කොළඹ නගරය ඇතුළු පිටස්තර ප්‍රදේශවල ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා වූ නීතිරීති ඇතුත් චක්‍රලේඛය කඩකරමින් සිදුකෙරෙන අක්‍රමිකතා වැඩිවීම නිසා පාසල් ආසන්නයේ පදිංචිකරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවෙමින් පවතින බව මවුපියෝ චෝදනා කරති. (Sri Lanka Latest News)
ඇතැම් පාසල් හා බැඳුණු තැරැව්කරුවන් විසින් ලබන වසරේ ජනවාරි මාසයට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා විශාල මුදලක් අත යට ලබාගන්නා බවට තොරතුරු ඇතත් ඒ පිළිබඳ තොරතුරු දීමට ඇතැම් මවුපියන් මැළිවන බවක් දක්නට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය.
මේ අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ පාසල්වලට පරිත්‍යාග මුවාවෙන් අදාළ මුදල් ලබාගැනීම සිදුවන බවත්, ඒ පිළිබඳ විනිවිදභාවයකින් යුතුව දැඩි අධීක්ෂණයක් සිදුකළ යුතු බව අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දී ඇති බවයි. ළමුන් ඇතුළත් කිරීම ගැන දැඩි පාලනයක් සිදුකළ යුතු බවද ඔහු පැවැසීය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ පාසල් ළමුන් ඇතුළත් කිරීම සඳහා කිසිවකු මුදල් ලබාගන්නේ නම් ඒ පිළිබඳ නිර්නාමිකව හෝ ලිඛිතව දැනුම් දෙන ලෙසයි.
ඒ පිළිබඳ නාමිකව ඉදිරිපත් වුවත් රහස්‍යභාවය හෙළි නොකරන බවයි ඔහු සඳහන් කළේ.
දැනටමත් පාසල්වල සිදුවන අක්‍රමිකතා ගැන ලැබෙන නිර්නාමික තොරතුරු කිසිවක් ඉවත දමා නොමැති බවත්, සෑම පැමිණිල්ලක්ම සොයාබලන බවත් රණසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජාතික පාසල් සේවා අධ්‍යක්ෂ සනත් ජයලත් මහතාද පැවැසුවේ නිර්නාමිකව ලැබෙන පැමිණිලි ඉවත නොදමා පරීක්ෂණ පවත්වන බවයි.
ප්‍රේමලාල් විජේරත්න










