• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනමත විචාරණයක් තියන්න පුළුවන්ද? ඕන ඕන වෙලාවට ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්ද? ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න පුළුවන්ද? හිටපු අගවිනිසුරු සරත් සිල්වා උදාහරණ-වගන්ති එක්කම ඇත්ත කතාව කියයි I Sri Lanka Latest News

October 28, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘රනිල් ජනමත විචාරණයක් තියලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නයි හදන්නේ. එහෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා විධායක අගමැති විදියට රනිල් පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2025 වෙනකම් පොහොට්ටුවත් එක්ක ආණ්ඩු කරන්නයි හදන්නේ…’(Sri Lanka Latest News)

මේ පහුගිය සතිය වන විට මේ රටේ විවිධ දේශපාලනඥයන් විසින් විවිධ තැන්වලදී කතාබහට ලක්කළ ප්‍රධානම මාතෘකාවය. වරක් දේශපාලන වේදිකාවේදී අනුර කුමාර මේ කතාව මේ විදියටම කියා සිටියේය. ඒකට තවත් ඌණ පූරණයක් එක් කරමින් අනුර කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්ෂයේ විරුද්ධත්වයක් නැති නමුත් ඊට ජනමත විචාරණයක් පවත්වන්නේ නම් විධායකය අහෝසි කිරීමත් සමග පාර්ලිමේන්තුවද විසුරුවා හැරිය යුතු බවට වූ යෝජනාව ඊට එකතු කළ යුතු බවකි.

‘හැබැයි පවතින ව්‍යවස්ථාව යටතේ රනිල්ට මේ විදියට එක පාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ ජනමත විචාරණයක් තියලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන්ද?’

‘විධායක අගමැති විදියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2025 වෙනකම් ප්‍රශ්නයක් නැතිව පොහොට්ටුව එක් මේ විදියටම ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්ද?’

දේශපාලන වේදිකාවේදී මේ කතා රස කරකර කිව්වත්, තමන්ගේ හිතවතුන් සමග ඡන්ද සිතියම් හකුලලා දිගටම බලයේ ඉන්න හැටි ගැන රෑට රෑට වට මේසවල සාකච්ඡා තිබ්බත් ඒවා හිතූ හිතූ පරිදි ක්‍රියාවට නංවන්නට බැරිය. ඒ සියල්ල රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුය.

‘ඉතින් මේ ගේම දැන් තියෙන ව්‍යවස්ථාවත් එක්ක රනිල්ට ගහන්න බැරිද? ව්‍යවස්ථාවේ පළාත් පාලන මැතිවරණය තියන්න කියලා නියම කරලා තිබුණට කෝ රනිල් පළාත් පාලන ඡන්දය තිබ්බද? සල්ලි නෑ කියලා කල් දැම්මේ. උසාවිය ඡන්දය තියන්න මුදල් නිදහස් කරන්න කියලා තීන්දුව දුන්නත් තවමත් ඒක සිද්ධ වෙලා නෑනේ. ඉතින් රනිල් ජනාධිපතිවරණයටත් මේ ගේමම ගහයි…’

රනිල්ගේ කාලයේ පළාත් සභා අතුරුදන් කරලා පළාත් පාලන ඡන්දය දින නියමයක් නැතිව කල්දාපු විදිය දැකලා බොහෝ දෙනා කියන්නේ රනිල් මේ විදියටම ජනාධිපතිවරණයත් කල් දමාගෙන දිගටම පුටුවේ සිටිනු ඇතැයි කියාය.

‘ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද?’

ඒ ගැන කතා කරන්න ඉන්න හොඳම කෙනා වෙන කවුරුවත් නොව මේ රටේ හිටපු අගවිනිසුරුවරයා ලෙස රාජකාරි කළ සරත් එන්. සිල්වා මහතාය. මේ, ඒ ගැන සරත් එන්. සිල්වා ‘මව්රට’ට කියපු කතාවය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන නියෝජිත ආයතන ගණනාවක් මේ වන විට අක්‍රීය කරලයි තියෙන්නේ. පළාත් සභා ඉවරයි. පළාත් පාලන මැතිවරණය කල්දාලයි තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි විතරයි. දැන් ජනාධිපතිතුමා මේකත් අවුල් කරන්නයි හදන්නේ. මොකද මෙතුමා ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වෙච්ච ජනාධිපති කෙනෙක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් තේරී පත්වෙච්ච ජනාධිපතිවරයෙක්. ඒ නිසා එතුමා ජනතාවට වගකියන්න ඕනෙ නෑ. පාර්ලිමේන්තුව හරහා සියල්ල කරන්නයි හදන්නේ.

පළාත් සභා හරි පළාත් පාලන මැතිවරණය වගේ නෙවෙයි ජනාධිපතිවරණය පැවැත්වීම ගැන ව්‍යවස්ථාවේ පැහැදිලිව විධිවිධාන සඳහන් වෙලා තියෙනවා. ඒක සඳහන් වෙන්නේ 31 (3) වගන්තියේ. ඒකෙ හරි පැහැදිලිව මෙහෙම කියනවා.

31 (3) ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස 2කට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේය.

ඒ වගන්තිය අනුව අවුරුදු 5කට ජනතාවගෙන් තේරී පත්වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාලය අවසන් වෙන්නේ ලබන වසරේ නොවැම්බර් මාසයේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණේ ගෝඨාභයගේ ඉතුරු ධුර කාලයට පමණයි. එතකොට ලබන වසරේ සැප්තැම්බර් – ඔක්තෝබර් මාසය අතර දිනයක් ජනාධිපතිවරණය සඳහා නියම විය යුතුයි. අගෝස්තු මාසයේ ඉඳන් තමයි ඒ කාලය ආරම්භ වෙන්නේ.

‘එතකොට මේ කියන විදියට ජනමත විචාරණයක් තියලා ජනාධිපතිවරයාගේ ධුර කාලය දික්කරන්න බැරිද?’

අද රටේ කතාවෙන මේ ප්‍රශ්නයට හිටපු අගවිනිසුරුවරයා දුන්නේ මෙහෙම උත්තරයකි.

එහෙම කරන්න බෑ. එහෙම කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකුයි, ජනමත විචාරණයකුයි පවත්වන්න ඕනෙ. මේ ජනාධිපතිවරයාට මේ වගේ දෙයක් කරන්න කීයටවත් දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ගන්න බෑ.

‘එහෙම නම් රනිල්ට පුළුවන්නෙ අර කියන විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා විධායක අගමැති විදියට පාර්ලිමේන්තුවට එන්න. විධායකය අහෝසි කරනවා කියනවා නම් ඒකට පාර්ලිමේන්තුවේ ඉන්න කාටවත් විරුද්ධ වෙන්න බෑනේ. ඉතින් ඒ යෝජනාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ගන්න පුළුවන්නෙ?’

ඒ ප්‍රශ්නයට හිටපු අගවිනිසුරුවරයා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

ඒකට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා විතරක් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා හරියන්නේ නෑ. සම්පූර්ණයෙන්ම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕනෙ. ඒක ලොකු සංකීර්ණ ක්‍රියාදාමයක්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ගන්න ඕනෙ. ඊළඟට ජනමත විචාරණයක් තියලා ඒකට ජනතාවගේ අනුමැතිය ගන්න ඕනෙ. ඒක දීර්ඝ කාලයක් ගතවෙන එකක්. මේ හදිසියේ එහෙම දෙයක් කරන්න බෑ.

‘බැරිද නිකමට හරි ව්‍යවස්ථාව හරි ව්‍යවස්ථාවේ වගන්තියක් හරි ව්‍යවස්ථාවේ කොටසක් හරි අත්හිටුවලා රනිල්ට මේ විදියේ ගේමක් ගහන්න? ව්‍යවස්ථාවේ හිල්වලින් රංගන්න දක්ෂ රනිල් එහෙම ගේමක් ගැහුවොත් ගොඩ නේද?’

ඒ කතාවටත් හිටපු අගවිනිසුරුවරයා ළඟ නීතිමය පිළිතුරක් තිබිණි.

බෑ, ඒක කොහොමත්ම කරන්න බෑ. මොනම හේතුවක් මත හෝ ව්‍යවස්ථාවේ වගන්තියක් හෝ පරිච්ඡේදයක් හෝ අත්හිටුවන්න බෑ. ඒ ගැන මීට පෙර නඩු තීන්දුවකුත් දීලා තියෙනවා. එහෙම කරනවා නම් සම්පූර්ණ ව්‍යවස්ථාවම ඉවත් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. ඒකටත් තුනෙන් දෙකේ බහුතරයයි, ජනමත විචාරණයකින් ජනතා අනුමැතියයි ඕනෙ. ඒ විධිවිධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තියේ හරි පැහැදිලිව සටහන් වෙලා තියෙනවා.

  1. අතීතයට බලපාන්න වූ නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් පරිච්ඡින්න කරන්නා හෝ සංශෝධනය කරන්නා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් විධිවිධානයක් එකතු කරන්නා වූ හෝ නීති ඇතුළුව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇත්තේය.
    එසේ වුවද,

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහි යම් කොටසක හෝ ක්‍රියාකාරීත්වය අත්හිටුවන්නා වූ හෝ නීතියක් පැනවීම හෝ (ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරන්නා වූ නීතියෙන්ම ඒ වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවනු ලබන්නේ නම් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම පරිච්ඡින්න කරන්නා වූ නීතියක් පැනවීම හෝ පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේය.

‘හරි, දැන් එතකොට ජනාධිපතිවරණය කල්දාන්නත් බැරිනම් ඒක නියමිත දිනයට තියන්න ඕනෙ නම් කාටද ඒකෙ වගකීමේ බලය තියෙන්නේ?’

ඒකෙ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමට. ඒක පැහැදිලිවම 104 (ආ) 1 විධිවිධානය යටතේ සටහන් වෙලා තියෙනවා. ඒකෙ තියෙන්නේ මෙහෙමයි.

104(ආ)1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරාපත්කර ගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරාපත්කර ගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීම, පළාත් පාලන ආයතනවල සභිකයන් තෝරා පත්කර ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතියක් මගින් (අ) කොමිෂන් සභාව හෝ (ආ) මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරා දී ඇති හෝ පනවා ඇති හෝ සියලු බලතල, කාර්ය සහ කර්තව්‍යය කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුත්තේද ඉටුකරනු ලැබිය යුත්තේද සිදුකරනු ලැබිය යුත්තේද වන්නේය.

ඉතින් පැහැදිලියිනේ ජනාධිපතිවරණය පැවැත්වීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමට.

‘ඉතින් ඔය වගන්තියෙම තියෙනවානෙ පළාත් සභා, පළාත් පාලන මැතිවරණ පැවැත්වීමත් මැතිවරණ කොමිසමේ වගකීමක් කියලා. හැබැයි සල්ලි නෑ කියලා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්තයා ඒකට සල්ලි නිකුත් කළේ නෑනේ. සල්ලි දෙන්නෙ නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බෑ කියලා රජයේ මුද්‍රණාලයාධිපතිනිය කිව්වනේ. ඒ සන්තෑසියම ජනාධිපතිවරණයටත් වුණොත් ජනාධිපතිවරණයකුත් නැති වෙයිනෙ…?’

බෑ, එහෙම කරන්න බෑ. 104(ආ)2 වගන්තිය ඒකට අවශ්‍ය විධිවිධාන සඳහන් කරලයි තියෙන්නේ. ඒ වගන්තියෙන් කියන්නේ මෙහෙම දෙයක්.

104(ආ)2 එවැනි ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ සියලු නීති බලාත්මක කිරීම සුරක්ෂිත කිරීම කොමිෂන් සභාවේ කාර්යය විය යුතු අතර, එසේ ඒ නීති බලාත්මක කිරීම, සුරක්ෂිත කිරීමෙහිලා කොමිෂන් සභාවේ සහයෝගය දැක්වීම ඒ නීති බලාත්මක කිරීම භාරව සිටින සියලු රජයේ බලධරයන්ගේ කාර්යය විය යුත්තේය.

ඒ නිසා කිසිම රාජ්‍ය නිලධාරියකුට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. පළාත් පාලන මැතිවරණය තියන්න මුදල් නෑ කියලා කියන්න කාටවත් බලයක් නෑ. එහෙම කියනවා නම් ඒක සිය යුතුකම පැහැරහැරීමක්. දැන් ඒ ගැන අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. ඒ නිසා දැන් වෙන කිසිම විකල්පයක් නෑ. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය තියනවා ඇරෙන්න.
හිටපු අගවිනිසුරුවරයා අවසානයට දුන්නේ එහෙම ස්ථාවර පිළිතුරකි.

‘ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ජනාධිපතිවරණය නිසි වෙලාවට පවත්වනවා…’ – රනිල් වික්‍රමසිංහ – එජාප විශේෂ සමුළුවේදී

‘කවුරුවත් ජනාධිපතිවරණයට අපේක්ෂකයා විදියට අයැදුම්පත් ඉදිරිපත් නොකර රනිල් වික්‍රමසිංහ මහත්තයටම විතරක් ජනාධිපති වෙන්න අවස්ථාවක් ලබාදෙමු. එහෙම කරලා ජනාධිපතිවරණයට වියදම් වෙන බිලියන 13ක මුදල ඉතිරි කරමු…’ – වජිර අබේවර්ධන – එජාප සභාපති

‘රනිලුත්, වජිරත් පසුගිය සතියේ මෙහෙම කතා දෙකක් කිව්වේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කියන විදියටම නීති උපදෙස් තව තැනකින් ලැබිලා ජනාධිපතිවරණය කල් දාගන්න බැරි බව දැනගෙනවත්ද?’

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මේ පාර අයවැයෙන් ගහන්න යන අලුත්ම බද්ද මෙන්න! ඉඩමයි ගෙයයි වාහනයයි ඇර අනෙක් සියල්ලටම බදු ගහන්න වගේ යන්නේ! I Sri Lanka Latest News

Next Post

කාදිනල් හිමියෝ ජිනීවා මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහකොමසාරිස් හමුවෙති! පාස්කු ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් ඉල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.