• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

March 25, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!
Share on WhatsAppShare on Facebook

‘මහාසම්මත මනු යනු බලි, තරු, රාවණ ආදී රජවරුන් හමුවන ප්‍රාග් ඓතිහාසික රාජාවලියේ එන ලංකාද්වීපය පාලනය කළාවූ රජ කෙනෙකි. මේ මහාසම්මත මනු රජුගේ බිසව ගැබ්ගෙන උන් සමයක නැටුම් දැකීමේ දොළදුකක් හටගත්තේලු. මුළු රටේම නැට්ටුවන්ගේ නැටුම් දැක හෝ සතුටට පත් නොවූ බිසවගේ දොළ සන්සිඳවන්නේ කෙසේදැයි කියා රජු මහත් සන්තාපයට පත්වූවේය. එකල්හි රජු ගැන කම්පාවට පත් සක්දෙවිඳුන් රාජකීය උයනේ කෝලම් මුහුණු කිහිපයක් මවා තැබුවෙලු. මේ කොලම් මුහුණු බැඳ නැට්ටුවන් නටනු දුටු රජ බිසව මහත්සේ සතුටට පත්වූයේලු…’

ඒ, ලක්දිව පතල කෝලම් කලාවේ සමාරම්භය ගැන කියැවෙන එක් පුවතකි. මේ ආකාරයෙන් ප්‍රාග් ඓතිහාසික යුගයට නෑකම් කීවද කෝලම් ‍යනු ජනතාව මුහුණ දෙන සමාජ ප්‍රශ්න සමග නිරන්තරයෙන් යාවත්කාලීන වන නර්තන සම්ප්‍රදායකි. ලංකාවට බි්‍රතාන්‍යයන් පැමිණීමෙන් පසු සමාජගත වූ පොලිස් නිලධාරීන් වැනි චරිත අලළා පොලිස් කෝලම වැනි කෝලම් චරිත බිහිවනුයේ එබැවිනි. එහෙත් සැබෑ පොලිස් කෝලම් ඇත්තේ සුද්දාගේ කාලයෙ නොව අප ජීවත්වන වර්තමානයේ යැයි ලියුම්කරුට සිතේ. ඊට හේතුව ආණ්ඩුව ලංකාවේ 36 වැනි පොලිස්පති පත්කිරීම මේ වන විටත් කෝලමක් බවට පත්කරගෙන තිබීම නිසාය.

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න, ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයාය. ඔහු පොලිස්පති වන්නේ මාස 19ක් (2019.04.29 සිට 2020.11.26 දක්වා) වැනි දීර්ඝ කාලයක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීමෙන් පසුවය. ඒ, පාස්කු ප්‍රහාරය වළකා නොගැනීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවක සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමත්, ඔහු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට තිබූ නෛතික බාධාවනුත් නිසාය. ඒ සා දීර්ඝ කාලයක් වැඩබලා ලංකාවේ 35 වැනි පොලිස්පති වූ චන්දන වික්‍රමරත්න මෙම මස 26 දා වයස 60 සපිරීම නිසා විශ්‍රාම යායුතුව ඇත.

ඒ අනුව මේ වන විට මීළඟ පොලිස්පති නැතිනම් 36 වැනි පොලිස්පති තේරීමේ වගකීම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවටය. එහෙත් තවමත් එවැනි පියවරකට සූදානම් බවක් නම් පෙනෙන්නට නැත. 21 වැනි සංශෝධනයට අනුව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති නිල බලයෙන් සහ විනිසුරුවරුන්, නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා , පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්වය.
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම ද ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව පත්කළ යුතුව ඇත. ඒ අනුව මේ වන විට පොලිස්පති ධුරයට පත්වන පුද්ගලයා පිළිබඳ යම් නිගමනයන්ට පැමිණ තිබිය යුතුමුත් තවමත් දැකීමට ඇත්තේ අස්ථාවරත්වයකි.

වත්මන් ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, නිමල් සිරිපාල ද සිල්වා, සාගර කාරියවසම්, වෛද්‍ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, වෛද්‍ය දිනේෂා සමරරත්න යන අයගෙන් සමන්විතය. මෙම කණ්ඩායම එක්ව තෝරාගැනීමට නියමිත ලංකාවේ 36 වැනි පොලිස්පති ධුරයට ඉහළින්ම සුදුසුකම් සපුරා සිටිනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගණන 12කි. ජ්‍යෙෂ්ඨත්වය අනුව ඔවුන් පහත පරිදි පෙළගැස්විය හැකිය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු, රජිත ශ්‍රී දමින්ද, අජිත් රෝහණ, කමල් සිල්වා සහ මහින්ද ගුණරත්න එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දොළොස් දෙනාය. මේ අතරින් ජනප්‍රියම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වනුයේ අජිත් රෝහණය. එහෙත් ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටිනුයේ නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාය. එකම දිනයේ සේවයට බැඳුණු මේ තිදෙනා ආසන්න සුදුසුකම්වලින් යුක්තය. නියමිත ක්‍රමයට මේ තිදෙනා ව්‍යවස්ථාදායක සභාව විසින් වෙන වෙනම සම්මුඛ පරීක්ෂණයන්ට ලක්කළ යුතුය. එහෙත් මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාටම බරපතළ චෝදනා ඇත්තේය. 2019 වසරේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නිලන්ත ජයවර්ධන බුද්ධි අංශය භාර ප්‍රධානියාව සිටි නමුත් ඔහු එම ප්‍රහාරය වැළකීමට ප්‍රමාණවත් දායකත්වයක් ලබා නොදුන් බවට චෝදනාවන්ට ලක්වූවෙකි. එමෙන්ම පසුගියදා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ මේ කියන නිලන්ත ජයවර්ධනද වැරැදිකරුවන් වූ අතර ඔවුනට පාස්කු වින්දිතයන් හට වන්දි ගෙවීමටද නියමව ඇත්තේය.

නිලන්ත ජයවර්ධනට අමතරව පාස්කු ප්‍රහාරය සිදුවූ 2019 වසරේදී කොළඹ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් පතිනායකටත් ඒ අවස්ථාවේ කොළඹ දිසාව භාරව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ටත් පාස්කු ප්‍රහාරය අලළා රාජකාරිය පැහැරහැරීමේ චෝදනා එල්ලව ඇත. ඊට අමතරව දේශබන්ධු තෙන්නකෝන් හට පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර ආරගලයට එල්ල කළ මැර ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳවද චෝදනා එල්ලව ඇත. ඒ සම්බන්ධව ඔහු මානව හිමිකම් කොමිසමටද කැඳවා ප්‍රශ්න කර ඇත. ඊට අමතරව මැයි 09 වැනිදා පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා බලපෑවේ ඔහුගේ නොසැලකිල්ල බවටද චෝදනා එල්ල වී තිබේ.

දේශබන්දු පොලිස්පති වීමට යන පුවතින් මේ වන විට සිවිල් සමාජයේ කැලඹීමක් හටගෙන ඇත. ඊට එරෙහිව මුලින්ම අවි අමෝරා ගත්තේ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමෝය. පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම ඇතුළු බරපතළ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් හට පොලිස්පති ධුරය ලබා දීමට පියවර නොගන්නා ලෙස උන්වහන්සේ ව්‍යවස්ථාදායක සභාව වෙත ලිපියක් යොමුකර ඇත. ජනාධිපතිවරයා කුමන නිර්දේශයක් කළද අවසන් තීරණය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව අත බැවින් චූදිත පුද්ගලයකු පොලිස්පති ධුරයට පත් නොකරන්නැයි උන්වහන්සේ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා ඇත.

පොලිස්පති පත්කිරීමේ අර්බුදය සම්බන්ධව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයද මේ වන අදහස් දක්වා ඇත. මීළඟ පොලිස්පතිවරයා පොලිස් සේවයෙහි ආදර්ශවත්ව නිරත වූවකු වීම සහ අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මගින් අපේක්ෂා කරන විනිවිදභාවයකින් යුතු ක්‍රියාපටිපාටියකින් තෝරාගනු ලැබූ නිලධාරියකු වීමේ පැහැදිලි අවශ්‍යතාවක් බව එම සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එමෙන්ම එම තනතුරට නොගැළපෙන පුද්ගලයකු නම්කිරීම සහ පත්කිරීම මගින් මහජනයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමටත්, රජය කෙරෙහි පවතින අවිශ්වාසය තව තවත් තියුණු කරගැනීමටත් නිසැක වශයෙන්ම පෙලඹීමක් වනු ඇති බව එම නිවේදනය කියාපායි.

නව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමේ සූදානම පිළිබඳ ශ්‍රී ලංක නීතිඥ සංගමයද ව්‍යවස්ථාදායක සභාව වෙත කරුණු දක්වා ඇත. පොලිසිය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටී ඇති මොහොතක මූලික අයිතිවාසිකම් නඩු පැවරී ඇති, චෝදනා ඇති නිලධාරියකු නව පොලිස්පතිවරයා ලෙස පත් නොකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ව්‍යවස්ථාදායක සභාව වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත. එම ලිපිය මගින් නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ චෝදනා ඇති නිලධාරියකු ඊට පත් කළහොත් තවදුරටත් පොලිසිය පිළිබඳ ඇති ජනතා විශ්වාසය බිඳවැටීම වැළැක්විය නොහැකි බවයි.

එහෙත් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ බහුතරයක් දේශබන්දු තෙන්න්කෝන් පොලිස්පති කිරීමට දැඩි උවමනාවකින් පසුවන බව වාර්තාවේ. පසුගිය 19 හෝ 20 වැනි දින පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමකදී ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ, චින්තක මායාදුන්නේ, සනත් නිශාන්ත, සහන් ප්‍රදීප්, සංජීව එදිරිමාන්න, මධුර විතානගේ ඇතුළු සියලු මන්ත්‍රීවරුන් පොලිස්පති චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට විරුද්ධ වී ඇති බව පැවැසේ. එමෙන්ම දේශබන්ධු තෙන්න්කෝන්ට නඩු හා චෝදනා ගොනු වී ඇත්තේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට යාම හා කලහකාරී පිරිස් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමේදී ඔවුන් මර්දනය කිරීමට ගොස් නිසා බවත් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති බව කියති. එමෙන්ම ආණ්ඩුව හා නීතිය ආරක්ෂා කිරීමට ගිය දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති ධුරය නොදුනහොත් කිසිදු රාජ්‍ය සේවකයකු ආණ්ඩුව රැකගැනීමට ඉදිරිපත් නොවනු ඇති බවද ඔවුන් අවධාරණය කර ඇත. මෙම රැස්වීමට ජනාධිපති, අගමැති, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගි වී අත. එමෙන්ම වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මැයි 09 වැනිදා පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීමට ප්‍රමාණවත් දායකත්වයක් ලබාදී නැති බව ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කොමිසමද තහවුරු කර ඇති බව මන්ත්‍රීවරු පෙන්වා දී ඇත.

ඒ අනුව බලන කල පොලිස්පති ධුරයේ හබය කියාපානුයේ ස්වාධීන කොමිෂන් සභා ‘ස්වාධීන’ කොමිෂන් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය දැයි අපට සැක සිතේ.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඡන්දයට සල්ලි ඉල්ලා විපක්ෂයම එකතු වෙයි! සජිත්-අනුර කුමාර-මද්දුමබණ්ඩාර-දයාසිරි-වලේබොඩ එකතු වී අගමැති දිනේෂ්ව කොටු කරයි! VIDEO

Next Post

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.