• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංදෑල වැළපෙයි නුඹලා කොහෙ ගියාදෝ…

September 4, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ගංදෑල වැළපෙයි නුඹලා කොහෙ ගියාදෝ…
Share on WhatsAppShare on Facebook

තරුණ පරපුර යනු රටකට සම්පතක්. රටේ ජීවනාලිය බඳු ශ්‍රම බළකායෙන් වැඩිම පිරිසක් මේ තරුණ ප්‍රජාව නියෝජනය කරනවා. එවැනි වටිනා තරුණ ජීවිතයක් රටට අහිමි වීම කියන්නෙ ඒ රටට පිරිමැසිය නොහැකි පාඩුවක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒත් ඒ තරම් වටිනා ජීවිත පහක් එකම දිනයකදී අපේ මේ පුංචි රටට අහිමි වී ගියා. මේ අනුවේදනීය මරණ පහ ගැන අපි මෙලෙස තොරතුරු ඉදිරිපත් කරන්නේ ඒ ජීවිතවල වටිනාකම කෙටියෙන් හෝ ඔබට ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන්.

මේ තරුණ ජීවිත අතරින් අපට අහිමි වූ එක් යෞවනයෙක් වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඉසෙඩ් ස්කෝර් අගය ඉහළින්ම සනිටුහන් කරමින් පේරාදෙණිය සරසවියට ඇතුළත්ව එහි ඉංජිනේරු පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර නමැති (24) වයසේ පසුවූ සිසුවායි. ඔහු පදිංචිව සිටියේ ඇහැලියගොඩ බුළුගහපිටිය ප්‍රදේශයේ. ඔහු සිය දිවි නසාගෙන තිබුණේ පේරාදෙණිය පාලමෙන් මහවැලි ගඟට පැනීමෙන්. ඒ, පසුගිය 26 වැනිදා සවස 3ට පමණ. ඔහු එලෙස පාලමෙන් පනින අයුරු දුර සිටි පුද්ගලයකු දැක තිබුණා. නමුත් නුවන් ලක්ෂිතව බේරාගැනීමට තරම් කාලයක් ඔහුට තිබී නැහැ. නුවන් ලක්ෂිත සිසුවාගේ ගමන් බෑගය පාලම අසල තිබී පේරාදෙණිය පොලිසිය විසින් සොයාගත් අතර, එය පරීක්ෂා කිරීමේදී සිසුවාගේ විශ්වවිද්‍යාල හැඳුනුම්පත, ලැප්ටොප් පරිගණකය සහ බත් පාර්සල් තුනක්ද හමුවී තිබුණා.

ලක්ෂිත පේරාදෙණිය පාලමෙන් මහවැලි ගඟට පැනීමෙන් අනතුරුව ඔහු සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ නාවික හමුදාව දින පහක් තිස්සේ මෙහෙයුම් සිදුකර තිබුණා. එහෙත් ඔහුගේ සිරුර හමුවුණේ පසුගිය 31 වැනිදා වන අතර ඒ, පේරාදෙණිය පාලමේ සිට කිලෝ මීටර 2ක් ඔබ්බෙන් පිහිටි හක්කිඳ දුපත් සමූහය ආසන්නයේ ඉවුරේ තිබියදීයි.

මෙම සිසුවාගේ මරණය පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කර තිබුණේ නුවන් ලක්ෂිත සිසුවා මේ දිනවල පැවැත්වෙන විභාගයකටද පෙනී සිට ඇති බවයි. එසේම මියගිය සිසුවාගේ මව ප්‍රකාශ කර තිබුණේ එදින නුවන් ලක්ෂිත තම මිතුරන්ට යැයි පවසා බත් පාර්සල් තුනක්ද සකසාගෙන නිවෙසින් පිටත්ව ගිය බවයි. සිසුවා කාලක් තිස්සේ මානසික ආතතියට ඖෂධ ලබාගෙන ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

නුවන් ලක්ෂිත ඒ අයුරින් ජීවිතයෙන් සමුගනිද්දී තවත් එවැනිම කනගාටුදායක පුවතක් වාර්තා වුණේ පසුගිය 26 වැනිදායි. එදින 12 දෙනකුගෙන් යුත් තරුණ කණ්ඩායමක් සාදයකින් පසුව මාතර නිල්වලා ගඟේ දිය නෑමට ගොස් තිබුණා. දිය නාමින් සිටි ඔවුන් සැඩපහරට හසුව තිබූ අතර එම පිරිසෙන් සිවුදෙනකු ගසාගෙන ගොස් තිබුණේ කිසිවකු නොසිතූ ලෙසින්. ඔවුන්ගේ සිරුරු සොයා දින දෙකක මෙහෙයුමක් සිදුවූ අතර, අනතුරුව පිටබැද්දර ප්‍රදේශයේ තිබී එම සිරුරු හමුවුණා. එලෙස මියගොස් තිබූ සිවුදෙනා වූයේ අකුරැස්ස පෝරතොට පදිංචිව සිටි මලිත උදයංග (24), වැලිගම බටවල පදිංචිව සිටි ජයසංක සිරිවර්ධන (22), අහංගම මිදිගම පදිංචිව සිටි සසික දිශාන් (24), දෙයියන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි මනුෂ්ක යොහාන් (24) යන අයයි. මේ අතරින් තිදෙනකුගේ සිරුරු ගං පතුළේ තිබී ගාල්ල දක්ෂිණ නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් පසුගිය 27 වැනිදා සොයාගනු ලැබූ බව පිටබැද්දර පොලිසියේ ස්ථානාධිපති සුරංග ජයතුංග මහතා සඳහන් කළා. මියගිය සසික දිශාන්ට අවුරුදු දෙකහමාරක සිඟිති දියණිකද සිටින බවයි දැනගන්නට ලැබුණේ. කෙසේ වෙතත් මනුෂ්ක යොහාන්ගේ සිරුර තවමත් සොයාගැනීමට හැකියාවක් ලැබී නැහැ. මේ අතර තම පෙම්වතා (මනුෂ්ක යොහාන්) ගඟේ සැඩපහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව සැලවීමත් සමග එය දරාගැනීමට නොහැකිව එදිනම රාත්‍රියේ නිල්වලා ගඟට පැන සියදිවි නසාගැනීමට 20 හැවිරිදි අශානි හංසිකා නමැති තරුණිය කටයුතු කර තිබුණා.

ඇය කඹුරුපිටිය රන්සෑගොඩ කිරමආර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් වන අතර, මෙවර උසස් පෙළ විභාගයට මුහුණදී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිට ඇති බවයි පසුව අනාවරණ වුණේ.

ප්‍රේම සබඳතා බිඳී යෑම නිසා හෝ අනපේක්ෂිත ලෙස බලාපොරොත්තු බිඳවැටීම නිසා හිතාමතා ජීවිතය අහිමි කරගැනීමෙන් වැඩියෙන්ම දුක දැනෙන්නේ ජීවත්ව සිටින මවුපියන්ට සහ සහෝදර සහෝදරියන්ටයි. ජීවිත කාලයම දුක් මහන්සි වී රටට දැයට ප්‍රයෝජනවත් දරුවකු දායාද කරන්නට ඒ මවුපියන් ගත් වෙහෙස එක මොහොතකින් සුනු විසුනු වී යද්දී ඔවුන් මොන තරම් මානසික කඩාවැටීමකට ලක්වෙනවා ඇද්ද? මෙවැනි ක්ෂණික තීරණ ගැනීමට දරුවන් පෙළඹෙන්නේ ඔවුන් තුළ දරාගැනීමේ ශක්තිය නොමැති වීම සහ පෞරුෂ දුර්වලතා නිසා බවයි මානසික වෛද්‍ය විශේෂඥයන් බොහෝ විට පවසන්නේ. දරුවන්ට කුඩා කාලයේ සිටම දරාගැනීම පිළිබඳ මවුපියන් විසින් ඉගැන්විය යුතුයි. දෙමවුපියන් ජීවිතයට මුහුණ දෙන ආකාරය දරුවන්ටද දැනෙන්නට ඉඩ දිය යුතුයි. එසේ නොමැතිව සියලු පහසුකම් නොඅඩුව දරුවන්ට ලබාදීම තුළින් ඇතැම් විට එම දරුවන් කිසිදු සමාජ ආශ්‍රයක්, සමාජය සමග ගැටීමක් නැතිව අනාගත ලෝකය ඉදිරියේ අසරණ වීමට ඇති අවස්ථාවන් බොහෝය. ජීවිතය ඉදිරියට ප්‍රශ්නයක් පැමිණි විට එය නිරාකරණය කරගෙන බුද්ධිමත්ව අනාගතයට මුහුණ දීමේ හැකියාව වත්මන් යෞවන පරපුර තුළ බොහෝ සෙයින් හීන වී යමින් ඇති බව දිනෙන් දින වාර්තාවන සිදුවීම් අනුව සිතාගත හැකියි. විභාගය නිසා ඇතිවූ ආතතිය, මානසික පීඩනය, ප්‍රේම සබඳතා බිඳවැටීම හේතුවෙන් හටගත් කලකිරීම ආදී දහසකුත් මානසික තත්ත්වයන් හේතුවෙන් ඍණාත්මක ආකල්ප දරුවන්ගේ සිත් තුළ ගොඩනැගීම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත් එම මානසික තත්ත්වය ධනාත්මක ආකල්පවලින් පෝෂණය කරගත හොත් ඕනෑම අභියෝගයක් හමුවේ සැබෑ පෞරුෂත්වයකින් අනාගතයට මුහුණදී ජීවිතය ජයගන්නට ඔවුන්ට හැකියාව ලැබෙන බව නොකියාම බැහැ. ඒ සඳහා මවුපියන්ගෙන් සේම පාසල් මට්ටමින්ද දරුවන්ට ලැබිය යුතු පිටිවහල සුළුපටු නැති බවද සඳහන් කළ යුතුමය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කොල්ල කාපු සල්ලි සජබ ආණ්ඩුවක් යටතේ මම රටට ගේනවා! වංචා කරපු සියලු දෙනාටම දඬුවම් දෙනවා! සජිත්ගෙන් ජනතාවට පොරොන්දුවක්! (PHOTOS & VIDEO)

Next Post

පිටි මිල වැඩිවීමෙන් කොත්තුවක් 100කින් නග්ගලා! කෙටි කෑමත් 20කින් උඩට!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.