• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පේරාදෙණිය සරසවියට ඇවිත් දෙමළ යාළුවෙක් සොයාගැනීමේ පිපාසය…

February 21, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
පේරාදෙණිය සරසවියට ඇවිත් දෙමළ යාළුවෙක් සොයාගැනීමේ පිපාසය…
Share on WhatsAppShare on Facebook

පේරාදෙණිය සරසවියට පැමිණි මුත් දෙමළ යාළුවෙක් සොයාගැනීමේ පිපාසය හිතේ හැටියට සංසිඳවා ගැනීමට පිනක් නොවුණි. අපි එකම විශ්වවිද්‍යාලයේ හිටියද, අපි අතරේ වූයේ දුරස් බවකි. සරසවියට එන්නට පෙර මා හීන දුටු කොණ්ඩයේ මල් ගසා, පොට්ටු තියා අත්වැල් බැඳ දෙමළ මිතුරියන් සමග කෝවිල් යන එකමුතුවක් දර්ශනයක් දකින්නට නොහැකි විය.

ඉතා කෙටියෙන්ම කියන්නේ නම් අපි රැග් වූයේද වෙනමය. සෝෂල් ගත්තේද වෙනමය. එකට හන්තාන නැග්ගේද නැත. ඉංග්‍රීසි පන්තියේ පමණක් අපි එකට පැය ගණනක් ගතකළද නොයා බැරිකමට ගිය නිසා අපි යාළු මිත්‍රකම් හැදීමට තරම් යහපත් මනසක ඒ දේශනවලදී අපි නොහිටියා හෝ එසේ නැත්නම් අපි කොහොමත් ලොකු ඇයි හොඳයියක් නැති උන් ලෙස හිටියා වන්නට ඇත. අපේ මහා ශිෂ්‍ය සංගම්වල වූ මහා තැන්වලටත් අපි දෙගොල්ලන්ගේ සමගිය මේ රටට කොපමණ අවශ්‍යදැයි අමතක වී තිබුණු වග මතක් වන්නේ දැන්ය. ඉතා හදිසි අවස්ථාවක හැරුණුකොට අපි නෙවාසිකාගාරවලදීද උන්නේ සිංහල දෙමළ ළමුන් වෙනමය. ඉතා සුළුතරයක් උදේ හවා හිනා වුවද කතා කළද ඒ හදිසියේ බස් නැවතුමේ සිදුවන අන්දමේ කෙටිම කතාය. කතා පෙට්ටියක් වූ මට පවා ලොකු කතාවලට යන්නට නොහැකි විය. ඊට භාෂා ප්‍රශ්නයද හරස් වන්නට ඇත. එහෙත් ඒ පුංචි කතාවලින් ඉතිරි වුණු අපේ මතක මා සතුව නැත්තේම නොවේ.

අපි රාමනාදන් ශාලාවේ නේවාසිකව උන්නෙමු. පළමු වසර අප හිටි කාමරයට අල්ලපු කාමරයේ වූවේ වලස්මුල්ලේ සහ හෙට්ටිමුල්ලේ සිට පැමිණි සිංහල මිතුරියන් දෙදෙනා හැරුණු කල එහි අයිතිය තිබූ අනෙක් සගයා වූවේ ‘සින්ධුජාය’ය. හොඳ උස මහතකින් යුතු ‘සින්ධුජා’ බොහොම අහිංසක චරිතයක් වූවාය. ඇයගේ නිශ්ශබ්දකමට හේතුව ඇයගේ කාන්තා ලාලිත්‍ය මුසු තැන්පත් ගතියද? එසේ නැත්නම් අපේ ජාති ප්‍රශ්නයද යන්න මට හිතා ගන්නට අදටත් නොහැකිය. එහෙත් ඒ කිසිවක් නොව ඇය සැබැවින්ම අහිංසකය යන්න අදටත් මට හිතීම වෙනස් වන්නේ නැත.

කෙසේ වුවද ‘සින්ධුජා’ යනු යාපනයේ සිට පේරාදෙණිය සරසවියට පැමිණි, ඒ අවුරුදු හතරටම තමන්ගේ යාපනයේ ගෙදරට යාගත හැකි නොවූ තරුණියකි. සතියක් දෙකක් ගෙදර නොගිහින් ඉන්නට බැරි සාංකාවක් තිබුණු අපි ගෙදර දුවද්දී ඇය කොළඹ නෑදෑ ගෙදරකට ගොස් ආවාය. ඒ පිළිබඳ කිසිදු බරක් පතලක් නොමැතිව විමසූ විටද ඇය කීවේ ගෙදර යන්නට ඇය නැවකින් යායුතු බවකි. එදා උතුරේ වූ තත්ත්වය නොදැන හිටියද අද ඒ තොරතුරු දැනගන්නා කල මට ‘සින්ධුජා’ ගෙවූ ජීවිතයේ කටුක දුක්ඛිත බව නැවත නැවත මාව පසුතැවීමකට හිරකරයි. එකල අපිට ඇය ඇතුළු දෙමළ මුස්ලිම් මිතුරියන්ට තවත් ළංවිය හැකිව තිබුණා නම් ඔවුන්ගේ දුක බෙදාගන්නට යම් තරමකින් හෝ හැකිවන්නට තිබුණා මෙන්ම අපි අතර වූ අපිත් නොදන්නා විරසකය යම් දුරකට අකා මකා යන්නට ද ඉඩ තිබිණි. එසේනම් අද යාපනේ යද්දී ‘සින්ධුජා’ ඇතුළු යහළු මිත්‍රයන් පේරාදෙණි පවුලේ නෑදෑකම තුරුළුකොට මුණගැහෙන්නට තිබිණි. අවාසනාවට A 05 කණ්ඩායමේ සින්ධුජාගේ හෝ අන් යාපනේ දෙමළ මිතුරියන්ගේ සම්බන්ධතාවන් නැති විය. ඒ මතකය අදටද මගේ හිතට ලැජ්ජාවක් මෝදු කරවයි.

එකල යාපනේ සිට පැමිණි බොහෝ දෙනෙක් අවුරුදු හතරටම ගෙදර නොගිය වග මට දැනගැනීමට ලැබිණි. එක දවසක මගේ අතින් මෙලෙස කවියක් ලියැවුණි. එහි ඇත්තේ බොහෝ ප්‍රාථමික කාව්‍ය ලක්ෂණ වුවද ඒ ප්‍රස්තුතයට මගේ හදවතින්ම ආදරය කරමි. එදාට වඩා මට සින්ධුජාලගේ ආදරය ලබන්නට ලොබ බඳිමි. වයසින් මුහුකුරායත්ම තේරෙන අවබෝධ වන සත්‍යය කටුකය. එදා සරසවිවල වූ ශිෂ්‍ය ව්‍යාපාරවලට බලෙන් රැග් සීසන් තියා එකිනෙකා හඳුන්වා දෙමින්, එකිනෙකාගේ දුක තේරුම් ගන්නට, සහජීවනයෙන් ඉන්නට මෙන්ම විශ්වවිද්‍යාල උප සංස්කෘතිය අපිට දියකර පොවන්නට උත්සාහ ගනිද්දී මෙරට උගත් පරම්පරාව ලෙස මේ රටට අවශ්‍යම වූ සමගියේ අරුණලු සරසවි ලෝගුව අතරින් බෙදාහරින්නට නොහැකි වූ කාරණාව තේරුම් ගනිමින් සිටිමි. අපි තුන්ගොල්ලෝම එකට රැග් කළා නම් අදටත් අපිට අපි ඉතිරි වන්නට තිබිණි. දේශපාලකයන්ට කිසිදු විටක මෙරට සමගිය අවශ්‍ය නොවූ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ අහිංසක සිසුන් පාවිච්චි කරමින් හෝ බලය ලැබීමය. උපාධි පිට උපාධි ලැබුණද ඒ යුගයේදී අපි හිටිය තැන, අපි හිතපු හැටි ගැන අමුතුවෙන් කීමට යමක් නැත්තේය. අදටත් අපි අපේ ගෙට් ටු ගෙදර් තියන්නේ සිංහල ළමුන් වෙනමය, දෙමළ ළමුන් වෙනමය. ඉතින් අපි කොයි තරම් දුප්පත්ද තාමත්. එහෙයින් එදා අපිට නොලැබුණු, අපිත් නොදැන නිහඬවම ගෙවීගිය අපේ සිවු අවුරුදු මතකයන් වෙනස් කරන්නට ආපස්සට යන්නට නොහැකි වුවත් අද සරසවිවල සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයට කියන්නට ඇත්තේ ඔබේ එක මිතුරු හිනාවකට හුස්මකට මහා යුද දුම් ක්ෂණයකින් නිවාලිය හැකි වගය. එදාට දේශපාලන ගිනි දෙන්නන්ට ඒ ගිනි තමන් වෙතම තබාගැනීමට සිදුවනු ඇත.

කිවිය යුතු තවත් කතා මගේ හිත මත පෝලිම් ගැසී බලාහිඳී. එතෙක් මම මගේ යාපන ප්‍රේමය A-9 පාරේ කෙළවරක රඳවමි.

යාපනයේ සිටින අම්මාට,
ලංකාවේ උතුරු කොනේ
යුද දුම් අතරින් රිංගා
ආවෙමි මා ශිල්ප ගන්න
රට මැද්දේ සරසවියට
වසර ගණනකින් නොදිටිමි
ආදර අම්මේ ඔබේ මුව
වෙනද වගේ පොට්ටු තියන්
අම්මා කෝවිල් යනවද ?
සිවනාදන් චූටි මල්ලි
මාව මතක් කරනවාද?
අප්පා ගේන තල් ගෙඩිවල
කිරි තාමත් රසයි නේද?
මගෙ යාළුවා තංගමනී
බැඳලා ගිහින් හුඟක් කල්ද?
සඳ මැදියම කාමරයේදී
මතකෙට එනවා අම්මව
දමා එනු හිතයි විගහට
සරසවියද උපාධියද
මම ආවොත් හෙට උදේම
අම්ම තරහ ගන්නෙ නැද්ද ?
ඊට වඩා සිය ගුණයක්
ඔබට මාව වටී නේද?

මම යාපනේ පෙම්වතිය සඳරැසී සුදුසිංහ
මාතර ඉඳන්…

SendShareShare
Previous Post

වැලිවිටියේ පෙරළියක්! ජවිපෙ මන්ත්‍රී පක්ෂෙන් ඉල්ලා අස්වී සජබෙ සමග එකතු වෙයි! VIDEO

Next Post

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.