• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

‘ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා’ එළියට එන්න යන ඇමැතිලා දැනගතම යුතු සිංහබාහු කතාව මෙන්න!

November 9, 2021
in Exclusive, News
Reading Time: 8 mins read
A A
‘එකට වැඩ කරමු! බැරි නම් වෙන්වෙමු!’ පොහොට්ටුවෙන් විමල්ලාට පළමු උත්තරය එයි!
Share on WhatsAppShare on Facebook

අපේ එදිනෙදා වහරට වැදගත් පුද්ගලයන්ගේ කියමන්, සාහිත්‍යයේ සහ ඓතිහාසික ප්‍රකාශනවලින් ගත් කියමන් යෙදුම් නිරන්තරයෙන් ගැනේ.

“වෛරයෙන් වෛරය නොසන්සිඳේ” බුදුන් වහන්සේ ලොවට කරුණාව පතුරන අන්දම එමගින් දෙසූහ.

“මේ පාපය නොකළ තැනැත්තා පළමු ගල් පහර ගසන්නැ”යි කියමින් ජේසුස් ස්වාමි දරුවාණෝ ‘සුං මදනා’ සිද්ධාන්තයට පහර දුන්හ.

“යුරේඛා, යුරේඛා” (සොයා ගතිමි, සොයා ගතිමි) ඝනත්වය සොයාගැනීමෙන් උද්දාමයට පත් ආකිමිඩීස් නිර්වස්ත්‍රාභරණයෙන් සැරසී මහමඟ දීව්වේ ජයග්‍රහණයේ උද්වේගයෙනි.

“පාන දෙන්ඩ මාව ගනිං” ඇලඩින් මන්ත්‍රකරුට කීවේ “උඹටයි මටයි දෙන්නාටම සමාන වෙන්න ඕනෑ” යන වින් වින් පොලිසිය win win policy කියාදීමෙනි. ඔය සමහරකි. ඒ අන්දමේ කීම් දේශපාලන කරළියෙන්ද ඇසෙන්නට වූවේය. “එයා ඉල්ලන්නේම මස් රාත්තලමයි” විළියම් ෂේක්ස්පියර්ගේ “වැනීසියේ වෙළෙන්දා” කතාවේ ප්‍රකාශය වැඩි වශයෙන්ම දේශපාලනයේ රැව්පිළිරැව් දෙන්නකි.

නීත්‍යානුකූලත්වයෙන් කෙරෙන සීතල පලිගැනීමේ ස්වභාවය එමගින් කියයි. කොටි ත්‍රස්තවාදීන් අනුරාධපුරයේ ශ්‍රීමා හාමුදුරුවන් වහන්සේ (බෝධීන්) ළඟ බිහිසුණු මිනිස් ඝාතනය කළේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේය. එකල අගමැති ආර්. ප්‍රේමදාසය. ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිය. අගමැති සහ ආරක්‍ෂක ඇමැති අතර පැවැතියේ සීතල යුද්ධයකි. බල අරගලයකි. දුම් දමන යමහලක් සේය. දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා අගමැතිවරයාගේ හිතෛෂියෙකි. කොටි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුදාම ඇමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදී ආරක්‍ෂක ඇමතිවරයා “පතුරු”ගැහුවේය. “රටට ආරක්‍ෂාව දිය නොහැකි නම් ආරක්‍ෂක ඇමැති ඉල්ලා අස්විය යුතු” බවට එමගින් රටම දෙදරුම් කැව්වේය. ඊට පිළිතුරු දීමට නැගීසිටි ආරක්‍ෂක ඇමැති කතාව පටන්ගත්තේ “කට හඬ ජේකොබ්ගේ වුවත් හස්තය ඒසව්ගේ” යන බයිබල් පාඨයක් කියමිනි.

බයිබලයේ සඳහන් කතාවක තරුණ “ජේකොබ්” සහ “ඒසව්” යන දෙදෙනාගේ පියා මරණ මංචකයේ සිටියේය. ඔහුගේ දැැස් අන්ධය. ජේකොබ්ගේ සිරුර වලසකුගේ මෙන්“රෝම” සහිතය. ඔවුන් දෙදෙනාගේ මවගේ ළබැඳි පුත්‍රයා “ඒසව්”ය. දේපොළ තරුණ දරුවන් දෙදෙනාට බෙදාදෙන ලෙස බිරිය මරණාසන්න සැමියාට කීවාය. “මට මුව මස් කන්ඩ ආසයි, ගෙනැත් දුන් කෙනකුට වැඩියෙන් දෙනවා” පියා කීවේය. දුනු ඊතල ගත් “ජේකොබ්” මුවකු එළාගැනීමට වනයට ගියේය. නිවෙසේ තිබූ මුවමස් ටිකක් ඒ අතරේ පිසූ ඔහුගේ බිරිය ඒවා ජේකොබ් ගෙනා බව පවසා සැමියාටදී දේපොළ ඔහුට දෙන ලෙස කීවාය. ඔහු සිය පුතා වන ජේකොබ් හඳුනාගැනීමට ඔහුගේ අත ඉල්ලා සිටියේය. නිවෙසේ තිබූ වලස් සමක් අතේ පටලවා ඒ අත පියා දෙසට දිගුකරන ලෙසට මව ඒසව්ට රහසින් කීවාය. ඔහු එසේ කළේය. අත අල්ලා ගත් පියා “කට හඬ ජේකොබ්ගේ වුවත් හස්තය ඒසව්ගේ”යැයි කීවේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරය දැරූ (1964) සමයේ පත්තර පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී එම පක්‍ෂයේම (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) ප්‍රබල ඇමැතිවරුන් වූ සී.පී. ද සිල්වා, විජයානන්ද දහනායක සහ අශෝක කරුණාරත්න ඇතුළු කණඩායමක් විසින් පාර්ලිමේන්තුවේදී ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරනු ලැබ ඇය ගෙදර යැව්වාය. සිරිමාවෝ මැතිනිය ඒ සිද්ධිය වේදිකාවල (ඒ සමයේ රූපවාහිනී සහ එෆ්.ඇම්. නාලිකා තිබුණේ නැත) සමාජගත කළේ පිටුපසින් සිට “පිහියෙන් ඇනීමක්” (එකට -හිතවත්වැ-සිට බෙල්ල කැපීමක්) ලෙසය. ඒ කතාවම (පිටුපසින් සිට පිහියෙන් ඇනීම) හිටපු අගමැති ආර්. ප්‍රේමදාස මහතාද, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක සහ මාවතගම පේමචන්ද්‍ර යන අයටද එල්ල කෙළේය. (ඒ සමයේ රූපවාහිනිය තිබුණේය) ඒ අගමැති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඒ කණ්ඩායම ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය. “පිටුපසින් සිට පිහියෙන් ඇනීමේ පුරාවෘත්තය” සිදුවූයේ රෝම අධිරාජයා වූ ජූලියස් සීසර්ටය. ඔහුගේ ඔටුණු පැලඳීමේ උත්සවයේදී මාරක අනතුරක් සිදුවන බව ශාස්ත්‍රකාරයෙක් කීවේය. බෲටස් ජූලියස් සීසර්ගේ සමීපතම මිතුරු ඇමැතිවරයෙකි. “සීසර්ට අනතුරක් කරන්න කිසියම් කෙනකු ඔහු ළඟට යන්න ඕනැ මගේ මිනිය උඩින් යැයි” බෲටස් කීවේය. ඔටුනු පලඳවන උත්සවයේදී ඇමැතිවරු සියලු දෙනා සීසර් සිපගැනීමේ මුවාවෙන් වට වී ඔහුට පිහිවලින් ඇන්නෝය. බිමවැටුණු සීසර් හිස ඔසවා බලන විට ලේ පෙරෙන කිණිස්ස අතැති බෲටස් දුටුවේය. තම මිතුරා එසේ කළේ දැයි යන්න සිතාගත නොහැකි වුණු සීසර් “බෲටස් ඔබත්” You too Brutus යන්න කීමට උත්සාහ ගත්තද (ලේ ගැලීමෙන් දුබලවැ ගොත ගැසීමෙන්) කියැවුණේ “එට් ටු බෘටේ” Ea-tt to Bru-te යන්නය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ “සිංහබාහු” නාට්‍යයට පදනම් වූයේ ඉන්දියාවේ කතාවකි. ලාට රට විසූ රජ පවුලක කුමාරියක් නිවෙසින් පලායන්නී ගැල්කරුවන් පිරිසකට හමුව ඔවුන් සමග ගියාය. එසේ වන මැදින් යන කල සිංහයකු පැන ඇය අපහරණය කර ගල් ලෙනක සිරකර ගෙන අඹුකමට ගත් කල්හි දරු දෙදෙනකුටද මව වුවාය. ඒ, දියණියකට හා පුත්‍රයකුටය. පුත්‍රයා සිංහබාහු නම් වූවේය. දියණි සිංහ සීවලීය.

සිංහයා අහර සෙවීම පිණිස උදැැසන පිටත්ව යන්නේ විශාල ගල් පිදානයකින් ලෙන් fදාර අවුරමිනි. තරුණ වියට එළැඹි සිංහබාහු ලෙන් fදාර හැර මවත් නැගණියත් ගෙන සමාජගත වූවේය.

සිංහයා බලසම්පන්න ආඥාදායකත්වයේ සංකේතයයි. ලෙන මානව අයිතියේ බන්ධනාගාරයයි. විමුක්තිකාමී සිංහබාහු ඒ සියලු බන්ධන බිඳ සිය වර්ගයාට හිමි අයිතිය ප්‍රදානය කළ වීරයාය.

බලවත් ඒකාධිපති පාලනයක් අවසන් කිරීම “ගල්ලෙන බිඳීම” ලෙසින් හඳුන්වනු ලැබිණි.

ඔය පදය පාඨලී චම්පික රණවක මහතා 2015දී පවසමින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවෙන් එළියට බැස්සේය. ඒ සමගම උදය ගම්මන්පිල මහතාත් එළියට බැස්සත් පසුව යළිත් මහින්ද රාජපක්‍ෂ මහතාටම “ජැක්” ගැසුවේය.

මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව වෙනස් කර බලය වෙනත් කණ්ඩායමකට කිසිසේත්ම අත්පත් කරගත නොහැකි බව “කොන්ක්‍රීට්” දැම්මා සේ සමාජගත වී තිබුණේය.
ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී කණ්ඩායම යැයි කී “කොටි” කණ්ඩායම පරාජය කළ නොහැකි යැයි කීමට ඒ කතාවද හරියටම සමානය.

අනන්ත දළ අනන්ත බල තිබූ රාජපක්‍ෂ ආණ්ඩුව යාවජීවම පවත්වා ගෙන යාහැකි බව උපකල්පනය කිරීමට අනන්ත අප්‍රමාණ හේතු සාධක බොහෝ දෙනකුට තිබිණි.
කවුරු මොනවා කීවත් “තිස් අවුරුදු යුද්ධය” නිමාකිරීමම ඒ සඳහා හොඳටම ප්‍රමාණවත් විය. විපක්‍ෂයේ බොහෝ දෙනකු “දෑත ශක්තිමත්” කිරීමට ආවේ විපක්‍ෂයේ “ලහඳු” පවා ඉතුරු නොකරය.

ඒ අන්දමට බලය තිබූ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් පාඨලී “ගල්ලෙන බින්දා” යැයි කියමින් එළියට පැනීම “පුස්සක්” යැයි බොහෝ දෙනා සිතුවත්, කීවත් එහි සත්‍යතාව මහජනයා පසක් කර ගත්තේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පසු මැදමුලනේ එක්තරා නිවෙසක ජනෙල් පියනක් රූපවාහිනියෙන් පෙන්වන විටදීය.

දැන් යළිත් වරක් “ගල්ලෙන බිඳීම” කරළියට අවුත් තිබේ. ඒ, මේ ආණ්ඩුව බලයට පත්කිරීමට වර්තමාන අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවා නොගත්තා යැයි කිව හැකි තරමේ වෙහෙසක් දරමින් දරදිය ඇද්ද විමල් වීරවංශ මහතාම “ගල්ලෙන් fදාරට” තට්ටු කිරීමට පටන්ගත් සෙයක් පෙනෙන්නට ඇත.

“මේ රටේ මිනිස්සු ගෝඨාභයට ජනවරම දුන්නෙ වෙන අයට කොල්ල කන්න නෙමෙයි” යැයි එල්.එන්.ජී බලාගාර ගිවිසුම සම්බන්ධව හවුල්කාර පක්‍ෂ නායකයන්ගේ මහජන මන්ත්‍රණ සභාවේදී ප්‍රකාශ කළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා “ජනවරමට පස්ස හරවන එකාගේ පස්සට රිදෙන්න පහර දෙන වගකීම අතාරින්නේ නෑ” යැයිද කීවේය.

අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පිවිතුරු හෙළ උරුමයේ නායක විදුලිබල අමාත්‍ය උදය ගම්මන්පිල, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර එක්සත් මහජන පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, ශ්‍රීලංකා මහජන පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහජන නියෝජීත මහත්වරු ගල් ලෙනට තට්ටු කිරීමට අත්වැල් අල්ලන්නෝය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස, කොමියුනිස්ට පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ජාතික කොංග්‍රස් පක්‍ෂයේ ඒ.එල්.එම්. අතාවුල්ලා, ගුණදාස අමරසේකර සහ ඩිව් ගුණසේකර යන මහත්වරුන්ද “සයිඩ් සපෝට්” එකට සිටින බව පෙනේ.

අපේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ “සිංහබාහුව” හඳුන්වනු ලැබුවේ “සිංහබාහු නාට්‍ය” ලෙසිනි. සිංහබාහු නාට්‍යයේ ප්‍රථම වරට සිංහයාට රඟපෑවේ මාර්ක් ඇන්ටනී ප්‍රනාන්දුය. සිංහයා වූ මාර්ක් ගැන (මට මතක හැටියට සිරිසමන් විජේතුංග) වැඩිමනත් විස්තරයක් කීවේ “මචං මාරෙ මූ මෙහෙම හිටියට මේ ඉන්දියාවෙ ඇම්.ආර්.රාධාගෙ මචං” යනුවෙනි.) සිංහබාහු නාට්‍යයේ සිංහයා වේදිකාවට පැමිණ රංගනයේදී අඩව්වක් ඇල්ලු අන්දම තවමත් මතකය.

එහෙත් ඊට පෙර විසි තිස් හතළිස් (1925-1930-1940) ගණන්වල ගම්වල (විහාරස්ථානවල) රඟ දැක්වුණේ “සිංහ බාහු නාඩගමය”.

(ලංකාවේ පළමු නාට්‍යය “සඳකිඳුරු” නාඩගම රඹුක්කන පින්නවල, ජී.ඇම්. සලාගුරුතුමා (සලාමාමා) විසින් ලියා රඟදක්වන ලද්දකි. “සඳකිඳුරුව සහ සිංහල නාට්‍ය කලාව” – මාර්ටින් වික්‍රමසිංහ)

යථෝක්ත දේශපාලන රංගධාරීන් දැන් මේ අරඅඳින්නේ සිහංබාහු නාට්‍යයේ අන්දමට ගල්ලෙන බිඳින්නට තට්ටු දමන බවක් යැයි ඇතැමුන්ගේ ආකල්පයයි.

සිංහබාහු නාට්‍යයේ සිංහයා වේදිකාවේ සේම සිංහබාහු නාඩගමේ සිංහයා විහාරස්ථාන මිදුලේ හෝ බණ මඩුවේ හෝ අඩව් ඇල්ලුවේය.

දැන් මේ කණ්ඩායමේ සූදානමද ඒ අන්දමේ “අඩව්වක්” ඇල්ලීමට දැයි යන්න තවත් අයගේ මතයකි. මන්ද මේ නඩේ සිටින වැඩි දෙනකු හොඳ අඩව්කාරයෝ බැවිනි.
අඩව්කාරයෝ පමණක් මදෑ, කස්තිරං කාරයන්ද, බඩපිනුම් හිටිපිනුම්කාරයන්ද, කෙටල කපන්නන්ද, (උඩරට නැටුම් කලාවේ රංගනයකි) විලක්කු අල්ලන්නන්ද හුළුඅතු විලක්කු අල්ලන්නන්ද, පන්දම්පාලියේ යන්නන්ද සිංහබාහු නාට්‍යයේ කෙසේ වෙතත් නාඩගමේ සිටි එමෙන් සිටින බව නම් මහජනයා හොඳින්ම පසක් කරගෙන ඇති හෙයිනි.

වරායේ ජැටිය ඉන්දියාවේ අදානිට පැවරීමට සූදානම් වූ විට බොහෝ දෙනකු නටපු නාඩගම නොව “නෙයියාඩගම”ම මහජනතාවට අමතක වැ ගොස් නැත.
නංගි පෙන්නා අක්කා නොව නැන්දම්මාම දුන් හෙයිනි. ඊට ඇතැම්හු කොළේ වසාගැසීම යැයිද කීහ. එසේ වූ කල මේ නඩේ පොතේ ගුරා “මම සිංහයාට බයයි නංගියේ” යැයි කියන්නට බැරිකමක් නැති බවටද ඕනෑතරම් සාධක ඇත.

එහෙත් “වැල යන හැටියට මැස්ස ගැසීමේ” සිද්ධාන්තයටම “එන එන හැටියට ගස උළුවස්සා” යන්නද ගැමියන් අතර පරියාය (සමාන) කියමනකි.

මේ “තැටමුම” වැල යන හැටියට මැස්ස ගැසීමකටද යන්න ගැනද කනින් කොනින් ඇසේ. හැබැයි, ඒ ගැන කියන්නට තරම් තවමත් කල් වැඩි බවද කිව යුතුය.
එහෙත් මේ ටිකත් නොකියාම බැරිය.

අපේ රට නිදහස ලබාගත් බව කියන 1948 සිට මේ දක්වා ගතවූ හැත්තෑ තුන් (73) අවුරුද්ද තුළම මහජනයාට (ජේ.ආර්.ගේ වචනයෙන් කියනවානම්) “කොරන්ට” ගිය බොහෝ දෙනා “බෙදන්න ගිය එකා පත් කොළේ එළාගත්තා” කියන සිද්ධාන්තයේ සිටියා මිස, “මූණ (ප්‍රතිරූපය) ලොකු කරගත්තා” මිස කොරපු කෙංගෙඩික් නැත.
හොඳම සාක්කිය (සාක්‍ෂිය) මේ රටේ දෙකෝටි පනස් ලක්‍ෂයකට (2,50,00,000) ආසන්න රටවැසියන් පමණක් නොව මතුමත්තේ උපදින්න සිටින එවුන්ද එකකු රුපියල් දස ලක්‍ෂයකට (10,00,000) අධික ප්‍රමාණයකට ණයකාරයන් කිරීමය.

මේ පිරිස හඳුනා ගැනීමට ඇති හොඳම එමෙන් පැහැදිලිම ලක්‍ෂණය නම් “මොල්ලියක්” තිබීමය. බඩේ රැලි බෙල්ලේ තිබීමය.

රට බේරාගැනීමට ආවා යැයි කී දියසේන කුමාරයා, “ආවා” කාරයකුටත් වඩා “දිය රකුසකු” වීමය. ඒ නිසා මේ රටේ මහජනයා දැන් සිටින්නේ “ගිලෙන්නට යන කෙනා පිදුරු ගහෙත් එල්ලෙනවා” යැයි කියන තත්ත්වයේය.

තවත් වැඩිදෙනකුගේ මතය ගල් ලෙනට තට්ටු දමන “තට්ටු කරන්නාට fදාර ඇරේ” යන්නය. ඒ බැව් පැහැදිලිවම පෙනෙන්නේ නම් “රට්ටු” fදාර ඇරදීමට එක හෙළා සූදානම් බවක්ද පෙනේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මේක වළිගෙ නැති ගොන් ආණ්ඩුවක්! අපි නෙමෙයි කියන්නේ ගම්මන්පිල!

Next Post

අස්කරගත් මන්ත්‍රී මිලාන්ගේ ලක්ෂ හයේ අල්ලස් නඩුව අල්ලස් කොමිසම යළි පවරයි!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.