• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජකීය කෑම සහ රාජකීය නෑම…

March 26, 2023
in Exclusive, News
Reading Time: 11 mins read
A A
රාජකීය කෑම සහ රාජකීය නෑම…
Share on WhatsAppShare on Facebook

රාජකීය – තෝමස් නිල් මහ සටන අවසන් වුණේ දිගින් දිගටම පරාජය වැළඳගනිමින් සිටි රාජකීය විදුහලට ජයග්‍රහණය අත්පත් කර දෙමිනි. සැණකෙළියක සිරි ගෙන තිබූ නිල් මහ සටන දෑස් නිලංකාර වන තරමේ අසිරියකින් හැඩගැන්වී තිබිණි.

සෑම අතකම සතුට උතුරා ගොස් තිබූ අතර ඒ සතුට සමරන්නට උසස් තත්ත්වයේ මත්පැන් ඕනෑ තරම් ක්‍රීඩාවන්ට පරිශ්‍රයේ තිබිණි. මත්වූ ආදි සිසුන් විජයග්‍රහණය සතුට සමරද්දී කොළඹ හතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමතීය.

සියලු තරග පරාජය වෙමින් තිබූ අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත්කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතුවූ බවත්, තමාගේද උත්සාහය වන්නේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති අවධාරණය කළේය රාජකීය විද්‍යාලයේ වසර ගණනාවකට පසු ක්‍රිකට් තරගය ජයගැනීමත්, ඒ ජයග්‍රහණය සැමරුම උදෙසා ඊට පසු දින පසුදින පාසලට නිවාඩු දීමේ පුවතක් ඒ අතර වාර්තා විය.

ජයග්‍රහණයේ ලැබීමත් ඒ ජයග්‍රහණය සැමරීමත් ප්‍රශ්නයක් නැත. නමුත් මේ රටේ තරම් අධ්‍යාපනයේ ඇති නැති පරතරය ක්‍රියාත්මක වෙන වෙනත් රටක් තිබේද යන්න සැක සහිතය. එහෙම රටක් තිබේ නම් ඒ ද ලංකාව පන්නයේම රටක් මිස වෙන රටක් විය නොහැක.

තරගයේ ජයග්‍රහයකයන්ට සහ පරාජිතයන්ට කුසලාන ලබාදීමේ අවස්ථාවට පැමිණි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඔහු රටේ ජනාධිපතිවරයාය. වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගය නරඹන්නට රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන්නේ ඔහුගේ පාසල එය නිසා විය යුතුය. එය හැර ඔහු අති දුෂ්කර ගම්මානයක තියෙන නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයක් වත් බලන්නට යන්නේ නැත. මේ රටේ බොහෝ දේශපාලකයන් එවැනි උත්සවයකට යන්නේද නැත.

කිලෝමීටර් පහක් පමණ පාගමනින් හා ට්‍රැක්ටරයක ගමන් කර වන අලි තර්ජන හා දුෂ්කරතා මැද දිඹුලාගල කන්දට නැග ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නා දරුවන් පිරිසක් පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය දාක වාර්තා විය. කොළඹ දිස්ත්‍රික්කයට අයත් පාදුක්ක වග ග්‍රාම නිලධාරි වසමේ දරණෑගල ගම්මානයේ නිවෙස්වල දරුවන්ට මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා උස් බිම්වල ගල්තලා මත කූඩාරම් තනාගෙන අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට සිදුවීමේ පුවතක් පසුගියදාක වාර්තා විය.

දරුවන් කවුරුත් දරුවන් යැයිද, අධ්‍යාපනයේදී සෑම දරුවකුටම සම අවස්ථා තිබිය යුතු යැයිද ගුරු පුරාජේරුවක් දශක ගණනාවක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මකය. සමබර නොවන පිටියක පැවැත්වෙන අධ්‍යාපන සටනෙන් තමන්ට පුළුවන් මට්ටමෙන් කුසලතාව පෙන්නන්නට මේ රටේ දුෂ්කර පාසල්වල දරුවෝ ද සමත් වී ඇති බව අපේ රටේ බලධාරීන් දැනගත යුතුය.

ඇත්තය. කොළඹ රාජකීය විදුහල ‘රාජකීය’ විදුහලකි. අද වන විට රාජකීය විද්‍යාලය ජනාධිපතිවරු දෙදෙනෙක් සහ අග්‍රාමාත්‍යවරු සිවුදෙනෙක් රටට දායාද කර ඇත. මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු වූ මවුමුන් අබ්දුල් ගයුම් වසරක් හෝ ඊට වැඩි කාලයක් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත. එක් අයකු කතානායක ධුරය හෙබවූ අතර තවත් දෙදෙනෙක් සභානායක ලෙස සිට තිබේ. ඒ වගේම තවත් දෙදෙනෙක් විපක්ෂ නායක තනතුර හොබවා තිබේ. කීර්තිමත් ආදි සිසුන් සිය ගණනක් රාජකීය විදුහල සතුව සිටියි.

එහෙත් ඛේදවාචකය කුමක්ද?

2021 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතරෙන් කොළඹ රාජකීය විදුහල දිවයිනෙන්ම විසින් තුන්වැනි ස්ථානයට පත්විය. 2021 වසර සඳහා වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සකස් කෙරුණු හොඳම කාර්ය සාධනයක් සහිත පාසල් ලැයිස්තුවේ ඉදිරියටම පැමිණීමට කොළඹින් බැහැර පාසල් රැසක් සමත්ව තිබේ. එම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ අනුපිළිවෙල අනුව ඉහළින්ම පිහිටි පාසල් 20 පහතින් දැක්වේ.

  1. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
  2. කොළඹ දේවී බාලිකා විද්‍යාලය
  3. මාතලේ විද්‍යා විද්‍යාලය
  4. කොළඹ විශාකා බාලිකා විද්‍යාලය
  5. පානදුර බාලිකා මහා විද්‍යාලය
  6. හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය
  7. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
  8. යාපනේ වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය
  9. රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය
  10. පින්නවල මධ්‍ය මහා විද්‍යාලය
  11. පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය
  12. මහනුවර පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලය
  13. වීරකැටිය ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය
  14. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය
  15. යාපනේ හින්දු විද්‍යාලය
  16. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය
  17. කොළඹ මියුසියස් විද්‍යාලය
  18. මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය
  19. ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
  20. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය

රාජකීය තබා ආනන්ද, නාලන්ද හෝ මෙම ස්ථානයේ නැත. පාසල් අධ්‍යාපන මට්ටම මෙවැනි බිඳවැටීමකට ලක්ව තිබියදීත් වාර්ෂික ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමේ සතුට සැමරීම උදෙසා රාජකීය විදුහලට පසුදා නිවාඩුද ලබාදුනි.

එහෙත් 2020 පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගෙන් විසිදෙනකුම කොළඹ රාජකීය විද්‍යාලයේය.

• දිනේෂ් ගුණවර්ධන
• රංජිත් සියඹලාපිටිය
• මහින්දානන්ද අලුත්ගමගේ
• ප්‍රියංකර ජයරත්න
• කාංචන විජේසේකර
• ඩිලාන් පෙරේරා
• විදුර වික්‍රමනායක
• අනුරාධ ජයරත්න
• නිපුණ රණවක
• අනුප පස්කුවල්
• ගෙවිඳු කුමාරතුංග
• ජීවන් තොන්ඩමන්
• දුමින්ද දිසානායක
• සජිත් ප්‍රේමදාස
• ගයන්ත කරුණාතිලක
• ලක්ෂ්මන් කිරිඇල්ල
• කබීර් හෂීම්
• රාවුෆ් හකීම්
• හර්ෂ ද සිල්වා
• හර්ෂණ රාජකරුණා
• කාවින්ද ජයවර්ධන
• කිංස් නෙල්සන්
• ඉම්රාන් මහරුෆ්
• එම්.ඒ. සුමන්තිරන්
• ජී. පොන්නම්බලම්
• සී.වී. විග්නේශ්වරන්

මොවුන් අතරින් 50%කට වඩා අයගේ තාත්තලා හිටපු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් වූ අතර ඔවුන් බොහෝ දෙනා රාජකීය විද්‍යාලයට දරුවන් ඇතුළත් කරගන්නේ දේශපාලන බලය පාවිච්චි කිරීමෙන් බව ඉතා පැහැදිලිය. එසේ නොවේ නම් අනුරාධපුරයේ දුමින්ද දිසානායක කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූයේ කෙසේද? ඇත්ත වශයෙන්ම කොළඹ රාජකීය විදුහල ප්‍රභූවරුන්ගේ පාසලකි. අතළොස්සක් හැරුණු කොට අතිමහත් බහුතරයකට රාජකීය විදුහලේ අධ්‍යාපනය තහනම් කලාපයකි.

මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඇත්තේම තවමත් ප්‍රභූත්වය අරක්ගත් තත්වයකි. ඇති පාසල්වලට ඇතිපදම් තිබෙන අතර නැති පාසල්වලට පාසල්වලට ඇත්තේම නැත.
රජයේ අධ්‍යාපනය සැමට සාධාරණ වියයුතුය. සියලු පාසල්වලට වටිනාකම් එකතු කළ සේවා ලබාදිය යුතුය. එහෙත්, රජයට එසේ කරන්නට බැරි නම්, තෝරාගත් පාසල්වලට පමණක් එවැනි සේවා ලබාදීම නතර කළ යුතුය.

කොළඹ හතේ ජනාධිපතිවරයා තමන්ගෙ කොළඹ හතේ පාසලේ බිග් මැච් ජයග්‍රහණයෙන් උන්මාදයට පත්වී සිටින අතර ලංකාවේ ඇති එකම පාසල රාජකීය විදුහල පමණක් යැයි කල්පනා කරන මට්ටමට පත්ව සිටී. මේ අතර, අද වන විට මේ රටේ ගුරු මාරු මණ්ඩලය නිර්දේශ කළ ගුරු මාරුවීම් 12,050ක් ජනාධිපතිවරයාගේ අණින් අත්හිටුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීන්දු කොට තිබේ. ‘දෙලක්ෂයට වැඩි ගුරු පිරිසක් නියෝජනය කරන ක්ෂේත්‍රයේ මේ දක්වා වාර්ෂික ගුරු ස්ථාන මාරු සඳහා යොදාගනු ලැබූයේ (2007/20 ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියයි.) ඒ අනුව වෘත්තීය සමිති සහ නිලධාරීන්ගෙන් සමන්විත නීත්‍යනුකූල ගුරුමාරු මණ්ඩල හරහා වාර්ෂිකව ස්ථාන මාරු ක්‍රියාවලිය සිදුකෙරිණි. ඒ මගින් දේශපාලනඥයන්ගේ හෝ වෙනත් අනිසි මැදිහත්වීම බොහෝසෙයින් වැළකුණි.’ එසේ තිබියදී පසුගියදා කඩිමුඩියේ අවිධිමත්ව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ගුරු මාරු මණ්ඩල අහෝසි කළ බවත් ඒ මගින් සිදුකළ සියලු ගුරු මාරු අවලංගු බවත් නිවේදනය කරන ලදී. විස්මයට කරුණ වන්නේ මෙම තීරණය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශයේ ලේකම්වරයාවත් දැනුවත් නොවීමයි.

ඇතැම් විට ජනාධිපතිවරයා රාජකීය විදුහලට ලබාදුන් ඊළඟ ත්‍යාගය ගුරු මාරු පනත අවලංගු කිරීම දැයි දන්නේ නැත. ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාසල්වල ගුරුවරුන් ස්ථාන මාරු නොවී එම විදුහලටම අරක්ගෙන සිටින බව ප්‍රකට රහසකි.

මූලික පහසුකම් තබා බොහෝ පාසල්වල දරුවන්ට කිසිදු පහසුකමක් නැත. ඔවුන්ට ඩිජිටල් පන්ති කාමර වෙනුවට ඇත්තේ ටකරන් මඩුය. වයිට් බෝඩ් වෙනුවට ඔවුන් අකුරු කරනුයේ කළු ලෑලිවලය. පෙළපොත හැරෙන්නට ඉගැන්මට කිසිදු විද්‍යුත් උපකරණයක් නැත්තේය.

බස්නාහිර පළාතේ පාසල් අතරින් 69%ක ප‍්‍රතිශතයකට පරිගණක පහසුකම් ඇති නමුත් ඌව පළාතේ පාසල් අතරින් පාසල් 51%ක පරිගණක නැත. වයඹ පළාතේ පාසල් අතරින් 53%ක සිසුන්ට පරිගණක අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව නැත. ලංකාවේ පාසල් අතරින් 45%කට පරිගණක පහසුකම් නැත. කොළඹට කිරි ගමට කැකිරි යැයි කීවාට කොළඹත් කිරි තබා කැකිරි වත් නැති පාසල් බොහෝ තිබේ.

සිසුන් 15කට අඩු පාසල් 3ක් කොළඹ දිස්ත‍්‍රික්කයේ ඇත. බදුල්ල දිස්ත‍්‍රික්කයේ 28කි. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ 24කි. යාපනය දිස්ත‍්‍රික්කයේ 24කි. වවුනියාව දිස්ත‍්‍රික්කයේ 34කි. මහනුවර දිස්ත‍්‍රික්කයේ 15කි. සිසුන් 15ක්වත් නැති පාසල් 262ක් දිවයින පුරා ඇත. ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළ අධ්‍යාපන කලාප 92කි. එම කලාපවලට අදාළ අධ්‍යාපන කොට්ඨාස සංඛ්‍යාව 304කි.

මේ අතරින් වැඩිම පාසල් සංඛ්‍යාවක් සහිත බස්නාහිර පළාතේ පාසල් සංඛ්‍යාව 1,366කි. ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,194ක් ඇති අතර, ඉන් පාසල් අඩක් එනම් පාසල් 5‍,161ක් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්ය.

2020 වසරේ අධ්‍යාපන කලාප අනුව සමත් අසමත් ප්‍රතිශතයන් මේ වාර්තාවේ ඉතා පැහැදිලිව විග්‍රහ කර ඇත්තේය. ඒ අනුව උසස් පෙළ හැදැරීම සඳහා ඉහළම සිසුන් ප්‍රමාණයක් වාර්තා වන අධ්‍යාපන කලාප වන්නේ කොළඹ, ශ්‍රි ජයවර්ධනපුර,මහනුවර, මාතර, තංගල්ල, වලස්මුල්ල යන අධ්‍යාපන කලාපය.

මෙයිනුත් ඉහළම සමත් ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ වලස්මුල්ල අධ්‍යාපන කලාපයේ වන අතර එය 86.22%කි. නගරයෙන් දුෂ්කර ගම්මාන දක්වා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ව්‍යාප්ත වී ඇති ආකාරයට මෙය හොඳම උදාහරණකි. දෙවැනියට පත්ව ඇත්තේ මහනුවර අධ්‍යාපන කලාපයේ වන අතර එය 83.61%කි. ඉන් අනතුරුව ඉහළම සාධනීය තත්ත්වයක් වාර්තා කර ඇති කලාප පිළිවෙළින් මෙසේ දැක්විය හැක්කේය. ඒ තංගල්ල, ශ්‍රි ජයවර්ධනපුර, නිකවැරටිය, කුරුණෑගල, මාතර, කොළඹ, කෑගල්ල, ගාල්ල, අකුරුස්ස, කල්මුණේ, මුලටියන හා ගම්පහ ආදි වශයෙනි. මෙයින්ද දකුණු පළාත් දුෂ්කර ගම්මානවල ඉහළම සාධනීය තත්ත්වයක් පෙන්වා ඇත. කොළඹ අධ්‍යාපන කලාපය 8 වැනි ස්ථානයට පත්වන විට නිකවැරටිය 5 වැනි ස්ථානයටත්, කල්මුණෙ 12 වැනි ස්ථානයටත්, මූලටියාන 13 වැනි ස්ථානයටත් ඉහළ සාධනීය තත්ත්වයක් දක්වා ඇත්තේ අධ්‍යාපන කලාප 99ක් අතුරිනි.

කන්නන්ගර මැතිතුමා පැය 6කට වඩා පාර්ලිමේන්තුවේ තර්ක කළේ රටේ දරු පරම්පරාවට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නටය. ඇතැම් නායකයන් එදා ප්‍රශ්න කළේ සියලු දෙනාට නිදහස් අධ්‍යාපනය ලබා දුන්නොත් තමන්ගේ වතුවල ගහක ගෙඩියක් කඩාගන්න තයා වන්නට කොල්ලෙක්වත් නැතිවෙන බව කියාය.

එතුමා එදා තමන්ගේ කතාව ආරම්භ කළේ අපූරු කවියකින්ය.

‘නොයෙනා හිරු රැස් සිඳු ගැබ පතුළට
අගනා මිණි කැට අදුරේම සැගෙවෙද
පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත
හමනා සුළෙඟින් වනෙයෙම පරවෙත’

‘විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී සුවඳ අහිමි වී යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපැදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු යි.’

අවාසනාවකට කරුණ වන්නේ එතුමා හැරුණු කොට බොහෝ නායකයන් කල්පනා කළේ අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ප්‍රභූන්ට පමණක් බවත්, සෙසු දරුවන් කළ යුත්තේ ඒත් ප්‍රභූන්ගේ වතුවල ඇති ගස්වල ගෙඩි කැඩීම පමණක් බවත්ය.

පුබුදු උදයංග

SendShareShare
Previous Post

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

Next Post

සජිත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන කැදැල්ලට ආවේ කැදැල්ලෙන් මොකක් ගන්නද? VIDEO

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.