• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අද හැම තැනම පුපුරන ගෑස් මුලින්ම ලංකාවට ආපු හැටි-කොළඹට බෙදපු හැටි දන්නවාද? දන්නේ නැතිනම් මේක කියවලම දැනගන්න!

January 12, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
අද හැම තැනම පුපුරන ගෑස් මුලින්ම ලංකාවට ආපු හැටි-කොළඹට බෙදපු හැටි දන්නවාද? දන්නේ නැතිනම් මේක කියවලම දැනගන්න!
Share on WhatsAppShare on Facebook

‘මැණිකේ, මැණිකේ බලන්න එපායැ අද කොළොම්පුරේ තිබුණු සර්කස්, මල්වෙඩි එහෙම. ආණ්ඩුකාර මහඒජන්තතුමත් ඇවිල්ලයි හිටියේ. හරියටම හවස හයහමාර වෙනකොට කොළඹ ගෑස් පහන් ටික පත්තු වුණා මැණිකේ බලන්න ලස්සනයි, හරිම පුදුමයි. අලුත් ගෑස් පහන් පාරවල් කිහිපයකම සවිකරලා, මේක නම් ඇහෙන්ම දකින්න ඕනෑ ලස්සන දර්ශනයක් තමා මැණිකේ…’

මෙයට හරියටම වසර 150කට පෙර දිනයකි. එනම් එදින 1872 වසරේ අගෝස්තු 10 වැනිදා යැයි අපගේ ඉතිහාස කතාන්දර කියා සිටියි. එදා රත්මලාන නැමැති ගමේ තිබුණු මුහන්දිරම් වලව්වට රාත්‍රියේදී කොළොම්පුරයේ සිට පැමිණෙන මුහන්දිරම්තුමා, වලව්ව ගොඩවන්නේ තමන්ගේ ආදරණීය බිරිය, ‘මැණිකේ’ අමතමිනි. ඔහු තමන් අත්දුටු අපූරු දසුන මැණිකේට විස්තර කරන්නේ එලෙසිනි. එනම් එදා ලංකාවේ ඉපැරැණි කොළොම්පුරයේදී සිදුවුණු එම අපූරු සිදුවීම අද අපගේ ලක් ඉතිහාසයේ කතාවට එක්වී ඇති අතිශය රමණීය වගතුගකි. එදා බි්‍රතාන්‍ය පාලනය ලංකාව තුළදී මෙරට පළමු වතාවට, ‘ගෑස්’ නැමැති බලශක්තිය භාවිත කරමින් කටයුතු ඇරැඹූ හැටි එලෙස මනහරව, විස්තරව කෙරෙන්නේ මෙරට ‘ලිට්රෝ’ ගෑස් සමාගමට සම්බන්ධ මුහුණුපොතේ (ෆේස්බුක්) පිටුවකිනි. කෙසේ හෝ මෙම අපූරු ඉතිහාසය පරිච්ඡේද ගණනාවක් කතා කළ යුතු දීර්ඝ වගතුගකි. වසර 150ක් යැයි කියන්නේ ශතක එකහමාරක අතිශය දීර්ඝ කාලයකි.

සමහර පාර්ශ්ව විසින් එදා යටත් විජිත ලංකාව තුළ පාලනය ගෙනගිය බි්‍රතාන්‍ය පාලකයන්ට විවිධ විවේචනයන් එල්ල කළද, මෙම සුදු පරිපාලකයන්ගේ කටයුතු වර්ණනය කළ බොහෝ ලාංකික පාර්ශ්වයෝද වූහ. කෙසේ හෝ සරල බසින් කිවතහොත් එකල මහා බි්‍රතාන්‍ය නොහොත් එංගලන්ත පාලකයන්, එදා ලංකාව නොහොත් ‘සිලෝන්’ නැමැති රට ‘කණපිට හරවන බොහෝ විස්මිත දේ සිදුකළ මිනිසුන් කොටසකි. ඒ අනුව මෙම ‘සුදු මිනිසුන්’ සිදුකළ සුවිශේෂී ක්‍රියාවලියක් නම්, ලංකාවට ගෑස් නැමැති බලශක්ති භාවිතය ප්‍රථම වරට හඳුන්වා දීමය. අප අද විශේෂයෙන්ම සොයා බලන්නට යන්නේ එම පුරාවෘත්තයේ වගතුගය. එදා රත්මලානේ මුහන්දිරම්තුමා තුෂ්ණිම්භූත කළ ‘ගෑස් පහන් කතාව’ අද සමාජයේ බොහෝ තරුණ පරපුර නම් දන්නේම නැත. ඔවුන් අද දන්නේ ගෑස් නැමැති මෙවලම නැති බැව් පමණය. එනම් ගෑස් අතුරුදන්වී ඇති ආකාරය පමණි

මෙම අපූරු වගතුගට හිමිකම් කියන සැබෑ කාලය නම් 1868 වසරයි. එනම් එම කාලයේදී සිටම ලංකාවට ගෑස් බලශක්තිය හඳුන්වා දීම සඳහා අදහස් සහ සැලැසුම් යෝජනා කෙරී තිබිණි. ඒ අනුව තවත් වසර 03ක් පුරා එම වැඩපිළිවෙළ සංවිධානය කෙරී 1872 වසර වන විටදී ‘ගෑස්’ ලංකාව තුළදී භාවිතය ආරම්භ කෙරිණි. එනම් මෙම 2022 නව වසර වන විටදී හරියටම වසර 150ක කාලයක් සපිරී ඇත. මෙම අපූරු ව්‍යාපෘතිය ඇරැඹීම ගැන යම් කාලවකවානු සඳහන් වූ ඉතිහාසයක තොරතුරු ඇතත්, මෙය කිනම් බි්‍රතාන්‍ය පාලකයකුගේ සමයක් දැයි පැහැදිලිව සඳහන් නැත. ඒ හෙයින් එම තොරතුරු අපගේ ‘මව්රට’ පාඨකයන් උදෙසා සොයා බලා ලියා තැබුවෙමි. යටත්විජිත සමයේ ලංකාව පාලනය කළ බි්‍රතාන්‍ය පාලකයන්ගේ ලැයිස්තුව බැලූ කල පෙනී යන්නේ, මෙම ගෑස් ව්‍යාපෘතිය හඳුන්වා දුන් සමයේ ලංකාවේ පාලකයා වී ඇත්තේ හර්කියුලීස් රොබින්සන් නැමැති සුදු ජාතිකයෙකි. එහෙත් පසුව මෙම ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාවෙහි නංවා ඇත්තේ, විලියම් හෙන්රි ග්‍රෙගරි නැමැති අපට බොහෝ හුරුපුරුදු සුදු ආණ්ඩුකාරයාගේ සමයේදීය. කොළඹ 07 ප්‍රදේශයේ කාලයක් පුරා සිට තිබෙන ‘ග්‍රෙගරි පාර’ පිහිටුවා ඇත්තේද මෙම බි්‍රතාන්‍ය පරිපාලකයා අනුස්මරණය කිරීම උදෙසාය. කෙටියෙන් ‘ග්‍රෙගරි ආණ්ඩුකාරයා’ යැයි කියන්නේ මොහුටය.

ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි යන ගරු නම්බු නාමයෙන්ද හඳුන්වන මෙම ආණ්ඩුකාරයා එකල ලංකාවේ පාලකයා ලෙස පත්කෙරුණු ලැබුවේ, පළමුවැනි වික්ටෝරියා මහරැජන විසිනි. එනම් ඔහු 1872 මාර්තු 04 වැනිදා ආණ්ඩුකාරයා ලෙසට පත්කරන ලද අතර, 1877 සැප්තැම්බර් 04දා දක්වා වසර පහමාරක කාලයක් නොකඩවා එම තනතුර දැරුවේය. මේ ආකාරයෙන් බලන විට 1872 අගෝස්තු 10දා ලංකාව තුළ ගෑස් බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කෙරී ඇත්තේ මෙම ග්‍රෙගරි ආණ්ඩුකාරයාගේ කාලයේදීය. එකල සම්පූර්ණයෙන්ම බි්‍රතාන්‍ය රජයේ මෙහෙය වීම යටතේ සිදුකරන ලද මෙම කාර්යය සඳහා, ලංකාව තුළ ‘කළම්බෝ ගෑස් ඇන්ඩ් වෝටර් කම්පැනි’ නමින් බි්‍රතාන්‍ය සමාගමක්ද ස්ථාපිත කරන ලදී. මෙහි ප්‍රධාන කාර්යාලය කොළඹ පිටකොටුව ප්‍රදේශයේදී ස්ථාපිත කරන ලද අතර, ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් රත්මලානේදී ආරම්භ කෙරුණු බැව්ද සඳහන්ය. මේ අනුව එදා මල්වෙඩි ගසා, සර්කස් පෙන්වා ඇරැඹි ගෑස් කතාව සැබෑ ලෙසම විසිතුරු එකකි.

ඉතිහාසගත වගතුගට අනුව මෙම විසිතුරු වගතුග ආරම්භ වන්නේ, කොළොම්පුරයේ එක් සුවිශේෂී ස්ථානයකිනි. එනම් එදා සුද්දන්ගේ කාලයේදීත්, අද වසර 150ක් ගෙවුණු වත්මන් කාලයේදීත්, මෙම ස්ථානය හඳුන්වන්නේ එකම නාමයකිනි. එය නම් ‘ගෑස්පහ හන්දියයි.’ මම ඔබට මුලින් ප්‍රකාශ කළ ගෑස් සමාගමේ ආරම්භක කාර්යාලය ආරම්භ කෙරුණු පිටකොටුව ප්‍රදේශය මතකද? එනම් එම කාර්යාලය පිහිටා තිබුණු ස්ථානයට මීටර් 150ක පමණ ආසන්න දුරින් මෙම ඉපැරැණි මංසන්ධිය පිහිටා තිබෙයි. එනම් මංසන්ධියේ විශේෂත්වය වන්නේ එතැනට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන මාර්ග 05ක් එකට එකතු වීමය. මෙලෙස එකට සම්බන්ධ වන මාර්ග 05 වන්නේ, ශ්‍රී බෝධිරාජ මාවත, වේල්ල වීදය, සෙක්කු වීදිය, ආදුරුප්පු වීදිය සහ කෙළින් වීදියයි. මෙම කතාන්දරයේ විසිතුරුම වගතුග හෙළිවන්නේ දැන්ය. එනම් එකල පළමුවැනි විශාල ‘ගෑස් වීදී පහන’ සවිකර ඇත්තේ ඉහත මාර්ග 05, එකට යාවන මංසන්ධියේය. වසර 150කට පෙර එලෙස මුලින්ම ගෑස් බලයෙන් දල්වා ඇත්තේ මෙම වීදී පහනය. එකල නැව් මගින් මෙරටට ගෑස් ගෙනැවිත් ඇත.

මෙහි අනෙක් විශේෂිතම කතාව නම්, අදටත් මෙම ඓතිහාසික විශාල ගෑස් පහන දක්නට හැකිය. එකල මහා බි්‍රතාන්‍යයෙන් ගෙන එන ලද මෙම විශේෂිත නිර්මාණය ඉතාමත්ම සවිශක්තිමත් වූ අතර, එම ප්‍රධාන පහනත් සමගම එදින දිනයේ කොළඹ-කොටුව ප්‍රදේශයටද සවි කරන ලද තවත් කුඩා වීදී ගෑස් පහන් රාශියක්ද දල්වන ලදී. මේ හෙයින් 1872 අගෝස්තු 10දා කොළොම්පුරය මහත් ආලෝකයෙන් රාත්‍රියේදී බබළන්නට විය. මෙලෙස එදා ප්‍රථම වතාවට ආලෝකමත් වූ අගනුවර මංසන්ධිය අදටත් කටපුරා හඳුන්වන්නේ ‘ගෑස්පහ හන්දිය’ ලෙසිනි. ඒ හරහා ගමන් ගන්නා බස් රථවල සිටින සේවක මහත්වරුන් ජනතාවට ශබ්දනඟා කෑගසන්නේ, ‘ගෑස්පහ හන්දිය බහින්න, ගෑස්පහ හන්දිය බහින්න’ යනුවෙන් වීමද අපූරු කතාවකි. අගනුවර නිරන්තරයෙන් යන එන පිරිස්වලට මෙම දසුන් දැකිය හැකිය. එදා බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් සවිකරන ලද මෙම ප්‍රථම විශාල ගෑස් පහනේ ගෑස් බල්බය මේ වන විට ඒ යාබදව ඇති පැරැණි නගර ශාලාවේ කෞතුකාගාරයේ සංරක්‍ෂණය කර ඇති ආකාරය දැනටත් දැකිය හැකිය.

මෙම වගතුගේදී හෙළිවන තවත් අපූරු කරුණක්ද වෙයි. එනම් මෙම ගෑස් ඉතිහාසය ගැන පසුගිය කාලයක් පුරා අපගේ පුවත්පත්වල පළමු සමහර විශේෂාංග ලිපිවලින් ප්‍රකාශිත කරුණක් නම්, එකල බි්‍රතාන්‍ය පාලන ලංකාවේ අගනුවරදී, (කොළඹදී) භාවිත කෙරුණු ‘ට්‍රෑම් බස් රථ’ හෝ ‘ට්‍රෑම් කාර් රථ’ ධාවනය සඳහා ගෑස් බලය භාවිත කෙරුණු බැව්ය. මෙම පුවතෙහි යම් අසත්‍යයක් ඇති බැව් මාහට හැඟී ගිය හෙයින් ‘මව්රට’ පාඨකයන් උදෙසා ඒ ගැන සොයා බැලුවෙමි. එහිදී පෙනී ගියේ එම වගතුග සාවi බැව්ය. එනම් ලංකාව තුළ භාවිත වුණු ට්‍රෑම් රථවාහනවල සේයාරූ නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යන්නේ එම වාහන දිවීම සඳහා පීල්ලක් තිබුණු අතර, වාහනයේ ඉහළ යම් කේබල් පද්ධතියක් තිබුණු බැව්ය. මේ අනුව සොයා බැලීමේදී පෙනී ගියේ ලංකාවේ මෙම ට්‍රෑම් රථ සේවය ආරම්භ කෙරී ඇත්තේ, 1900 වසරේදී ලංකාවට විදුලි බලය ස්ථාපිත වීමෙන් පසුවය. පසුව මෙම සේවය කොළඹ නගර සභාව විසින් 1960 වසර දක්වා පවත්වාගෙන ගොස් ඇත.

එදා යටත්විජිත, බි්‍රතාන්‍ය ලංකාවට (බි්‍රටිෂ් සිලෝන් ) මුලින්ම විදුලිබලය හිමිවී ඇත්තේ, ගෑස් බලය හිමිවී වසර 18කට පසුවය. එනම් 1890 වසරේදීය. එනම් විශාල විදුලි ජනක යන්ත්‍රයක් (ජෙනරේටරයක්) සවිකර තිබුණු, ‘හෙලියොස්’ නැමැති බි්‍රතාන්‍ය නාවික හමුදා නෞකාව මගින් මෙම විදුලිබලය කොළඹ ගොඩබිම වෙත ලබාදී ඇත. ඒ අනුව එකල ගෑස් ලාම්පුව මෙන් ප්‍රථම විදුලි ලාම්පුව දැල්වූයේ, කොළඹ බි්‍රස්ටල් හෝටලයේ ‘බිලියර්ඩ්’ ක්‍රීඩා ශාලාව තුළදීය. මෙම අතුරු ඉතිහාසගත වගතුග ඔබට ලියා තැබුවේ, එකල ට්‍රෑම් රථවාහන ධාවනය කරවන ලද්දේ ගෑස් බලයෙන් නොවන බැව් ඔබට අවධාරණය කිරීම සඳහාය.

එකල අතීත ගෑස් කතාවේ වගතුග කිහිපයක් බවද මට මතකය. එනම් 70 දශකයේ මුල් භාගයේදී අප පදිංචිව සිටියේ, පියාට ලැබී තිබුණු බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටා තිබුණු රජයේ නිල නිවෙසකය. බොහෝ පහසුකම් තිබූ මෙම නිවෙසේ උදුන් හතරක විශාල ගෑස් ළිපක්ද විය. එකල 12 වැනි වියෙහි පසුවූ මම, මෙම ළිපට ගෑස් ලැබෙන ආකාරය ගැන පියාගෙන් විමසා සිටියෙමි. එවිට ඔහු පැවැසූ කතාව තවද ඉතා හොඳින් මට මතකය. පියා පවසා සිටියේ මෙම ගෑස් නළ කොළඹ දෙස සිට පැමිණෙන බවත්, ඉන් පසුව ඒවා ගාලුපාරෙන් හැරී අතුරු පාරවල් දිගේ නිවෙස්වලට යන බවත්ය. එහිදී කැමැති පිරිස් මුදල් ගෙවා එම ගෑස් සේවාව ලබාගත් බවත්, ඔහු මට ප්‍රකාශ කළේය. අප නිවෙසේ ගෑස් උදුනටද ලෝහ බට සවිකර ඇති අන්දම තුළින් එය මනාව පැහැදිලි විය. කෙසේ හෝ මෙම තත්ත්වය අපගේ ගෑස් ඉතිහාස කතාව තුළින්ද ඉතා පැහැදිලිව ප්‍රකාශ වී ඇත. එනම් එකල බි්‍රතාන්‍ය සමයේදී කොළඹින් ඇරැඹි ගෑස් බෙදා හැරීම පොළොව යට යෙදූ නළ මගින් රත්මලාන දක්වාම ගෙනගොස් ඇත. එය එකල සිදුකළ අති සුවිිශාල ව්‍යාපෘතියකි. එනම් වසර 150කට පමණ පෙරදී මෙසේ සිදුකෙරුණු භූගත නළ මගින් ගෑස් බෙදා හැරීම අද අප මහත් විශ්මයට පත්කරන වගතුගකි. අද අප රට පාලකයන්ට එවැන්නක් සිදුකළ හැකිද? අද එය විටෙක සිහිනයක් පමණි. පසුගිය කාලයේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලැසුමක් තිබුණද එය උපන් ගෙයිම මියගියේය. මෙය බොරැල්ල ප්‍රදේශයෙන් ඇරැඹීමට නියමිතව තිබිණි.

‘කලම්බෝ ගෑස් ඇන්ඩ් වෝටර් කම්පැනි’ නැමැති මෙම ඓතිහාසික සමාගම ගැන මට තවත් අපූරු මතකයක්ද ඇත. එනම් 1979 වසරේ මුල් භාගයේදී ‘දවස’ පුවත්පතේ සේවය කරන සමයේදී ගෑස්පහ හන්දියට ආසන්නව පිහිටා තිබුණු එම පැරැණි සමාගමට, මාධ්‍ය කටයුතු උදෙසා දෙවතාවක් පමණ පැමිණියෙමි. ගෑස්පහ හන්දියේ සිට බෝධිරාජ මාවතේ පිටකොටුව දෙසට මීටර් 150ක පමණ දුරින් මෙම සමාගම පිහිටා තිබිණි. කෙසේ හෝ කාලය ගතවෙමින් යද්දී 1996 වසරේදී මෙම ඉපැරැණි සමාගම, ‘රාජකීය ෂෙල් සමාගම’ විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 37කට මිලදී ගත්තේය. අප සමාජය විසින් කාලයක් පුරා භාවිත කරන ලද ‘ෂෙල් ගෑස්’ නිෂ්පාදනය එය විය. කෙසේ හෝ එතැනින්ද වසර 14කට පසුව, එනම් 2010 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 63කට ෂෙල් සමාගම සතුවූ සියලු කොටස් මිලයට ගන්නා ලදී. ඉන්පසුව ගෑස් සමාගම ‘ලිට්රෝ’ ගෑස් සමාගම ලෙසින් ලංකා ඛනිජතෙල් සංස්ථාව යටතේ තම ව්‍යාපාරික කටයුතු ඇරැඹුවේය.

මේ ආකාරයට ලංකාවේ ඉපැරැණි ගෑස් කතාව පරිච්ඡේද ගණනාවක් පුරා දිවගියේය. එදා ඉතා සුන්දර වටපිටාවක් තිබුණු එම වගතුගට අද ඇත්තේ ඉතාමත්ම ශෝචනීය වූ පසුබිමකි. මිනිසුන් අද ‘ගෑස් ගින්නෙන්’ දැවෙන හැටි හතරවටින්ම දැකිය හැකිය. මේ ඛේදනීය තත්ත්වය උද්ගත වී දැනට මාස 06-07කටත් වැඩිය. ගෑස් බැරලයක් මිලදී ගන්නට මිනිස්සු නොවිඳිනා දුක් විඳිති. ගෑස් ‘බැරලයක්’ සොයා ගන්නවාට වඩා ‘කළුනික’ සොයා ගැනීම ඉතා පහසුය. ඒ අතරම ඒවායෙහි මිල ගණන්ද අහස උසටය. කුමන තත්ත්වයක් තිබුණද දරාගත නොහැකි අනෙක් බියකරු තත්ත්වය වන්නේ අද ගෑස් නිසා සිදුවන මිනිස් අනතුරුය. බාල ප්‍රමිතීන්ට නිෂ්පාදනය කළ ගෑස් අද සෑම තැනකදී පුපුරා ගොස් මාරක අනතුරු සිය ගණනක් ඇති කර ඇත. මේ ආකාරයට පසුගිය 2021 වසර තුළදී පමණක් ‘එල්.පී.ගෑස්’ අනතුරු 847ක් සිදුවී ඇති අතර, පුද්ගලයන් 07 දෙනෙකු මරණයට පත්වී ඇත. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. මෙසේ සිදුවීමට හේතුව දැනට නිෂ්පාදනය කෙරෙන ගෑස්වල ඇති බාල ප්‍රමිතිය යැයි ජනාධිපති කොමිසමෙන්ද පසුගියදා නිගමනය කළේය. අද ගෑස් ගිනි, ලැව්ගිනි බවට පත්වෙලාය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොවිඩ් හැදුනු ලතාට නිව්මෝනියාව!

Next Post

බොරැල්ලේ පල්ලියට අත්බෝම්බය ගේන්න අවුරුදු 13ක ළමයෙකුත් යොදාගෙන!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.