• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රිවිධ හමුදාවෙම ඉන්න වැඩිම ලේ හලපු රණවිරුවා දන්නවාද?

August 11, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
ත්‍රිවිධ හමුදාවෙම ඉන්න වැඩිම ලේ හලපු රණවිරුවා දන්නවාද?
Share on WhatsAppShare on Facebook

ඔහු නියෝජනය කරන්නේ ලෝකයේ මානුෂීයම හමුදාව ලෙස හඳුන්වන ශ්‍රී ලංකා යුද හමුදාවයි. ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන්ගෙන් සුවිශේෂ චරිතයක් වෙන්නේ ඔහු යුද බිමේදී වගේම යුද්ධයෙන් පසුවත් රට වෙනුවෙන් රුධියර පරිත්‍යාග කරන්න සූදානම් නිසා. ඔහු ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සියලු සාමාජිකයන් අතරින් වැඩිම වාර ගණනක් රුධිරය දන්දුන් පුද්ගගයා ලෙස හැඳින්වීම වරදක් නොවේ. මේ, ඔහු අප සමග කී කතාවයි.

ඔබ කවුද ?
මම ඉපදුණේ කඩවත. මම තමයි මගේ පවුලේ එකම දරුවා. මගේ තාත්තා‌ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මම එක වසරේ ඉඳන් උසස් පෙළ දක්වාම කේරි විදුහලේ තමයි අධ්‍යාපනය ලැබුවේ. උසස් පෙළ හදාරමින් ඉන්න කාලයේදී තමයි මට යුද හමුදාවට බැඳීමේ අවශ්‍යතාව තිබුණෙ. පාසලේදී ගුරුවරුන් ඇහුවත් අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා අනිත් අය වගේ නෙවෙයි මගේ ඔළුවේ තිබුණේ සෙබළකු වීමේ බලාපොරොත්තුව.

ඒ කියන්නේ ඔබේ ලේවල තිබුණා හමුදා සේවයට ඔබ එක්විය යුතුයි කියනදේ නේද?
එහෙම වෙන්න පුළුවන්. මොකද මගේ පවුලේ කිසිම කෙනෙක් යුද හමුදා සේවයේ හිටියේ නැහැ. නමුත් මට ඒ කාලේ ඉඳලම හමුදාවට බැඳීමේ අවශ්‍යතාව තිබුණා. ඒ අනුව අධ්‍යාපනය ලබමින් ඉන්නකොට යුද හමුදාවට බැඳෙන්න අයැදුම්පත් යොමු කළා. ඒ අනුව 1990 ජනවාරි මාසෙදී බඳවා ගැනීම් අංක 33 යටතේ කැඩෙට් නිලධාරියකු ලෙස මම යුද හමුදාවට බැඳුණා.

කොළඹ ඉපදිලා කොළඹ පාසලකට ගිය ඔබට යුද හමුදාවට බැඳුණාම ඒ ජීවිතේ දැනුණේ කොහොමද?
කුඩා කාලයේ ඉඳලම මගේ බලාපොරොත්තුව තිබුණේ ශ්‍රී ලංකා යුද හමුදාවට එකතුවීම. ඒ නිසා මගේ මේ අලුත් ජීවිතය සඳහා පෙර සූදානමකුත් තිබුණා කිව්වොත් නිවැරදියි. ඒ නිසා ලොකු වෙනසක් නම් දැනුණේ නෑ. නමුත් පාසල් ජීවිතයේදී පාසල් යුනිෆෝම් එකෙන් ඉඳලා කාකි යුනිෆෝම් එකට මාරුවුණාට පස්සේ ඒ පරිවර්තනය අනිවාර්යයෙන්ම දැනෙනවා. මොකද නිවෙසින් බැහැරව, ඒ කාලයේ හිටපු යාළු මිත්‍රයන්ගෙන් බැහැරව අලුත් සමාජයක්, අලුත් පුහුණු වටපිටාවක් අලුත් අණකට යටත්වීමක් වගේ පරිවර්තන රැසකට අපේ ජීවිත මුහුණ දෙනවා. ඒ අවස්ථාවේදී මූලිකම අවශ්‍යතාව වුණේ දරාගැනීම තමයි. පොඩි කාලයක් යනකොට අපි ඒකට අනුගත වුණා.

පවුලේ එකම දරුවා යුද හමුදාවට එකතුවීම සම්බන්ධයෙන් ඔබේ මවුපියන් දැක්වූයේ මොන වගේ ප්‍රතිචාරයක්ද ?
මම යුද හමුදාවට බැඳෙන්න ඇප්ලිකේෂන් දැම්මේ 1989 අවුරුද්දේ. ජනතා විමුක්ති පෙරමුණේ අරගලය අවසන් වෙලා තිබ්බේ එතකොට. හරියට කිව්වොත් උතුරයි දකුණයි දෙකම ගිනිගනිමින් තිබුණු කාලයක් ඒක. කොහොමත්ම අවස්ථාවක් උදාවුණේ නැහැ ඒ අයගේ කැමැත්තෙන් යුද හමුදාවට බැඳෙන්න. අනික මගේ පවුල් වටපිටාවත් එක්ක බලනකොට ඒ අයටත් ඕනෙ වුණේ වෙනත් වෘත්තියකට මාව යොමු කරන්න. නමුත් මගේ දැඩි කැමැත්ත සහ ඉල්ලීම මත අවසානයේදී මගේ ඉල්ලීමට ඒ අය අකැමැත්තෙන් හරි එකඟ වුණා.

ඒ විදිහට යුද හමුදාවට බැඳුණට ඔබ නිලධාරියෙක් ලෙස විසිර යාමේ පෙළපාළියෙන් පස්සේ ඔබේ මව දැක්වූයේ මොන වගේ ප්‍රතිචාරයක් ද?
1991 ජුනි මාසේ තිබ්බ මගේ විසිරයාමේ පෙළපාළියට අම්මයි තාත්තයි තවත් ඥාතීන් කීපදෙනකුයි ආවා. මගේ පියා තමයි මට තනි තරුව පැලඳුවේ. ඊට පස්සේ ඒ අය ළඟට ගියාට පස්සේ මට පේන්න ඔවුන් යම් සතුටක් ලබන්න ඇති. නමුත් අම්මගේ හිත ඇතුළේ තියෙන්න ඇති යම් කිසි මට නොපෙන්වන දෙයක්. ඒක කනගාටුවක්ද අභිමානයක්ද කියන දේ මට කියන්න බැහැ. නමුත් මම එයාගේ මූණෙන් සහ ඇස් දෙකෙන් දැක්කා එයා ලොකු තෘප්තියකින් ඒ අවස්ථාවේ හිටියා කියලා තමුන්ගේ එකම දරුවා යුද හමුදාවට භාර කිරීම සම්බන්ධව. ඒ කියන්නේ ඒ කාලේ රටේ තිබ්බ අවශ්‍යතාවට මම දක්වපු දැඩි කැමැත්ත ඒ අය සතුටින් පිළිගත්තා කියලා මම විශ්වාස කරනවා.

මේ විදියට යුද හමුදාවට බැඳිලා නවක නිලධාරියකු ලෙස ඔබ ඔබේ පළමු රාජකාරිය කළේ කෙහෙද?
මගේ පළමු රාජකාරි ප්‍රදේශය වවුනියාව. ඒ වෙනකොට ‘වන්නි වික්‍රම 02’ ක්‍රියාන්විතය අවසන් වෙන්න තිබුණේ දවස් දෙකක් විතර මගේ මතකයේ හැටියට. වන්නි වික්‍රම 02 ක්‍රියාන්විතය අවසන් වෙලා මට මතක හැටියට ‘අකුණු පහර’ ක්‍රියාන්විතය පටන් ගත්තා. ඊළඟට මම සහභාගි වුණු ප්‍රධානම ක්‍රියාන්විතය වුණේ ‘බලවේගය 01’ ක්‍රියාන්විතය. ඒ ක්‍රියාන්විතයට අණ දුන්නේ ජෙනරල් කොබ්බෑකඩුව.

පළමු ක්‍රියාන්විතයේ ඔබ ලැබූ සුවිශේෂ අත්දැකීම් මොනවාද?
අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. ඒ ක්‍රියාන්විතයට අපි සහභාගි වුණේ කාලතුවක්කු ආරක්ෂක නිලධාරීන් විදියටයි. මුල්ලියාන් කෝවිල ගාවදි එල්.ටී.ටී.ඊ. එකෙන් එල්ල කරපු ප්‍රහාරය මට හොඳටම මතකයි. ඒ ප්‍රහාරයේදී අපි කොටස් දෙකකට කැඩුණා. ඒ වෙලාවේ මැදින් ප්‍රහාරයක් එල්ල කරමින් තමයි එල්.ටී.ටී.ඊ. එක අපේ පාබල සේනාංකවලට ප්‍රහාර එල්ල කළේ. ඒක තමා කාලතුවක්කුවක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට නතුවෙන්න තිබුණු පළමු අවස්ථාව. නමුත් යුද හමුදාවේ සහ රටේ වාසනාවට එවැන්නක් සිදුවුණේ නැහැ. අපි අපේ කාලතුවක්කු ආරක්ෂා කරගත්තා. ඒක තමා ප්‍රධානම අත්දැකීම වුණේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමග සටනෙදී.

ඒ වගේම 1995දී වැලිඔය ක්‍රියාන්විතයේදී අපේ ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ඒ වගේම විශාල පිරිසක් තුවාල ලැබුවා. ඒක ඔවුන්ගේ දුරකතන සංඥාවලින් තහවුරු වුණා. ඒකෙදිත් මම කාලතුවක්කු වෙඩි බලය ලබාදෙමින් හිටියේ. ඒ මෙහෙයුමේදී මට වීර පදක්කමක් ලැබුණා.

වර්තමානයේ යුද හමුදාවේ ඔබේ භූමිකාව කුමක්ද?
මම මේ වෙනකොට ජාතික ආරක්ෂක විද්‍යාපීඨයේ පාඨමාලාවක් හදාරමින් ඉන්නේ. ඊට පෙර කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති වශයෙන් කටයුතු කළා. ඒක මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්. මොකද කාලතුවක්කු රෙජිමේන්තුවේ නිලධාරියෙක් හැටියට බලසේනාවට අණදීමට ලැබෙනවා කියන්නේ සුවිශේෂ අවස්ථාවක්.

යුද හමුදා ජීවිතයෙන් බැහැරව පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත්, මොකද ඔබේ තරුණ කාලය ගෙවෙන්නේ යුද බිමේ?
මගේ බිරිය, මගේ ළඟම ඥාතියෙක්. අපි කුඩා කල ඉඳලම එකට තමයි හැදුණේ වැඩුණේ. ඒ කුඩා කාලයේ සිට තිබුණු සම්බන්ධතාව පසුකාලීව දෙපාර්ශ්වයේම මවුපියන්ගේ කැමැත්ත මත විවාහය දක්වා ඉදිරියට ආවා. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.‍ ඔවුන් දෙදෙනාම උපාධිධාරීන්.

ඕනෑම හමුදා සාමාජිකයකුගේ අභිමානය සහ වීරත්වය සමාජයට පෙනෙන්නේ ඔහු සතු වීර පදක්කම්වලින්. ඔබත් එවැනි වීරපදක්කම්ලාභියෙක්. මොනවද ඔබ සතු වීරපදක්කම්?
කාලතුවක්කු රෙජිමේන්තුවේ ‘වීරවික්‍රම විභූෂණය’ ලබපු පළමුවැනි නිලධාරියා මම. 1995 ‘රිවිරැස’ ක්‍රියාන්විතයේදී සිදුවුණු සිදුවීමකින්. ඒක වීර ක්‍රියාවක් කියලා මම කරපු දේ අභිමානයකට ලක් කරන්නේ නෑ. එවකට එහි සිටි සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පැසසුමට මම ලක්වුණා. ඒ කාලේ මම අටවැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඉදිරි නිරීක්ෂණ නිලධාරියා වශයෙන් කටයුතු කරමින් ඉන්නකොට ත්‍රස්තවාදීන් ඉදිරි ආරක්ෂක වළල්ල කඩාගෙන ඒමට උත්සාහ කිරීමේදී වර්ෂාව මෙන්ම දුරකතන සංඥා බිඳවැටීම නිසා අපි ඉතා දුෂ්කර අඩියකට වැටිලා සිටි අවස්ථාවේදී ඉදිරි ආරක්ෂක වළල්ල බිඳවැටීමට නොදී රැකගෙන සිටීම නිසයි ‘වීරවික්‍රම විභූෂණය’ මට ලැබුණේ.

වීර පදක්කමක් ලැබෙන්නේ තමන් කරපු සේවය ඇගයීම වෙනුවෙන්. මෙතැනදි හැම දේම සිදුවුණේ යුද හමුදාවේ අභිමානයත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමත් සඳහා පමණයි. ඒ අවස්ථාවේදී මගෙන් ඉටුවිය යුතු රාජකාරිය මම ඉටුකළා. ඒ නිසා මට මේ වන වීර පදක්කම් ලැබිලා තියෙනවා. මේ වෙනකොට මට ‘වීර වික්‍රම විභූෂණය’, ‘රණවික්‍රම පදක්කම’ දෙවරක්, ‘රණශූර පදක්කම’ වගේ සියලු පදක්කම් ලැබිලා තියෙනවා.

ඔබට ‘දේශපුත්‍ර සම්මානය’ ලැබුණා නේද ?
ඔව්. ‘සත්ජය II’ ක්‍රියාන්විතයේ තුන්වැනි දවසේදී මම හිටියේ තුන්වැනි ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඉදිරි නිරීක්ෂණ නිලධාරියා හැටියටයි. අපි පරන්තන් හන්දියේදී ක්‍රියාන්විතය ඉදිරියට කරගෙන යන්න සූදානමින් ඉන්නකොට අපේ ඉදිරි ආරක්ෂක වළල්ලට විශාල කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වුණා. අපි හිටපු ස්ථානයට කාලතුවක්කු ප්‍රහාර හතර පහක් එකපාරම වැටුණා. අපේ 13 දෙනකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ ප්‍රහාරයෙන් මගේ සහායකයා පවා ජීවිතක්ෂයට පත්වුණා. ඒ අවස්ථාවේ මටත් තුවාල සිදුවුණා. නමුත් මට දැනුණෙ නෑ මට තුවාල සිදුවෙලා කියලා. මොකද මම ඒ වෙලාවේ වැඩි අවධානයක් යොමු කළේ ප්‍රහාරයට ලක්වෙලා වැටිලා හිටපු අය සම්බන්ධයෙන්. ඒ සිදුවීමෙන් පසුව තමයි මට ‘දේශපුත්‍ර සම්මානය’ ලැබුණේ.

ඔබ තමයි ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සියලු දෙනා අතර‍ වැඩිම අවස්ථා ගණනක් ලේ දන්දුන් නිලධාරියා. ඒ වගේම ඔබ යුද බිමේදීත් රට වෙනුවෙන් ලේ දන්දුන් පුද්ගලයෙක්. ඔබ රුධිරය දන්දෙන්න, එහෙමත් නැත්නම් රුධිර පාරවිලයනය සඳහා යොමුවුණේ කොහොමද?
දැනට තියෙන ලිඛිත දත්තයන්ට අනුව මම 186 වතාවක් රුධිරය දන්දීලා තියෙනවා. නමුත් ඊට වැඩි ප්‍රමාණයක් මම ලේ දන්දීලා තියෙනවා. පාසල් කාලයේ මම උසස් පෙළ හදාරද්දි තමයි මම පළමුවැනි වතාවට ලේ දන් දුන්නේ. ඉන් පසුවත් කීප අවස්ථාවකදී මම ලේ දන්දීලා තියෙනවා. නමුත් එය අඛණ්ඩව සිදුවුණේ නැහැ. 1997 අවුරුද්දේ මම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආරක්ෂක නිලධාරියා වශ‍යෙන් කටයුතු කරන කාලෙදී එහි සේවය කරපු සෙබළකුගේ දරුවකුට මගේ තියෙන ‘බී පොසිටිව්’ වර්ගයේ රුධිරය අත්‍යාවශ්‍ය වුණා. පසුව ඒ සඳහා මම ඉදිරිපත් වුණා. එතැන තමයි රුධිරය දන්දීමේ දෙවැනි ආරම්භය. එතැන ඉඳලා මම දිගටම මේ කටයුත්තුට සම්බන්ධ වුණා.

පසුගිය කොවිඩ් සමයේ මම තමයි වැඩිම අවස්ථා ගණනකදී රුධිරය දන්දුන් පුද්ගලයා. හැබැයි මම මේ දේවල් කරන්නේ කිසිම ජනප්‍රියත්වයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම මේ දේ සිදුකරන්නේ හුදෙක්ම මගේ ආත්මතෘප්තිය වෙනුවෙන් පමණයි. මගෙන් රුධිරය ලබාගන්නා පුද්ගලයා නැවත ජීවයක් ලබනවා නම් එය තමයි මගේ සතුට. බුදුරජාණන්වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ තමන්ගේ ශරීර අවයව දන්දීම උතුම් සත්ක්‍රියාවක් කියලා.

ලේ දන් දීමේ දී ඔබ රුධිර පට්ටිකා දන් දීම සිදුකරනවා නේද ?
ඔව්. රුධිරය දන්දීම ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය රුධිර පරිත්‍යාගය. අනිත් ක්‍රමය තමයි රුධිර පට්ටිකා පරිත්‍යාගය. සාමාන්‍ය රුධිර පරිත්‍යාගය සඳහා විනාඩි දහයක් පමණ ගත වුණත් රුධිර පට්ටිකා පරිත්‍යාගයේදී ඊට වඩා කාලයක් ගතවෙනවා.

ඔබ රුධිර පට්ටිකා දන්දීම සඳහා යොමුවුණේ කොහොමද ?
මම මුලින්ම සාමාන්‍ය රුධිර පරිත්‍යාගය සිදුකළත්, මාව පරීක්ෂණයකට භාජනය කරලා එවක රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හිටපු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු කිව්වා රුධිර පට්ටිකා ලබාගැනීම සඳහා ඔබව තෝරාගෙන තියෙනවා කියලා. ඒ අනුව මේ වෙද්දී මම 138 වතාවක් රුධිර පට්ටිකා ලබාදීලා තියෙනවා. එක් අවස්ථාවක රුධිර පට්ටිකා ලබාදීම සඳහා පැය එකහමාරක දෙකක අතර කාලසීමාවක් රුධිරය ලබාගන්නවා. සාමාන්‍ය රුධිර පරිත්‍යාගයකදී එක් පට්ටිකාවක් ලබාගත හැකි වුණත් රුධිර පට්ටිකා පරිත්‍යාග කිරීමේදී රුධිර පට්ටිකා ඒකක 16ක් ලබාගැනීම සිදුකෙරෙනවා. ඉන් ශරීරයට කිසිම හානියක් සිදුවෙන්නේ නැහැ. මොකද පට්ටිකා ප්ලාස්මා වෙන් වුණාට පස්සේ නැවතත් පට්ටිකා ලබාගන්නා යන්ත්‍රය මගින් ශරීරයට ලබාදීම සිදුවෙනවා. ඒ නිසා දින 14කට වතාවක් රුධිර පට්ටිකා ලබාදීම සිදුකරන්න පුළුවන්.

මේසා විශාල අවස්ථාවන් ප්‍රමාණයක රුධිරය දන්දුන් ඔබට යම් ඇගයීම් පවා ලැබිලා තියෙනවා නේද?
ඔව්. සියවැනි අවස්ථාවේ මම රුධිරය පරිත්‍යාග කළාට පස්සේ මට ඇගයීමක් ලැබුණා. මේ ඇගයීම මට ලැබෙන්නේ ජුනි 14 වැනිදා. ලෝක රුධිර පාරවිලයන දිනය දවසෙදී තමයි මට ඒ ඇගයීම ලැබුණේ. එම උත්සවය තිබුණේ අරලියගහ මන්දිරයේදී. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් තමයි මට ඒ ඇගයීම ලැබුණේ. ඉන්පසුව ජනාධිපති ලෙස තේරීපත්වුණු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි එවක සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කළේ.

ලේ දන්දීම සම්බන්ධයෙන් සමාජයේ තියෙන විවිධ මිථ්‍යා මත සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
සමහරු කියනවා රුධිරය පත්‍යාග කළාම ශරීරය ස්ථුලභාවයට පත්වෙනවා කියලා. ඒක මිථ්‍යා මතයක්. එහෙම ඔප්පු කරන්න පිළිගත හැකි සාක්ෂි නැහැ. රුධිරය පරිත්‍යාග කළාම තමන්ගේ සතුට වැඩිවෙනවා. ඒක හොඳටම ඇති ශරීර සෞඛ්‍ය යහපත්ව තියාගන්න. මම යුද හමුදාවෙන් විශ්‍රාම යන්න පෙර රුධිරය දන්දීමේ වාර 250 සම්පූර්ණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ යුද බිමේදී රට වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කළා. යුද්ධයෙන් පසුවත් ඔබ රට වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරනවා. මේ තමයි ලෝකයේ මානුෂීයම හමුදාව කටයුතු කරන විදිය. හැබැයි මොවුන් පිළිබඳ සමාජයේ විවිධ මත තියෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?
රටේ අනෙකුත් අවශ්‍යතාවලදී වගේම රුධිර අවශ්‍යතාව ආපු හැම අවස්ථාවකම ඒ සඳහා ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා යුද හමුදාව. ඇතැම් අවස්ථාවලදී යම් පිරිස් විශ්වාස කරනවා එයාලගේ ආගම අනුව රුධිරය දන්දීම අකැපයි කියලා. නමුත් යුද හමුදාව ගත්තාම එහෙම දේවල් තිබ්බේ නෑ. උතුරෙද දකුණෙද නැගෙනහිරද කියලා නෑ, යුද හමුදා සෙබළු ලේ දන්දීම සිදුකරනවා. ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාග කිරීමේ ප්‍රථමයා තමයි ශ්‍රී ලංකා යුද හමුදාව. අපි මානුෂීයම හමුදාවක් කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. මහජනතාව අපි දිහා එදා යුද්ධය අවසන් කරපු කාලෙදී තිබුණු හැඟීමෙන්ම බලනවා. හැබැයි ඒ මතය වෙනස් කරන්න ඉතාමත් සුළු පිරිසක් කටයුතු කරනවා. නමුත් අපි ඒ දේවල් තැකිය යුතු නැහැ. මොකද සෑම අවස්ථාවකදීම රටේ යම් ව්‍යසනයක් හදිසි අවස්ථාවක් ඇතිවුණොත් පළමු ප්‍රතිචාර දැක්වීම සිදුකරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව. පසුගිය කොවිඩ් සමයේදීත් ශ්‍රී ලංකා යුද හමුදාව රටේ ජනතාව වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ. යුද හමුදාව ඉන්නේ පටු ලාභ ප්‍රයෝජන ගන්න නොවෙයි. ඒ නිසා සුළු පිරිසක් කරන චෝදනා රටේ ජනතාව පිළිගන්නේ නෑ.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ව්‍යවස්ථාවේ හැංගිලා තියෙන තිරයේ දිග හැරෙන්නේ නැති රටට බරක් වුණු හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස කතා වස්තුව…

Next Post

කාදිනල් හිමියන් ‌කොරෝනා වැළඳී රෝහලේ!

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.