• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතුණු හිතුණු වෙලාවට ‘ගෝඨා’ දාපු ජනාධිපති කොමිසම්වලට ලක්ෂ 3370 වියදම් කරලා… දාමුද ඒක හොයන්නත් කොමිසමක්…!

October 10, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
හිතුණු හිතුණු වෙලාවට ‘ගෝඨා’ දාපු ජනාධිපති කොමිසම්වලට ලක්ෂ 3370 වියදම් කරලා… දාමුද ඒක හොයන්නත් කොමිසමක්…!
Share on WhatsAppShare on Facebook

දේශපාලනඥයන් කරන කියන දේ නිසා ඔවුන් සමාජයේ හාස්‍යයට ලක්වීම ශ්‍රී ලංකාවේ අපට අමුත්තක් නොවේ. ඊට හේතුව කොයි ආණ්ඩුව රට කරවූවද එය නිබඳව වාර්තා වන අත්දැකීමක් වන බැවිනි. එහෙත් දේශපාලනඥයන්ගේ කියුම් කෙරුම් නිසා හාස්‍යයට ලක්වනුයේ ඔවුන් පමණක් නොවේ. ව්‍යවාහාර භාෂාවේ එන යෙදුම් සහ වචනද බොහෝ විට හාස්‍යයට ලක්වීමට දේශපාලන භාවිතාවන් හේතුවේ. 2015 – 2019 කාලයේ මෙරට ක්‍රියාත්මක වූ ‘යහපාලන රජය’ විසින් යහපාලනය යන වචනයම හාස්‍යය‍ට ලක්කරීම ඊට එක් උදහරණයකි. සිය තේමාව ලෙස ‘සුබ අනාගතයක්’ යන්න භාවිත කළ මහින්ද රාජපක්ෂ රජය අවසානයේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අනාගතය වනසා මහ මඟට ඇදදැමීම නිසා අද වන විට සුබ අනාගතයක් යන්නද යහ පාලනය තරමටම මිනිසුන්ගේ හාස්‍යයට ලක්වෙමින් තිබීම ඊට තවත් උදාහරණයකි.

දේශපාලනඥයන්ගේ අමනෝඥ තක්කඩිකම් වසා ගැනීමට ජනාධිපතිවරුන් පත්කරන ජනාධිපති කොමිෂන් සභාද අද වන විට පෙර සඳහන් වදන් පරිද්දෙන් හස්‍යයට පත්ව ඇත. කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරන ක්‍රමයක් බවට පත්ව ඇති ජනාධිපති කොමිෂන් සභා ගැන තකහනියක්ම කතාකරන්නට අප තීරණය කරනුයේ ජූලි 09 වැනිදා ජනතා අරගලය විසින් පුටුවෙන් බිමට දැමූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද කොමිෂන් සභා සහ ඒවා විසින් කාබාසිනියා කරන ලද මහජන මුදල් පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීමටය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැටනම ලක්ෂයක ජන වරමකින් ජනාධිපති ධුරයට පත්වනුයේ හය වසරක් සඳහාය. එහෙත් ඔහුට එම ධුරය හොබවන්නට ලැබෙන්නේ යාන්තම් වසර දෙකහාමාරක කාලයක් සඳහා පමණි. දැන් සමාජයම ප්‍රශ්න කරන්නේ එකී කෙටි කාලය තුළ ඔහු රටට කළේ මොනවාද යන්නය. සැබැවින්ම ඔහු මුකුත්ම නොකළේ යැයි මේ ලියුම්කරු පවසන්නේ නැත. එක රැයකින් රටම කාබනික කරන්නට ගොස් දෙකෝටි විසිලක්ෂයක් හාමතට ඇද දැම්මේ ඔහුය. ඡන්දයට වියදම් කළ ජාවාරම්කරුවන්ට කළගුණ සලකන්නට බදු කප්පාදු කර බිලියන සිය ගණනක ආදායමක් රටට අහිමි කළේ ඔහුය. ඒ ආකාරයෙන් ඔහු කළ කී දේ අතරට ජනාධිපති කොමිෂන් සභා සහ ජනාධිපති කාර්යසාධක බළකා පිහිටුවා රුපියල් බිලියන ගණනක මහජන මුදල් කාබාසිනියා කිරීමද වෙයි.

ලංකාවේ හත්වැනි විධායක ජනධිපති ධුරයට පත්වීමෙන් වැඩ ඇල්ලුවේ ජනාධිපති කොමිෂන් සභා පත්කිරිමෙනි. 2020 වසරේ ජනවාරි මාසයේ එම කොමිසම පත්කරමින් ඔහු පැවසූවේ යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීම එම කොමිසමේ අරමුණ බවයි. ඒ ආකාරයෙන් ආරම්භ වූ කොමිෂන් පිහිටුවීමේ කලාවේ අවසාන කොමිසම ඔහු පිහිටුවූයේ පසුගිය මැයි මාසයේය. ඒ මාර්තු 31 සිට මැයි 15 දක්වා රටේ සිදුවූ ගිනිතැබීම් ඇතුළු විනාශකාරී ක්‍රියාවන් පිළිබඳ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව ස්ථාපිත කරමිනි. මේ ආකාරයෙන් ඔහු ජනාධිපති කොමිෂන් සභා පහක්ද ජනාධිපති කර්යසාධක බළකායන් 18කට ආසන්න ප්‍රමණයක්ද පිහිටුවා ඇත. ඒ ඔස්සේ අවභාවිත කර ඇති මුළු මුදල ගණනය කළ යුත්තේ රුපියල් මිලියනවලින් නොව බිලියනවලිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ පළමු කොමිසම වූයේ දේශපාලන පළිගැනීම පිළිබඳ සොයාබැලීමේ කොමිසමය. අනතුරුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම, මීට පෙර පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම, මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති කොමිසම සහ රේගුවේ අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම යනුවෙන් ජනාධිපති කොමිෂන් රැසක් ඔහු පිහිටුවනු ලැබීය. ඔහු අවසාන වශයෙන් පත්කළේ පෙර සඳහන් මාර්තු 31 සිට මැයි 15 දක්වා රටේ සිදුවූ ගිනිතැබීම් ඇතුළු විනාශකාරී ක්‍රියාවන් පිළිබඳ විමර්ශනය කිරීමේ පරීක්ෂණ කොමිෂන් සභාව‍ය. ඊට අමතරව ඔහු තමා විසින්ම පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැමීමේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම උදෙසා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්ද පත්කළේය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම වූ කලී ආරම්භයේ සිටම බරපතළ විවේචනයන්ට ලක්වූවකි. එය තම බල සීමාවන් ඉක්මවා යන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. ඊට අමතරව රටේ පවතින නෛතික රාමුව අනුව නඩු පවරනු ලැබූවන්ට පවා සහන ලබාදීමට එම කොමිසම නිර්දේශ කර තිබිණි. රාජ්‍ය සේවකයෙක් ලෙස ජීවිතයේ එක පැයක්වත් සේවය කර නොතිබුණු දේශපාලනඥයන් කොමිසම හමුවේ පැමිණිලි ගොනු කිරීමත්, කොමිසම ඒවා විමර්ශනය කර නිර්දේශ ලබාදීමත් නිසා එය හාස්‍යයට ලක්වනු දැකගත හැකි විය.

කොමිසම පත්කිරීමේ මුඛ්‍ය අරමුණ රාජ්‍ය සේවකයන් ලක්වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කර සහන සැලසීම වුවත් ඊට පැමිණිලි ඉදිරිපත් කළ ඇතැමුන් රාජ්‍ය සේවකයන් නොවීම අපූරු සිද්ධියකි. ඊට හොඳම උදාහරණය දුමින්ද සිල්වා සම්බන්ධ සිදුවීමය. භාරත ලක්ෂ්මන් ඝාතනයට වැරැදිකරු වී අධිකරණයෙන් මරණ දඬුවම නියමව, එම දඬුවම අභියාචනාධිකරණයෙන්ද තහවුරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වාට (ආර්. දුමින්ද සිල්වා) වලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුගේ පියා තම පුත්‍රයා දේශපාලන පළිගැනීමකට ලක්වූ බව පවසමින් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය. එම පැමිණිල්ල ගොනුකිරීම සඳහාම කොමිසමේ කාලය දීර්ඝ කිරීම විශේෂ සිදුවීමක් වන අතර නීති විෂය සම්බන්ධ ප්‍රාමාණික මතය වූයේ එම පැමිණිල්ල හේතු දෙකක් මත කොමිසම විසින් භාර නොගත යුතුව තිබූ බවය. පළමු හේතුව දුමින්ද සිල්වා යනු රාජ්‍ය සේවකයෙක් නොවීමය. අනෙක ඔහුට මරණීය දණ්ඩනය නියම වූයේ අධිකරණ තීන්දුවකින් විනා දේශපාලන තීරණයකින් නොවීමය.

තත්ත්වය එසේ වුවත් දුමින්ද සිල්වාට යම් සහනයක් ලබාදීම යෝග්‍ය බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ කොමිසම නිර්දේශ කරන ලද අතර ඒ සමගම දුමින්දට සමාව ලබාදිය යුතු බවට මතයක් සමාජගත කරන්නට ආණ්ඩුවේ හිතවදීන් කටයුතු කළේය. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවා ඔහුට සහනයක් දියයුතු බව පැවසූහ. අවසන දුමින්දට ජනපති සමාව හිමිවූ මුත් ඊට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රමුඛ පාර්ශ්වයන් ගොනුකළ පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති සමාව අවලංගු කර යළි දුමින්ද බන්ධනාගාර ගත කළේය. එය කොමිසමට පමණක් නොව කොමිසම පත්කළ ජනාධිපතිටද සත්‍ය පසක් කරදීමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභා ලබාදුන් නිර්දේශ ‍එකක් හෝ ක්‍රියාත්මක නොවුණද එම කොමිෂන් සභා වෙනුවෙන් කුලියට ගත් කාර්යාල සඳහා කුලී ගෙවීම, කාර්ය මණ්ඩල නඩත්තු කිරීම ඇතුළු වියහියදම් සියල්ල දරනු ලැබූවේ මහජන මුදලිනි. එම මුදල කොතරම් දැයි තවමත් නිශ්චිතව ගණනය කර නැත. එහෙත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමර්ශන කරමින් පසුගිය සතියේ ලිපියක් පළකරන සන්ඩේ ටයිම්ස් පුවත්පත 2020 – 2021 මෙම කොමිෂන් සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 3,370ක් බව සඳහහන් කරයි. ඒ අනුව බලන කල මෙම සංඛ්‍යා ලේඛන සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2022 වසරේ පත්කළ සිය අවසාන කොමිසම වූ ‘මාර්තු 31 සිට මැයි 15 දක්වා රටේ සිදුවූ ගිනි තැබීම්’ පිළිබඳ වූ කොමිසම සහ 2022 වසර තුළ පවත්වාගෙන ගිය කොමිෂන්වල වියහියදම් ඇතුළත්ව නැති බව පැහැදිලි වෙයි. එම මුදලද එක්වූ පසු පෙර සඳහන් ලක්ෂ 3,370 මුදල තවත් වැඩිවන බව පැහැදිලිය.

කොමිෂන් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහද රුසියෙකි. ඔහු අග්‍රාමාත්‍ය ධුරය දැරූ යහපාලන රජය සමයේද ජනාධිපති කොමිෂන් රැසක් පිහිටුවනු ලැබීය. එම කොමිෂන් සභා අතර බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිසම, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ කොමිසම, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් කේටරින්, මිහින් ලංකා යන ආයතන පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිෂන්ද වෙයි. ඒවායෙන්ද දෙන ලද නිර්දේශ මොනවාද, ඊට අනුගතව ගන්නා ලද ඉදිරි පියවර මොනවාද යන්න අදටත් අබිරහසකි. එහෙත් එකී කොමිෂන් වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් ලක්ෂ 2,540ක් බව මේ වන විට අනාවරණ වී ඇත. ඒ අනුව පසුගිය වසර අටක කාලය තුළ ඊනියා ජනාධිපති කොමිෂන් සභා වෙනුවෙන් පමණක් වැයකර ඇති මහජන මුදල් ප්‍රමණය රුපියල් ලක්ෂ 5,040ක් බව පැහැදිලි වෙයි.

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද 18කට ආසන්න ජනාධිපති කාර්යසාධක බළකායන් සඳහා වැය වූ මුදල කෙතරම් දැයි මේ වන තුරුත් අනාවරණයවී නැත. එකී කාර්යසාධක බළකායන් කෙතරම් වගකීම් විරහිතව පත්කර ඇද්දැයි වටහා ගනීමට එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බළකායේ ආකෘතිය දෙස බැලීම ප්‍රමාණවත්ය. ඉතා වැදගත් නෛතික කරුණු කාරණා පිළිබඳ නිර්දේශ කිරීමට පත්කළ එම කොමිසමේ සභාපතිත්වය පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර වැනි භික්ෂුවකට ලබාදීම මෙරට සාමකාමී, වාර්ගික සහජීවනය අගය කළ මිනිසුන්ගේ දැඩි පිළිකුලට ලක්වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙරට මුසල්මානුවන්ට එරෙහිව දැඩි වෛරී මත පතුරුවමින් වාර්ගික සහජීවනය විනාශ කළ එම භික්ෂුව අධිකරණයට අපහාස කිරීමේ වරදට බන්ධනාගාරගත වූ අයෙකි.

ඊට අමතරව නැඟෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය, හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්යසාධක බළකාය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය, දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය, සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැඟීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය ඇතුළු ජනාධිපති කාර්යසාධක බළකායන් රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටවනු ලැබූ අතර ඒවා ලබාදුන් නිර්දේශ කවරේද, එකී නිර්දේශ අතරින් කොපමණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක වූයේද යන්න අදටත් සොයාගත අප්‍රකාශිතය. එමෙන්ම මේ කාර්යසාධක බළකායක් වෙනුවෙන් වැයවූ මුදල කෙතරම්ද යන්නද අදටත් හෙළිවී නැත.

ජනගහනයෙන් විශාල පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙන, බංකොලොත් රටක මහජන මුදලින් ලක්ෂ 5,000කට වැඩි මුදලක් වැයකර පිහිටුවූ ජනාධිපති කොමිෂන් සභා යනු නැටූ තොවිලයකුත් නැති බෙරේ පළුවක්ද නැති නාඩගමක් බව පැහැදිලි වෙයි. සැබැවින්ම මෙම කොමිෂන් මගින් සිදුවූයේ ජනතාවට තදින් දැනෙන ප්‍රශ්න සියල්ල කල්මරමින් ඔවුනට අමතක කිරීමට උත්සාහ ගැනීමය. රටට සත පහක වැඩක් නැති මුත් ජනාධිපතිවරුන් සහ බංකොලොත් ආණ්ඩු තම පැවැත්ම තහවුරු කරගැනීමට යොදාගන්නා ‘ටූල්’ එකක් වූ ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ අනාගතයේ යම් ජනාධිපතිවරයෙක් දැඩි තීන්දුවක් ගත යුතුව ඇත. එහෙත් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට ‘ජනාධිපති කොමිෂන් සභාවක්’ පත් කිරීමට ඔහුටද සිතුණහොත් අප ඊට පුදුම විය යුතු නොවේ.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවෙන් පත්වුණු රනිල්ට ජනතා මතයකින් තොරව මෙහෙම කරන්න පුලුවන්ද? මහාචාර්ය චරිතට ප්‍රශ්නයක් මතුවෙලා!

Next Post

දමිතාට මඩ ගහන මේ ටීම් එක කව්ද? (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.