ආණ්ඩුව දැන් වලිගය නැති ගොනකු බවට පත්ව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
මේ වනවිට ඩොලර් හිගය හේතුවෙන් භාණ්ඩ හිගයක් රට තුළ මතුව ඇති බවත්, එම හිගය හේතුවෙන් මිල පාලනය කළ නොහැකි බවට ආණ්ඩුව පත්ව ඇති බවත්, මේ හේතුවෙන් ආණ්ඩුව වලිගය නැති ගොනකු බවට පත්ව ඇති බවත් ඒ මහතා කීය.










