• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොල්මන් කරන ලංකාවේ අබිරහස් තැන් I Sri Lanka Latest News

August 10, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අස්වාභාවික, අද්භූත දේවල් කියන්නේ අපි බොහෝ දෙනා හොයන්න බලන්න ගවේෂණය කරන්න කැමැති දේවල්. අනිත් පැත්තෙන් ගත්තාම තවත් සමහර දෙනෙක් ඇසට නොපෙනෙන දේවල් තමන්ගේ ජීවිත කාලය පුරාම විශ්වාස කරන්නෙ නෑ. නමුත් විද්‍යාවෙන් සනාථ නොවුණු බොහොමයක් දේවල් තවමත් මේ ලෝකෙ ඉතිරි වෙලා තියෙන නිසාම අපේ පියවි ඇස්වලට නොපෙනෙන සියල්ලම සැකයට භාජනය කරන්නත් අපට හැකියාවක් නෑ.(Sri Lanka Latest News)

මේ ලිපිය ඇතුළේ අපි පෙන්නන්න යන්නේ සාම්ප්‍රදායික විදියට පිටරටින් හොයාගත්ත අද්භූත දේවල් නෙවෙයි. අපි යන්න සූදානම් වෙන්නේ අපේ රට ඇතුළේම තියෙන අස්වාභාවික අද්භූත සිදුවීම් සිද්ධ වෙන ස්ථාන කිහිපයකට.

මේ ගමනේ අපි මුලින්ම යන්නේ නුවරඑළියේ ලවර්ස් ස්ලිප් දියඇල්ලට. එතැනින් මේ කතාව මුලින්ම අපි කියන්න යන්නේ සුන්දර දියඇල්ලක් පිටුපස තියෙන අසුන්දර දෙයක් ගැනයි. මේ වෙද්දී පෙම්වතුන් පෙම්වතියන් කිහිප දෙනකුටම අවාසනාවන්ත විදියට ජීවිතය අහිමි කරපු මේ දියඇල්ල ශෝකාලාප විශාල ප්‍රමාණයක තෝතැන්නක් වෙලා තියෙනවා. මීට දශක ගණනාවකට කලින් සිද්ධියක් ගැන මතක් කළොත් බොහොම ආදරෙන් හිටපු පෙම් යුවලකගේ ආදරයට මවුපියන් විරුද්ධ වූ නිසා ඔවුන් දෙදෙනාම මේ දියඇල්ලෙන් පැනලා සියදිවි හානි කරගෙන තියෙනවා.

ඒ විතරක් නෙවෙයි, මෑත කාලයේදීත් විදේශීය තරුණියක් පවා මේ දිය ඇල්ලෙන් පැනලා සියදිවි හානි කරගත්තා. ඒ නිසාම මේ දියඇල්ල බලන්න එන දහස් ගණනක් සංචාරකයන්ට ගම්මු කියන්නේ අඳුර වැටෙන්න කලින් දියඇල්ල තියෙන පරිශ්‍රයෙන් පිටවෙන්න කියලයි. ඒකට හේතුව තමයි ඒ අකාලයේ මියගිය තරුණ ජීවිතවල ආත්මයන් මේ දියඇල්ල අවට සැරිසරන බව ගම්මුන් තදබල විදියට විශ්වාස කිරීම. මේ සිද්ධීන් එක්ක ඇසින් දුටු සාක්ෂි බොහොමයකුත් හමුවෙලා තියෙන නිසාම ඒ ගමේ ජනතාව වගේම පැමිණෙන සංචාරකයන් පවා මේ සිද්ධීන් විශ්වාස කරන්න පෙලඹිලා තියෙනවා.

මීළඟට අපි යන්නේ ජාවත්තට. ජාවත්තෙ පිහිටා තිබුණු උන්මත්තකාගාරය ගැනත් මේ ආකාරයේ අද්භූත කතා බොහොමයක් පටබැඳිලා තියෙනවා. මේ ගොඩනැගිල්ල වර්තමානය වන විට ඉතා අලංකාර විදියට ප්‍රතිසංස්කරණය කරලා වෙළෙඳ සාප්පු වැනි දේවල් පවත්වාගෙන ගියත්, ගොඩනැගිල්ල තුළ අඳුරු රහස් බොහොමයක් තියෙන බව හැමෝම විශ්වාස කරන කාරණයක්. 1989 දී ගොඩනගලා තියෙන ජාවත්ත උන්මත්තකාගාර ගොඩනැගිල්ල උන්මත්තක රෝගීන් 500කට ආසන්න ප්‍රමාණයකට එකවර ප්‍රතිකාර ලබාදෙන්න පුළුවන් විදියටයි නිර්මාණය කරලා තියෙන්නේ.

මේ විදියට ප්‍රතිකාර ලබාගන්නා අතරතුරේදී මියගිය බොහෝ රෝගීන්ගේ ආත්ම තවමත් මේ ගොඩනැගිල්ල තුළ ජීවත් වන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඒ නිසාම වරින් වර කොයි තරම් ප්‍රතිසංස්කරණයන් සිදුකළත් අදටත් ජාවත්ත උන්මත්තකාගාර ගොඩනැගිල්ල සැලකෙන්නේ ශ්‍රී ලංකාව තුළ අද්භූත සිදුවීම් වැඩියෙන්ම සිදුවෙන ස්ථානයක් විදියටයි.

මීළඟට අපි සඳහන් කරන්නේ ජෙනරල්ගේ නිවෙසට. හැබැයි මේ ස්ථානයට ඔබ ගිහින් තියෙනවද කියලා අහන්න විදියක් නෑ. මොකද මේ ජෙනරල්ගේ නිවෙස දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ නිවාඩු කාලය ගතකරන්න යොදාගන්න ස්ථානයක් බවට පත්වෙලයි තියෙන්නේ. 19 වැනි සියවසේදී බි්‍රතාන්‍ය පාලන කාලයේදී ඉදිකළ මේ නිවෙස තියෙන්නේ නුවරඑළියේ. තරමක් විශාල, බටහිර ආරට ඉදිකරන ලද මෙම නිවෙස ගැන ලැබෙන තොරතුරුවලට අනුව නම් මේ නිවෙස ඇතුළේ අද්භූත සුදු කාන්තාවන් කිහිප දෙනෙක්වම මේ වනකොට දැකලා තියෙනවා.

ඒ වගේම මීට බොහෝ කාලයකට කලින් මේ ජෙනරල්ගේ නිවෙසේ කාමරයක් ඇතුළේ තිබිලා කාන්තාවකගේ මළ සිරුරක් හොයාගෙන තියෙනවා. නමුත් ඔබ දන්නවද, මේ මළ සිරුර කාගෙද කියන එක මේ වන තෙක් විශාල අබිරහසක්. ඒ වගේම මේ නිවාසය ඉතා අලංකාර ප්‍රදේශයක තිබුණත් දහවල් කාලයේදී පවා මේ නිවෙසේ තියෙන්නේ ඉතා ගුප්ත ස්වභාවයක් කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.

අපේ මීළඟ නැවතුම තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ගොඩනැගිල්ල. 1911 වසරේදී ඉදිකරපු මේ ගොඩනැගිල්ල කොළඹ චැතම් වීදියත්, ලෝටස් පාරත් අතර පිහිටා තියෙනවා. 1989 වර්ෂයේදී කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වන මේ ස්ථානයේදී 14කට අධික පිරිසකගේ ජීවිත අහිමි වෙනවා.

ඒ වගේම සියයකට අධික පිරිසක් තුවාල ලබනවා. මේ සිදුවීමෙන් පස්සේ ටෙලිකොම් ගොඩනැගිල්ල යථා තත්ත්වයට පත්කළත් අදටත් ගොඩනැගිල්ල ඇතුළේ වැඩකරන සේවකයන් ඒ අවට ප්‍රදේශයේ ජනතාව කියන්නේ තවමත් මේක ඇතුළේ අද්භූත දේවල් සිදුවෙනවා කියලයි. රාත්‍රී කාලයේදී විවිධාකාරයේ භයානක ශබ්ද පවා මේ ගොඩනැගිල්ල ඇතුළෙන් ඇහෙන බව බොහෝ දෙනා අත්දැකීමෙන්ම කියනවා.

බොහෝ දෙනා අහලා දැකලා තියෙන තැනක් වන බොරැල්ල කනත්ත ගැනයි අපි මීළඟට සටහන් කරන්නේ. මේ ස්ථානය ලංකාවේ තියෙන පැරැණිම ස්ථානවලින් එකක්. බොරැල්ල කනත්තට තියෙන්නේ වසර 170ක පමණ ඉතිහාසයක්. අතිශය අද්භූත තැනක් වූ මේ කනත්තේ මේ වන විට මළ සිරුරු ලක්ෂ 30කට වඩා වළදාලා තියෙනවා. ඒ වගේම විශේෂත්වය තමයි පළමු සහ දෙවැනි ලෝක යුද්ධ කාලවලදී මියගිය අයගේ සිරුරු පවා මේ ස්ථානයේ භූමිදානය කරලා තියෙනවා. බොරැල්ල කනත්ත අවට ජීවත් වන පිරිස වගේම කනත්තේ සේවක මණ්ඩලයත් කියන්නේ විවිධාකාරයේ අද්භූත සිදුවීම් වගේම අස්වාභාවික දේවල් බොහොමයක් දිනපතා මේ ස්ථානයේ සිදුවෙන බවයි.

ඒ වගේම වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කඳු ආශ්‍රිතව මේ ආකාරයේ අද්භූත සිදුවීම් බොහොමයක් දකින්න ලැබෙනවා. විවිධාකාරයේ භූ විෂමතා එක්ක පිහිටා තියෙන ලංකාවේ බොහෝ කඳු පන්ති ආශ්‍රිතව ඒ ආකාරයේ සිදුවීම් අහන්න දකින්න ලැබීම සාමාන්‍ය දෙයක් වන තරමටම මේ අද්භූත සිදුවීම් බහුල වෙලා තියෙනවා. මෙවැනි කඳු පන්ති අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නා තැනක් තමයි දානිගල කන්ද කියන්නේ.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ අරලගංවිල ග්‍රාමයේ පිහිටා තියෙන වෘත්තාකාර හැඩයකින් යුත් මේ කන්දේ අද්භූත දේවල් වගේම පිටසක්වළ ජීවීන්ගේ ක්‍රියාකාරකම් සිදුවෙන බවට අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. දානිගල කන්ද ඉහළින් බලන කෙනකුට තමයි මේ වෘත්තාකාර හැඩය පේන්නේ. ඒ නිසාම හඳුනා නොගත් අභ්‍යවකාශ යානා ගොඩබස්සවන්න මේ කන්ද නිර්මාණය කරලා තියෙනවා කියලා ඇතැම් අය මත පළකරනවා.

ඉතින් පිටසක්වළ ජීවීන් සහ දානිගල කන්ද අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒක තමයි අදටත් හෙළි නොවුණු අබිරහස. ඒත් එක්කම රාවණා කතා පුවතත් එක්ක බැඳිලා තියෙන ලකේගල කන්දත් අබිරහස් බොහොමයක් සඟවාගත්ත කන්දක් විදියටයි හැඳින්වෙන්නේ. ඔබට පේන විදියට මේ කන්ද මේ තරම් සුවිශේෂ වෙන්නේ ඒ කන්දේ පිහිටීම නිසා. සමහර දවස්වලදී මේ කන්ද පැත්තෙන් පන්දම් එළි පෙනෙන බව බොහෝ අය තමන්ගේ ඇස්වලින්ම දැකලා තියෙනවා. ඒත් එක්කම මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ප්‍රකාශ කරන විදියට මේ කන්දේ විශ්වය සමග සම්බන්ධ වෙන්න පුළුවන් දොරටුවක් පිහිටා තියෙනවා.

මීළඟට අපි යන්නේ දිඹුලාගලට. කන්දක් නොවුණත් දිඹුලාගල රජමහා විහාරයේ තියෙන පර්වතය කන්දක් තරමටම විශාලයි. ඉතින් සමහරු විශ්වාස කරන විදියට මේ පර්වතය මුදුනේ පිටසක්වළ ජීවීන්ගේ නවාතැන්පළක් පිහිටා තියෙනවා. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩඉන්න බොහෝ ස්වාමින්වහන්සේලා රාත්‍රී කාලයේදී මේ පර්වතය මුදුනට වැටෙන අස්වාභාවික එළි විශාල ප්‍රමාණයක් දැකලා තියෙනවා. කොහොම වුණත් මේ ස්ථානයේ තියෙන අබිරහසත් තවමත් විසඳගන්න බැරිවෙලා තියෙනවා.

අපේ ඇස්වලට පෙනෙන හැම දේමත්, අපේ ඇස්වලට නොපෙනෙන හැම දේමත් හරි හෝ වැරැදි වෙන්නේ නෑ. ලෝකයේ බිහිවෙමින් පවතින තාක්ෂණයත් එක්ක අතීතයට වඩා වර්තමානයේදී, නොපෙනෙන දේවල් ගැන වගේම පෙනෙන දේවල් ගැන අපි නොදන්න කරුණු දැනගැනීමේ හැකියාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු අනාගතයේදී බිහිවන තාක්ෂණයෙන් මේ අබිරහස් අද්භූත සිදුවීම් බොහොමයක් අපට විසඳගන්න පුළුවන් වෙයි කියලා.

Naifm යූටියුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දකි.

SendShareShare
Previous Post

කවදාවත් මුහුද දැකලා නැති ළමයි ජීවත් වෙන ‘ගලමුදුන ගම්මානය’ I Sri Lanka Latest News

Next Post

විදුලි උත්පාදනයට වැඩිම දායකත්වය සපයන ජලාශ දෙකක ජල මට්ටම තවදුරටත් පහළට! Sri Lanka Latest News

MORE NEWS

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, වයස අවුරුදු 16ට අඩු සහ යොවුන් කණ්ඩායම් සඳහා සමාජ...

Read more
නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.