• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

March 25, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Share on WhatsAppShare on Facebook

කොහොම වෙතත් ඡන්දයක් ළඟම එනවා කියන එක අපි දන්නවා. එහෙම කිව්වේ මේ වෙලාවේ ඡන්දයකට අවශ්‍ය පරිසරය රටේ නිර්මාණය වෙමින් තියෙන නිසා. විවිධ දේශපාලන පක්ෂ ඡන්දෙට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගනිමින් ඉන්නවා. ඒගොල්ලෝ පිච් එක හදනවා මැච් එකට. පිච් එක රෙඩි වුණාට මැච් එකට සමහර ටීම් බැහැලා නෑ. ඒක නිසා ඒගොල්ලෝ හදනවා මැච් එක නතර කරන්න. කොහොම නමුත් සමහර කට්ටිය නම් දැන් වෝම්-අප් කරලා ඉවරයි. මේ කොහොම වෙතත් දැන් මැච් එක ගහන්නම වෙනවා. මැච් එක ගහන්න කලින් දිනන්නේ කවුද කියලා හිතන එක සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ සිරිත. ඒකෙ කිසි වරදක් නෑ. හැබැයි අරයා දිනනවා, මෙයා දිනනවා කියලා ඔට්ටු අල්ලන්න යන්න එපා. මොකද ඔට්ටු අල්ලන එක නීති විරෝධීයි. මේ කියන්න යන්නේ අපිව ආරක්ෂා කරන, අපි වෙනුවෙන් නීති අණ පනත් නිර්මාණය කරන, අපිව පාලනය කරන කට්ටියගේ මැච් එක ගැන. ඒ කියන්නේ මැතිවරණය ගැන. මැතිවරණය කියන වචනයටත් වඩා අපට කිට්ටු ඡන්දෙ කියන වචනය. වෙන විදියකට කිව්වොත් ඡන්දයක් ළඟ එනවා. මොන ඡන්දයක්ද කියලා දන්නේ නැති වුණාට කොහොමත් ඡන්දයක් තියන්න වෙනවා. ඡන්දයක් නොතියා මොන සෙල්ලම් දැම්මත් වැඩි කාලයක් ඔය සෙල්ලම් දාන්න ලැබෙන්නේ නෑ. ඒක නිසා ඡන්දයක් තියනවාමයි.

ඡන්දෙකට කලින් එක එක කට්ටිය ඉදිරිපත් වෙලා විවිධ අදහස් දක්වන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ අතර තියෙනවා සමීක්ෂණ. දැන් මේ සමීක්ෂණයක් කරන්නේ කවුද? සමීක්ෂණයක් සඳහා ඉදිරිපත් වෙන්නේ කවුද? සමීක්ෂණයක් සඳහා අවශ්‍ය කරන විද්‍යාත්මක ක්‍රමවේදය මේ අය දන්නවද කියන එක ඉතා වැදගත් ප්‍රශ්නයක්. සමීක්ෂණයකින් පස්සේ සාමාන්‍ය ජන මනසට ඉන් සිදුවෙන බලපෑම ඉතා විශාලයි. මොකද සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරලා, මෙන්න සමීක්ෂණයේ ප්‍රතිඵලය කියලා කියනකොට ඒ සමීක්ෂණය මත පදනම් වෙච්ච යම් යම් තීරණ සාමාන්‍ය ජනතාව විසින් ගනු ලබනවා. එහෙම වුණාම ඒ සමීක්ෂණ ප්‍රතිඵලය බොහෝ වෙලාවට අවසාන ප්‍රතිඵලයට පවා බලපානවා. ඇත්තටම සමීක්ෂණ වර්ග කීයක් තියෙනවද, සමීක්ෂණයක් කරන්න ඕනෙ නිවැරැදි ක්‍රමවේදය මොකක්ද, සමීක්ෂණයට නිවැරැදි නියැදිය තොරාගෙන තියෙනවාද, ඒ නියැදිය අහඹු ලෙස ලබාගත්ත නියැදියක්ද, ස්ථාවර නියැදියක්ද, ඒ නියැදිය නියෝජනය කරන ජනතාවගේ ප්‍රමාණය කොච්චරද, ඒ අය තෝරාගත්තේ මොන වගේ තැන්වලින්ද කියන කරුණු ඉතා වැදගත්. ඒ වගේම සමීක්ෂණය සඳහා භාවිත කරන සම්මුඛ සාකච්ඡා ක්‍රමය වගේ නිවැරැදි ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේදවලින් සමහර දේවල් සමහර අවස්ථාවලට ගැළපෙන්නේ නෑ. ඇතැම් ඒවා තියෙනවා ඒවා ගැළපෙන්නේ සමහර විශේෂිත අවස්ථාවලදී විතරයි. ඇතැම් ඒවා සාර්ථකව කරන්න බැරි සමීක්ෂණ. මේ විදියට එක එක තාලයේ සමීක්ෂණ සිද්ධ කරලා, ඒ සමීක්ෂණ වාර්තා මත ප්‍රතිඵලය නිකුත් කරනවා නම් ඒක ඉතා භයානක දේශපාලන වංචාවක් විදියට අපට හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම සමීක්ෂණ වාර්තා කිහිපයක් අපි මේ පහුගිය කාලේ දැක්කා.

රටක් නියෝජනය කරමින් විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු දේශපාලනික ක්‍රියාදාමයක් පිළිබඳ අවධානය යොමු කරන්න විශ්වවිද්‍යාලයක් වැනි ආයතනයක්, එක වයස් මට්ටමක්, එක විදියකට හිතන මිනිස්සු ටිකක් යොදාගත්තම ඒ අයගේ අදහස් බොහෝ වෙලාවට සමානයි. ඒ වගේම නියැදියක් තෝරාගනිද්දී අපි දැනගන්න ඕනේ නුවරින්, කොළඹින්, කළුතරින්, යාපනෙන්, ගමෙන්, නගරයෙන්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, තරුණ, බාල, මහලු මේ සියලු දෙනාම මේ නියැදියට සහභාගි කරගන්න. එහෙම නොවුණොත් මේ නියැදිය 100%ක් සාර්ථක නියැදියක් බවට පත්වෙන්නේ නෑ. ඒ වගේම සමීක්ෂණයකට අදාළව ප්‍රශ්න සකස් කිරීමේදී ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. ඒ ප්‍රශ්න සංකීර්ණ නොවිය යුතුයි. ඒ ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු දිය හැකි විය යුතුයි. ඒ ප්‍රශ්න පක්ෂග්‍රාහී නොවිය යුතුයි. මේ වගේ සමීක්ෂණයකට ප්‍රශ්න සකස් කිරීමේ ක්‍රමවේදයකුත් තියෙනවා. මේ කුමන හෝ ක්‍රමවේදයක් යටතේ මෙය නිවැරැදිව ක්‍රියාත්මක නොවුණොත් ඉතාම පහසුවෙන් සිද්ධ වෙන දේ තමයි සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵලය අසාර්ථක වෙන එක. විශේෂයෙන්ම සමීක්ෂණයට සහභාගි වෙන දත්ත දායකයන් කොයි තරම් කැමැත්තෙන් ඊට සහභාගි වුණාද කියන එක පවා මේ සඳහා වැදගත් වෙනවා. ඒ වගේම සම්මුඛ සාකච්ඡා ක්‍රමය වගේ සමීක්ෂණයකදී ඒ සම්මුඛ සාකච්ඡාවට යොදවන පිරිසේ දැනුම, ඔවුන්ට මේ සමීක්ෂණය සාර්ථක කරගැනීමට කොච්චර අවශ්‍ය වෙනවද කියන එක, සම්මුඛ සාකච්ඡා ක්‍රමය සඳහා යොදාගන්නා සමීක්ෂකයන් කී දෙනෙක් සමීක්ෂණයට යොදාගන්නවද, ඔවුන් ඒ සඳහා යොදාගන්නා ලද කාලය කොපමණද කියන එක පවා ඉතා වැදගත්. ඒ නිසා මේ සමීක්ෂණය කියලා කියන්නේ විද්‍යාත්මකව කරන්න ඕනෙ දෙයක්.

ඇතැම් වෙලාවට අපි දකිනවා සමහර විශ්වවිද්‍යාලවලින් මේ සමීක්ෂණ සාර්ථකව නිමා කරනවා. ඒ සඳහා විශාල ප්‍රයත්නයක්, දිගු කාලයක්, විශාල මුදලක්, විශාල ශ්‍රමයක් දැරිය යුතුයි. එහෙම නැතුව නිකන්ම නිකන් සමීක්ෂණයක් කරනවා කියලා කවුරු හරි කෙනෙක්ගෙන් අහලා, කවුරුහරි කෙනෙක් එක්ක අවසාන වශයෙන් ප්‍රතිඵලයක් නිකුත් කළ යුතු පමණට දෙයක් කරලා, එහෙම නැත්නම් කාගෙ හාරි දේශපාලන පක්ෂයක ගුණ්ඩුවකට දේශපාලකයාව සතුටු කරන්න අංක ගණිතමය ක්‍රමවේද නිකුත් කළාට අවසාන වශයෙන් නිවැරැදි ප්‍රතිඵල නිකුත් වෙන්නේ නෑ. ඒක සිහි කල්පනාවෙන් මතක තියාගන්න. ඒ නිසා මේ දවස්වල ඡන්දෙට කලින් එන කසකාරයෝ, ගිනිබෝලකාරයෝ, මල් බයිසිකල්කාරයෝ දැකලා රැවැටෙන්න එපා. ඇත්තටම ඕක නෙවෙයි පෙරහැර. පෙරහැර ඔයිට වඩා වෙනස්. පෙරහැරේ උඩරට, පහතරට නැටුම්, අලි ඇත්තු, වන්නම්, කුඩ, කොඩි, සේසත් හැම දේම තියෙනවා. ඒ නිසා සමීක්ෂණ කියලා කියන්නේ නිවැරැදි ක්‍රමවේදයක්. සමීක්ෂණය කළේ කවුද, සමීක්ෂණය කරපු ආයතනය මොකක්ද කියලා දැනගෙන සමීක්ෂණවල ප්‍රතිඵල විශ්වාස කරන්න පටන් ගත්තා නම්, අන්න ඒක තමයි හරිම දේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

Next Post

රාජකීය කෑම සහ රාජකීය නෑම…

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.