• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඳු උඩ පන්සල් හැදීමෙන් බුද්ධාගම වර්ධනය වෙනවාද? පුරාවිද්‍යා ස්ථාන විනාශ වෙනවාද? I Sri Lanka Latest News

March 1, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය හරහා මුදල් රැස්කරමින් සිදුකරන දැවැන්ත ආගමික ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් කලින් කලට අපට අසන්නට දක්නට ලැබේ. විශේෂයෙන්ම කඳු මුදුන්වල සිදුකරන එවන් ඉදිකිරීම් සම්බන්ධයෙන් යම් ප්‍රතිරෝධයක් ද සමාජය තුළ ඇතැම් අවස්ථාවන්හි නිර්මාණය වූ අතර, එනිසාම ඇතැම් ඉදිකිරීම් අතරමඟ නවතා දැමීමටද සිදුවිය.(Sri Lanka Latest News)

අලුතෙන් ඉදිකෙරෙන මහා පරිමාණ ඉදිකිරීම්වලින් පරිසරයට සිදුවන බලපෑම හැරුණු විට, මෙවැනි ඉදිකිරීම් සිදුකිරීමට පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන තෝරාගැනීමේ ප්‍රවණතාවක් ද තිබේ. මෑතකාලීනව මුහුදු මහා විහාරය, කුරුන්දි විහාරය, කූරගල මෙන්ම ආසන්නතම සිදුවීම වන කවුඩාගල ඒ සඳහා නිදසුන්ය.

වර්තමානයවන විට කුරුන්දිය සම්බන්ධයෙන් නඩුවක් ක්‍රියාත්මකය. දාගැබක නටබුන් හමුවී ඇති කවුඩාගල ඉදිකිරීම් සති කිහිපයකට පෙර ආරම්භ වූ අතර, ඒ සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර සමාජ මාධ්‍ය පුරා දැකගත හැකි විය.

කෙසේ නමුත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානවල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඉදිකිරීම් සිදුකිරීමට නීතිමය බලයක් නොමැති නිසා මෙම ඉදිකිරීම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ දැයි අප එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහගෙන් විමසීමක් කරන ලදී.

‘කවුඩාගල ඉදිකිරීම් සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියට අනුවයි’

‘කුරුන්දි විහාරය සම්බන්ධයෙන් නඩුවක් තිබෙන නිසා මට ඒ ගැන කිසිවක් කියන්න බෑ. නමුත් කූරගල හා කවුඩාගල ඉදිකිරීම් සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියට අනුවයි’ යැයි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළාය.

එහිදී ඇය පැවැසුවේ එම ඉදිකිරීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකරන බවයි. ‘කවුඩාගල ස්ථූපය නැවත ගොඩනගන්නේ පුරාවිද්‍යා නිලධාරීන් විසින්. ස්වාමින්වහන්සේ අපට අවශ්‍ය භාණ්ඩ සපයනවා විතරයි.’

අප ඇයගෙන් විමසා සිටියේ එවැනි ඉදිකිරීම්වලින් මුල් පුරාවිද්‍යා වටිනාකම්වලට හානියක් සිදුවීමට ඉඩක් නොතිබෙන්නේ ද යන්නයි. එහිදී ඇය ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

‘කූරගල පන්සලේ හාමුදුරුවෝ අපි සමග ඉතාම අවබෝධයෙන් වැඩ කරනවා. ගිය වසරේ නව ගොඩනැගිල්ලකට අවසර ඉල්ලුවාට අපි එය ලබාදුන්නේ නෑ. වන්දනාමාන කරන්න ගොඩක් පිරිස ඇවිල්ලා මේවාට හානිවෙන්න පුළුවන් නම් අපට සීගිරියටත් යන්න දෙන්නෙ නැතිව තමයි ඉන්න වෙන්නේ. සීගිරියට දවසකට කොයිතරම් පිරිසක් යනවද? එහෙනම් සීගිරියට යන්න දෙන්නත් බෑ. ජනතාව මේ පුරාවිද්‍යා වටිනාකම් ගැන දැනගන්න එක හොඳ දෙයක්.’

‘පුරාවිද්‍යා අධ්‍යක්ෂට වැඩකරන්න වෙලා තියෙන්නෙ ඇමැති කියන විදිහට’

මෙම ඉදිකිරීම් නිසා පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට බලපෑමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය කේ.එම්. ඇලෙක්සැන්ඩර්ගෙන් විමසීමක් සිදුකරන ලදී.

‘පුරාවිද්‍යාත්මක සාධකයක් ලැබුණාම මුලින්ම කරන්නේ කැණීමක් කරලා ස්මාරකය පාදා ගැනීම. එහෙම කරන්නේ එක්කෝ ඒ ගොඩනැගිල්ල හඳුනාගෙන පර්යේෂණයක් සිදුකරන්න. අනෙක් අරමුණ නැවත ඒවා සංරක්ෂණය කිරීම. ඊට අමතරව සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අවශ්‍ය වුණාම ඒ ස්ථානවල පුරාවිද්‍යා වැදගත්කමක් තිබෙනවා නම් හදිසි කැණීම් සිදුකරන අවස්ථාත් තිබෙනවා’ මහාචාර්යවරයා පැහැදිලි කළේය.

‘එවැනි කැණීම් කරලා පාදාගත් අභයගිරිය, ජේතවනය වගේ ස්ථූප අපි පාදා ගන්නකොට තිබුණු හැඩයටම තමයි සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒවායේ මුල් ස්වභාවයට හානියක් නෑ. ඒ විදිහට සංරක්ෂණය සහ ප්‍රකෘතිකරණය කරනවා වගේම මිරිසවැටිය වගේ ස්ථූපයක් සම්පූර්ණයෙන්ම නැවත හදලා තිබෙනවා. ඒ නිසා පුරාවිද්‍යාත්මක ස්ථානයේ ස්වභාවය සහ ගොඩක් කරුණු සැලකිල්ලට අරගෙන තමයි ඒ ස්ථාන සංරක්ෂණය කරනවාද, ප්‍රකෘතිකරණය කරනවාද නැතිනම් ප්‍රතිසංස්කරණය කරනවාද කියා තීරණය කරන්නේ’ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් පවසයි.

එහිදී අප මහාචාර්යවරයාගෙන් විමසා සිටියේ රජයේ අධීක්ෂණය යටතේ සිදුකෙරුණු අනුරාධපුර, පොළොන්නරුව සංරක්ෂණ ව්‍යාපෘති හැරුණු විට මෑතකදී ඉදිකිරීම් සිදුකළ කූරගල හා කවුඩාගල වැනි ඉදිකිරීම්වලින් සිදුවන බලපෑම කුමක් ද යන්නයි. ඒ සඳහා මහාචාර්යවරයා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

‘මෑතකදී සිදුකළ මෙවැනි ව්‍යාපෘතිවලින් පුරාවිද්‍යාවට හානියක් වෙන බව මම කියන්න ඕනෑ. කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් සල්ලි ටිකක් හොයාගෙන ඉන්න මැති ඇමැතිලා ටික අල්ලා ගන්නවා. ඊට පස්සෙ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට කියනවා මේක හදන්න ඉඩ දෙන්න කියලා. එහෙම නැතිනම් අධ්‍යක්ෂ ජනරාල්ට එහෙම හදන්න අවසර දෙන්න බෑ. පුරාවිද්‍යා ආඥා පනතේ වුණත් අවසන් තීරණ ගන්න බලය තියෙන්නෙ විෂය භාර ඇමැතිට.’

පුරාවස්තු අයිති භික්ෂුන් වහන්සේලාටද?

‘ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ හෝ, පොළොව යට හෝ මෙතෙක් හොයාගෙන තිබෙන ඕනෑම පුරාවිද්‍යාත්මක වටිනාමක් ඇති දෙයක භාරකාරීත්වය තියෙන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ට. ඒ තනතුරේ ඉන්න කෙනාට යම් යම් තීරණ ගන්න පුළුවන් වගේම විෂය භාර ඇමැතිවරයාට තත්ත්වය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් අපේ රටේ ඉන්න ඇමැතිලා නිලධාරීන් කියන දේවල් අහන අය නොවෙයිනේ’ මහාචාර්යවරයා පැවැසුවේය.

‘මේ එක එක අයගේ දේශපාලන බල ව්‍යාපෘති නිසා තමයි කූරගල කන්දක්ම සම්පූර්ණයෙන් විනාශ කළේ. අනෙක් අතට, මේ ඉදිකළ ස්ථානවල නඩත්තු කටයුතු කරන්න ඕනෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඍජු මැදිහත්වීමක් තිබිය යුතුයි. නමුත් වර්තමානයේ මෙවැනි බොහෝ ඉදිකිරීම් කරපු ස්ථානවල නඩත්තු කටයුතු සිදු කරන්නේත් ඒ ඒ හාමුදුරුවරුන්ට ඕනෑ විදිහට මිසක් පුරාවිද්‍යා මැදිහත්වීමකින් නොවෙයි. ඉදිකිරීම් නිසා වෙන හානිය වගේම මේ විදිහට නඩත්තු කරන්න ගිහින් කරන හානියත් අපට සුළුකොට තකන්න බෑ’ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කියා සිටියේය.

‘මාධ්‍ය කුරුන්දියට, කවුඩාගලට ගිහින් බලන්න’

මෙලෙස පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානවල සිදුකරන ඉදිකිරීම්වලට ඇමැතිවරයාගේ කිසියම් මැදිහත්වීමක් තිබේද යන්න විමසීමට අප බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැතිවරයා වන විදුර වික්‍රමනායක සම්බන්ධ කරගත් අතර ඔහු ඒ සඳහා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

‘පුරාවිද්‍යාව කියන්නේ මගේ විෂයේ තාක්ෂණික කොටසක්. ඒ සම්බන්ධ තීරණ ගැනීම කරන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්. මම එහෙම ඡන්දවලට ඉල්ලන්නත් බලාපොරොත්තු නොවෙන නිසා බලපෑමක් කරන්න අවශ්‍යතාවක් නෑ. ඒ අය තමයි අවසරදීම් සියල්ල කරන්නේ.’

වැඩිදුරටත් අදහස් පළකළ ඇමැතිවරයා පැවැසුවේ මෙවැනි ස්ථානවලට ගොස් එහි සැබෑ තත්ත්වය නැරඹීම මාධ්‍ය විසින් සිදුකළ යුතු බවයි.

‘වර්තමානයේ පුරාවිද්‍යාව සහ මාධ්‍ය අතර ලොකු ගැටීමක් මම දකිනවා. මම මාධ්‍යයට යෝජනා කරන්න කැමැතියි මේ තැන්වලට ගිහින් බලන්න කියලා. කුරුන්දි ගැන ගොඩක් මාධ්‍ය වාර්තා කරන්නෙ එතැනට ගිහින් නෙවෙයි. කොහෙ හරි සමාජ මාධ්‍යයක තිබුණු එකක් අල්ලගෙන කෑගහනවා. දැන් කවුඩාගල වුණත් අවසර ලබාදීලා තියෙන තැන විතරයි ඉදිකිරීමක් කරනවා නම් කරන්නේ. එතැනින් එහාට කිසිම තැනක මොකුත් කරන්නේ නෑ.’

‘සාමාන්‍යයෙන් පුරාවිද්‍යා ස්ථානයක කැණීම් කරලා කෞතුක වස්තු ගොඩ අරගත්තාට පසුව තමයි ඉදිකිරීමක් කරන්න දෙන්නේ’ ඇමැතිවරයා පැවැසුවේය.

‘දැන් කතාවෙන තැනත් නටබුන් විදියට තිබෙන ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමක් පමණයි වෙන්නේ.’ හෙතෙම කියා සිටියේය.

බී.බී.සී. සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

පහුගිය කාලෙම කෑවා කෑවා කෑවා… ඔන්න දැන්නම් අපේ එවුන් ක්‍රිකට් ගහනවා… ඉස්සරහ දිහා බලාගෙන ඉමු I Sri Lanka Latest News

Next Post

කෙහෙළිය කෝටියක් ඉල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.