• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමයින්ගේ අනාගතය තීන්දු කරන විභාග දිනවලදීවත් ලයිට් දෙන්න බැරි නම් ඒක මොන ආණ්ඩුවක්ද? මේ ලැජ්ජා නැති තීන්දුව වහාම අකුළගන්න! එහෙම නැතිවුණොත් ජනතා ශාපයෙන් ගැලවෙන්න ආණ්ඩුවට බෑ! විපක්ෂනායක විශේෂ නිවේදනයක් නිකුත් කරයි!

January 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බයවෙන්න එපා! මේ රටට සල්ලි ‌හොයන ඩොලර් හොයන්න පුලුවන් කණ්ඩායම ඉන්නෙ සජබෙ! රටට ඕන රටට වැඩ කරන්න පුලුවන් වැඩකාරයො ටිකක්! සේවකයො කණ්ඩායමක්! ඒ අභියෝග අපි බාරගන්න ලෑස්තියි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

අපොස උසස් පෙළ විභාගය ආරම්භ දිනයේ පවා විදුලි කප්පාදුවක් කරන්නට ආණ්ඩුව තීන්දුකොට තිබේ.

මේ තරම් අන්තනෝමතික සහ අකාරුණික තීන්දුවක් ආණ්ඩුව විසින් ගැනීම විමතියට කරුණක් නොවන්නේ ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳව අපට අවබෝධයක් ඇති හෙයිනි. අඛණ්ඩ විදුලිය ලබාදීමට නම් විදුලි බිල වැඩිකළ යුතු බව ඇමැතිවරයා ප්‍රකාශ කළත්, එය නිදහසට කරුණක් නොවන අතර රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ අනාගතය පිළිබඳව තීන්දුවක් ගනු ලබන තීරණාත්මක උසස් පෙළ විභාගයේදී වත් විදුලිය ලබාදීමට නොහැකි නම් ඒ ආණ්ඩුව මොනතරම් ජනතා විරෝධීද යන්න සිතාගත හැකිය.

මෙවර අපොස උසස් පෙළ විභාගයට දරුවන් පෙනී සිටින්නෙ අන් කවරදාටත් වඩා දහසක් අභියෝග මැද බව නොරහසකි. ඔවුන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතයද අභියෝගාත්මක තත්වයකට මුහුණ පා සිටියදී මේ දරුවන් විභාගයට පෙනී සිටි. එක් අතකින් රට ආර්ථික වශයෙන් බලවත් බංකොලොත්භාවයට පත්ව ඇති අතර,අනෙක් අතින් මේ දරුවන්ගේ අධ්‍යන කටයුතු වලට ද සුවිශාල අභියෝග එල්ල වී තිබේ.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය (බෙදාහැරීම බලපත්‍රලාභියා) 2022 වර්ෂය සඳහා සියයට 82 ක ගාස්තු ඉහළ දැමීමක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලීය. ඉන් නොනැවතී අවස්ථා කිහිපයකදීම අතිවිශාල ලෙස විදුලි බිල ඉහළ නංවනු ලැබීය. දහසකුත් ජීවන දුෂ්කරතා මැද, සිය පණ නළ යන්තම් අල්ලාගෙන සිටින රටේ ජනතාවගේ හුස්ම පොද ගිලිහී යාමට නොදී, සහනදායි ක්‍රමවේදයක් සකස් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු වුවත්, ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු කිසිදු වුවමනාවක් නැත.

බලශක්තිය විකුණා දැමීම උදෙසා වූ සිය සැගවුනු න්‍යාය පත්‍රය ප්‍රකාරව ආණ්ඩුවේ කුඨ නාටකය කරළියට එමින් තිබෙන බව මෙයින් නැවත නැවත ඔප්පු වන අතර උසස් පෙළ විභාගය අතරේ පවා විදුලිය විසන්ධි කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ එය විය හැක. යන්තම් වේල පිරිමසාගෙන ජීවන අර්බුදයක කරවටක් ගිලී සිටින ජනතාවගේ හිස මත විදුලි ගාස්තුව වැඩිවීමද සිදුකොට ඇති අතර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළමින් විභාගය දිනවල පවා විදුලිය කැපීමට තීන්දු කිරීම තුලින් රටේ අනාගතයම අඳුරේ හෙළමින් තීන්දුව ගෙන තිබේ.

එබැවින් අපි ආණ්ඩුවට බලකර සිටින්නේ මේ ලජ්ජා සහගත තීන්දුව වහාම හකුලාගෙන අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන ලෙසය. එය එසේ නොවන්නේනම් ඊට එරෙහිව නැගෙන ජනතා ශාපයෙන් ආණ්ඩුවට ගැලවිය නොහැකි බව අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක.

SendShareShare
Previous Post

සමහර පත්තර කිව්වා ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් කියලා! අද නඩුවෙදි මහේස්ත්‍රාත්වරිය කිව්වා තවමත් මරණයට හේතුව නිගමනය කර නෑ කියලා! එතකොට පත්තර කොහොමද ෂාෆ්ටර් දිවිනසා ගත්තා කියලා කිව්වේ?

Next Post

නීති කැඩුවොත් මානව හිමිකම් කැඩුවොත් මෙහෙන් නැති වුණත් කොහෙන්හරි දඬුවම එනවා… මහින්දට-ගෝඨාට රාජ්‍ය නිලධාරීන්ට කැනඩාව දුන්නු දඬුවම හරියට දැනගන්න…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.