරියාකාර සංඛ්‍යාලේඛන නොමැතිව අස්වැසුම ලබා දී ඇති බවත් මේ නිසා සමහර ලැබිය යුතු අයට අස්වැසුම නොලැබී යාමත් සුදුසුකම් පොහොසත් අයට අස්වැසුම ලැබීමත් සිදුව තිබෙන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අයවැය කතාව ක්‍රියාත්මක කළේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ දත්ත නොදැන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලර්න් ඒෂීයා සංගණනය අනුව මෙරට දුප්පතුන් ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා තුනෙන් එකක් දුප්පතුන් ලක්ෂ 40කින් වැඩිව ඇති බවත් මෙවැනි පරස්පර දත්ත එක්ක අයවැයක් නිර්මාණය කළ නොහැකි බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවා මේවා නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දළ දේශීය නිෂ්පාදනය ප්‍රාලේ මට්ටමින් ගණනය කරන්න

මෙරට පළාත් මට්ටමින් දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ගැන හරිහැටි නොදන්නා බවත් බස්නාහිර පළාත විශාල දායකත්වයක් ලබා දුන්නත් සෙසු පළාත් ලබා දෙන්නේ සීමාසහිත දායකත්වයක් බවත් එබැවින් පළාතට සීමා නොවී ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ගැන සෙවිය යුතු බවත් හැකියාවක් ඇත්නම් ග්‍රාම නිලධාරී මට්ටමින් ද මෙම ගණනය කිරීම් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කෝ උපාධිධාරීන්ට දෙනවා කියූ රැකියා

අද වන විට උපාධිධාරීන් 40000කට රැකියා ලබා දෙනවා කියා පොරොන්දු වී අද රැකියා ලබා නොදීම නිසා ඒ 40000 ද දුප්පත්කමේ ගොඩට වැටෙන බවත් ඒ අය ඊයේ පොල්දූව හන්දියේ විරෝධතා පවා පැවැත්වූ බවත් මේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්නේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සදහා විසදුම් අවශ්‍ය බවත් සමගි ජන බලවේගය රජයේ සිටියා නම් මොවුන්ට ද විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කෝ එදා දෙනවා කියූ ඉන්ධන සහනාධාරය?

ධීවර ප්‍රජාවට දෙනවා කියූ ඉන්ධන සහනාධාර කෝ කියා ප්‍රශ්න කරන බවත් බදු පිට බදු ගසා ඒ බදු මහා භාණ්ඩාගාරය ගන්නවා කොමිස් ගන්නවා ඒවා ඉවත් කළ පසු ඉන්දන මිල අඩු කිරීමක් කරා යා හැකි බවට පැවසූ බවත් එහෙත් අද ඒ සියල්ල කඩවුණු පොරොන්දු වී ඇති බවත් ඉන්ධන සහනාධාරය ලබා දෙන විට එවා ලැබිය යුතු කොට්ඨාසයන්ට ලබා දිය යුතු බවත් ඉන්දන සහනාධාර දෙන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයේ සිටින විට උද්ඝෝෂණය කළ නමුත් අද ඒ සහනාධාර නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ගොවි විශ්‍රාම වැටුපත් අඩාලයි

ගොවි මෙන්ම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයත් අද අඩාල වී ඇති බවත් අලුත් රක්ෂණ ක්‍රමයක් හදුන්වා දෙනවා කිව්වත් එය සිදු නොවූ බවත් එම නිසා නිවැරදි වැඩපිළිවෙලක් ඇති කරන්නේ නම් විපක්ෂය ද සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

නීල ආර්ථිකය තිරසරව ගොඩනගන්න

වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් රටට අයිති බවත් ජාත්‍යන්තර නීතිය හරහා එය ලැබී ඇති බවත් එම නිසා නීල ආර්ථිකය ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එහි දී තිරසර සංවර්ධනයක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසාන වශයෙන් පැවසීය.

SendShareShare
Previous Post

අරගල කාලෙ ගෙවල් ගිනිගත්ත මන්ත්‍රීවරුන්ගේ කල්ලමරේ! 76 දෙනෙක් රනිල්ගෙන් කෝටි ගණන් වන්දිත් අරන්! ඒ මදිවාට කුණු කොල්ලෙට වියත්පුරෙන් ආණ්ඩුවේ ගෙවලුත් අරන්! ආණ්ඩුව එළියට දාපු අලුත්ම ලයිස්තුව මෙන්න!  I Sri Lanka Latest News

Next Post

බිමල් ‘මව්රට’ට කතා කරයි! කටුනායක ඩියුටි ෆ්‍රී ලිකර් ෂොප් මීට පස්සේ හිතවත්කම්වලට නෑ! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.