• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 පෙබරවාරි 02 සිට ක්‍රියාත්මකයි… යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතයි දරුවෙකු දූෂණය කළොත් වෘෂණ කෝෂ කපා දමනවා I Sri Lanka Latest News

February 29, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ වැඩේ හොඳද? නරකද? කියවලා රටට මතය කියන්න…

‘මගේ වයස දැන් අවුරුදු 37ක්. මම කසාද බැන්දේ අවුරුදු 19දී. එතකොට මගේ සැමියාට අවුරුදු 24යි. එයාට හරි රැකියාවක් තිබුණේ නැහැ. ඒත් කලින් කලට රැකියාවන් ගණනාවක් කළා. අපි සමාජයේ දුප්පත් පවුල්වල අයයි. මගේ සැමියා නගරයේ රැකියාව කරලා තව තවත් නගර කිහිපයකටත් ගිහින් රැකියාවන් කළා. අපට දරුවන් තිදෙනෙක් ඉන්නවා. වැඩිමලා දියණියක්. අපි ජීවත් වෙන මේ ප්‍රධාන නගරය සංචාරක නගරයක්. මෙහාට හරියට විදේශීය සුදු සංචාරකයන් එනවා.(Sri Lanka Latest News)

මුහුද අයිනේ තමයි මේ නගරය තියෙන්නේ. මේ පරිසරය නිසා මෙම නගරයේ ලිංගික ව්‍යාපාරය හරියට විශාල ලෙස සිදුවෙනවා. අපේ රටේ තරුණියන් විශාල ප්‍රමාණයක් මේ වෘත්තියේ නියැළී සිටිනවා. මෙවැනි වටපිටාවකදී තමයි මමත් මට අවුරුදු 27දී පමණ මේ රැකියාවට යොමු වුණේ. දරුවන් තුන් දෙනකු ජීවත් කරවන්න තරම් ආදායම් අපට තිබුණේ නැහැ. ඒ නිසා අකැමැත්තෙන් වුණත් ඒ ලිංගික (වෛශ්‍යා) වෘත්තිය කළා. මගේ සැමියා අකැමැති වුණෙත් නැහැ. මොකද මේ රැකියාවෙන් දිනපතා හොඳ ආදායමක් ලැබෙන නිසා. දැන් අවුරුදු 10ක් තිස්සේ මම මේ රස්සාව කරනවා…’

කුමක්ද මෙම අනුවේදනීය ආන්දෝලනාත්මක කතාව? මෙම වගතුග අපට ඇසෙන්නේ කොතැනකින්ද? මෙම වගතුග අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් දකුණු අප්‍රිකාවේ පිහිටා තිබෙන විශාල දූපතක් වන මැඩගස්කරයෙන් (Madagascar) මෙම කතාව ඇසෙන්නට විය. මැඩගස්කරය යනු බහුතරය කළු අප්‍රිකානු ජාතීන් වාසය කරන රටක් වන අතර, එය මැඩගස්කර ජනරජය ලෙසද හැඳින්වෙයි. මෙය ලෝකයේ තිබෙන දෙවැනි විශාලතම දූපත් රාජ්‍යය වන අතර, ලෝකයේ තිබෙන 44 වැනි විශාලතම රට ලෙසද සැලකෙයි. මෙය ලෝකයේ තිබෙන ඉතා දුප්පත් රාජ්‍යයක් වන අතර, එහි ජනයාගෙන් 75%ක පමණ පිරිසක් දිළිඳු ජනතාව වෙයි.

එය පැහැදිලිවම දත හැක්කේ එරට ඒකපුද්ගල ආදායම නිරීක්ෂණය කරන විටදීය. මැඩගස්කරයේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 529ක් වැනි ඉතා අවම අගයක් ගන්නා අතර, එය ලෝකයේ රටවල් අතරින් 188 වැනි ස්ථානයට පත්ව ඇත. එසේම 2023 ජන සංගණනයට අනුව එරට ජනගහනය 28,812,195ක් (දෙකෝටි අසූඅට ලක්ෂයක්) පමණ වේ. මේ අනුව විශාල ජනගහනයක්ද ජීවත් වෙති. එරට ගැන ඔබට මෙලෙස යම් වගතුගක් ලියා තැබුවේ තවත් මෙම ලියා තබන කතාව පැහැදිලි කරගන්නටය. දැන් එසේ නම් අප නැවත ඉහත වගතුග වෙත යමු. ඉහත ආරම්භයේ ලියා තැබූ මැදි වයසේ කාන්තාවගේ කතාව තවත් නිමක් නැත.

ඇය මෙම කතාව කියා සිටින්නේ ලොව ප්‍රකට ජාත්‍යන්තර සංවිධානයක් වන යුනිසෙෆ් (Unicef) ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් ඉදිරියේය. මෙය ඇගේ ප්‍රකාශයක් පමණක් නොව, ඇය සහ පවුලේ සාමාජිකයන්ගේ වගතුගද කියා සිටින කෙටි වෘත්තාන්ත වීඩියෝ නිෂ්පාදනයක්ද වෙයි. එම වෘත්තාන්ත නිර්මාණයේ ඇයත් ඇගේ තරුණ සුරූපී දියණියත් පෙනී සිටින්නීය. ඒ වදන් තවදුරටත් මෙසේ ගලා යයි.

‘මෙහෙම කාලය ගතවෙන කොට තමයි මට අවුරුදු 04කට පමණ පෙර මේ කනගාටුදායක සිද්ධිය වුණේ. එතකොට මගේ දියණියට වයස අවුරුදු 14යි. දැන් එයාට අවුරුදු 18යි. මැඩගස්කරයේ ගණිකා වෘත්තිය නීත්‍යනුකූලයි. එහෙත් එය අවුරුදු 18න් පසුවයි. ඊට පහළ වුණොත් නීති විරෝධීයි. ඒත් මෙහේ හරියට අවුරුදු 12 සිට 17 පමණ දක්වා ළමයි ගණිකා වෘත්තියේ හොර රහසේ නියැළී ඉන්නවා. කොහොම හරි මගේ එකම දියණියත් අඩු වයසේදීම මේ තත්ත්වයට මුහුණ දුන්නා.

එයාට අවුරුදු 14දී එක්තරා සුදු ජාතිකයකුගෙන් ඉල්ලීමක් ලැබුණා ලිංගිකව හැසිරෙන්නට. එහෙත් ඒ වන විටත් ඇය කන්‍යාවක්. මේ විදේශිකයා මට කියා සිටියා එයා ඇමෙරිකානු ඩොලර් 200ක් දෙන්නම් දියණිය සමග ඇසුරු කරන්න ඕනෙ කියලා. මම මුලින් අකැමැති වුණත් පසුව දියණියත් සමග කතා කරලා එයට කැමැති වුණා. දියණියත් එයට කැමැති වුණා. ඩොලර් 200ක් අපට ලොකු මුදලක්. ඒ කාලයේ ගණිකාවකට දෙන්නේ ඩොලර් 10-25 අතර මුදලක් පමණයි.

දියණිය බොහෝ වේදනාවෙන් මේ විදේශිකයා සමග එකතු වුණා. එදා සිට මගේ දියණියත් ළමා ගණිකාවක් ලෙස කටයුතු කළා. ඒක ඇත්තටම නීති විරෝධීයි. ළමා ගණිකාවක් එක්ක ලිංගිකව සිටි පුද්ගලයකු හසුවුණොත් එකල අවුරුදු 10ක් දක්වා සිර දඬුවම් නියම කළා. ඒත් කොහොම හරි විදේශීය සංචාරකයන් ඒවා හොර රහසේ සිදුකළා. මේ විදියට දැන් අවුරුදු 04ක ඉඳන් මමත් දියණියත් මේ වෘත්තිය තමයි කරන්නේ. අපට දිනෙකට හොඳ මුදලක් ලැබෙනවා. ඇයට දැන් අවුරුදු 18යි. මෙවැනි වටපිටාවක් තුළ තමයි මැඩගස්කරයේ රජය තවත් ළමා අපචාරකරුවන්ට එරෙහිව නීතිය දරුණු කර ඇත්තේ. අද කවුරුත් ඒ ගැන කතාවෙනවා…’

දැන් අප මෙම කතාවේ හැරවුම් ලක්ෂ්‍යය වෙත පැමිණ සිටින්නෙමු. මෙලෙස කියැවෙන නව පරිවර්තනයක වගතුග කුමක්ද? මැඩගස්කරය තුළ සිදුකෙරෙන ලිංගික අපචාර ක්‍රියාවලියට එරෙහිව පසුගියදා එම රජය ගෙන ඇති ඉතා දරුණු තීන්දු තීරණ කිහිපයක්ම මේ වන විට මුළුමහත් ලෝකයම ආන්දෝලනයට පත්කර ඇත. එනම් මෙයට දින කිහිපයකට ඉහතදී මෙම විෂයට අදාළව නව නීතිරීති මාලාවක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගත්තේය. මෙම නීතිරීති යටතේ වයස අවුරුදු 17න් පහළ ගැහැනු සහ පිරිමි බාලවයස්කරුවන් දූෂණය කිරීමට වරදකරු වුවහොත් මෙම දඬුවම් පැමිණවෙනු ඇත.

එනම් එම චෝදනාවලට පෙර තිබුණු දඬුවම වූයේ වසර 10කට නොවැඩි සිර දඬුවමක් නියම කිරීමය. එහෙත් මෙවර පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් නීතිරීතිවලට අනුව ලොව මෙතෙක් අසන්නට නොලැබුණු ඉතා දුර්ලභ දඬුවමක් නියම කර ඇත. එනම් එවැනි අපාරාධයක් සිදුකළ පිරිමි චූදිතයකුට නියම කරනු ලබන ප්‍රධානතම දඬුවමක් වන්නේ එම පිරිමියා ‘අණ්ඩහරණය’කට හෝ ‘වෘෂණ ඡේදනයකට’ පත්කිරීමය. මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වා දී ඇත්තේ ‘කැස්ටේ්‍රෂන්’ (Castration) ලෙසිනි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාව ආශ්‍රිතව සිදුකෙරෙන ක්‍රියාවලියක් වන අතර, එය ‘වන්ධ්‍යකරණය’ ලෙසින්ද හඳුන්වනු ලබයි. මෙය ප්‍රධාන වෛද්‍ය ක්‍රම දෙකක් මගින් සිදුකරනු ලබයි. එය මෙසේය.

★ රසායනික වන්ධ්‍යකරණය – (Chemical Castration) යම් ඖෂධ හෝ රසායනික වර්ග හෝ භාවිත කර එම ක්‍රියාවලිය සිදුකරනු ලබයි.

★ ශල්‍ය වන්ධ්‍යකරණය – (Surgical Castration) ශල්‍යකර්මයක් මගින් වෘෂණ අක්‍රීය කිරීම සිදුකරයි. මෙමගින් ලිංගික ක්‍රියාවලියද අඩපණවී, හෝමෝනකරණයද ඇනහිටිනු ලබයි.

මෙම ළමා අපචාර ක්‍රියාවලීන්හිදී බාලවයස්කාර දරුවන් ඝාතනයකට පත්වීමක් වැනි දරුණු සිදුවීමක් ඇති වුවහොත් එම චූදිතයන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම්ද නියම කෙරෙනු ඇත. පසුගිය 2024 පෙබරවාරි 02 දා මෙම නව නීතිය පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය. බාලයස්කරුවන්ට සිදුකරනු ලබන ලිංගික අපරාධවලට චූදිතයන්ට ලබාදෙන නවතම ‘අණ්ඩහරණය’ දඬුවමද කොටස් තුනකට බෙදා වෙන්කර තිබීමද තවත් සුවිශේෂ මෙන්ම රසබර පුවතක් මවාපායි. එම කාණ්ඩයන් මෙසේය.

★ වයස අවුරුදු 10ට අඩු දරුවකු දූෂණයට ලක්කිරීම – වරදකරුවන්ට ශල්‍ය අණ්ඩහරණය සිදුකරනු ලබයි. එනම් එම පිරිමියාගේ වෘෂණ කෝෂ දෙකම මුළුමනින්ම ඉවත් කර දමනු ලබයි.

★ වයස අවුරුදු 10-13 අතර දරුවන් දූෂණයට ලක්කිරීම – තීන්දු කරන ආකාරයට ශල්‍ය අණ්ඩහරණය හෝ රසායනික අණ්ඩහරණය සිදුකරයි

★ වයස අවුරුදු 14-17 අතර දරුවන් දූෂණයට ලක්කිරීම – චූදිතයන්ට රසායනික අණ්ඩහරණය මගින් දඬුවම් පමණුවනු ලැබෙයි.

මෙහිදී අනෙක් සුවිශේෂ පුවතක් ලෙසින් වාර්තා වන්නේ මෙම සිදුවීම්වලදී යම් දරුවකු කැමැත්තෙන් ලිංගික ක්‍රියාවලියේ යෙදී තිබුණත් පිරිමියා නීතියට අනුව වරදකරු බවට පත්වීමයි. ඒ දරුවාගේ බාලයස්කාරභාවයට අදාළවය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේත් බොහෝ ළමා දූෂණ හා අපයෝජන රැසක් සිදුවිය. එහෙත් අපේ රටේ නම් මෙවැනි නීතිරීති සිහිනෙකින්වත් ගෙන නොඑනු ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දැන් බලය බෙදීම ගැන කතා කරනවා! පොලිස් බලතල-ඉඩම් බලතල ගැන කතා කරනවා! පළාත් සභා ඡන්දය තියන්නේ නැතිව කාටද බලය බෙදන්නේ? බලය බෙදීම ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඡන්දය තියලා ඉන්න! රනිල් බලය බෙදනවා කියපු රැස්වීමේදීම ජී.එල්. බය නැතිව ගේම ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තලතාට-රෝහිණීට සජබ මාධ්‍ය සාකච්ඡා තහනම්ද? සමාජ මාධ්‍යයේ යන කතා ඇත්තද? I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.