ලබන අප්‍රේල් 15 වැනිදායින් පසු සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන තත්ත්වයකට කාලගුණ වෙනස්කම් සිදුවනතුරු දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මේ මස 22 වැනිදායින් පසු සුළු වර්ෂාපතනයක් බස්නාහිර, දකුණ, වයඹ සහ සබරගමුව යන පළාත්වලට සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ අපේක්ෂා කළ හැකි නමුත්, එය දැනට පවතින උණුසුම් තත්ත්වය අඩුකිරීමට තරම් හේතුවක් නොවන බවයි ඔහු සඳහ න් කළේ.
ලබන අප්‍රේල් 05 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලය තුළදී සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කිරීම නිසා දැනට පවතින උණුසුම් තත්ත්වය තවත් වැඩිවීමක් සිදුවන බවද අතුල කරුණානායක මහතා පැවැසීය.
අප්‍රේල් 15 වැනිදායින් පසු දිවයිනටම බලපාන පරිදි සැලකිය යුතු වර්ෂාවක් ලැබීමෙන් පසු මෙතෙක් බලපාමින් තිබෙන උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න