• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංචන සහ කංචන…

February 6, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
සිංචන සහ කංචන…
Share on WhatsAppShare on Facebook

සුද්දන් කොළඅතු අඳින යුගේ අපේ “බඩු” අහස් යාත්‍රාවලින් (දඬුමොනරෙන්) කරදිය වළල්ලෙන් ඔබ්බේ දේස දීපංකරේ කරක්ගසමින් උන්හ. එසේම ඔවුන් (සුද්දන්) අකුරු සාත්තරේ කළුද? සුදුද? යන්න පවා නොදන්නා කල අපේ එව්වෝ (අය)

“වන්දිමි හිමි වලා නොගොසින් ඇය නෙවෙස්නට-

පිරිබුන් පගා මල” යුන දිවොට තොහද හව කිය කියයි”

වඳිම් (වඳින්නං) වලා හිමියනි, තෝ (නුඹ) ඇගේ නිවෙසට ගොස්, පිරිහුණු ශක්තිය ඇති, මැලවුණු දිව හා තොල් ඇති (මා ගැන සිතමින් තැවෙන නිසා) ඇයට මා කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින ලෙස, කියනු මැනවි. (“මේකා” කාලිදාසයාටත් ඉස්සර වලාකුළක් අතේ තමන්ගෙ “කෑල්ලට” පණිවුඩයක් යවපු හැටි සීගිරි කැටපත් පවුරේ ලියා තිබුණු හැටි බලව් යකුනේ)

අපේ කවිකම, ලිවිසැරිය සමග අලගු තියන්නවත් පුළුවන් දළකාරයන් (කෙරුම්කාරයන්) තවත් රටේ ලෝකෙ ඇත්තටම ඉන්නවාදැයි යන්න නම් සැකයකි. ඒවායේ හැබෑ බොරු බලාගන්න පොඩි ජොලියකටත් එක්ක තවත් කවියක එක පදයක් කියඤ්ඤං, “නාන නානා නා නා” හොඳයි කියමුකො බලන්න මොකක් ද ඕකෙ තේරුම කියල. “න”කාරය හය පොළක යෙදිල තියෙනවා. ඕක කව්සිළුමිණේ කවියක පදයක්. දන්නව නොවැ ඔය පොත ලියාපු “බඩ්ඩ” කලිකාල සාහිත්‍ය පණ්ඩිත සර්වඥ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා.

පැට්ට්‍රෝල් පුච්චන්නේ මොකටැයි? මමම කියඤ්ඤං, “නාන” කියන්නෙ “ස්නානය කරන්නා වූ” කියන එකයි. “නානා” කියන්නෙ මුස්ලිම් මුදලාලි කෙනකුට කතා කරනවා නෙමෙයි. “විවිධ වර්ගයේ” (මාදිලියේ) කියන එකයි. ඊළඟට තියෙන “නා” කියන එකේ තේරුම “නායක” කියන එකයි. මහ නාහිමි කියන්නෙ ආන්න ඒ වාගෙ. අනිත් “නා” කියන පදයෙ (අකුරෙ) අරුතෙ “ඇතා” කියන එකයි. කාව්‍යශේකරයෙ තියෙන්නෙ “ගමනින් සරණ නාලිය (ඇතින්න)” කියල. ඉතින් ඒ පදයෙ තේරුම ස්නානය කරන්නා වූ (දියකෙළින) විවිධ වර්ගයේ නායක ඇතුන් කියන එකයි. කොහොමද? “පුතණ්ඩියගෙ” (රජ්ජුරුවන්නෙ) “වැඩකිඩ” ඒ වාගෙ රජදරුවො ජාති ජාතිත් වාසනාවන්.

ඉතින් ඔය වාගෙම අපේ “තැනැති කියුම්” (ප්‍රස්ථා පිරුළු)ද, අප්පරමෙයියයි. (අප්‍රමාණයි කියන්න අපේ ආච්චිලා සීයලා කීවෙ ඒ වචනෙයි).

යමක් කමක් දන්න එකෙකු ළඟපාත නැති තැනක කවුරු හරි සෙල්ලං දානව නං ඉතිං “ ලූලා නැති වළට කණයා පණ්ඩිතයා” කියල කියනව. හැදිච්චි (ශිෂ්ට) එකෙකු යමක් කරන්න මැළිවෙන දෙයක්, වෙනත් එකකු කිසි හිරිකිතයක් නැතිව කරනවා නං “දෙවියන් පය ගහන්න අකැමැති තැන්වල පෙරේතයො කරණං ගහනව” කියලත් කියනවා. පණ්ඩිතමානීව සෝබනකාරයකු අනාගත්තහම ‘හත්පොළේ ගාගත්තා’ කියලත් කියනව. එහෙමත් නැත්නම් “හැටකට නායකය පුහුල් හොද්දෙන් පස්ස හෝද ගත්තා” කියලත් කියනව.

ඉතින් “Bro” (සහෝ – අපේ පොඩි පුතා හදිස්සි වෙච්චහම මට කතාකරන්නෙත් ඔය වචනෙ කියල)

ඔය ටික මට මතක් ආවෙ (අපේ ඉංගිරිසි ටීචර්ගෙ වචනෙ තමයි මතක් ආව කියන එක, අනිත් ටීචර්ල ඇයට කීවෙ තොඳල්වතී කියල) මේ දවස්වල මන්තරේ වාගෙ නම කියන කියැවෙන “අප්පු” කෙනකු අපටත් ඉන්න නිසා. අරූ, අරූ, ඇමරිකං උපාධිකාරයා. මේ දවස්වලත් කෙළින පිස්සුවල හැටි ඇහෙන කොට, දකින කොට.

අරූ කීවම දන්නෙ නැද්ද හලෝ අර කොච්චර හරි නාහෙං අඬන්නෙ.

“බිල වැඩිකරන්න වෙනව, බිල වැඩිකරන්න වෙනව, නැත්තං කපන්න වෙනව. කපන්න වෙනව” කියල. (කපන්න ඔනැ උගෙ අහවල් එක තමයි. ඒත් අගින් නෙමෙයි මුලින්ම) අර සිංචනයද? කංචනයද?මොකාද කියල කියන්නෙ.

දැන් දන්වනෙ “අයියා” මොකාද කියලා. “අ” යන්න වෙනුවට ඕනෑ අකුරක් දාගත්තට මගෙ අමනාපෙකුත් නෑ. ඒක මහජනයා එකහෙළා පිළිගන්නවා විතරක් නෙමෙයි දැනටමත් එහෙම කියනවා. නරකට හිතන්න එපා මං කීවෙ “ගො” යන්න. නැත්තං “ස” යන්න ගැන. සයියගෙ පුතා වයියා නොවැ. බන්දුල ගුණවර්ධනගෙ මස්සිනා.

ඇත්තට මුන්ට පිස්සුද ඕයි, නැත්නං දෙවෙල් වැදිලද? (අද මට හිතුණා අපේ ජීවන පහන් මහත්තයගෙ භාෂාවෙන් ලියන්න. ආවුසෝවාදයෙන් “මචංලත්” එක්ක කතාකරනව වාගෙ. සුහදව)

අද මිනිස්සුන්ඩ නෙමෙයි ඒ මිනිස්සුන්ගෙ දරුවන්ඩවත් කන්න කෑමක් නෑ. තමන්ට එපා, කාල හරි නොකා හරි, දස මාසයක් කුසේ තියාන ඇම්මැහි දුකක් විඳල, ලේ කිරි කරල පොවල හදපු අම්මටත් ඇහැට නින්දක්, බඩට බත්තුළක් නැතිව රෑ දවල් දාඩිය පෙරාගෙන “නැහුණු” දැන් මරණාසන්න මොහොතෙ ඉන්න තාත්තටත් ඒ අම්මටත් කන්න නෙමෙයි යකුනේ ලෙඩට බේතක් හොයාගන්න නැත්තං ඕයි, මරාගෙන මැරෙන්න හිතෙනවා.

තාත්තෙ හාබුං, හාබුං, කියන කොට, අම්මේ අක්කුං, අක්කුං කිනකොට මොන “ඉරිසිං” වහන්සෙටද ඉවසල ඉන්න පුළුවං.

ඔන්න ආයෙත් රුපියල් තිහකිං පැට්ට්‍රෝල්වලට කෙළලා. ඒකට කෙළිය කින්නෙ අනිත් හැම මඟුලකටම කෙළිය කියන එකයි. වැඩියෙන්ම කන බොන දේට. මුන්නෙ ආණ්ඩු කෙරිල්ල හොඳයි මුන්නෙ මෑණියන් වහන්සේලාටම.

මේ දවස්වල අපේ දරුවො උසස් පෙළ විභාගෙට ලියනවා. අපේ දරුවන්ඩ විභාගෙ කියන්නෙ, තමන්නෙ අනාගතේ. පවුලේ දියුණුව. අම්මලා තාත්ලාට සැලකීමේ වගකීම. ඒකෙ බැරූරුංකම තියෙන්නෙ අපි වාගෙ (මධ්‍යම පංතියෙ) පවුල්වල එවුන්ඩ. සල්ලිකාරයන්නෙ (ධනපතියන්ගෙ) එවුන්ඩ නෙමෙයි. උන්ඩ විභාගෙ පාස්වුණත් එකයි නැතත් එකයි. ඒ අයට කොම්පැනි, ව්‍යාපාර තියෙනව.

අනිත් එක පල්ලෙහාම පංතියෙ අයටත් ප්‍රශ්නයක් නෑ. තාත්ත මේසෙං වැඩ කරනවද? කුලී වැඩකරනවද?පාර අයිනෙ සපත්තු සෙරෙප්පු හදනවද? ඒ දරුවනුත් ඒකට ඇබ්බැහි වෙනව. අපේ (මධ්‍යම) පංතියෙ එවුන්ඩ ඉගෙන ගත්තෙ නැත්තං අර ඉහළ මට්ටමට යන්නත් බෑ. පහළ මට්ටමට වැටෙන්නත් බෑ.

ඉතිං ඒකායන මාර්ගෙ අද්දියාපානෙ (අපේ සීයලගෙ වචනෙ) දස මාසයක් කුසේ තියාන ඉඳල බිහිකරපු අම්මලට තමයි තාත්තලටත් වැඩිය දරුවන්ඩ උගන්නන්න නහින්නෙ. (වේදනාවක් නොදැනෙන්න ලස්ස ගණං ගෙවල ජූලියස් සීසර් ක්‍රමේට උපද්දපු අම්මලාට ඔය දරු කැක්කුම අඩුයිලු) හොඳ ඉස්කෝලයක් නැත්ත “හුප්පෙ” තමයි. සිස්සත්තෙ විභාගෙ අම්මලගෙ විභාගෙ කියල කියන්නෙ ඔය හේතුව නිසයි. නැත්තං මොන අම්මද කැමැති යකෝ දරුවන්ඩ දුක් දෙන්න?

මේ දවස්වල අපේ පැටව් ටික දඟලන්නෙ විභාගෙ අනිවාර්යෙං පාස්වෙන්න ඕනැ.

“මග රැඳුණු තෝ නහී, ගෙදර ගිය අඹුව නහී” කියන තත්ත්තෙං පපුව ගැහෙනව. දිවා රෑ නැහීගෙන දරුවො පාඩං කරනවා. කුප්පි ලාම්බුවෙං. නැත්තං ඉටි කෑල්ලෙන් (ඉටිපන්දමෙන්) ඉටි කෑල්ලකුත් දැං රුපියල් එකසිය විසි පහයි.

කපන්නෙ නෑ නෑ කීවත් මුන් ලැයිට් කපනවා. එතකොට මුං ගැන අපේ හිතට එන සංතෝසෙ කියල නිමකරන්න බෑ. “කොක්කෙ” එල්ලන්නමයි හිත කියන්නෙ. (කොක්කෙ එල්ලනව කියන එක දන්නව නෙවැ. ඔය ජාඇළ පැත්තෙ යනකොට පාරවල් දෙපැත්තෙ පේන්න තියෙන්නෙ).

සිංචනයට කිසිම අනුකම්පාවක් නැති හැටි. ඌට ගානක් නෑ. තාත්තල මාළු කරුමාන්තෙ කරපු කාලෙ හම්බකරපු ධනස්කන්දෙ ඇතිනෙ. අපේ එවුන්ඩ මොන ඇමරිකාද? අපට කොහෙන් ද? “බූල් බල්ලො”

දරුවන්ඩ පාඩං කරන්න නැති එක, එක පැත්තක්. අනිත් එක සිංචන කියන්නෙම කපන බණේමයි. මේකා ගිය ආත්මෙ පල්ලියෙ ලෙබ්බෙ කෙනෙක්ද කොහෙද?සංසාරෙ පුරුද්ද ආත්ම ගණන් යනව කියනව නොවැ. දැන් ලෑස්ති වෙන්නෙ බිල වැඩිකරන්න. යාංතං හරි හිතට සැනසිල්ලක් තියෙන්නෙ ජනක රත්නායක මහත්තය වාගෙ කොන්දක් තියෙන මිනිස්සු හින්ද. ඒත් ඒ මනුස්සයට දාන “ගුස්පි” කියලා වැඩක් නෑ. මහජනයා ආරක්‍ෂා කිරීමට ජනක මහත්තයා කාගෙන දඟලන්නෙ “දත් තිස්දෙක මැද දිව” වාගෙ බව ඉහමොළේ ඇති කාට වුණත් පේනව. මනුස්යගෙ සාමාජිකයො ටික භේද බින්න කරල කපන්න අනුමැතිය ගන්න මොන තරං දහං ගැට ගහනවද? ඒකටත් ආණ්ඩුවෙ ඇම්බැට්ටයො ටිකක් හිටියනං අපි “මුඩිංජි” (ඉවරයි) තමයි. අපේ මාධ්‍යවේදී “තලා” (තලංගම ජයසිංහ) කාටූන් එකක් ඇඳල තිබුණා. දාර ගොං නාම්බෙක් (සිංචනය කරපු එකෙක්) අපේ මිස්ටර් සිංචනට කියනව, “සර් මාව මණ්ඩලේ සභාපති කරන්න. මම සර් කියන ඕනැම දේකට “උම්බෑ” කියඤ්ඤං කියනව” මොකද ජනක මහත්තය කියන්නෙ විදුලිබල පනතට අනුව මහජන මතයකින් තොරව කටයුතු නොකරන බවනෙ.

සිංචන ලොක්කා (මහජන මතයට) පිටුපා අතීතයට බලපාන පරිදිත් විදුලි බිල සංශෝධනය කරන්න වලිගෙ හපාගෙන වළිකනව.

රේල්ලුවෙ වාර්ෂික ආදායම රුපියල් කෝටි දෙසීයයි (200,00,00,000) දෙපාර්තමේන්තුවෙ නිලධාරීන්ට වාර්ෂිකව ගෙවන අතිකාල විතරක් රුපියල් කෝටි දෙසිය විස්සට (220,00,00,000) වැඩියි. ඔය වාගෙම තමයි විදුලිය කියන්නෙත්. විදුලිය කියන වචනෙ ගෑවිච්චි තැන තියෙන්නෙත් වංචාව, දූෂණේ, ගසාකෑම.

පහුගිය අවුරුදු දහ පහළොවක විගණන වාර්තා අරං බැලුවම ඒක පේනව. ගල් අඟුරු ගේන එක පමා කරනවා. එතකොට වැඩි ගානට හදිස්සියි කියල ගන්න පුළුවං. වැහි නෑ කියල විදුලි නිෂ්පාදනය මදි කියල පෞද්ගලික නිෂ්පාදකයන්ගෙන් ගන්නවා.

ගොවියන්ට මේ දවස්වල වතුර දෙන නිසා ජල විදුලි නිෂ්පාදනයට වතුර මදි කියලා ලයිට් කපනවා කියන තර්කය ලොක්කො දානවා. ගොවියො කෑගහනවා මේ වෙලාවෙ අපට වතුර එපා. ඒවයෙං විදුලිය නිෂ්පාදනය කරල විභාගෙට යන දරුවන්ඩ දෙන්න කියල. ඔහොම තමයි අපේ රටේ වැඩවල හැටි. (ඌරන්ඩ මොන සෞඛ්‍යද?

ලස්සන වැඩේ කියන්නෙ දරුවන්නෙ විභාගෙ අහවර (අවසන්) වෙනකං ලැයිට් කපන්නෙ නෑ අධිකරණෙට පොරොන්දු වෙච්චි එකේ කටේ කෙළ වේළෙන්නත් කලියෙන් (ඉස්සර) කැපුවනෙ. ඒත් එක්කම මානව හිමිකං කොමිසම ගියා ශ්‍රේෂ්ඨාධිකරණෙට. පස්ස ඇනගත්ත. එතෙන්දි ජනක මහත්තය කියාපු වචනෙ කොච්චර වටිනවද?.

අපේ සීයල ආච්චිල අපට නිතර දෙවේලෙ කීවෙ “පුතේ ඔයවාගෙ මිනිස්සු ඉන්න පැත්තට හැරිල උදේ හවස වැඳපල්ලා” කියල. ඇයි ඒ බෝධිසත්ත ගුණෝපේත මහත්වරු නිසා.

හෙට අනිද්දා චංදයකුත් එනව. ඒත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය රකින බව කියනව. බැසිල් ලොක්කා අමුඩ ගැටේ තදකරගෙන සැලසුම් ගහනවා. උඩින්ම දිනනවලු. සමහර පළාත්වලට අපේක්‍ෂකයො දාන්න “ඉම්පෝට්” කරන්න වෙලා. චන්දෙ ගත්තට පස්සෙ එක බල්ලෙක්වත් නෑ.
අපට මතක් වෙන්නේ

“දත්මැදලා දමන – දැහැටි දඬු මෙන් දින දින,
මෙහෙ ගෙන දනන් ගෙන – පසුව පළවති නොදන්නන් මෙන”
වෑත්තෑවේ හාමුදුරුවන් ගුත්තිලයේ කී කවියයි.
(අනේ සකෝ බල ලෝ)



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

තුර්කියම මළගෙයක් වෙයි! එකපිට ආ භූකම්පන 2කින් දැනට 1700ක් මරුට! මහා බිල්ඩින් බිමට සමතලා වෙයි! වසර 22කට පසු ආ දරුණුතම විනාශය! VIDEOS

Next Post

වරාය-තෙල්-විදුලිය-ජලය වැඩ නවත්වයි! දොස්තරවරු-සරසවි ඇදුරන්-වෘත්තිකයන් පාරට බසී! ගුවන් ගමන් පාලකවරු අකුරට වැඩ! ගුරුවරු-බැංකු සේවකයනුත් ‌මහපාරට! 8 වැනිදා රට එක තැන නවතීද? VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.