• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුහුදු පතුලේ සැඟව ගිය අවුරුදු පන්සීයක් පරණ රන් නැවක් මතුවෙයි I Sri Lanka Latest News

December 21, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුහුදු පතුලේ සැඟවී ගිය නැව් ගැන කතන්දර අප ඕනෑ හැටියේ අසා ඇත. අවුරුදු සිය ගණනක් පරණ ටයිටැනික් නෞකාව මෙන්ම මාස ගණනකට උඩදී සුපිරි ධන කුවේරයන් කිහිප දෙනකු සමග අදටත් කොහේකදැයි සොයාගන්නට බැරිව අතුරුදන්ව ගිය ටයිටන් සබ්මැරීනයද ඒ අතර වඩාත්ම සුවිශේෂය.(Sri Lanka Latest News)

නැව් ගැන කතාවක් මේ විදියට පටන් ගත්තේ මුහුදු පතුලෙහි අවුරුදු සිය ගණනක් සැඟව ගිහින් තිබුණු නොසිතූ විදියට මතුව ආ නැවක කතාවක් ගැන ආයෙම වතාවක් තොරතුරු අසන්නට වූ නිසාය. ඒ කතන්දරේ අපි මෙහෙම පටන් ගනිමු.

මීට අවුරුදු පන්සියයකට කලින් ඒ කියන්නේ 1533 අවුරුද්දේ මාර්තු 07 වැනි සිකුරාදාවේ පෘතුගාලයේ ලිස්බන් නුවර ඉඳන් රන් සහ තඹ කැට වැනි නිධන් වස්තු පටවාගෙන තරමක් විශාල නැවක් ඉන්දියාව බලා යාත්‍රා කළා. එය පෘතුගීසි නැවක්. පෘතුගීසි බසින් එයට නම තැබුණේ Bom Jesus කියලයි. ඉංග්‍රීසි බසින් එහි තේරුම The Good Jesus යන්නයි. ඔන්න Bom Jesus කියන හැඳින්වීම තුළ අපූර්වත්වයක් තියෙන නිසා අපි ඒ හැඳින්වීම මේ කතන්දරයට ගනිමු.

සෙමෙන් ගමනින් ජල කඳ කපාගෙන ඉදිරියට ඇදුණු නැව ඉන්දියාව බලා යන අතරෙදී නැම්බියාවේදී දරුණු කුණාටුවකට හසුවූයේ එහි සිටි කිසිම අයකු හිතපු නැති විදියටයි. කුණාටුව එක්ක පොරබදන්න කප්පිත්තා ඇතුළුව හැමෝම දැඩි සටනක් කළා වුණත් කෙමෙන් කෙමෙන් කුණාටුව ඉතා දරුණු අතට හැරෙද්දී Bom Jesus මුහුදේ සැඩ පහරෙන් හෙම්බත්ව සිය පරාජය භාරගනිමින් සිටියේ තම සෙවණෙහි ලැගුම් ගෙන සිටි සියලු ජීවීන්ගේ පණ නල දිය රකුසාට භාර කරමිනි. Bom Jesus පෙරළී ගියේ ඉතා කඩිනම් ගිලී යෑමකට ගොදුරු වෙමින්ය. ඒ කඩිනම් ගිලී යෑමට හේතු වූයේ නැවේ බඳ පර්වතයක ගැටීම නිසාය. නැම්බියාවේ වෙරළට ආසන්නව ඇතිවූ කුණාටුව අසුරු සැණින් වේගවත් වූ නිසා සිදුවූ මෙම ව්‍යසනයෙන් Bom Jesus ගිලී ගිහින් මුහුදු පතුලේ සැඟව ගියේය.

ඉන් පසු එම අවාසනාවන්ත සිදුවීම නැම්බියා වෙරළෙහි මුහුදු පතුලේ සඟවා කාටත් කෙමෙන් කෙමෙන් අමතකව ගිය ශෝකාන්තයක් බවට පත්ව ගියේය. එයට වසර බොහෝ ගණනකට පසුව 2008 අවුරුද්දේදී නැම්බියාවේ මුහුදු සීමාවෙහි දැවැන්ත කැණීම් ව්‍යාපෘතියක් ආරම්භ වූයේය. මහා පරිමාණයෙන් සිදුවූ එම කැණීම්වලදී වසර ගණනක් පුරා මුහුදු පතුලේ සැඟව වැළලී තිබුණු Bom Jesus නැවේ සුන්බුන් මතුව එන්නට වූයේ අහම්බයෙනි.

එය ටයිටැනික් නැවේ සොයාගැනීමට සමාන ඉතිහාසගත සංකීර්ණ වූත් ගුප්තමයවූත් කතන්දරයක් වූවාට සැකයක් නැතැයි ඔබ සිතන්නේද?

එහෙම නම් ඒ සිතුවිල්ල වැරැදිය. Bom Jesus නැවෙහි සුන්බුන් සොයාගැනීම ටයිටැනික් නැවේ නටබුන් සොයාගන්නවාට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබිණි. ටයිටැනික් නැවේ සොයාගැනීමෙන් අලංකාර චිත්‍රපට කතාවකට අයත් වස්තු බීජය සහ සුපිරි පන්නයේ ධනවත් මිනිස් සමූහයකගේ ඛේදජනක මරණ මංචකයන් ගැන දුක හිතෙන කතාව ලෝකය හමුවේ අනාවරණ විය. Bom Jesus නැවේ සුන්බුන් තෝරන බේරන විට මිනිස් සිරුරු කිහිපයක අස්ථි කොටස් සමග කෝටි ගණනක් වටිනා රත්තරන්, තඹ, ලෝකඩ හමුවෙමින් තිබිණි. එයට අමතරව රිදී කාසි, ලෝහ කැබැලි, දිගු ලෝහ කණු, මාලිමා යන්ත්‍ර සහ ශාස්ත්‍රීය මෙවලම්ද විය.

පෘතුගීසි බලඇණි විසින් දිගින් දිගටම කැණීම් සිදුකළ අතර එම කාල පරාසය තුළ Bom Jesus ගිලීගිය වෙරළ සීමාව තහනම් ප්‍රදේශයක් බවට පත්ව තිබිණි. මෙහිදී හමුවූ රන් කාසි ප්‍රමාණයෙන් දෙදහසක් විය. තඹ පවුම් දසදහසකි. ඒ සියල්ල පිරිසිදු තඹ සහ රත්තරන් වූ අතර, නැම්බියානු සාගර පතුලෙහි වසර ගණනක් වැළලී තිබුණද ඒ කිසිවකට කිසිදු පලුද්දක් සිදුව තිබුණේ නැත. පුරාවස්තු පර්යේෂකයන් පවසන්නේ සුන්බුන්ව ගිය Bom Jesus නැව මෑතකාලයේ කළ පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් විශාලතම වටිනාකමක් සහිත එකක් වන බවයි.

සොයාගත් ඇතෙක් බරැති වස්තුවට සිදුවූයේ කුමක්ද?

එය නැම්බියානු රජයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති බවත්, දැඩි ආරක්ෂක විධිවිධාන මත තබා ඇති බවත් CNN නිවුස් ඔස්සේ අනාවරණ විය.

මෑතකදී අත්ලාන්තික් සාගර සීමාවේ මුහුදු පතුලෙහි සැඟව අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයත් තව අවුරුදු සිය ගණනකට පසු මෙලෙස ගුප්ත ආකාරයට හමුවිය හැකිද?

සමහර විට එවැන්නක් සිදුවන්නට බැරි නැත. එලෙසම Bom Jesus වැනි වස්තු සම්භාරයක් සමග සාගර පතුලේ සැඟව ගිය නැවක සුන්බුන්ද මේ ලෝක ධාතුව මත තව තව තිබෙන්නට බැරි නැත.
කොයික කෙලෙසක වුවද නිමිති බලා සිදුකෙරෙන යම් යම් කාරණයන් සහ සිදුවීම්වලට වැඩිය අහම්බයන් බොහෝ විට සංකීර්ණය. එහෙමත් නැත්නම් එහි වන්නේ සොඳුරු කුතුහලයන්ය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මතට ලොල් වී සිරුර දන් දෙන අපේ රටේ දූවරු ගැන කියන්නෙ ඇත්තද? I Sri Lanka Latest News

Next Post

මුළු රටම බදු ගැන කතා කරද්දී වසර 11කට කලින් ආසියාවේ ලොකුම VAT බදු වංචාව කරපු කෝ ඒ කුතුබ්ඩීන් I Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.