ත්‍රිවිධ හමුදාවේ සේවය කරමින් සිටියදී නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර 2023 වසරේ සිට සැඟව සිටින හමුදා සාමාජිකයන් 47,000කට ආසන්න පිරිසකට යළි හමුදාවට භාරවී නීත්‍යනුකූලව ඉවත්ව යෑමට ලබාදී ඇති මාසයක පොදු සමා කාලය අප්‍රේල් 20 වැනිදා සිට මැයි 20 දක්වා බලපවත්වන බව ත්‍රිවිධ හමුදාව පවසයි. (Sri Lanka Latest News)
එම කාලසීමාව තුළදී තමන් සේවය කරමින් සිටි හමුදා රෙජිමේන්තුවලට සහ හමුදා කඳවුරුවලට පමණක් භාරවිය යුතු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික තුමාර මහතා පැවැසීය.
විදේශගතවී සිටින හමුදා සාමාජිකයන් මෙරටට නොපැමිණ සේවාවන්ගෙන් ඉවත් වීමට කටයුතු යොදා ඇතත් ක්‍රීඩා තරගවලට ගොස් පැනගොස් සිටින හමුදා සාමාජිකයන්ට එම වරප්‍රසාදය ලබාදී නැති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පොදු සමා කාලය තුළදී තමන් සේවය කරමින් සිටි රෙජිමේන්තු කඳවුරුවලට සහ හමුදා මූලස්ථානවලට භාරවෙන පුද්ගලයන් තමන්ගේ අවසන් වැටුප් වාර්තාව, හමුදා හැඳුනුම්පත හෝ පොලිස් සහතිකය, බැංකු පොතේ පිටපතද රැගෙන එන ලෙස ත්‍රිවිධ හමුදාව ඉල්ලීමක් කොට ඇත.
ප්‍රේමලාල් විජේරත්න