• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ… ණයට අරන් පාටි දාන – රතිඤ්ඤා පත්තු කරන අරුම පුදුම ගෙදරක කතාව…

March 30, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ… ණයට අරන් පාටි දාන – රතිඤ්ඤා පත්තු කරන අරුම පුදුම ගෙදරක කතාව…
Share on WhatsAppShare on Facebook

එකෝමත් එක රටක එක ගෙදරක් තිබුණා. ඒ ගෙදර හරි ලස්සන ගෙදරක්. බලන බලන අයට හිතුණේ මේ ගෙදර කොච්චර ලස්සනයිද කියලා. හුඟක් වෙලාවට වටේ පිටේ ඉන්න කට්ටිය මේ ගෙදරට ආවා. ඒ, නිවාඩු පාඩුවේ ඉන්න, විවේක සුවයෙන් ඉන්න, පරිසරයේ අලංකාරය විඳින්න, ඒ වගේම මේ ගෙදර අයගේ ආගන්තුක සත්කාරය විඳගන්න. ඒ වගේ බොහෝ දෙනෙක් මේ ගෙදරට එන්න පුරුදු වෙලා හිටියා. ඒක නිසාම මේ ගෙදර අයගේ ආර්ථික ශක්තිය හුඟක් හොඳ වෙමිනුයි තිබුණේ. අනිත් එක තමයි මේ ගෙදර ඉඩකඩම්වල තිබුණු සම්පත්. විකුණනවා නම් විකුණන්න දේවල්, පිටරටවලට දෙන්න දේවල්, අලෙවි කරන්න පුළුවන් දේවල්, වටිනා දේවල් මේ ගෙදර හරියට තිබුණා. හුඟක් අය කිව්වේ මේ ගෙදර අයට හරියට මහන්සි වුණොත් ගමේම තියෙන පොහොසත්ම ගෙදර බවට මේ ගෙදර පත්කරන්න පුළුවන් කියලා. ඒ තරමටම මේගොල්ලෝ ගාව වටිනා දේවල් තිබුණා. ඒ වගේම මේ ගෙදර අයගේ ශක්තිය හරියට පාවිච්චි කළා නම් මේ ගෙදර අයට ලෝකෙම අල්ලන්න පුළුවන් කියන එක හොඳටම පැහැදිලි වෙමින් තිබුණා. ඉතින් ඔය විදියට මේ ගෙදර අය ඇත්තටම කාලයක් හුඟක් හොඳ ආර්ථික ශක්තියකින්, පොහොසතුන් බවට පත්වෙලා හිටියා. දැන් සමහර සිදුවීමුත් එක්ක කාලය ගතවෙමින් යනකොට මේ අයගේ ජීවිතත් කාගෙ කාගෙත් ජීවිත වගේම වෙනස් වෙන්න පටන් අරගත්තා. මේ වෙනස්වීම ඇත්තටම සිද්ධ වුණේ හොඳ පැත්තටමත් නෙවෙයි. ඒක එහෙමනේ. සමහර ගෙවල්වල ඉන්න අයට සමහර කාලවලට පොඩි පොඩි ප්‍රශ්න එනවා. එහෙම ප්‍රශ්න එනකොට ඒ ගෙදර ඉන්න ගෘහමූලිකයා මැදිහත් වෙලා ඒ ප්‍රශ්න විසඳනවා. ඒවට අවශ්‍ය පියවර අරගෙන සාමකාමීව මේ ගෙදර කාලය ගතවෙලා ගියා. ඇත්තටම මේ ගෙදරට හොඳ කාලයක් උදාවුණා. 1960 -70 විතර වෙනකොට හුඟක් අය හිතාගෙන හිටියේ මේ ගෙදර ලෝකෙ තියෙන හොඳම ගෙදරක් කියලා. ඔය ගමේ තියෙන සමහර පොහොසත් ගෙවල්වල අය මේ ගෙදර පොහොසත්ම ගෙදර බවට පත්කරන්න උත්සාහ කළා.

ඒ කාලේ ගමේ තිබුණු තව ගෙදරක අය කියලා තිබුණා කවදා හරි අපි අපේ ගෙදරත් මේ ගේ වගේම දියුණු කරනවා කියලා. දැන් නම් ඒ ගෙදර හොඳටම දියුණුයි. ඔන්න ටික කාලයක් ගතවෙලා යනකොට මේ ගෙදර ප්‍රධානියා තේරීම සඳහා කරන යෝජනාවලදී වැඩේ පොඩ්ඩක් අවුල් වෙන්න පටන් අරගත්තා. කොච්චර අවුල් වුණාද කියනවා නම් ඒක එක එක්කෙනාට ඕනෙ ඕනෙ විදියට කරන තැනට පත්වුණා. හොරු, වංචාකාරයෝ වගේ කට්ටිය බොරු කියලා මේ ගෙදර පාලකයා බවට පත්වෙන්න උත්සාහ කළා. ඇත්තටම මේ ගෙදර අනිත් මිනිස්සුන්ටත් ඒ ගැන කිසි ගානක් තිබුණේ නෑ. ඇත්තටම ගෙදරම හිටපු තව කට්ටියක් ඒ ගෙදරින් බාගයක් ඕනෙ කියලා යුද්ධෙට එන්නේ ඔය අතරතුරේ. ඇත්තටම කියනවා නම් මේකෙන් මේ ගෙදර අයට හරියට කරදර වුණා. අවුරුදු 33ක් විතර මේ ආරවුල් තිබුණා. ඉතින් පස්සේ මේකත් ඉවර වුණා. ඒක ඉවර කරන්න මැදිහත් වෙච්ච කෙනාට ඉඩම ලියලා දෙන්න කියලා දිගටම සටන් කරන්න ගත්තා. ඒ කියන්නේ ගෙදර වෙනුවෙන් සටනට ආපු කෙනා නිතරම කිව්වේ මේ ගෙදර බේරගත්තේ මම, ඒ නිසා මේ ගෙදර මට ඕනෙ කියලා. ඊට පස්සේ එයාගේ මල්ලිලා, එයාගේ පුතාලා, එයාගේ පවුලේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා මේ ගෙදර කෑලි කෑලි ලියාගන්න ගත්තා. පිත්තල සෙම්බුවේ ඉඳලා කුණු බක්කිය දක්වා වික්කා. ගෙදර තිබුණු ඩික්ෂනරි, පොත්පත් කිසිවකින් වැඩක් නෑ කියලා ඒවා කඩල කඩේට දුන්නා ගොටු හදන්න. පිත්තල සෙම්බු දුන්නේ යකඩ බඩු කඩේට. ඉතින් මේවා ඔක්කොම අස්සේ අන්තිමට ගෙදර වතුරත් නැතුව, කන්න බොන්නත් නැති තැනටම පත්වුණා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ කාටවත් මේ වැඩේ තියෙන වරදක් පෙනුණේ නැති එක.

දැන් ඔය විදියට මේ ගෙදර මහ නරක විදියට පාලනය කරන්න ගත්තා. ගෙදර මිනිස්සුන්ට එපාවුණා. කන්න නැතිව ගියා. පෝලිම්වල ඉන්න සිදුවුණා. ගෙදර ටැප් එක ගාව පෝලිම. එක පැත්තකින් බත් බෙදාගන්න පෝලිම. ඒත් ඉතින් අන්තිමට බත් දෙන්නේ සීමා සහිතව, කෑම බීම දෙන්නේ සීමා සහිතව. මේ වගේ නීතිරීති ටිකක් දාලා මේගොල්ලෝ මේක වෙන විදියකට කරන්න හැදුවා. ඒ වෙලාවේ නිකන් ගෙදර එකෙක් දෙන්නෙක් එළියට බැහැලා පොඩි ගේමක් ඉල්ලලා, ඊට පස්සේ ගෙදර ඔක්කොම එකතු වෙලා ගෙදර ප්‍රධානියාව ගහලා පැන්නුවා. ගහලා පන්නනකොට වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි. මේ ගෙදර මිනිස්සු හිටියේ පාං කියාගන්නත් බැරුව. කිසි දෙයක් නෑ. ලෝකෙටම ණයයි. අන්තිමට ගෙදර වැඩිහිටියෝ ප්‍රසිද්ධියෙම කියලා දැම්මා අපට දැන් කන්නත් නෑ, අපි දැන් නන්නත්තාර වෙලා ඉවරයි කියලා. ඕක කියලා ඉවර වෙනකොට ඇත්තටම දැන් මේ ගෙදර භාරගත්තෙ වෙනමම කෙනෙක්. මෙයැයි ගෙදර පෙට්ටගම කැඩුවා කියලා පොඩි සීන් එකක් එහෙමත් ගියා. එව්වා ගමේ හන්දි ගානේ කඩපිල් ගානේ කිය කියා ගියෙත් ඔය ගහලා පන්නපු මල්ලිගෙ අයියලා පුතාලා. පස්සෙ එයාලම කියන්නෙ ගත්තා නෑ නෑ මෙයා හෙන හොඳා කියලා.

කොහොම කොහොම හරි එක එක සෙප්පඩ විජ්ජා දාලා යාන්තමින් මේ ගෙදර උන්දැලා කාලා ඇඳලා ජීවත් වෙන්න පටන් ගත්තා. හැබැයි ඉතිං ඇන්දා කිව්වට ඇන්දෙමත් නෑ. අමුඩෙ ගැහුවත් ඒ හෙන අමාරුවෙන්. කෑවා කිව්වට කෑවෙමත් නෑ. දංකුඩක් කෑවත් ඒ අසීරුවෙන්. හැබැයි බොක්කෙ දඩමස් තියාන හක්කෙ බුදුරැස් පෙන්නන්න ක්‍රමය මේ ගෙදර අය දැනගෙන උන්නා.

ඔය අස්සෙ මෙයාලා පැත්තකට වෙලා ඉඳගෙන ගත්ත ණය තුරුස් ගැන කතාකරනවා. වංගෙඩි මෝල්ගස් හිට අරගෙන තියෙන්නෙ ණයවෙලා.

චූටි පුතාගෙ ආසාවට ණය වෙලා අහස් යාත්‍රා යවපුවා. අප්පච්චි ගමට යන්ඩ තෑගි ගෙනාපුවා, ලොකු පුතාගෙ සෙල්ලං ගෙවල් හදපුවා ඔක්කොම කරලා තියෙන්නෙ ණයට. ඇයි අර මොකක්ද බම්බුවක් අටවපු එකකුත් තියෙනවා. වෙසක් එකට පත්තු කරලා ලයිට් දාලා වටේ කරකවන්න පුළුවන් එකක්, අවුරුද්දම ගෙදර තියාගන්න මොන මඟුලට ඇටෙව්ව ද කියලා ගෙදර එකෙක් දන්නෙ නෑ. පන්සලේ පොඩි හාමුදුරුවො ඒක උඩට නැග්ගම තව්තිසාව පේනවය කිව්වා කියලා දායක සභාවෙ සභාපති පන්සලේ කෑගහලා තිබ්බා, හාමුදුරුවෝ නරක දේවල් ගන්නවා කියලා. නැත්නම් උස බම්බුවකට ගොඩවුණාම දෙයිය ලෝකෙ පෙනෙයියැ කියලා මිනිස්සු කතාවුණා. ගත්‍තු ණය ගෙවන්න බැරිවෙලා හතර අතේ ගිහිල්ලා පොලී මුදලාලිලා ගාව වැඳවැටිලා සින්න වෙන්න යන අරක මේක බේරගෙන, පස්සෙ මේ ගෙදර කට්ටිය ලොකු බැංකුවකින් ණයක් ඉල්ලුවා. අරවත් ගෙවන්න තියෙන අස්සෙ. හම්බෙන්න තිබ්බ ගානත් එක්ක ගත්තම ගෙවන්න තියෙන ගාන විසිඑක් ගුණයක් ලු. මතක් කරන කොටත් ඇඟ හිරිවැටෙනවා.

ඔන්න එක දවසක් මෙන්න මුං ටික රතිඤ්ඤා පත්තු කර කර ජෝගි දානවා. පාරෙ නටනවා. සමහරු කිරිබත් කනවා ගේ ඇතුළෙ. විසිල් ගහනවා බල්ටි ගහනවා හූ කියනවා එක විකාරයයි. ගෙදර මාර පාටියක්. අපි දැන් නැති ජාතියක් නෙමේ යකෝ කියලා සමහරු කෑ ගහනවා. කඩෙන් මස් රාත්තලක් එහෙම ගෙනල්ලා හෙන පාටියක්. වටේ පිටේ අය කිට්ටු කරලා ඇහුවලු මොකෝ මේ? කියලා.

ඔන්න ඒ පාර අර මහ උන්දා කලිසම උස්ස උස්ස ගෙදර ඈයොන්ට කිව්වලු ණය හම්බෙන විත්තිය. ඒක ගෙවන්නෙ කොහොමද, ඒකෙන් මොනවද කරන්නෙ, ඒකෙන් කනව බොනවද මොකොවත් නොදැන මුං මෙහෙ ඩෙඟා නටනවා. දැන් ණය විසිතිස් ගුණයක් වැඩිවෙලා. ඊළඟට වෙන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ කිසිම කෙනෙක්. හැබැයි ඉතිං දැන් මේ ඈයො හිතාගෙන ඉන්නෙ හතර මහ නිධානෙ පහළ වුණාය කියලා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වෘත්තීයවේදීන්ට තවත් ගහපල්ලා! මෙන්න හිටපු විශේෂඥ දොස්තරවරු 3 දෙනාම රට හැරලා ගිහින්! අනුරාධපුර මහරෝහලේ ළමා වාට්ටුව වසා දමයි!

Next Post

වැඩවර්ජනයක් වෙන්නත් පුලුවන්! ඊටත් එහා ගිය දෙයක් වෙන්නත් පුලුවන්! 3 වනදාට පස්සේ වෘත්තිකයන් කරන්න යන දේ! මර්දනයෙන් තර්ජනයෙන් මේවා නවත්වන්න බෑ! VIDEO

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.