හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඊශ්‍රායල ජාතිකයන් නිදහස් කරනතුරු ගාසා තීරයට විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම අත්හිටුවූ බව එරට බලශක්ති ඇමැති ඉස්රායිල් කට්ස් ප්‍රකාශ කළ බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කළේය. මානව හිතවාදි විය යුතුවන්නේ මානව හිතවාදීන්ට පමණක් බවත්, කිසිවකු ඊශ්‍රායලයට සදාචාරය කියා දිය යුතු නැති බවත් ඔහු දැඩිව අවධාරණය කර ඇතැයි ද වාර්තා වේ.
හමාස් සංවිධානය පසුගියදා දෙපාර්ශ්වය අතර යුද්ධයට මුල පුරමින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරමින් එරට ජාතිකයන් 150කට අධික සංඛ්‍යාවක් ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර, ඔවුන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නැති බව වැඩිදුරටත් වාර්තා වේ.
යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා දෙපාර්ශ්වයේම ජීවිත තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් යුද්ධයට බිලි වී ඇතැයි වාර්තා වන අතර, එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ද යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබේ.
මේ වන විට ඊශ්‍රායල හමුදාවෙන් අඛණ්ඩව ගාසා තීරයට රොකට් ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බවත්, ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් ලක්ෂ තුනහමාරක පමණ පිරිසක් අවතැන් වී සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
dinamina











