නත්තල් සමයේ කේක් අලෙවිය 50%කින් අඩුවී ඇති බව බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසයි.Sri Lanka Latest News
මේ වන විට රටෙහි පවතින උග්‍ර ආර්ථික අර්බුදය ඒ සඳහා හේතු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
කේක් කිලෝ ගණනින් වෙනදාට මිල දී ගන්නා පාරිභෝගිකයින් මෙවර එය ග්‍රෑම් 250 දක්වා සීමා කර ඇති බව වාර්තා වේ.
මේ අතර පසුගිය කොරෝනා වසංගතයේ සිට පැවැත්වෙන නත්තල් උත්සවවලදී කිතුනු නිවෙස් බොහොමයක සාදනු ලබන නත්තල් කේක් පවා මෙවර නතර කර ඇති බව වාර්තා වේ.











