• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීති කැඩුවොත් මානව හිමිකම් කැඩුවොත් මෙහෙන් නැති වුණත් කොහෙන්හරි දඬුවම එනවා… මහින්දට-ගෝඨාට රාජ්‍ය නිලධාරීන්ට කැනඩාව දුන්නු දඬුවම හරියට දැනගන්න…

January 23, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
නීති කැඩුවොත් මානව හිමිකම් කැඩුවොත් මෙහෙන් නැති වුණත් කොහෙන්හරි දඬුවම එනවා… මහින්දට-ගෝඨාට රාජ්‍ය නිලධාරීන්ට කැනඩාව දුන්නු දඬුවම හරියට දැනගන්න…
Share on WhatsAppShare on Facebook

පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ජන අරගලය ඇරැඹීමෙන් පසුව අපට දිනෙන් දිනම අසන්නට ලැබුණේ විවිධ වූ ආන්දෝලනාත්මක කතාන්දරය. අද නින්දට ගොස් හෙට පාන්දර ඇහැරුණු විටදී පවා පුවත් අලුත් වන වගතුග රැසක් අපට නිරන්තරයෙන් අසන්න ලැබිණි. එදා 2022 වසරේ අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්ද සමහරුන් සමරුනු ලැබුවේ ගාලු මුවදොර පිටියේ සිටියදීය. ඒ, ජන අරගලය කඳවුරු බැඳගෙන සිටි ජනතාවගේ මනාපයකි. ඔවුහු තම නිවෙස්වලට ගොස් අවුරුදු සමරනවාට වඩා ජන අරගලය තුළදී අවුරුදු සැමරීමෙන් සතුටට පත්වූහ. කෙසේ හෝ එතැන් සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ දේශපාලනික පිටිය තුළ සිදුවූ විප්ලවයන් බොහෝය. ඒ නිසාම ශ්‍රී ලංකාව තුළ බොහෝ බලපුළුවන්කාරකම් පෙන්වමින් සිටි දේශපාලන පතාක යෝධයන්, නිවට නියාලු තත්ත්වයට පත්ව ගෙදර ගියේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ජන බලය එතරම්ම සවි ශක්තියෙන් පෙන්වූ වෙනත් කිසිදු කාලවකවානුවක් නොවීය. කෙසේ හෝ දැන් එම අරගලය වේදිකාවෙන් ජනතාව මඳක් ඔබ්බට ගොසින්ය. එහෙත් එය තාවකාලික නිහැඬියාවක් පමණි නැවත ජන බලය පුපුරා යන්නේ අප කිසිවකුත් නොසිතන මොහොතකදීය.

කෙසේ හෝ එම සුවිශේෂ අතීතය ගැන ආවර්ජනය කරමින් මෙම ලිපියට පෙරගමන් තැබුවේ කුමන හේතුවක් උදෙසාද? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්නට ලැබුණු එක්තරා අතිසුවිශේෂ පුවතක් හේතුවෙනි. දැනට දිනෙන් දින අලුත් පුවත් අසන්නට ලැබෙන මෙම සමාජය තුළ මෙම වගතුගද මේ වන විට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළුමහත් ලෝකය තුළම මහත් ආන්දෝලනයක් ඇතිකරන්නට සමත්ව ඇත. එම වගතුග කුමක්ද? එනම් මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්ට ලැබුණු එක්තරා ජාත්‍යන්තර මාධ්‍ය පුවතක් වූයේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට කැනඩාවේ රජය සම්බාධක පනවා තිබීමේ කතාවකි. මෙම වගතුග වත්මන් කැනේඩියානු රජය රාජ්‍ය නිල ප්‍රකාශයක් හරහා හෙළිකර තිබිණි. කැනඩාව මෙහිදී ප්‍රකාශ කර තිබුණේ 1983 සිට 2009 දක්වා සන්නද්ධ සිවිල් යුද ගැටුම්වලදී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සම්බන්ධයෙන් මෙම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට එරෙහිව සම්බාධක පැනවූ බවයි. මොවුන් දෙදෙනාට අමතරව තවත් ශ්‍රී ලාංකික හිටපු ඉහළ හමුදා නිලධාරීන් දෙදෙනකුටද එරෙහිව සම්බාධක පැනවූ බව ප්‍රකාශයට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්ද ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක යන අයටද එරෙහිව සම්බාධක පනවා තිබිණි.

කෙසේ හෝ මෙහිදී අප ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා මුහුණදුන් මෙම තත්ත්වය ගැන ප්‍රධාන වශයෙන් සොයා බලමු. කැනඩාවේ විදේශ කටයුතු ඇමැතිනී මෙලනි ජොලීගේ නිවේදනයක්, කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරමින් මේ බව හෙළිකර තිබිණි. ඒ අනුව කැනඩාවේ විශේෂ ආර්ථික රෙගුලාසි පනතට (Special Economic Regulation Act of Canada) අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අයට කැනඩාවේ වත්කම් පවතී නම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුන බවත්, කැනඩාවේ ආගමන හා සරණාගත ආරක්ෂණ පනත (Immigration and RefugeeProtection Act of Canada) ප්‍රකාරව මින් පසුව කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් නිවේදනය කර තිබිණි. කැනඩාව සහ ජාත්‍යන්තර ප්‍රජාව මානව හිමිකම් කඩවීම පිළිබඳ වගවීම සම්බන්ධනේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියද එහෙත් ශ්‍රී ලංකා රජය වගවීම සම්බන්ධයෙන් ගෙන ඇත්තේ අර්ථවත් සීමිත ක්‍රියාමාර්ග කිහිපයක් පමණක් බවත්, මේ නිසා මෙලෙස සම්බාධක පනවන බවත් එම නිවේදනයෙන් දක්වා ඇත. එසේම මානව හිමිකම් කඩවූවන්ට යුක්තිය ඉටුකළ යුතු බවත්, මෙම සම්බාධක පැනවීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකළ පුද්ගලයන්ට අඛණ්ඩවම දණ්ඩ මුක්තිය ලබාදීම කැනඩාව පිළිනොගන්නා බවටත්, පැහැදිලි පණිවුඩයක් ලබාදෙන බැව් කැනේඩියානු විදේශ කටයුතු ඇමැතිනී මෙලනි ජොලී ප්‍රකාශ කර ඇත.

රජයේ හමුදා සහ බෙදුම්වාදී දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය අතර 26 වසරක දීර්ඝ සිවිල් යුද්ධයෙන් දස දහස් ගණනක මිනිසුන් මියගියේය. මේ නිසා විශේෂයෙන්ම යුද්ධයේ අවසන් මාසවලදී යුද අපරාධ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම චෝදනා එල්ල විය. එසේම දෙමළ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවට චෝනා එල්ලවූ හමුදාවන් අධීක්ෂණය කළේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරා වූ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. එහෙයින් කැනඩාව ඇතුළු ලෝකයේ රටවල් රැසක විවිධ පාර්ශ්ව විසින් ඔවුන්ට එරෙහිව මානව හිමිකම් චෝදනා රාශියක් ගෙන ආවේය. ඒ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එම ක්‍රියාවලියේදී මූලිකත්වය ගෙන කටයුතු කරමින් මෙම මානව හිමිකම් අපරාධ ගැන සාක්ෂි එකතු කිරීම සහ සංරක්ෂණය කිරීම සිදුකරනු ලැබුවේය. අද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට එරෙහිව කැනඩාව ප්‍රබල තීරණයක් ගෙන ඇත්තේද මෙම සාධකවලට අනුකූලවය. තවද මෙම ප්‍රතිඵල ඇතිවන්නට තවත් අවදානම හේතු සාධකයක් වූයේ දෙමළ ඩයස්පෝරාවය. ලෝකයේ රටවල් රාශියක තිබෙන දෙමළ ඩයස්පෝරාවන් අතරින් ප්‍රබලතම සහ ක්‍රියාශීලීම ඩයස්පෝරාව වන්නේ කැනේඩියානු දෙමළ ඩයස්පෝරාවයි. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළ ජනතාව වැඩිපුරම වාසය කරන්නේ කැනඩාවේ වන අතර එම ප්‍රමාණය ලක්ෂ 03 ඉක්මවයි. කෙසේ හෝ ශ්‍රී ලංකාවට එරෙහිව ගොඩනැගුණු මානව හිමිකම් කඩවීම් චෝදනාවලිය යනු දින කිහිපයක හෝ මාස කිහිපයක හෝ කාලයක් පුරා ගොඩනැගුණු එකක් නොවේ. එය ගොඩනැගෙන්නේ දශක ගණනාවක සිට වන අතර, එය උච්චතම තත්ත්වයට පත්වන්නේ 2009 සිවිල් යුද්ධය අවසාන වීමෙන් පසුවය.

දැනට හෙළිවන කරුණුවලට අනුව කැනේඩියානු රජය මෑත සමයකදී රටක් පාලනය කරනු ලැබූ රාජ්‍ය නායකයන් දෙදෙනකුට එක්වරම එක මොහොතකදී මෙලෙස සම්බාධකයක් පැනවූ ප්‍රථම අස්ථාව මෙය ලෙස සැලකෙයි. එනම් මහින්ද රාජපක්ෂ මහතා මින් පෙර අවසන් වතාවට ශ්‍රී ලංකාවේ අගමැති ධුරය දැරූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරය දැරීය. කැනඩාව මින් පෙර ලෝකයේ විවිධ රටවල දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව විවිධ සම්බාධක පනවා තිබුණත් මෙලෙස කිසිම රටක සමීප පාලනයේ සිටි රාජ්‍ය නායකයන් දෙදෙනකුට එක් වරම සම්බාධක පැනවූයේ නැතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. එසේම යුරෝපයේ කිසිම රටක්ද මෙතෙක් මේ ආකාරයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනකුට එක්වරම සම්බාධක පැනවීම් සිදුකර නැතැයිද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියි. මෙවැනි සුවිශේෂ තත්ත්වයක් යටතේ මෙම සිදුවීම වාර්තාවක් තබන සිදුවීමක් ලෙසටද සැලකිය හැකි බවට කරුණු ප්‍රකාශ වෙයි. කැනඩාව යනු ලෝකයේ බටහිර තිබෙන අතිශයම බලවත් සහ ධනවත්ම රාජ්‍යයක් වන අතර එය ලෝකයේ ප්‍රධානතම බලවතුන් 05ක් අතරට වැටෙන රාජ්‍යයක් ද වෙයි. උතුරු ඇමෙරිකානු රාජ්‍යයක් වන කැනඩාවේ ඒකුද්ගල ආදායම පමණක් ඇමෙරිකානු ඩොලර් 56,794ක ප්‍රමාණයකි. මෙය ලෝකයේ රටවල් සියල්ලම අතරින් 11 වැනි ස්ථානයට වැටෙන අතර මෙයින් පෙනීයන්නේ කැනඩාව යනු කෙතරම් ධනවත් සහ බලවත් රාජ්‍යයක්ද යන්නය. එසේම කැනඩාවේ 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතය පමණක් ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 2.2ක් වෙයි. දැනට කැනඩාවේ කෝටි 04කට ආසන්න ජනකායක් වාසය කරති. කැනඩාවේ වඩාත් බලගතු රාජ්‍ය නායක ධුරය වන්නේ අගමැති ධුරය වන අතර එය උසුලන්නේ ජස්ටින් ටෲඩෝ විසිනි. ඔහු 2015 වසරේදී සිට එරට අගමැති ධුරය දරන අතර පාර්ලිමේන්තු මැතිවරණ හරහා ජයග්‍රහණය කිරීමෙන් පත්ව සිටින ඉතා ජනප්‍රිය නායකයෙකි. ඔහු ලෝකයේ සිටි අතිශය ජනප්‍රිය සහ දක්ෂ රාජ්‍ය පාලකයකු වූ කැනඩාවේ අගමැති ධුරය අගමැති ධුරය 1968 සිට 1984 දක්වා තෙවතාවක් දැරූ පියරි ටෲඩෝගේ පුත්‍රයාය. කෙසේ හෝ කැනඩාව තුළ නිරන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබුණද එරට මූලික රාජ්‍ය පාලන මෙහෙයුම් සිදුවන්නේ මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) දෙවැනි එලිසබත් මහ රැජින යටතේය. එලිසබත් රැජින පසුගියදා මියයෑමෙන් පසුව එංගලන්තයේ චාල්ස් කුමාරයා තුන්වැනි චාල්ස් ලෙස රාජ්‍යත්වයට පත්විය. ඔබට මෙලෙස යම් අයුරකින් කැනඩාවේ රාජ්‍ය පාලනය ගැන අවබෝධයක් ඇති කළේ මෙම කතාවට පහසුවක් උදෙසාය. මේ ආකාරයට අපට පහසුවෙන් පෙනීයන කරුණක් වන්නේ මෙවැනි බලගතු රාජ්‍යයක් අපගේ රටේ බලයේ සිටි රාජ්‍ය නායකයන් දෙදෙනකුටම එකවර සම්බාධක පැනවීම ඉතා බැරෑරුම්, සංකීර්ණ ප්‍රශ්නයක් බවයි.

අප මෙම සිදුවීම තවදුරටත් විශ්ලේෂණාත්මකව සොයා බලමු. මෙවැනි පියවරක් ගැනීමට කැනේඩියානු රජය ගත් තීරණය සිතු මනාපයට සිදුකර ඇති එකක් නොවේ. එවැන්නක් සිදුකිරීමටද නොහැකිය. මෙවැනි රාජ්‍යතාන්ත්‍රික තීරණයකට එළැඹීමට පියවර කිහිපයක්ම ගත යුතුය. ඒ සඳහා මේ වන විට කැනේඩියානු රජය එරට තිබෙන විවිධ අණපනත් සහ ජාත්‍යන්තර අණ පනත්ද අවධානයට ගැනෙයි. එම ක්‍රමවේදය අප රටට පමණක් නොව අනෙක් රටවලටද අදාළව සිදුකෙරෙන සම්මත ස්ථාවර ක්‍රියාවලියකි. මේ සඳහා භාවිත කෙරෙන අණ පනත් ගැන සොයා බලමු.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කර ඇති කැනඩාවේ එක්සත් ජාතීන්ගේ පනත (United Nations Act of Canada).

කැනඩාවේ විශේෂ ආර්ථික රෙගුලාසි පනත (Special Economic Measures Act of Canada).

දූෂිත විදේශ නිලධාරීන්ගේ වින්දිතයන් සඳහා යුක්තිය පිළිබඳ පනත (Justice for Victims of Corrupt Foreign Officials Act).

දූෂිත විදේශ නිලධාරීන්ගේ වත්කම් කැටිකිරීම් පනත (Freezing Assets of Corrupt Foreign Officials Act).

ආගමන හා සරණාගත ආරක්ෂණ පනත (Immigration and Refugee Protection Act).

කැනේඩියානු අපරාධ සංග්‍රහය පනත (Criminal Code Act of Canada).

දැන් ඔබට මේ තත්ත්වය හොඳින්ම පැහැදිලි වනු ඇත. රාජ්‍ය පනත් 06ක් හරහා සිදුකෙරෙන මෙම ක්‍රියාවලිය කෙතරම් සංකීර්ණ එකක්දැයි ඔබට අවබෝධ වනු ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට හෝ පමණක් නොව ලෝකයේ විවිධ රටවල සිටින එවැනි පුද්ගලයන්ට පවා මෙම දැඩි නිතිරීති සංග්‍රහයන් අදාළ වෙයි. මෙහිදී පුද්ගලයන් පමණක් නොව විවිධ සංවිධානවලටද එම ක්‍රියාවලිය අදාළ වනු ඇත. ඒ අනුව මේ වන විට කැනඩාව ලෝකයේ සිටින විවිධ රාජ්‍යතාන්ත්‍රික පුද්ගලයන් සිය දහස් ගණනකට සහ සංවිධාන රැසකට එරෙහිව විවිධ සම්බාධක පනවා ඇත. මෙහිදී පසුගිය සමීප කාලයක් තුළ ඉතා පැහැදිලිව කැපීපෙනුණේ රැසියාව, චීනය, ඉරානය සහ හයිටි රාජ්‍යය වෙනුවෙන් කැනඩාව ඉතා තදබල සම්බාධක පැනවීමයි. එහිදී එම රටවල සිටින රාජ්‍ය බලතල දරන ඉහළ පෙළේ නිලධාරීන්ට මෙන්ම සමස්තයක් ලෙස රටවලට අදාළවද විවිධ සම්බාධක පනවනු ලැබීය. කෙසේ හෝ එහිදී කිසිදු ප්‍රධාන රාජ්‍ය නායකයකුට එරෙහිව සම්බාධක පනවා නොතිබිණි. එහෙයින් අදාළ කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන් දෙදෙනකුටම එරෙහිව සම්බාධක පැමිණවීම අතිසුවිශේෂ සිදුවීමක් වෙයි. කැනඩාව පසුගිය දශක කිහිපයක් ඇතුළත ලෝකයේ රටවල් රාශියක් විවිධ රාජ්‍යතාන්ත්‍රික පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පමුණුවා ඇත. එම රටවල් සහ අදාළ පුද්ගලයන්ගේ නම්ගම් විස්තරද කැනේඩියානු රාජ්‍ය නිල ලේඛන තුළ දැකිය හැකිය. එහෙත් ඒ සියල්ල ලියන්නට මෙහි ඉඩ නැත. එසේ වුවත් එම රාජ්‍යයන් මොනවාදැයි සොයා බලමු.

රුසියාව, චීනය, ඉරානය, හයිටි රාජ්‍යය, බෙලරුස් ජනරජය, මියැන්මාරය, නිකරගුවා, සිරියාව, යුක්රේනය, වෙනිසියුලාව, සිම්බාබ්වේ සහ අලුතින් ශ්‍රී ලංකාවද අයත් වෙයි. මේ අනුව පෙනීයන්නේ කැනේඩියානු රජය ගනු ලබන එම තීරණ සහ ක්‍රමවේදයන් බොහෝ ගැඹුරු පරාසයක ඇති බවය. මෙම තත්ත්වය පිළිබඳ කෙසේ හෝ ශ්‍රී ලංකා රජය පසුගියදා තම විරෝධය කැනේඩියානු රජය වෙත නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේය. ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති අලි සබි්‍ර ප්‍රකාශ කර සිටියේ මෙම කැනඩා රජයේ තීරණය ගෙන ඇත්තේ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට බවය. ඔහු එසේ ප්‍රකාශ කර සිටියද කැනඩාව තුළ තහනම් කර ඇති විදේශ සංවිධාන අතරට කැපීපෙනෙන සංවිධානයක් වන්නේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) වන අතර, එම සංවිධාන 70ක ලැයිස්තුවේ ලෝක දෙමළ ව්‍යාපාරය (World Tamil Movement) නමැති ජාත්‍යන්තර දෙමළ සංවිධානය අයත් වෙයි. මෙයින් පෙනී යන්නේ කැනේඩියානු රජය යනු දෙමළ කොටි සංවිධානයට ආවඩන රාජ්‍යයක් නොවන බවය.

මෙම සිදුවීම සිදුවූ දිනවලදීම ඇමෙරිකාවෙන් තවත් සුවිශේෂ පුවතක වගතුග ආරංචි වන්නට විය. එය නම් ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් එක්තරා ඓතිහාසික ගිවිසුමකට අස්සන් තැබීමේ පුවතයි. පසුගියදා මෙලෙස ස්ථාපිත කරන ලද පනත ‘යුද අපරාධවල වින්දිතයන් සඳහා වූ යුක්තිය’ (Justice for Victims of War Crimes Act) ලෙසින් නම්කර ඇති අතර එය ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කරන ලද්දකි. මෙමගින් ලෝකයේ ඕනෑම තැනක සිදුවූ යුද අපරාධයන් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට සම්බන්ධකම් ඇති විවිධ පුද්ගලයන්ට එරෙහිව ජාතිකත්වය නොසලකා නඩු පැවරීමේ බලය හිමිවෙයි. එනම් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අධිකරණ බලය ලබාදෙන ඓතිහාසික පනතක් ලෙස සැලකෙයි. මෙම පනත පිළියෙල කර ඇත්තේ ජාත්‍යන්තර ජිනීවා සම්මුතීන්ට අදාළව බව ප්‍රකාශ වෙයි. මෙහිදී හෙළිවන සුවිශේෂ වගතුගක් නම් ඉහත එවැනි චෝදනා ලැබූ පුද්ගලයන් ඇමෙරිකාවට පැමිණියහොත් ඔවුන් වහා නීතියේ රැහැනට ගෙන නඩු පැවරීම සිදුකරනු ලබයි. මෙහිදී කිසිදු ජාතිකත්වයක් හෝ තනතුරු නම්බු නාමයක් හෝ සැලකිල්ලට නොගැනෙයි. මෙම අතිශය තදබල නීතිරීති ඇතුළත් පනත යටතේ ඉදිරියේදී කිසිදු රටක යුද අපරාධ හෝ මානව හිමිකම් චෝදනා ලබා ඇති පුද්ගලයන්ට ඇමෙරිකාවට ඇතුළු වීම බලවත් තර්ජනයක් වනු ඇත. ඉහත අප ප්‍රකාශ කළ අයුරින් මේ අනුව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අයට මෙම තත්ත්වය ප්‍රබල ලෙස බලපානු ඇත. පසුගියදා ඇමෙරිකාවේ ධවල මන්දිරය විසින් මෙම නව පනත ස්ථාපිත කිරීම ගැන නිවේදනයක් නිකුත් කළේය. මෙම පනත ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකානු කොංග්‍රසයේ සිටින සෙනට් සභිකයන් 06 දෙනකු ප්‍රමුඛත්වය ගෙන ඇත. යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට අධිකරණ දෙපාර්තමේන්තුවේ අධිකරණ බලය පුළුල් කරන පනත් කෙටුම්පත, බදාදා සෙනට් සභාවේ අනුමැතිය දිනා ගැනීමෙන් පසු බ්‍රහස්පතින්දා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය. මෙයට පෙර ව්‍යවස්ථාවට සහ පනතට අනුව නඩු පැවරීමක් සිදුකරනු ලැබුවේ වැරැදිකරු හෝ වින්දිතයා හෝ ඇමෙරිකානු ජාතිකයකු වූ විට පමණක්ය. එහෙත් මෙම නව පනතට අනුව ලෝකයේ ඕනෑම ජාතිකයකුට එරෙහිව නඩු පැවරීම සහ දඬුවම් පැමිණවීම සිදුකළ හැකිය.

කෙසේ හෝ මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් වඩා මෙම තත්ත්වය බලපානු ලබන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටය. එයට හේතුව වන්නේ ඔහුට ඇමෙරිකාව සමග තිබෙන සබඳකම් බොහෝ වැඩි හෙයිනි. ඔහුගේ පුතා සහ සමහර ඥාතීන් මේ වන විටත් ජීවත් වන්නේ ඇමෙරිකාවේ වන අතර ඔහුද වසර ගණනාවක්ම ඇමෙරිකානු පුරවැසියකු ලෙස ඇමෙරිකාවේ ජීවත් විය. මේ නිසා ඉදිරියේදී ඉහත තදබල පනතේ නීතිරීති යටතේ ඔහු ඇමෙරිකාවට ගියහොත් එහිදී මුහුණ දීමට සිදුවන තත්ත්වය බොහෝ දැඩිවනු ඇත. අපේ ජන වහරේ හැටියට ‘අල්ලපු අත්තත් නෑ – පයගහපු අත්තත් නෑ’ යැයි කියන්නේ මෙවැනි කතාන්දරවලටය.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ළමයින්ගේ අනාගතය තීන්දු කරන විභාග දිනවලදීවත් ලයිට් දෙන්න බැරි නම් ඒක මොන ආණ්ඩුවක්ද? මේ ලැජ්ජා නැති තීන්දුව වහාම අකුළගන්න! එහෙම නැතිවුණොත් ජනතා ශාපයෙන් ගැලවෙන්න ආණ්ඩුවට බෑ! විපක්ෂනායක විශේෂ නිවේදනයක් නිකුත් කරයි!

Next Post

ඌ අපිට ගැහුවා! අපි ඌට ගැහුවා! බඩුගන්න ආපු මිනිහෙක්ට බිම දාගෙන ගැහුවට පස්සේ හවුස් ඔෆ් ෆැෂන් එක දුන්නු උත්තරේ මරු නේද?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.