අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගෙන ඇති බව පවසන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට යෝජනා කරමින්, රුපියල් ලක්ෂ දහසක වන්දියක් ඉල්ලා, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.Sri Lanka Latest News
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම කෙහෙළියගේ නීතීඥයන් විසින් අද දිනයේ දී ගොනු කර තිබෙන අතර, පොලිස්පති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.










