• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිරිඳගේ අවුරුද්දේ දානය දවසේ සැමියෙක් මෙහෙම දෙයක් කරයි කියලා හීනෙකින්වත් හිතුවද? I Sri Lanka Latest News

February 1, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොහොම ආදරයක් ඒ හිතේ ඇද්ද?

මේ කතාව කියන්න අපි ඇවිල්ලා ඉන්නේ මාවතගමට. මේ අසල තියෙනවා ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ, එහෙමත් නැත්නම් අංක එකේ ඇඟලුම් කම්හල් හිමිකරුවෙක්ගේ මාලිගාවක් වගේ ගෙදර. නමුත් වංචාකරුවන්ට හසුවෙලා කෝටි ගණනින් පාඩු කරගෙන ඔහු ආපහු පහළ අඩියටම වැටෙනවා. ආදරණීය ස්වාමියා දුක් මහන්සියෙන් හරි හම්බ කරපු ධනස්කන්ධය වංචනිකයන් නිසා අහිමි වීමේ දුක දරාගන්න බැරුව ඔහුගේ බිරිඳ දින 20ක් ඇතුළත මියයනවා. ඊට පස්සේ මේ අපූරු ව්‍යාපාරිකයා තමන්ගේ ආදරණීය බිරියට පින් පිණිස ලංකාවේ මෙතෙක් කවුරුවත්ම නොකරපු විදියේ දෙයක් කරනවා. ඔහු ගැනයි අද අපි කතා කරන්නේ. ඔහුගේ නම ත්‍රීරාජා ශිවා.(Sri Lanka Latest News)

අපි ආදරේ කරන කෙනෙක් අපෙන් වියෝ වුණාම අපි ඔහු හෝ ඇය වෙනුවෙන් දානමාන දෙනවා, පින් දහම් කරනවා. ලෝක ඉතිහාසය ගත්තත් වියෝවුණු ආදරණීයයන් වෙනුවෙන් කරපු දේවල්, ඉදිකරපු ගොඩනැගිලි රාශියක් දැකගන්න පුළුවන්. ටජ්මහල කියන්නෙත් එවැනි සිහිවටනයක්. ඔබතුමත් ඔබේ ආදරණීය බිරිය වෙනුවෙන් කවුරුවත් නොකරපු මහා පරිත්‍යාගයක් කළා. අපිට කියන්නකො ඔබේ ඒ කතාව?

මම මගේ ව්‍යාපාරික අවශ්‍යතාවකට පුද්ගලික බැංකුවකින් ණයක් ගත්තා. ඒ බැංකුවෙන් මාව රැවැටීමට ලක්කළා. තවත් ගොඩක් වැරැදි කරලා මාව රවට්ටලා මාව විනාශ කරලා දැම්මා. මගේ බිල්ඩින් එකක් විකුණලා ඒ ණය මුදල බැංකුවට ගෙවලා මම නිදහස් වුණා. ඒ බිල්ඩින් එක විකුණපු නිසා මගේ ව්‍යාපාර කඩාවැටුණා කියන දුකට තමයි මගේ නෝනා දවස් විස්සක් යන්න කලින් මියගියේ.

නෝනා මියගියේ ගිය අවුරුද්දේ ජනවාරි 08 වැනිදා. මේ දෙසැම්බර් 28 වැනිදා ඇය වෙනුවෙන් මම ලොකු දෙයක් කළා.

ඔබතුමා කරපු ඒ ලොකු පින්කම මොකක්ද?

මම ඉඩම් නැති විසි දෙනකුට විතර ඉඩම් ලබාදුන්නා.

ශිවා මහත්තයාගේ ජීවිතේ පටන්ගන්නේ කොතැනින්ද?

මගේ තාත්තා වත්තක කේ.පී. කෙනෙක්. අම්මා පාන්දර 3ට විතර නැගිටලා කෑම හදලා කඩවලට දාපු කෙනෙක්. මට සහෝදරයෝ 11 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් බාලයා මමයි. දුප්පත්කම නිසා මට ඉගෙනගන්න බැරි වුණා. මම ඉස්කෝලේ ගියේ තුනේ පන්තියට විතරයි. මම අවුරුදු 22 වෙද්දී විවාහ වෙලා රෙදි වෙළෙඳාම කරන්න පටන්ගත්තා සුළුවෙන්. ඒ දවස්වල මම වෙළෙඳාමේ ගියේ පාපැදියෙන්. ඒ අතර මගේ තාත්තා මට රුපියල් 5000ක් දුන්නා. මගේ යාළුවෙක් තවත් රුපියල් 5500ක් දුන්නා.

ඒ මුදලින් මම මේට් බයික් එකක් ගත්තා. ඒ බයික් එකේ රෙදිත් පටවගෙන මම රට වටේම වෙළෙඳාමේ ගියා. ටේලර් සාප්පුවලට එහෙම මම රෙදි විකුණුවා. කාලයක් ඔහොම ව්‍යාපාරය හොඳින් කරගෙන යද්දී මම ගොඩක් දියුණු වුණා. ඒ අතර මම පින්දහම් එහෙමත් ගොඩක් කළා. ලයිසන් නැති තරුණයන්ට ලයිසන් අරගෙන දුන්නා. ඇස් කණ්ණාඩි අරගෙන දීලා තියෙනවා. ආබාධිත අයට බයිසිකල් අරගෙන දීලා තියෙනවා. පහළම තැනින් ආපු කෙනෙක් නිසා මට ඒ අයගේ දුක දැනෙනවා. ඒකයි මම ඒ වගේ අයට උදව් කළේ. හැබැයි මම දුන්නේ අවංක පිරිසිදු අයට.

ඔහොම ව්‍යාපාරය දියුණු කරගෙන යද්දී මම මාවතගම නගරයේ ලොකු බිල්ඩින් එකක් හැදුවා. මා ළඟ විශාල පිරිසක් වැඩකළා. ඔය අතර මගේ තාත්තා මට රජයේ බැංකුවක ගිණුමක් විවෘත කරලා දුන්නා. ව්‍යාපාරය හොඳට දියුණු වෙන නිසා බැංකු ගිණුමෙත් ගොඩක් මුදල් හුවමාරු වෙන්න ගත්තා. ඒක දැනගෙන ඒ බැංකුවේ නුවර පැත්තේ හිටපු නිලධාරියෙක් මගේ බැංකු ශාඛාවේ අයට මං ගැන අභූත චෝදනාවක් කරලා තියෙනවා.

ඔහු කියලා තියෙනවා මම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ කෙනෙක් කියලා. ඒක නිසයි මගේ බැංකු ගිණුමේ මුදල් ගොඩක් තියෙන්නේ කියලා. ඒකට හේතුවක් වුණේ මම දෙමළ ජාතිකයෙක් නිසයි. ඊට පස්සේ මගේ බැංකු ශාඛාවේ නිලධාරීනුත් මා ගැන සැක කරන්න ගත්තා. ඒ නිසා මම තවදුරටත් ඒ බැංකුව එක්ක ගනුදෙනු කිරීම නවත්තලා දැම්මා. මගේ ගිණුම වහලා කොළඹ තියෙන පුද්ගලික බැංකුවක අලුතෙන් ගිණුමක් මම විවෘත කළා.

ඒ ගිණුමෙත් මුදල් හොඳින් හුවමාරු වුණා. ඔය විදියට කාලයක් යද්දී ඒ පුද්ගලික බැංකුවේ ශාඛාවක් මාවතගම නගරයෙත් විවෘත කළා. එදාම මම ගිහින් ඒ බැංකුවේ ගිණුමක් විවෘත කළා. එතැනදී තමයි මගේ නරක කාලය උදාවුණේ. වංචාකාරයෝ කිහිප දෙනකුට අහුවෙලා මට කෝටි 8ක් විතර අහිමි වුණා. පොලිසිය, සී.අයි.ඩී. එක විමර්ශන කළා. නමුත් මට ඒ මුදල්වලින් ආපහු ලැබුණේ බොහොම ටිකයි.

ඒ වෙලාවේ මේ පුද්ගලික බැංකුවෙන් මට කතා කරලා කිව්වා ඔයා මේ වෙලාවේ අමාරුවෙන් නේ ඉන්නේ, අපි ඔයාට ලෝන් එකක් දෙන්නම් කිව්වා. එහෙම කියලා කුරුණෑගල ඒරියා මැනේජර් සහ බැංකුවේ කළමනාකරු මාව එක්කගෙන ගිහින් පාටියකුත් දුන්නා. නමුත් මට කෝටි දෙක තුනක්වත් දුන්නේ නෑ. ඊට පස්සේ කැෂුවල් ඕඩී දිදී මගේ ණය මුදල අට කෝටි හැටපන් ලක්ෂය දක්වා වැඩිකළා. මගේ මේ ගේ ලියලා තිබුණේ නෝනගේ නමට. ඒ දවස්වල මම බයිපාස් ඔපරේෂන් එකක් කරලා හිටියේ. මම දවසක් ඇඳේ ඉන්නකොට බැංකු මැනේජර් තව තුන්දෙනෙක් එක්ක අපේ ගෙදර ආවා.

‘ශිවා ඔයාට කැෂුවල් ඕඩී දීලා ඇරියස් වෙලා තියෙන්නේ. මගේ රස්සාවත් නැතිවෙන්න යන්නේ. මේ ගේ බැංකුවට ලියන්න’ කියලා එයා මට කිව්වා. ඊට පස්සේ මගේ නෝනයි මමයි දෙන්නම අස්සන් කරලා ගේ ලියලා දුන්නා.

මට අර ණය මුදල දීලා තියෙන්නේ 16% පොලියකට. ඒක විශාල මුදලක්. මම රටට සේවයක් කරන, මිනිස්සුන්ට රස්සාවල් දෙන කෙනෙක්. නමුත් මට ඒ බැංකුව සාධාරණයක් කළේ නෑ. බැංකුවේ කොන්දේසි මම සිංහලෙන් ලියලා දෙන්න කියලා ඉල්ලලා තිබුණා. ඒ අය ඒක ඉංග්‍රීසියෙන් දුන්නේ. මම ඉංග්‍රීසි දන්නේ නැහැනේ. එතැනදීත් මම අහුවුණා. මගෙන් අස්සන් ගොඩක් ගත්තා. ඔය වෙද්දී මම මාසෙකට ලක්ෂ 20ක් බැංකුවට ගෙවන්න ඕනේ. මට ඒ මුදල ගෙවාගන්න බෑ. පොලිය වැඩියි. මගේ බිස්නස් කඩාගෙන වැටුණා. මට පොලිය ගෙවාගන්න බැරිවෙනකොට මගේ ෆයිල් එක බැංකුවේ කොළඹ රිකවරි අංශයට ගියා. එයාලා මගේ ගෙදරට ආවා. එතකොට මගේ නෝනත් මානසිකව වැටුණා.

ඔය අතර මගේ කලින් ගිණුම තිබුණු රජයේ බැංකුවේ එක නිලධාරි මහත්තයෙක් හමුවෙලා මේ ගැන කිව්වා. එයා මට කිව්වා ඕක හරියන්නේ නෑ ඔයා ආයෙත් අපේ බැංකුවට එන්න, ඔයාගේ ලොකු බිල්ඩින් එක විකුණන්න කිව්වා. එතුමා කියන එක අහලා මම මගේ බිල්ඩින් එක විකුණුවා. ඊට පස්සේ මම මගේ පරණ ගිණුම ආයෙත් හදාගෙන කලින් තිබුණු රජයේ බැංකුවටම මම නැවත ගියා.

ඔය විදියට මගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා, දේපළ ඔක්කොම වගේ විනාශ වුණාට පස්සේ මගේ නෝනා මානසික වැටුණා. අපි දහදුක් විඳලා හම්බකරපු දේවල් මේ වංචාකාරයෝ විනාශ කළා කියලා එයා දුක්වුණා. ඊට පස්සේ කුරුණෑගල රෝහලේ ඉඳලා ගෙදර එක්කගෙන ආවා. මගේ දරුවෝ මුණුබුරෝ ඉස්සරහදී මේ කාමරේදීම නෝනගේ පණ ගියා. ඊට පස්සේ මට මගේ ජීවිතේ එපාවුණා. නේනා නැතිවුණේ ගිය අවුරුද්දේ ජනවාරි 08 වැනිදා. මේ අවුරුද්දේ දෙසැම්බර් 28 වැනිදා නෝනාගේ දානේ. ඒ වෙනුවෙන් මම ඉඩම් 20ක් විතර ඉඩම් නැති අයට ලියලා දුන්නා. මම ඇය වෙනුවෙන් ගොඩක් පින්දහම් කළා.

ඒ වගේම මට තවත් දුකක් තියෙනවා. ඒ තමයි මගේ රට, ශ්‍රී ලංකාව වැටුණා. රට වැටුණේ ඔළුව නැති දේශපාලකයෝ හින්දා. මම ව්‍යාපාර පටන්ගත්තේ රුපියල් 500ක් වගේ සුළු මුදලකින්. මම මුලින්ම ගියේ පාපැදියෙන්. නමුත් මම ඉහළටම ගියා. මටත් පුළුවන් මේ රට ගොඩගන්න. ඡන්දේ ඉල්ලන්න, දේශපාලනය කරන්න මම එන්නේ නෑ. ඒ තරම් පහත් තත්ත්වෙට මම වැටෙන්නෙත් නෑ. නමුත් මම දෙන උපදෙස් අනුව දේශපාලකයෝ ගියා නම්, සොබාදහමේ උදව්වත් අරගෙන අපට මේ රට ගොඩගන්න පුළුවන්.

අපේ රටේ ව්‍යාපාරයක් පටන්නගන්න ඉන්න, පටන් අරගෙන ඉන්න අය වෙනුවෙන් ඔබතුමාට කියන්න තියෙන දේ මොකක්ද?

මම පාපැදිය පැදගෙන ගියේ. පොල්අතු පැලක හිටියේ. මරන්න ගිය එළ හරකෙක් අරගෙන කිරි දොවලා, ඒවා විකුණලා ඒ මුදල්වලින් මගේ නෝනට 7500කට මාලයක් අරගෙන දුන්නා ඒ කාලේ. ඊට පස්සේ තවත් හරක් ගොඩක් බෝවුණා. තවමත් මගේ හරක් ඉන්නවා. කිරි හරක් හදන්න, ඒක හොඳ ව්‍යාපාරයක් දියුණු වෙන්න. හැබැයි මරාගෙන කන්න එපා.

අනිත් දේ තමයි අවංක බව. හැමෝම අවංක වෙන්න. මම නම් දුන්නොත් ගන්නවා, ගත්තොත් දෙනවා. ඒ වගේම තමයි මේ රටේ කාන්තා පක්ෂය මුල් තැන ඉන්න ඕනේ. එතකොට වැරැදි 50%ක් අඩුවෙනවා. අපේ රටේ අධිකරණවල මහෙස්ත්‍රාත්වරියෝ ගොඩක් ඉන්නවා. එතුමියලා වැදගත් විදියට අධිකරණ කටයුතු සිදුකරගෙන යනවා. පොලිසියේ ඉහළ තනතුරුවල කාන්තාවෝ ඉන්නවා. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මහත්මියත් ලොකු සේවයක් කළා. ඒ වගේ හැම අංශයකම ඉහළ තනතුරුවලට කාන්තාවෝ එනවා නම් වඩාත් හොඳයි කියලා මම හිතනවා.

ඒ වගේම දෙයක් පටන් ගනිද්දී ඒ ගැන විශ්වාසය තියන්න. කරන රැකියාවට, ව්‍යාපාරයට අවංක වෙන්න. මට ආපු ප්‍රශ්නත් එක්ක මට ලෙඩ රෝග ගොඩක් වැලඳුණා. බයිපාස් ඔපරේෂන් එකක් කළා. ඒත් මම පාන්දරින් නැගිටිනවා කම්මැළි නැතුව. ඒ වගේම මම මගේ සටන නතර කරලා නෑ. වැදගත් විදියට මම ජීවන සටන අරගෙන යනවා අදටත්.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ඔන්ලයින් පනත දැන් ක්‍රියාත්මකයි! මීට පස්සේ සෝෂල් මීඩියාවල මේ දේවල් කරන්න යන්න එපා! මෙන්න පනතේ කියලා තියෙන වැරදි! ඔප්පු වුණොත් මෙන්න ලැබෙන දඬුවම්! දැන් ගොඩක් පරෙස්සමෙන්! VIDEO I Sri Lanka Latest News

Next Post

කීර්තිමත් හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් දයා රත්නායක එළිපිට මඩ ගැහිලිවලට-බොරු ප්‍රචාරවලට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.