• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතට ලොල් වී සිරුර දන් දෙන අපේ රටේ දූවරු ගැන කියන්නෙ ඇත්තද? I Sri Lanka Latest News

December 21, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මත් පෙති ගන්නවලු… ශරීරය අත ගාන්න දෙනවලු… ශරීරය පෙන්නනවලු…

මත්ද්‍රව්‍ය, මත්පැන්, මත්කුඩු මේවා ජාවාරම්. කොහොමත් රටක ඉඳලා හිටලා එහෙන් මෙහෙන් මතුවෙන දේවල්. හැබැයි මේක ඊට වඩා වෙනස් කතාවක්. අනුරාධපුරේ ගුරු සංගමයක ප්‍රධානියෙක් අපූරු නොවන නමුත් ඇඟ කිලිපොළා යන ප්‍රවෘත්තියක් රටට කිව්වා. ඒ තමයි අනුරාධපුරේ පාසල් ශිෂ්‍යාවන් තමන්ගේ ලිංගික අවයව, ශරීරයේ සමහර තැන් ප්‍රදර්ශනය කරනවා. අතපත ගාන්න ඉඩ දෙනවා මුදලට කියලා.(Sri Lanka Latest News)

ඒක වෙන්නේ කොහොමද කියලා හොයලා බලන කොට නිශ්චිතව කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ. නමුත් ඔවුන් කියපු කාරණාවත් එක්ක අපට මේ ලිපිය සකස් කරන්න පුළුවන්. මෙහෙම ලිපි ලියන්න අපට ඕනෙ නෑ. අපි කැමැති නෑ මෙහෙම ලිපි ලියන්න. නමුත් අවාසනාවකට අපට මේවා ලියන්න වෙනවා. හේතුව, මෙවැනි කතන්දර සමාජයට කිවයුතු නිසා. ඒත් යථාර්ථය තමයි මේ වගේ දේවල් සිද්ධ වීම වැළැක්විය යුතුයි. මේවා ඉතාම ගැඹුරින් අධ්‍යයනය කළ යුතු තත්ත්වයක් බව හඳුනාගන්න ඕනේ.

මේක ඉතාම පටු ලෙස දකින අය කියනවා අනුරාධපුරේ කියලා කියන්නේ පූජා නගරය, හරි ලස්සන තැනක්, අනේ ඇයි එහෙම වුණේ, එදා ඉඳන්ම මේක බැතිමතුන් ආගිය තැන වගේ සංවේදී කාරණා. ඒවා හරිම ආගමික දෘෂ්ටි කෝණයකින් බලලා කියන කතා. මොකද ඒ කියන කතා ඇත්ත. ඉතාම සුන්දර ස්ථානයක් බව ඇත්ත. ආගමික පරිසරයක් සහිත බවත් ඇත්ත. බැතිමතුන් ආගිය බවත් ඇත්ත. නමුත් අනුරාධපුරේ කියලා කියන්නේ හැම වෙලාවකම අතිශය සුවිශේෂ සංවේදී ස්ථානයක්. ඒකට හේතුව තමයි ලංකාවේ කිසිම නගරයක්, ගමක් නැහැ පිටස්තරයන් මේ තරම් යන එන. හෝටල් හෝ වෙනත් නවාතැන් විශාල වශයෙන් නිර්මාණය වුණු අනුරාධපුරේ ප්‍රධාන පාසල් වැඩි ප්‍රමාණයකම ළමයි 5,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා.

ඒක තමයි අනුරාධපුරේ තියෙන ලක්ෂණය. මේ වගේ තත්ත්වයක් අනුරාධපුරේ තියෙනවා නම්, ඒ අනුරාධපුරේට යොදන ආරක්ෂාව, ඒ අනුරාධපුරෙත් එක්ක කරන වෙනත් ගනුදෙනු සියල්ලම මීට වඩා වෙනස් විය යුතුයි. සාමාන්‍යයෙන් නගරයක පොලිසියට වඩා අනුරාධපුරේ පොලිසියට වෙනස් වැඩ ටිකක් කරන්න සිදුවෙනවා. සාමාන්‍ය නගරයක ඉන්න ආරක්ෂකයන්ට වඩා අනුරාධපුරේ ඉන්න ආරක්ෂකයන්ට කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තේරුම් නොගත්තොත් ප්‍රශ්න ගැටලු නිර්මාණය වීම නවත්වන්න බෑ. මේ වෙලා තියෙන්නෙත් එහෙම තත්ත්වයක් කියලයි අපට හිතෙන්නේ.

මේක ඊටත් වඩා බොහොම අවධානයෙන් බලන්න ඕනේ කාරණයක්. අනුරාධපුරේ කියන ප්‍රධාන නගරයේ දරුවන් මත්පෙතිවලට ඇබ්බැහි වෙලා ඉන්න බව හොයාගෙන තියෙනවා. ඒ සම්බන්ධව විවිධ කතන්දර සමහර වීඩියෝ පට ඔස්සේ අපට අහන්න ලැබුණා. එතකොට පළමු දේ තමයි අනුරාධපුරේ විතරද මේ විදියට මත්පෙතිවලට ඇබ්බැහි වූවන් ඉන්නේ කියන එක. අපට මීගමුව ප්‍රදේශයේ එක්තරා පාසලක ශිෂ්‍යාවන්ගෙන් අහන්න ලැබුණු කාරණයක් තමයි ඔවුන් පුරුදු වෙලා තියෙනවා කියලා නින්ද නොයන්නට යම් කිසි පෙති වර්ගයක් ගන්න. එතකොට ඔවුන්ගේ වුවමනාව වෙන්නේ පාඩම් කරන එක. මතක හිටින එක. මතක හිටින්න පාඩම් කරන්න යම් කිසි පෙති වර්ගයක් තියෙන බව ඔවුන් අතර මතයක් තියෙනවා.

මේ පෙති වර්ගයේ පරමාර්ථය මතක හිටීම වුණාට මේ පෙති වර්ගයෙන් සිද්ධ වෙන්නේ මත්වීමක් යැයි අපි විශ්වාස කරනවා. නමුත් දරුවෝ මේ මත්පෙති ගන්නෙම කිසිම මත්වීමේ පරමාර්ථයකිනුත් නෙවෙයි. ඒ නිසා ඔවුන්ගේ චේතනාව නරක නැහැ. ඔවුන්ගේ චේතනාව වෙන්නේ රෑට නිදි නැතිව පාඩම් කිරීම සඳහා පෙත්තක් ගැනීම. මේක කොහොමද ළමයින්ට දුන්නේ? මේ පෙත්තට ළමයි කොහොමද ඇබ්බැහි කරගත්තේ? ඒක දැන් හොයන්න කාලෙ හරි. මේ පෙත්තට යනවා විශාල මිලක්. ඒ මිල හොයාගන්න දරුවන්ට බෑ. මොකද පළමු වතාවේ දෙවතාවේ පෙති ගත්තට පස්සේ මේ දරුවෝ මේකට ඇබ්බැහි වෙලා ඉවරයි.

ඒ නිසා මේ අයට මේ පෙති නැතුව බෑ. මවුපියන්ගෙන් සල්ලි ඉල්ලලා මේ පෙති ගන්නත් බෑ. ඒ නිසා මේගොල්ලන්ට පෙතිවලට සල්ලි හොයන්න ක්‍රමයක් ඕනේ. අන්න ඒ ක්‍රමය ගැන කල්පනා කරද්දී වඩාත් ගැළපෙන ක්‍රමය තමයි ඔය කියන තමන්ගේ ශරීරාංග අතපත ගාන්න දෙන එක, බලන්න දෙන එක. ඒක දැන් බහුලව සිද්ධ වෙනවා. අත අල්ලන්න නම් මෙච්චරයි, පියයුරු අල්ලන්න නම් මෙච්චරයි, ශරීරයේ වෙනත් තැනක් අල්ලන්න නම් මෙච්චරයි, ශරීරාංග ප්‍රදර්ශනය කරන්න වෙනම මුදලක් අයකරනවා. සමහර විට පාසලේ මිතුරන්ට වෙන්න පුළුවන්, වෙනත් පුද්ගලයන්ට වෙන්න පුළුවන්. ඔවුන් ඒවා ප්‍රදර්ශනය කරලා යම් මුදලක් අයකරනවා.

මේක ලක්ෂ ගානක ව්‍යාපාරයක් නොවන නිසා හරි අමාරුයි මේකට වැට බඳින්න සහ මේක නොවන තැනට පත්කරන්න. පොඩි මුදලකින් තමයි මේ කටයුත්තු සිදුවෙන්නේ. ඇත්තටම පාසල් බලධාරීන්ට හෝ වෙනත් බලධාරීන්ට චෝදනා කළාට වැඩක් නෑ. මේ වගේ දේවල් වළක්වන එක ලේසි නෑ. මිශ්‍ර පාසලක නම්, ඔවුන් එක තැනක ඉඳන් යම් ක්‍රියාකාරකමක යෙදෙනකොට ඒක ඈතින් බලලා හඳුනාගන්න අමාරුයි. ඒවා විශේෂ වැරැදි විදියට නම්කරන්න හරි අමාරුයි. ඒකට හේතුව සමහර වෙලාවට දරුවොත් මේ දේවල්වලදී ඉතා සූක්ෂ්මයි. ඒක නිසා මම හිතනවා මවුපියන්ට විශාල වගකීමක් තියෙනවා මේ මත් පෙතිවලින් දරුවන්ව බේරගන්න.

විශේෂයෙන්ම මේ කතන්දරේ ඇතුළේ අපි කතාකරන්නෙම පිරිමි ළමයි ගැන නෙවෙයි ගෑනු ළමයි ගැන. හැබැයි පිරිමි ළමයිනුත් මේ ගැටලුවට මුහුණ දීලා ඉන්න බව අපි හොඳාකාරවම දන්නවා. එතකොට පිරිමි ළමයි සහ ගෑනු ළමයි කියන දෙවර්ගයම අද වෙද්දී භයානක අනතුරකට මුහුණ දෙමින් ඉන්නවා. මේ තත්ත්වය බලපාන්නේ අනාගතයට. ඒකට හේතුව මේ විදියට මත්පෙති භාවිත කිරීම හරහා දරුවන්ගේ ශරීරවලට සිද්ධ වෙන හානිය ගැන අපට කිසිම විදියකින් නිර්ණය කරන්න බෑ. මොකද මේ කිසිවක් මත්වීම සඳහා නිර්මාණය කරන ලද පෙති නෙවෙයි. ලෝකෙ මත්ද්‍රව්‍ය වර්ග තියෙනවා. ඒ මත්ද්‍රව්‍යවල පරමාර්ථය වෙන්නේ මත්වීම.

මත්වීම සඳහා කරන දේවලත් ශරීරයට තියෙනවනේ අතුරු ප්‍රතිඵල. නමුත් මේවායේ තියෙන්නේ අතුරු ප්‍රතිඵල නෙවෙයි. මේවායේ ඍජු ප්‍රතිඵලම ශරීරයට අහිතකරයි. උදාහරණයක් විදියට ගත්තොත් මත්වීම සඳහා භාවිත කරන සමහර ඖෂධ වේදනා නාශක. ශරීරය හිරිවට්ටලා වේදනාවක් නැතිකරන සංවේදනා නැතිකරන සමහර බෙහෙත් වර්ග මේ විදියට පාවිච්චි කරනවා. ඒ වගේම මානසික රෝග සහිත පුද්ගලයන්ට ලබාදෙන සමහර පෙති වර්ග මේ අය භාවිත කරනවා. එතකොට මේවා දීර්ඝකාලීනව භාවිත කිරීමෙන් සිද්ධ වෙන්නේ වකුගඩුවලට, වෙනත් ශරීර අවයවවලට හානියක් සිදුවීම. මොකද ඔවුන් මේ කිසිවක් බොන්නේ ප්‍රමිතියකට නෙවෙයි.

අපි දන්නවා ඇතැම් ඖෂධ වර්ග දෙන්නේ ආහාර ලබාගැනීමෙන් පසුව. ඒවායේ මිලිග්‍රෑම් ප්‍රමාණයකුත් සඳහන් කරනවා. වැඩි මාත්‍රාවක් බිව්වොත් එය ශරීරයට අහිතකර වෙනවා. වෛද්‍ය නිර්දේශය අනුව ඖෂධ භාවිත කරන්න කියන්නේ ඒකයි. අපි දන්නවා ෆාමසියකින් හිතුමතේට ඖෂධ නිකුත් කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒක නීති විරෝධී වැඩක්. වෛද්‍යවරයෙක්ගේ නිල මුද්‍රාව සහිත බෙහෙත් තුණ්ඩුවක් නොමැති පුද්ගලයකුට බෙහෙත් නිකුත් කරන්න ඔවුන්ට බැහැ.

ඒ වගේ දේවල් වැටලීම පවා සිදුවෙනවා ඇතැම් අවස්ථාවල. නමුත් එහෙම නැතිව මේ බෙහෙත ඔබේ දරුවාගේ අතට එනවා නම් ඔබ කල්පනාවෙන් ඉන්න. ඈ හෝ ඔහු මේ විදියට යම් යම් වෙනස්කම් හැසිරීම් පෙන්වනවද කියන එක අවබෝධ කරගත යුතුයි. මවුපියන්ට තියෙන වැරැදි මතයක් තමයි නිතරම තමන්ගේ දරුවා නිවෙසින් පිටතට යනකොට අනාරක්ෂිතයි කියන මතය. නගරයට යනකොට අනාරක්ෂිතයි කියන මතය. ජනාකීර්ණ වීදිවලදී ඔහු හෝ ඇය අනාරක්ෂිතයි කියන මතය. නමුත් අද මවුපියන් නොදන්නා යථාර්ථය වෙලා තියෙන්නේ දරුවෝ අනාරක්ෂිත තම තමන්ගේ කාමර ඇතුළේදී කියන එක.

ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම තම තමන්ගේ කාමර ඇතුළෙදී සිද්ධ වෙනවා. වට්ස්ඇප්වලින්, ජංගම දුරකතනයෙන් ඔවුන් ලෝකයත් එක්ක සම්බන්ධ වෙලා. ගනුදෙනු සියල්ල සිද්ධ වෙන්නේ ඒ විදියට ඔන්ලයින් හරහා. ඒ නිසා ඔබේ දරුවා ඔන්ලයින් නිසා විනාශ වෙන්න නොදී, හරියට අවබෝධ කරගන්න. මත්පෙති ජාවාරම අද වෙද්දී දරුණු ලෙස පැතිරෙමින් යනවා. දරුවෝ පාඩම් කරන්න කියලා මතක හිටින්න කියලා නිදිමත එන්නෙ නැතිවෙන්න කියලා පෙති වර්ග ලබාගන්න පුරුදුවෙලා ඉන්නවා.

සමහර විට ඔබ දැනුවත්වම දරුවෝ මේ සමහර පෙති වර්ග භාවිත කරනවා ඇති. එහෙම පෙති වර්ග භාවිත කරලා උන්මත්තක බවට පත්වෙච්ච දරුවෝ ගැන අපි අහලා තියෙනවා. ඒ නිසා කල්පනාවෙන් ඉන්න. විභාගය නෙවෙයි ජීවිතේ කියන්නේ. ඒ වගේම මේ මත්පෙති හරහා සිද්ධ වෙන හානිය ඔබට විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. එය රටට සිද්ධ වෙන හානියක් නිසා කල්පනාවෙන් ඉන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මිනිස්සුන්ගේ නැතිබැරිකම කේක් ගෙඩියෙන් එළියට එයි! I Sri Lanka Latest News

Next Post

මුහුදු පතුලේ සැඟව ගිය අවුරුදු පන්සීයක් පරණ රන් නැවක් මතුවෙයි I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

Load More
Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

2029 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව එම පක්ෂ...

Read more
රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.