• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ අයවැය කරන්න පුළුවන් එකක්ද? බැරි එකක්ද? ඇත්ත මොකක්ද? I Sri Lanka Latest News

November 18, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අයවැය වාර්තාව පසුගිය 13 වැනිදා ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ අයවැයෙන් ලංකාවේ ආදායම ලබන අවුරුද්දේ 47%කින් ඉහළ නංවගන්න යෝජනා කරලා තියෙනවා. මේක කොහොමද වෙන්නේ? කොහොමද මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ? මැද පන්තියේ බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් හිටියා බදු සහන ලැබෙයි කියලා. හැබැයි අයවැය කතාවෙදී මේ පිළිබඳ කෙළින් ප්‍රකාශයක් කෙරුණේ නෑ.(Sri Lanka Latest News)

ඒත් ඇමුණුම් අංක 6 යටතේ මේ පිළිබඳ ජනාධිපතිවරයා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙ කියන්නේ මේ වෙලාවේ ආදායම් බදු වෙනස් කරන්න රුපියල් ලක්ෂයට වැඩි අයගේ බදු අඩුකරන්න සාකච්ඡා කරන එක ලංකාවේ ආණ්ඩුවට අයි.එම්.එෆ්. එකත් එක්ක මේ පිළිබඳ සාකච්ඡා කිරීම ඉතා දුෂ්කරයි කියන කාරණය. මේ තත්ත්වය තුළ මේ අයවැය අපි කොහොමද තේරුම් ගත යුත්තේ? මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් මහත්මයා.

නිශාන්, මේ අයවැයෙන් 2024දී රටේ ආදායම 47%කින් වැඩිකරනවා කියලා කියනවා. කොහොමද මේ ආදායම වැඩි කරගන්නේ?

මේ අයවැයේ ඍජුවම ආදායම වැඩිකිරීමේ ක්‍රමයක් ගැන කියැවුණේ නෑ. අපි සංඛ්‍යා ලේඛන දිහා බැලුවම අපට තේරුම් ගන්න පුළුවන් මොන ක්‍රමයෙන්ද මේ ආදායම වැඩිවීම බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් 47% වැඩිකරනවා කියනවනේ. ඒකෙන් 88%ක්ම එන්නේ ආනයන භාණ්ඩවලට දාන බද්ද, වැට් බද්ද වැඩිකිරීම තුළ සහ වැට් බද්ද වැඩිකිරීම සහ ආනයන භාණ්ඩවලට ලැබෙන බදු තුළින්. ඒ 88% ලබාගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ඒ විදියටයි.

ඒ කියන්නේ අයවැයට පෙරම රජය කැබිනට් තීරණයක් ගත්තා 2024 ජනවාරි 01 වැනිදා ඉඳලා 15%ට තිබුණු වැට් එක 18% දක්වා වැඩි කරන්නත්, වැට් තිබුණේ නැති දේවල්වලට අලුතෙන්ම වැට් ඇතුළු කරන්නත්. ඒ හරහාද ආණ්ඩුව මේ ආදායම බලාපොරොත්තු වෙන්නේ?

එහෙම තමයි සංඛ්‍යා ලේඛනවලින් පේන්නේ. හැබැයි සංඛ්‍යා ලේඛනවලින් කියපු දේවල් ඇත්තටම ප්‍රායෝගික වෙයිද නැද්ද කියන එක ගැන අපට වෙනම විශ්ලේෂණයක් අවශ්‍යයි. අපි හිතලා බැලුවොත් ගිය අවුරුද්දෙත් ආදායම වැඩිකිරීමේ අවශ්‍යතාවක් තිබුණා. මොකද අයි.එම්.එෆ්. එකත් එක්ක එකතු වෙලා තියෙන ගිවිසුම තුළ වුණත් මේ ආදායම වැඩිකර ගැනීම තමයි ඉතා වැදගත් කියලා සලකන්නේ.

හැබැයි ගිය දෙසැම්බර් මාසේ වෙරිටේ රිසර්ච් ආයතනය අයවැය ගැන විශ්ලේෂණයක් කරලා ඉහළ නිලධාරීන්ටයි, රජයේ ආයතනවලටයි කියලා දුන්නා මේ අයවැයේ සංශෝධනය වෙලා තියෙන ප්‍රතිපත්ති අනුව ආදායම් වැඩිවීම එහෙම වෙන්නේ නෑ කියලා. අඩු ගානේ 11%කින් ආදායම තක්සේරුවට අඩුයි කියලා. දැන් ඔක්තෝබර් මාසෙට ආවම ආණ්ඩුවම තක්සේරු කරලා තියෙනවා ආදායම 15%කින් හිතුවට වඩා අඩුවෙයි කියලා. එතකොට හදිසියේ ඕක හරිගස්ස ගන්න වැට් එක ඉහළ දැම්මා. හරි විශ්ලේෂණයක් නොමැතිව අපි තක්සේරු ඉදිරිපත් කළාම ඒවා හරියන්නේ නැති වුණාම ගන්නා හදිසි තීරණ නිසා රටට සමාජයට අවාසිදායක වෙන්න පුළුවන්.

ඉතින් මේ පාරත් අපි සෝදිසියෙන් ඉඳලා විශ්ලේෂණාත්මකව ඇසිය යුතු ප්‍රශ්නය තමයි වැට් එක මෙච්චර වැඩිකරන්න පුළුවන්ද කියන එක. අපි දළ වශයෙන් කිව්වොත් වැට් බද්දෙන් ලබාගන්න ආදායම 60%කින් වැඩි කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි උද්ධමනය 5%කට සීමා කරගන්නත් අදහසක් තියෙනවා. මම හිතන්නේ මේක ප්‍රශ්නයක්. මොකද වැට් බද්ද වැඩි කළාම ඒක උද්ධමනයට බලපානවා. උද්ධමනය පාලනය කරන්නත් ඕනෙ, වැට් එකෙන් 60%ක් එකතු කරගන්නත් ඕනෙ කියලා කියනවා. මේක නිරවුල් කරගන්න නිසි විශ්ලේෂණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතුයි. එහෙම විශ්ලේෂණයක් නැති තැන වැරැදෙන්න තියෙන ඉඩකඩත් වැඩියි කියන ප්‍රශ්නය ඇතිවෙනවා.

පහුගිය අවුරුද්දෙම මැද පන්තියේ බොහෝ පිරිස් කිව්වා ඉතා වැඩියි පුද්ගල බදු කියලා. ලක්ෂයේ ඉඳලා බදු ගහන එක දරාගන්න බෑ කියලා කිව්වා. මේක පිළිබඳ අයවැයේ ඍජු ප්‍රකාශයක් තිබුණේ නෑ, හැබැයි ඇමිණුමේ තියෙනවා බදු ප්‍රතිසංස්කරණ කියන කොටස යටතේ රජයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස රජය දැනට තියෙන ණය ප්‍රමාණය 15%ක තිරසාර මට්ටමට ගෙනාවෙ නැත්නම් අපිට බෑ කියලා මේ වගේ බදු සහන ගැන අයි.එම්.එෆ්. එකත් එක්ක කතා කරන්න. එතකොට අපි ගිය අවුරුද්දෙ දුක විඳපු එකෙන් ප්‍රතිඵලයක් නැද්ද?

රජයේ ආදායම, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 15%ක් විය යුතුයි කියනවා. ඒක අසාධාරණ මට්ටමක් නෙවෙයි. බොහෝ සංවර්ධිත රටවලත් බොහෝ විට ආදායම 15%ට වඩා ඉහළට තියෙනවා දළ දේශීය නිෂ්පාදිතයෙන්. හැබැයි එහෙම වෙන්නේ ආදායම් බදු හැමෝටම එක සේ පුළුල්ව බලපාන හින්දා. අපේ රටේ තියෙන ප්‍රශ්නය හැමෝම පිළිගත් ප්‍රශ්නයක්. මේ ආදායම් බද්ද ඉතා කුඩා පිරිසකගෙන් තමයි එකතු කරගන්නේ.

ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපි විශාල විදියට බදු විරාම දෙන ප්‍රවණතාවක් තියෙනවා. පසුගිය ඔක්තෝබර් මාසේ ඉඳලා වුණත් එක එක සමාගම්වලට එක එක අවස්ථාවල බදු විරාම ලබාදුන්නා. අයි.එම්.එෆ්. එක කියලා තියෙනවා බදු විරාම දෙන එකට තාර්කිකභාවයක් තියෙන්න ඕනෙ කියලා. දෙන්න පුළුවන් වුණාට බදු විරාම දීලා හරියන්නේ නෑ කියලා. එහෙම කළා කියලා රට හදාගන්න බෑ කියලා. එකක් තමයි ඒ දීපු බදු විරාම නැවත හරවගෙන නෑ.

අනෙක් එක තමයි බදු නොගෙවන පිරිස් විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ඔවුන්ගෙ බදු එකතු කිරීමට ක්‍රමවේදයක් හැදිලා නෑ. ඒ ගැන හැම අවුරුද්දෙම කතා කරනවා. ඒ පිළිබඳ වගවීමක් නෑ. එක් පිරිසක් බදු ගෙවනවා. තවත් පිරිසක් බදු නොගෙවා සිටිනවා. ඒ නිසා බදු ගෙවන පිරිසට අසාධාරණයකුත් සිදුවෙනවා.

මේ විදියට කල්පනා කරලා බැලුවාම ආර්ථික විද්‍යාව ගැන ලොකු දැනුමක් නැති අයට දැනෙන කාරණය තමයි ආණ්ඩුව කියනවා ලබන අප්‍රේල් ඉඳලා රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වර්ධකයක් ලබාදෙනවා, විශ්‍රාමිකයන්ටත් මුදල් වැඩිකිරීමක් කරනවා කියලා. මෙහෙම කිව්වට මේ දෙන එක අනිත් අතින් වැට් එකෙන් එකතු කරගෙනද රට දුවන්න හදන්නේ?

ඒක හරි හොඳ උදාහරණයක්. අයවැයක් කියන්නේ ඇත්තටම ඡන්දයක් ඉල්ලන්න යනකොට දෙන පොරොන්දුවක් නෙවෙයි. අයවැයක තේරුම යම් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා නම්, යම් යෝජනාවක් තියෙනවා නම්, ඒ යෝජනාවට වැයවෙන හෝ ඒකෙන් අයවෙන මුදල් ප්‍රමාණය තක්සේරුවක් තියෙන්න ඕනෙ කියලා. ඔබ කියපු කාරණා දෙක ගැනම කිසිම තක්සේරුවක් නෑ අයවැයේ. වැටුප් වැයකිරීමට කොච්චර මුදලක් වියදම් වෙනවද කියලා කියවිලා නෑ. විශ්‍රාම වැටුප වැඩිකිරීමට වියදම් වෙන්නේ කොච්චරක්ද කියලා කියවිලා නෑ. තවත් ප්‍රශ්නයක් නෑ.

ඒවා අයවැයේ ලියවිලා නැතිකොට, ඒ සහන දෙන්න නම් කොහෙන්ද ඒ මුදල් කපාගන්නේ කියන එකත් අපි දන්නේ නෑ. හැබැයි මේක අලුත් දේකුත් නෙවෙයි. මේක හැම අයවැයකම තියෙනවා. මේ 2024 අයවැයේ මම ගණන් කරලා තියෙනවා ඉතාමත් වැදගත් යෝජනා 22ක්. ඒ යෝජනා 22 ආදායම අඩුවෙන්නේ කොහොමද, නැත්නම් වියදම වැඩිවෙන්නේ කොහොමද කියලා කිසිම තක්සේරුවක් සඳහන් වෙලා නෑ. ඒ යෝජනා 22ම ඒ ප්‍රශ්නය තියෙනවා. හැබැයි විශාල මුදලක් එක්කෝ අයවෙනවා, නැත්නම් ආදායම අහිමි වෙනවා. ඒ නිසා මේක තාර්කික අයවැයක් වෙන්න නම් අපි ඒක හරිගස්ස ගන්න ඕනේ දෙසැම්බර් මාසේ මේකට ඡන්දෙ දෙන්න ඉස්සෙල්ලා කියන එකයි මගේ අදහස.

රනිල් වික්‍රමසිංහ මහත්තයා අයවැය යෝජනාවල හැම විටම යම් යම් සංකල්ප ඉදිරිපත් කරනවා. මෙවර කියලා තියෙනවා ‘ගිග් ආර්ථික කටයුතු’ කියලා. අපට ඒ වචනය හුරු නෑ. මොකක්ද මේ ගිග් ආර්ථික කටයුතු කියන්නේ?

අපේ රටේ ඉස්සර මිනිස්සු අවුරුදු 50ක් විතර එකම තැනක රැකියාව කරලා විශ්‍රාම යනවා. පසුකාලීනව සමහරු අවුරුදු 5ක් 6ක් එක තැනක වැඩකරලා වෙනත් ආයතනයකට සේවයට යන්න කටයුතු කරනවා. නමුත් ලෝකයේ වෙන රටවල බැලුවාම ඇතැම් අය එකම රැකියාවක් කරන්නේ නෑ. ඔවුන් ලැබෙන රැකියාවක් අවස්ථානුකූලව කරනවා. ඒවට කියන්නේ ‘ගිග්’ කියලා. මේ වගේ යෝජනා කරන්න පුළුවන්.

නමුත් ඒවා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන එකයි බලන්න ඕනේ. උදාහරණයක් විදියට කියනවා නම්, මේ අයවැයේ කියලා තිබුණා ජාතික කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානයක් හදනවා කියලා. ඒකට බිලියන 3ක විශාල මුදලක් වෙන්කරලා තියෙනවා. ඒකද ඉක්මනටම කරන්න ඕනේ මේ වගේ මොහොතක? ඒකෙන් අපේ රටට තියෙන ප්‍රයෝජනය මොකක්ද? ඒ ගැන තක්සේරුවක් තියෙනවද? ඒ වගේ යෝජනා ඉදිරිපත් කළාට ඒවා ආර්ථික වශයෙන් රටට වැදගත් වෙන්නේ ඇයි කියන තක්සේරුවක් නැත්නම් ඒ මුදල් අපතේ යන්න පුළුවන්. ගිය අවුරුද්දේ මේ වගේ යෝජනා සම්බන්ධයෙන් අපි තක්සේරුවක් කළා.

එතැනදී 68%ක්ම මොකක්ද වෙන්නේ කියලා මුදල් අමාත්‍යාංශයවත් දන්නෙ නෑ. ඒ නිසා මේ වගේ යෝජනා පිළිබඳ අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒ යෝජනාවලට වැය වෙන මුදල කොච්චරද කියලා තක්සේරුවක් නෑ. ඒ වගේම ඒ යෝජනාව ආර්ථිකයට කොයි තරම් ගැළපෙනවද කියලා තක්සේරුවකුත් නෑ. මේ යෝජනා බොහෝ විට ඉටුවෙන්නෙත් නෑ. ඊට පස්සේ අමතක වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි ඊට වඩා දියුණු විදියට වැඩ කරන එක වැදගත්. ආර්ථිකයක් කළමනාකරණය කිරීමේදී මේක නොදියුණු ක්‍රමයක්. මේ මොහොතේ අපේ රට ගොඩගන්න නම් මීට වඩා දියුණු, මීට වඩා වගකීමකින් යුතු ක්‍රමයකට අපේ වියදම් ටික කළමනාකරණය කරගන්න ඕනේ. ඒ වගේම ඉදිරිපත් කරන යෝජනා පිළිබඳ තක්සේරුවකුත් තියෙන්න ඕනේ.

ඔබ කියන්නේ මේ අයවැය යෝජනා තුළ එහෙම කළමනාකරණයක් පේන්නේ නැද්ද?

මම හිතන්නේ මේක පහුගිය අවුරුදුවල ඉදිරිපත් වුණු අයවැය වගේම යෝජනාවලියක්. ජනාධිපතිතුමා මේ අයවැය ඉදිරිපත් කරනකොට කියපු දේවල් පිළිගන්න පුළුවන්. සිහින මාලිගා වගේ පොරොන්දු දීලා රටක් සංවර්ධනය කරන්න බෑ, අපි මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතුයි වගේ කරුණු එහිදී කියවුණා. නමුත් අපි බලන්න ඕනේ මේ අයවැයේ කොතැනද ඒ වෙනස තියෙන්නේ කියලා.

අයවැය කතාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා බින්දුවට වැටී තිබුණු විදේශ විනිමය සංචිතය ඇ.ඩො. බිලියන 3.5 දක්වා ඉහළ ගියා කියලා. විදේශ රටවල විශ්වාසය යළි තහවුරු වුණා කියලා. ඇත්තටම බින්දුවට වැටිලා තිබිලා අපේ විදෙස් සංචිත ඇ.ඩො. බිලියන 3.5කින් ඉහළ ගියාද?

2023 අගෝස්තු මාසය වනවිට අපේ මුළු සංචිත ගණන ඇ.ඩො. බිලියන 3.5කට තියෙනවා. හැබැයි ඒකෙ අඩංගු වෙනවා චීනයෙන් අපිට හුවමාරු ක්‍රමයට ලබාදුන්න ඩොලර් බිලියන 1.2ක්. හැබැයි ඒක කලින් තිබුණේ 1.5ක් විදියට. ඒක මීට පෙර භාවිත කරන්න පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි. ඉතින් අනෙක් සංචිත බින්දුව වුණත් ඒ 1.5 කොහොමටත් තිබුණා. පොත්වල තිබුණා. මේ වැඩිවීම උපරිම වශයෙන් වෙන්න පුළුවන්

1.5 ඉඳන් 3.5 දක්වා. ඒ කියන්නේ බිලියන 2ක්. බිලියන 3.5කට වැඩිවෙන්න කිසිම ක්‍රමයක් නෑ. මොකද අනෙක් බින්දුව වුණත් මේ 1.5 කොහොමටත් එතැන තිබුණා. මොකද ඒක භාවිත කළ නොහැකි සංචිත ප්‍රමාණයක් හැටියට. අද මේ 3.5 තියෙන්නේ ඒකත් එක්ක. ඒ නිසයි අපි කියන්නේ මේක ඇත්තටම 3.5කින් නෙවෙයි උපරිම වැඩිවෙලා තියෙන්නේ බිලියන 2කින් විතර කියලා. ඒක සෑහෙන වැඩිවීමක්.

අයවැය කතාවෙදී මතුවෙච්ච තවත් වැදගත් කාරණාවක් තමයි ණය ගැනීමේ සීමාව වැඩිකිරීම කියන එක. ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,900ක් හැටියට තිබුණා. ඒක බිලියන 7,350 දක්වා වැඩිකරලා තියෙනවා. ණය ගන්න සීමාව 3,900 ඉඳලා තවත් රුපියල් බිලියන 3,400කින්ම වැඩිකරගෙන තියෙනවා. මේකේ බලපෑම මොකක්ද? ඇයි මෙහෙම දෙයක් කරන්නේ?

එකකට එකක් වගේ වැඩිවීමක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන කොට අපි ඇත්තටම කරන්නේ තියෙන ණය අපිට ආයෙත් ලබාදෙන්න කියලා, අලුත් ණයක් නිකුත් කරන එක. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනකොටත් මේක සිද්ධ වෙනවා. ඕනෑම ණය ප්‍රතිව්‍යුහගතකරණයකදී අපි කරන්නේ අලුත් ණයක් නිකුත් කරනවා වෙනත් ගෙවීමේ ක්‍රමයකට.

ඒකෙ පොලී අනුපාතයත් වෙනස්. ඒක අපිට සහනයක් වෙන විදියකට අලුත් ණයක් නිකුත් කරලා, පරණ ණය ආයෙත් ලබාගන්නවා, ඒක ගෙවන්න වෙන්නේ නෑ. හැබැයි මේ හුවමාරුවේදී තාවකාලිකව පරණ ණයත් තියෙනවා, අලුත් ණයත් තියෙනවා. මොකද අලුත් ණය එකතු කරලා ඒක දීලා තමයි පරණ ණය අපි ආයෙත් ලබාගන්නේ. එතකොට ඒ පරණ ණය මැකෙනවා. මම හිතන්නේ තාවකාලිකව වැඩිකිරීමේදී විශාල වැඩිවීමක් තියෙනවා. හැබැයි ඒක වැඩිකරන්න නීතිමය වශයෙන් අවසරයක් අවශ්‍යයි. ඒක තමයි මෙතැන වෙන්නේ. මම හිතන්නේ ඒක ගැටලුවක් නෙවෙයි කියලා.

මේ අයවැය විවාදය ලබන මාසේ මැද දක්වාම යනවා. විපක්ෂයට අවස්ථාව තියෙනවා මේකට යෝජනා ගේන්න. කාරකසභා අවස්ථාවේදී අපි මේක තර්ක කරනවා. සංශෝධන කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. ඒ අනුව ඔබ ආර්ථික විද්‍යාඥයෙක් විදියට මේ අයවැයේ දකින ගැටලු මොනවද කාරකසභා අවස්ථාවේදී නිරවුල් කරගන්න පුළුවන්?

අපි ළඟදි වැඩසටහනක් කළා. ඒකෙදී අයවැයට එකතු කරන්න පුළුවන් අදහස් 10ක් අපි ඉදිරිපත් කළා. අපි මීට කලිනුත් විවිධ අදහස් 30ක් විතර ඉදිරිපත් කරලා තියෙනවා. රජය ඒ අදහස්වලින් අඩු තරමේ 20%ක්වත් රජයේ ප්‍රතිපත්තිවලට එකතු කරගෙන තියෙනවා. තවත් වැදගත් අදහස් ගොඩක් තියෙනවා. ඒවා ඉදිරි අයවැය සාකච්ඡාවේදී ඉදිරිපත් කළ යුතුයි. උදාහරණයක් කිව්වොත්, අපි කියලා තියෙනවා මුළු ආදායම වැට් ඇතුළු බදුවලින් එකතු කරගන්නකොට ජනතාවට ඒක පීඩනයක් කියලා. ඒ පීඩනය අඩුකරගැනීමේ එක ක්‍රමයක් තමයි රඳවාගැනීමේ බද්ද වැඩිකිරීම.

අපේ ප්‍රශ්නය තමයි ආදායමක් ලැබුණට ටැක්ස් ෆයිල් එකක් නෑ. එතකොට ඒ ආදායම හරියට එකතු වෙන්නේ නෑ, රඳවාගැනීමේ බද්දෙන් ටැක්ස් ෆයිල් එකක් නැති වුණත් යම් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුන්. අපි කියන්නේ විත්හෝල්ඩින් ටැක්ස් එක දැන් තියෙන්නේ 5%යි, ඒක 10%ට වැඩිකරන්න කියලා. කාගෙන් හරි වැඩියෙන් අයවුණොත් ඒගොල්ලන්ට ඒක අඩු කරගන්න පුළුවන් ටැක්ස් ෆයිල් එක ඉදිරිපත් කරලා.

හැබැයි ටැක්ස් ෆයිල් එකක් නැති කෙනාව ඒ මගින් අපට හඳුනාගන්න පුළුවන්. මේකෙ වැදගත්කම වෙන්නේ ඒක රඳවාගැනීමේ බද්දක් විතරයි. අපි බදු ගෙවනකොට කියන්න පුළුවන්, දැනට මෙච්චරක් රඳවාගෙන තියෙනවා, ගෙවන බද්දෙන් ඒක අඩුකරගන්න පුළුවන් කියලා. ඒ නිසා බදු ගෙවන කෙනාට මේක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි බදු නොගෙවන කෙනාගෙන් අපට බදු අයකරගන්න පුළුවන්. ඒ නිසා 5%ට තියෙන ඒ බද්ද 10% දක්වා වැඩි කරගත්තොත් අපට වැට් එක අඩුකරගන්න පුළුවන්.

Newsfirst Sri Lanka යූටියුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දකි

SendShareShare
Previous Post

රට බංකොලොත්! මිනිස්සුන්ට කන්න නෑ! ඒ වුණාට එක දිගටම හොරකම් එළියට එනවා! පොඩි පොඩි ඒවත් නෙමෙයි! මහනුවර රෝහලට යන්ත්‍රයක් ගනිද්දි කෝටි 80ක අතයට ගැහිල්ලක් කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

හස්ත සංඥා චෝදනා ආවා! පුතා දාගත්තා කිව්වා! කොන්ත්‍රාත් කරනවා කිව්වා! ලියුම් ගනුදෙනු එළියට ආවා! කෝප් කමිටු සභාපතිට තවත් බරපතළ චෝදනාවක්! මේ පාර ලිංගික හිංසන චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.