• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවො 6 දෙනාගේ කතාවෙ නොදන්න ඇත්ත මෙන්න I Sri Lanka Latest News

October 27, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ කාසල් වීදියේ ළමා රෝහලේ සය නිවුන් දරු උපතක් සම්බන්ධව එකවරම ප්‍රවෘත්තියක් ලෝකෙට ආවා. ඒ ප්‍රවෘත්තියත් එක්ක මුළු රටම ඒ ගැන සතුටු වුණා, සුබ පැතුවා. හැබැයි මේ සුබ පැතීම් අස්සේ තවත් ටික වෙලාවකින් අපට මාධ්‍යවලින් අහන්න ලැබෙන්නේ අපි කවුරුත් අහන්න බලාපොරොත්තු නොවුණු විදියේ ප්‍රවෘත්තියක්. ඒ තමයි මේ දරුවෝ හය දෙනාම මේ වෙනකොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සහ ඔවුන් නොමේරූ ළදරුවන් බව, ඔවුන්ගේ බර ග්‍රෑම් 400ත් 500ත් අතර ප්‍රමාණයක බව ඔවුන් කිව්වා.(Sri Lanka Latest News)

ඒ වගේම මේ වෛද්‍යවරයා එක්තරා කාරණයක් පැහැදිලි කළා. ඒක කොයි තරම් සදාචාරාත්මකද, යුක්තිසහගතද කියන එක ගැන ප්‍රශ්න කරන්න අපට අයිතියක් තිබුණත් එතුමන් කියපු කාරණය අත්‍යාවශ්‍ය කාරණයක් බව අපි දකිනවා. ඒ නිසා ඔහුගේ ඒ පැහැදිලි කිරීම තවදුරටත් අපේ ලිපියට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා කිසිවකුට අපහාසයක් හෝ කිසිවෙක්ට චෝදනාවක් එල්ල නොකරන්න අපි ඒ නම්ගම් සඳහන් නොකරන්නත් තීරණය කළා.

අයි.වී.එෆ්. කියන නම ගැන දැන් මේත් එක්කම බොහෝ තැන්වල කතාවෙන්න පටන් අරගන්නවා. මොකක්ද මේ අයි.වී.එෆ්. කියලා කියන්නේ? ඒ තමයි වෛද්‍යවරයා කිව්වා එක තැනකදී දරුවන්ව ගර්භාෂ තුළ තැන්පත් කරද්දී කලල දෙකක් හෝ ඊට සමාන ප්‍රමාණයක් තැන්පත් කිරීමේ සම්මත ක්‍රමවේදයක් තියෙනවා ලෝකයේ, නමුත් මේ ආකාරයෙන් කලල හයක් තැන්පත් කිරීමත් ඇතැම් වෛද්‍යවරු සිද්ධ කරනවා, ඒක ඉතාම අනාරක්ෂිත භයානක සහ තීරණාත්මක අවස්ථාවක් කියලා.

අයි.වී.එෆ්. කියලා කියන්නේ දරු ගැබක් පිළිසිඳ ගැනීම සම්බන්ධව ප්‍රශ්න තියෙන කාන්තාවකගේ ඩිම්බ, සැමියාගේ ශුක්‍රාණු සමග විද්‍යාගාර තත්ත්වයකදී සංසේචනය කරලා ඒවා ගර්භාෂයේ තැන්පත් කිරීම. මේ ගැන හොයලා බලද්දී අපට දැනගන්න ලැබුණා වයස වැඩි කාන්තාවන්ට, පැලෝපීය නාලවල ආබාධ සහිත කාන්තාවන්ට, ඇතැම් රෝග ඇති අයට, ඩිම්බ කෝෂවල ෆයිග්‍රොයිඩ් ප්‍රශ්න ඇති අයට, ශුක්‍රාණු නිපදවීමේ ගැටලු ඇති සහකරුවන් සහිත අයට, ජානමය තත්ත්ව, පිළිකා රෝග නිසා දරු ඵල නොලැබෙන අයට මේ ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමවේදයක් කියලා.

මෙහිදී සිද්ධ වෙන්නේ ඩිම්බ කෝෂ උත්තේජනය කරලා ඩිම්බ ලබාගෙන, ශුක්‍රාණු ලබාගැනීම සහ ඒ ශුක්‍රාණු සමග ඩිම්බ සංසේචනය කරලා කලලය තැන්පත් කිරීම. මෙහිදී සිදුකරන්නේ කාන්තාවට ඖෂධ ලබාදීලා ඇගේ ඩිම්බ වැඩි ප්‍රමාණයක් එකවරම ලබාගෙන පුරුෂයාගේ ශුක්‍රාණු සමග විද්‍යාගාර තත්ත්වයකදී සංසේචනය සිද්ධ කිරීමයි. එහිදී ස්වාමිපුරුෂයාගේ යම් ගැටලුවක් තිබෙනවා නම් පරිත්‍යාග කරන ලද ශුක්‍රාණු පවා ලබාගන්න පුළුවන්කම තියෙනවා. පිටතට ගත්ත ඩිම්බ රසායානාගාරයක් තුළදී තමයි මේ විදියට ශුක්‍රාණු සමග සංසේචනය සිද්ධ කරන්නේ.

මේ විදියට සංසේචනය කරලා නිර්මාණය වෙච්ච සාර්ථක කලල එකක් හෝ දෙකක් කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කරනු ලබනවා. නමුත් මේක ඉතා කුඩා බටයක් ආධාරයෙන් කරන සංකීර්ණ ක්‍රියාවලියක්. එක තැනක සඳහන් වෙනවා ඩිම්බ යුක්තානුවක් බවට පත්වුණාට පස්සේ තමයි මේ විදියට තැන්පත් කරන්නේ කියලා. ඇත්තටම මේක සති දෙකක් ඇතුළත පරීක්ෂා කරලා දැනගන්නවා කාන්තාව ගැබ්ගෙනද කියන එක. තැන්පත් කරන ලද කලලය සාර්ථකව දරුවෙක් ලෙස මෝරන්නට පටන් අරගෙනද කියලා.

මෙතැන තියෙන ප්‍රශ්නය තමයි අඩු බර සහිත දරු උපත්, නිවුන් දරු උපත් වගේම විවිධ සංකූලතා සහිත දරුවන් බිහිවිය හැකි බව. මේ ආකාරයෙන් කලල හයක් තැන්පත් කිරීමේදී ඒ කලල හයට ගර්භාෂයක් තුළ නිවැරැදිව වැඩෙන්නට ඉඩකඩ සීමා සහිත වීම සහ මේ දරුවන් කියලා කියන්නේ ඉතා වටිනා සම්පතක් බව අපි නිතරම කතා කළත් මේ ගැබ්ගැනීමේ ඇති සංකීර්ණ බව ඒ හරහා ඇති ගැටලු ගැන අපි සාකච්ඡා කරන්නේ නෑ. මෙතැනදී සිද්ධ වෙන්නේ මේ කාරණය සාකච්ඡාවට ලක්වීම ප්‍රථම වතාවට.

මේ ලියන මොහොත වෙනකොට අපට දැනගන්න ලැබෙනවා දරුවන් පස්දෙනෙක් කාසල් වීදිය කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකය යටතේත්, අනෙක් දරුවා කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටි බව. ඔවුන් වෙනුවෙන් අදාළ රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩලය මේ වන විටත් විශාල කැපකිරීමක් කරමින් සිටිනවා. අපි දන්නවා ලංකාවේ මේ දෙවැනි සය නිවුන් දරු උපත කියලා.

වෛද්‍ය ටිරාන් ඩයස්ගේ අධීක්ෂණය යටතේ පෞද්ගලික රෝහලකදී ප්‍රථම සය නිවුස් දරු උපත ඉතා සාර්ථකව සිදුකළා. ඒක ලොකු වැඩපිළිවෙළක් යටතේ සිදුකළ බව ඒ වෛද්‍යවරයා අපිත් සමග ප්‍රකාශ කළා. ඔවුන් පෙර පුහුණුවීම් පවා සිදුකර තිබුණා මේ දරුවන් බිහිකිරීම සඳහා.

නමුත් මෙතැනදී එවැනි දෙයක් සිදුවුණාද කියන්න අපි දන්නේ නෑ. නමුත් රෝහලට කිසිම චෝදනාවක් අපි එල්ල කරන්නේ නැහැ. ඒ වගේම අපට දැනගන්න ලැබුණා රෝහල තුළ අවශ්‍ය කරන සියලු ආකාරයේ පහසුකම් සංවිධාන කරලා තිබුණා කියලා මේ දරුවන් වෙනුවෙන්. පළපුරුදු කාර්ය මණ්ඩලයක් මේ රෝහල තුළ ඉන්නවා. ඒ ගැන කිසිදු තර්කයක් හෝ චෝදනාවක් නෑ. නමුත් මෙතැන යම් ගැටලුවක් තියෙනවා නම් තියෙන්නේ මේ විදියට කලල තැන්පත් කිරීමේදී ඇයි ප්‍රමිතියකට ඒ කටයුත්ත සිදු නොකරන්නේ කියන එක. කලල හයක් තැන්පත් කිරීමම යම් ගැටලුකාරී තත්ත්වයක් බව සඳහන් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් කරන සාකච්ඡාවලදී. දරුවන් සම්බන්ධව නිසි නියාමනයක් නැත්තේ ඇයි කියන එක ගැන.

අපට මේ රටේ සියලු අංශවලින් ප්‍රශ්න කරන්න හිතෙනවා. මොකද හේතුව මේක සෞඛ්‍යමය කාරණාවක්. සෞඛ්‍යමය කාරණාවකදී බලපෑම සිද්ධ වෙන්නේ දරුවාට පමණක් නෙවෙයි, මවට පවා ඒ බලපෑම සිදුවිය හැකියි. ඒ වගේම මේක හරිම සංවේදී මාතෘකාවක් කතා කරද්දී. මේ ආකාරයෙන් දරුවන්ගේ ශරීර අංග නිවැරැදිව වර්ධනය නොවීම, අපි හිතමු මේ දරුවන්ව නිසි ආකාරව මේ ලෝකයට බිහිවෙලා මේ දරුවන් නඩත්තු කිරීමේදී පවා ඇතිවෙන ප්‍රශ්න ඉතා විශාලයි. ඒකට හේතුව තමයි දරුවෝ හයදෙනෙක් එක වර ගෙදරකට ආවට පස්සේ ඒක විශාල ආර්ථික ශක්තියක්, විශාල පිරිස් බලයක්, විශාල කාලයක්, ශ්‍රමයක් ඔවුන් වෙනුවෙන් මිඩංගු කරන්න සිද්ධ වෙනවා. ඒක ලේසි නෑ.

කොහොම නමුත් මේ ලිපිය ලියලා අවසාන වෙද්දී අපට දැනගන්න ලැබුණා ඉන් එක් දරුවෙක් ජීවිතක්ෂයට පත්වූ බව. නමුත් තවත් දරුවන් පස් දෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්නවා. අපි සුබ පතනවා මේ දරුවන්ට අනාගතයේ ලෝකය දකින්නට ඉඩ ලැබේවායි කියලා. ඒ වගේම වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් අපේ ආශීර්වාදය පුදකරනවා, ඔබට ශක්තිය ලැබෙන්න කියලා මේ දරුවන් ජීවත් කරගන්නට. මේ දරුවන් රෝහලෙන් පිටවී ගෙදර යන දවසට ඔවුන්ට ඔබේ සුබ පැතුම් එක්කරන්න, ඔබේ ජය ඝෝෂා නගන්න කියලා රෝහල අපට දැනුම් දුන්නා. ඒක ඉතාම හොඳ ප්‍රකාශයක්. ඉතින් අපි ඔබටත් කියන්නේ මේ දරුවෝ ගෙදර යන දවසට අපි ඔවුන් වෙනුවෙන් අප්පුඩි ගහමු. හයියෙන් කෑගහලා විසිල් ගහමු. එතෙක් අපි බලාගෙන ඉමු. මේක බොහොම තීරණාත්මක අවස්ථාවක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල් රෝයල් එකේ සිට සියලු දෙනාට එකතු වෙන්න යළි ආරාධනා කරයි! Sri Lanka Latest News

Next Post

අදත් පොලිසිය කොළඹදී කඳුළු ගෑස් ගහයි! මෙදා පාර වෛද්‍ය පීඨ සිසුන්ට! I VIDEO ISri Lanka Latest News

MORE NEWS

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මරණයට පත්ව මේ විට දින 76 කට ආසන්න...

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.