මධ්‍යම කඳුකර ප්‍රදේශයටද මේ දිනවල ඇදහැලෙන අධික වැසි තත්ත්වයේ හේතුවෙන් දැනටමත් ජලාශ පිරීයමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.Sri Lanka Latest News
ඒ අනුව කාසල්රී, මාඋස්සාකැලේ, පොල්ගොල්ල, රන්ටැඹේ යන ජලාශවල ජල මට්ටමේ දැඩි වර්ධනයක් සිදුවෙමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ පැවැසීය.
මේ නිසා මේ දිනවල ජලයෙන් උපරිම ධාරිතාවය ලබාගෙන, ජල විදුලි උත්පාදන කටයුතු සිදුකර ගෙන යන බවද හෙතෙම කීවේය.
නන්දන ශ්‍රී දොරකුඹුර










