• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාවේ හැංගිලා තියෙන තිරයේ දිග හැරෙන්නේ නැති රටට බරක් වුණු හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස කතා වස්තුව…

August 10, 2022
in Exclusive, News
Reading Time: 10 mins read
A A
ව්‍යවස්ථාවේ හැංගිලා තියෙන තිරයේ දිග හැරෙන්නේ නැති රටට බරක් වුණු හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස කතා වස්තුව…
Share on WhatsAppShare on Facebook

කඳුකරයේ එක්තරා ගැමි යුවතියක් පළමු දරු ප්‍රසූතියේදී දැඩි වේදනාව නිසා සිය සැමියා වන “කංකානිට” සාප කරමින් නැවත කිසි දිනෙක ළඟට එන්නට ඉඩ නොදෙන බවට රෝහල දෙකක් වෙන්නට කෑගැසුවාය. කෙසේ හෝ ඒ අතරතුරේ දැඩි වෙහෙසක් ගත් වෛද්‍යවරයා, වින්නඹු මාතාවෝ, හෙදි සොයුරියෝ සහ සාත්තු සේවිකාවෝ මහත් ආයාසයෙන් දරුවා එළියට ගත්හ. අනතුරුව ඇයට ඊට පසු දින “මැහුම්” දමන්නට ඇති බවටද එහි සිටි වින්නඹු මාතාවක් පසුව ඇය දැනුවත් කළාය. ඇය ඒ අවස්ථාවේදී “ඔක්කොම මහනවා දැයි” වින්නඹු මාතාවගෙන් විමසුවාය. ප්‍රශ්නකාරියගේ බුද්ධි මට්ටම අවබෝධ කරගත් වින්නඹු මාතාවද ඇයට විහිළුවක් කිරීමේ අදහසින් “ඔව්” යැයි කීවාය.

“ඔඳා නෝන මාත්තියා ඔක්කොම මහන්න ඕනෑ, එතකොට කංකානිට හොඳ වැඩේ වෙන්නෙ” ඇය කීවාය.

“ලොකු නෝනමාත්තියා ඔක්කොම මානවාද?” ටික වේලාවකට පසුව තරුණ මව හෙදි සොයුරියකගෙන්ද ඒ ගැන ඇසුවාය. ඒ වන විට මැහුම් කතාව කාර්යමණ්ඩලේ සියලු නිලධාරිනියන් අතරටද ගොස් තිබූ බැවින් හෙදි සොයුරියද එය සත්‍ය බවත් ඒ කාර්යය කරන්නේ දොස්තර මහතා බවත් ඇයට පිළිතුරු වශයෙන් කීවාය.

“ඔඳයි, ඔඳයි,දොස්තර මහත්තයට කියන්ඩ ඕනෑ ඔක්කොම මහන්ඩ කියල. එතකොට කංකානිට හොඳ පාඩං” යැයි කීවාය. කෙසේ වෙතත් ඇය ඒ සඳහා තියටර් එකට ගත් අවස්ථාව වන විට පුවත වෛද්‍යවරයාද දැන සිටියේය.

“දොස්තර මාත්තියා ඔක්කොම මහනවද” ඇය ඔහුගෙන්ද ඇසුවාය. එය අනුමත කරන සෙය්යාවෙන් හෙතෙම හිස සෙලෙව්වේය. ඉන් පසුව මඳ වේලාවක් නිහඬව සිටි ඇය වෛද්‍යවරයාට මෙසේ කීවාය.

“දොත්තර මාත්තියා කංකානි ඔඳ මුනියා, එයාට චූට්ටක් ඉතුරු කරනවාද?”

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඉතා ප්‍රසිද්ධ මේ “හෑල්ල” (කතාව) සිහිපත් වූයේ අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ (උන්නාන්සේ) වරින් වර කී කතා පූර්වාපර සන්ධි ගළපා බලන කල්හිය.

යූ.ඇන්.පී.කාරයන්ගේ ඡන්දවලින් පොට්ට චාන්ස් එකක් ලබා (එසේ නොවුණේ නම් මේ ආත්මයේදී නම් ඔහුට ජනාධිපති පුටුවට නගින්නට ඉඩ ලැබෙන්නේ නැත) ජනාධිපති පුටුවට ගිය “සිරිසේන අයියා” මෙසේ කීවේය.

“බැරි වෙලා හරි තමා පරාජය වී මහින්ද ආවේ නම් තමා අඩි හයක් පොළොව යට බවය. ඒ සමගම කීවේ තමන් නැවත කිසි දිනෙක දේශපාලනයට (පාර්ලිමේන්තුවට) නොඑන බවය. තමන් පමණක් නොව තම දරුවකුටවත් එන්නට ඉඩ නොදෙන බවය.

ඒ ජනාධිපති පුටුවේ “රහ” (රස) දැනෙන්නට පෙරාතුවය. ටික දිනකින්ම එහි රහ වැටුණු විට ඔහුට උන්හිටි තැන් අමතක විය. (හරියට වෙස්සන්තර ජාතකයේ ජූජක බමුණා රාජ භෝජන කෑ කල්හි තවත් කටක් මවා දෙන ලෙසට ශක්‍ර දෙවියන්ගෙන් ඉල්ලුවා සේය. නැවත නොඑමියි කී මිනිහා දෙවැනි වරටත් පුටුවේ ඉන්නට කාලය දීර්ඝ කරගන්නට දැඟලුවේය.

බුදුන් වහන්සේ “යථාවාදී තථාකාරිය. තථාවාදී යථාකාරිය.” ඒ කියන දේ කරන්නෝමය. කරන දේ කියන්නෝමය. ඒ සත්‍යවාදී උත්තමයෝය. මහත්තුරුත් එසේමය. එසේ නොවන්නන් ගැමියන් විසින් හඳුන්වනු ලබන්නේ “දිව දෙකේ සතකු” වශයෙනි. දිව දෙකක් ඇත්තේ “කබරයාටය”

මහත්තයකු වශයෙන් පුටුවේ සිටි අයකු නම් කොතරම් පහළට වැටුණත් “කෙළොම්බුවේ” (අඟල් හතරක් තරම් උස බංකුවක්) ඉඳගන්නේ නැත. ඒ විලිලැජ්ජාව යන දෙයක් ලෝකයේ ඇති හෙයිනි. “කෙතරම් සා වුවත් තණ කබොලු නොබුදිති” කොපමණ බඩගිනි වුවත් සිංහයා තණකොළ කන්නේ නැතැයි කියන්නේ එනිසාය.

මොන කෙහෙල්මලකින් හෝ රස්සාව නැතිවූ නියෝජ්‍ය පොලිස්පති කෙනකු හෝ පොලිස් අධිකාරි කෙනකු හෝ පමණක් නොව පොලිස් පරීක්‍ෂකවරයකු හෝ කවර අන්දමේ වරප්‍රසාද, ප්‍රතිලාභ අහිමි වුවත් කොස්තාපල් කෙනකු වශයෙන් යළිත් පොලිස් දෙපාර්තමේන්තුවට රාජකාරි කිරීමට නම් එන්නේ නැත. ඒ අර කියන විලිලැජ්ජාව නිසාය.

මහත්මයකු ඒ තනතුරේ ගරුත්වය ආරක්‍ෂා කළ යුතු බැවිනි. තමන්ගේ ආත්මගරුත්වය වෙනුවෙන් සියදිවි නසාගත්තවුන් පිළිබඳ ඕනෑ පදම් කතා අපේ ඉතිහාසයේ ඇත. එහෙත් පාර්ලිමේන්තුවට එන්නේ නැති බවට සිංහ නාද පැවැත්වූ ජනාධිපති සිරිසේන අයියා මන්ත්‍රී කෙනකු වශයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඉඳගත්තේය. මහින්ද ලොක්කා එසේ ඉඳගත්තා පමණක් නොව පැරදී මැදමුලනට ගොසින් වවුලකු මෙන් නිවෙසේ ජනෙල් “බෑවේ” (පලුවේ)ද එල්ලී සිටියේය.

“විලිලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි” යන කියමන මේ උදවිය නම් අසා නැතුවා වැන්න.

ඔන්න ඒකට බඩු ජේ.ආර්. ජයවර්ධනය. ජේ.ආර්. වොඩ් ප්ලේස් නිවෙසේ ජීවත් වූ අතර නිල නිවාස ගත්තේ නැත. ඩී.බී.ගේ අභාවයෙන් පසු නිල නිවෙසේ දියණිය සිටියාය. ප්‍රේමදාස ආණ්ඩු කාලේ සුචරිතයේ සිටියත්, ප්‍රේමදාසගේ අභාවයෙන් පසු හේමා ප්‍රේමදාස මැතිනියට නිල නිවෙසක් හිමිවුවද පසුව ඇය එය රජයට භාරදුන්නාය. චන්ද්‍රිකාට අදටත් ටොරින්ටන් ප්‍රදේශයේ නිල නිවෙසක් හිමිය.
ඇත්තටම මොකක්ද මේ පෙරේතකම,

මයිනා දැන් සැපද? යනුවෙන් අපෙන් ඇහුවත් පානුයි පොල් සම්බෝලයි කන අප දන්නා සැප මොකක්ද? සිරිසේන ලොක්කා වරක් කියාදුන් අන්දමට “බම්බුව” තමයි. හැබැයි ජේ.ආර්. කීවේ ගැහැනියක පිරිමියකු කරගන්නට බැරුවා මිස මිහිපිට ඇති අනිත් සෑම දෙයක්ම කරගත හැකි බවයි. විඳිය හැකි බවයි. ඒ තනතුරේ සිටින විට ලැබෙන දේවල්ය. ඒ සියල්ලම ඔවුන්ගේ පෞද්ගලික බූදලයෙන් කරගන්න දේ නොවේ. පෞද්ගලික දේපොළ ලෙසට නිසි නින්දේම හරවාගත් මහජනයාගේ ලේ රිහිරි මාංසයයෙනි.

එපමණක් නම් මදෑ, විශ්‍රාම හෙවත් “පැංසොං” ගියාට පසුවත් ලැබෙන සම්පත් දෙවැනි නැත.

අපේ රටේ ක්‍රියාත්මක වන්නේ “අයිවර් ජෙනිංස්”තුමා විසින් ලියා දෙන ලද “රැජිනගෙ ආණ්ඩුව” හෙවත් එංගලන්ත ආණ්ඩු ක්‍රමය වේ. මෙයටම පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයද කියයි. ඇමෙරිකාවේ පවත්නේ ජනාධිපති ක්‍රමයයි.

එහෙත් ඔය කියන එකුදු ව්‍යවස්ථාවක හෝ විශ්‍රාම ගිය ජනපති කෙනකුට හෝ නායකයකුට මහජන මුදලින් නඩත්තුවීම සඳහා නිල නිවාස පැපයීමේ වරමක් දී නැත. ඔවුන් නඩත්තු විය යුත්තේ තමන් උපයා සපයාගත් දේකිනි.

ඒකට අපේ බඩු. රාජකාරි කාලය වසර පහකි. විශ්‍රාම වැටුපද, නිල නිවාසද, යාන වාහනද, අතට පයට දැසිදස්සන්ද, ලේකම්වරුන්ද, ආරක්‍ෂක නිලධාරීන්ද එමටය. “අධෝ මාර්ගය” හෝදන්නටත් ඉන්නවා දැයි යන්න නම් නොදනිමි.

මේ සියල්ලටම මහජන මුදල්ය. ඒ මහජනයා වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් යැයි අර්ථකථනත් දක්වන්නෝය. එහෙත් ඇත්ත වශයෙන්ම මහජනයාට කර ඇති “කෙංගෙඩියක්” නැත. කර ඇත්තේ මහජන දේපොළ හොරාකෑම පමණි.

“අබ්දුල් කලාම්”තුමා විද්‍යාඥයෙකි. මහාචාර්යවරයෙකි. මිසයිල්වලට රොකට් සවිකිරීමේ සිද්ධාන්තය සොයාගනු ලැබුවේද එතුමාය. (මට මතක හැටියට එතුමාට නොබෙල් සම්මානයද ලැබුණා සේය.) එතුමා ඉන්දියාවේ ජනාධිපතිවරයකු වශයෙන් රාජකාරි නිමවා ගියේ පරණ ගොඩනැගිල්ලක උඩුමහලේ තිබූ ලැටිස් ගහපු ඔහුගේ පෞද්ගලික කාමරයටය. එසේ ගියේද ඇඳුම් කෑලි දෙක දමාගත් පුංචි සූට්කේස් එකක් අතේ එල්ලාගෙනය. එසේ යාමටත් ඔරුකාරයකු පැදවූ ඔරු කබලක නැගී යන අන්දම අපි රූපවාහිනියෙන් දුටුවෙමු.

මහින්ද උන්නැහේ 2015දී මැදමුලන වලව්වට ගියේ (කුඩා උන් කියන පරිදි) හෙලිකොප්පරේකිනි. (හෙලිකොප්ටර්) ඔහුගේ එක්කුසේ උපන් මලයා ගෝඨා පැදුරටත් නොකියා රට පැන්නේ ගුවන් හමුදා ගුවන් යානයකිනි.

අම්මාත් තාත්තා දෙන්නාම අගමැතිකම් කළ, එංගලන්තයේ පවා නිවෙසක් තියෙන බව කියන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක අපේ ලොකු නැන්දම්මා ද විශ්‍රාම ගිය පසු කොළඹින් නිල නිවෙසක් ලබාගත්තාය. ඒ ඇත්තටම ඇයට ඉන්න හිටින්නට නැති නිසාය.

අපේ ගම්වල වයසක උදවිය “අනේ වාසනාවන්” හෝ “අනේ නොදෝමකින්” කියන්නේ ඔන්න ඔය වගේ දේටය.

පොළොන්නරුවේත් නිවෙසක් තියෙන කොළඹ බෞද්ධාලෝක මාවතේත් නිවෙසක් තියෙන මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ “පැංසොං” ගිය පසුත් ඉන්න නිල නිවාසයකුත් ගත්තේය. ඒ ගෙවල් තුනක් ඒකාබද්ධ කර එක ගෙයක් වශයෙන් සකසා ගැනීමෙනි. ඔහුට ඒ නිවෙස අරබයා අධිකරණයේ වගඋත්තර කියන්නටත් සිදුවිය.

මේ දිනවල අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ උන්නාන්සේ වෙනුවෙන් සකස් කෙරෙන නිල නිවාසයට එතුමාගේ කැමැත්ත අනුව අංග එකතු කෙරෙන බව දැනගන්නට ලැබේ. ඒ සඳහා අනුමත ඇස්තමේන්තු වටිනාකම රුපියල් කෝටි හාරසියයක්ලු (4,00,00,00,000).

දවසකට එක වේලක් හෝ කාගන්නට නොහැකි මිනිසුන්ට දෙවේලක් කන්න යැයි ඔහුගේ අන්තේවාසිකයන් උපදෙස් දෙද්දී ඒ වියදම ගැන “නැති බැරි මිනිහා නිසා අනේ කමක් නැතැයි” කියා අපට හිත හදාගත හැකිය.

මහින්දට මැදමුලනේ වලව්වක් ඇති බව කියති. තංගල්ල පැත්තේ “කාල්ටන්” යනුවෙන් තවත් මන්දිරයක් ඇති බව කියති. ඒ තියෙද්දීත් තවත් නිල නිවෙසක් ඔහු වෙනුවෙන් සකස් කෙරෙමින් තිබේ.

එහෙත් එතෙක් (නිවෙස සකස් කෙරෙන තෙක්) වෙනත් නිල නිවෙසක පදිංචිව සිටින බවද කියති. එසේ පදිංචිව සිටින්නේ උන්නැහේ සහ උන්නැහේගේ “අවඩි” (බිරිය) පමණක් නම් කමක් නැත. දැනගන්නට ලැබෙන අන්දමට සියලු හැත්ත බුරුත්තද වෙසෙන්නේ එකටය. නාමල් රාජපක්‍ෂ සහ ඔහුගේ ඇඹේණියත් එහිමය. ඇමතිවරයකු වශයෙන් නාමල්ටද නිල නිවෙසක් හිමි වුවත් එහි පදිංචිව ඇත්තේ නාමල්ගේ සමීපතමයකු බව පැවසේ.

යෝෂිතත් ඔහුගේ බිරිය සමග පවුලම සිටින්නේත් තම මවුපියන් සමගලු.

රුපියල් හත් ලක්‍ෂයක් (7,00,000) පමණ වටිනා බව කියන ටර්කිෂ් ඇන්ගෝරා (Turkish Angora) වර්ගයේ “පූනකුට්ටි” (බළල් නාට්ටා) අයිති රාජපක්‍ෂ පවුලේ බඩපිස්සා වන රෝහිත රාජපක්‍ෂ (චිචී) සිටින්නේද ඔය නිවසේම බව කියත්.

එපමණක් නම් මදෑ,

ගෘහ මූලිකයා (විශ්‍රාමික ජනාධිපති) පරලෝකප්ප්‍රාප්ත වූ කල ඔහුගේ නීත්‍යනුකුල භාර්යාවට ද නිල නිවෙස හිමිය. ඇය මියැදෙන තෙක්ම නඩත්තු කිරීමට සිදුවන්නේද මහජනතාවටමය. මේ පිරිස නඩත්තු කිරීම වෙනුවෙන් අපේ රටේ එදා වේල පිරිමසා ගැනීමට නොමැරී මැරෙන මහජනයා තම දුවා දරුවන් කුසගින්නේ තබා මෙවන් කැඹිරිල්ලක් කැඹිරීමට කවර ආත්මයක කවර පාපකර්මයක් කර ඇත්දැයි යන්න නම් කිව නොහැකිය.

විශ්‍රාම ගිය ජනාධිපතිලාට එසේ නම් රටින් පලාගොස් පිටරටක සිට ඉල්ලා අස්වූ ජනාධිපති කෙනකුට නිල නිවෙසක් හිමිවනවාද? නැද්ද? ගැන කීමට නම් නොහැකිය. ඒ අන්දමේ තත්ත්වයක් මේ වනතුරාම සිරිලංකාවේ උද්ගතවී නොතිබීම සේම ඒ තත්ත්වයක දී කටයුතු කෙරෙන්නේ කවර ආකාරයකින් දැයි ව්‍යවස්ථාවේ සඳහන්ව නැති හෙයිනි. එසේ පලාගියත් (ඇමෙරිකාවේ සිට) යුද්ධය දිනාදුන් බැවින් ගෝඨාට පිටරටක මැරෙන්නට ඉඩදීම කලගුණ දන්නා බෞද්ධයන්ට තරම් නොවන බැව් “බයාරාමාධිපති” උස්මුරුත් (අං) තට්ටුවේ නායක ස්වාමින්වහන්සේ කෙනකුන්ගේ අනුශාසනාව ශ්‍රවණය වන කල්හි නම් පුතේ, “කමිං ත්‍රෙඩ් ඊස් නෝ ගුඩ්” Coming thread is no good (එන පොට නං හොඳ නෑ) යන්න නම් නොකියාම බැරිය.

ඉදින් මේ වනාහි නවිකශ්ශ්‍රීන් විරාජමාන ශ්‍රී ලංකාද්වීපයේ හැටි සොබාවය නිසා කමක් නැත. සොත්තිසේන රජතුමා සේ එක දිනකට පමණක් ජනාධිපති වන්නා වූ කෙනකුට ද අර කියන අන්දමේ නිල නිවාසයක් සමග සෙසු පහසුකම්ද දෙන්නට සිදුවුවහොත් “මළකෙළියයි.” එසේ වූ විට කොළඹ ඉඩ මදි වන්නටද බැරිකමක් නැත.

එක සිංහයකුට දාව සිංහ ධේනුවකට ඉපදෙන පැටවු සිංහ පුත්‍රයෝ යැයි හඳුන්වනු ලබත්. එහෙත් කවර බළලකුට දාව ගැබ්ගත්තේ දැයි යන්න පූසියන්ට (පූසි මාතාවන්ට) හෝ කිව නොහැකි බැවින් ඒ පැටවු (පූසියන්ගේ) පූසිගෙ පුතාලා වෙත්.

ඉදින් ඒ පූසිලාගේ පුතාලා නොදන්නා කරුණු බොහෝය. ඒ නිසා ඔවුනට ඒ කරුණු කියාදිය යුතුය. ගෙරි කුණකට වහවැටුණු කැනහිලුන් සුනඛයන් ඕජස් ගලන අතුණු බහන් ඇද ඇද ගිලින පරිද්දෙන් මහජනයාගේ රීරි මාංශය උරාබීම නම් මියගොස් හතරමහ නරකාදියේ උපදින්නට පෙරාතුව මෙලොවදීම අවසාන කාලයේදී කුණු පනුවන් ගසා පඩිසන් දෙන බව දහමේ සාංදෘශ්ටික (මේ ආත්මයේම ඵලදෙන) පාපකර්ම ලෙස විස්තර කර ඇති බව කියා දීම වටී.

ගණංකාරකං “හයිය” තියෙන කං
නම්බුකාරකං“නිලේ” තියෙනකං
අහංකාරකං “බලේ” තියෙනකං
මේ ඔක්කොම “කං” පණ ටික යනකං

යන්න අපේ පැරැන්ණන් කියන්නේ බුදුන්වහන්සේ දෙසූ “සබ්බ පහාය ගමනීයං” (සියල්ලම හැර දා යායුතුය) යන්නය. ඒ බණ පදය අසා සිටි හින්දු ආගමික මගේ මිතුරකු පැවසුවේ “කාඩු වාවාංගදි, වීඩු පෝපෝංගදි” ලෙසින් කාඩු (කැලේ සොහොන) වරෙං වරෙං ලෙසින් ද, වීඩු (ගෙදර, නිවැසියන්) පලයං පලයං ලෙසින් ද උපදෙස් දෙනවා යන්නය.

අරගලකරුවන්, මේ රටේ වෘත්තීය ක්‍රියාකාරීන්, වෘත්තීයවේදීන් සහ ව්‍යවස්ථාව අලුතෙන් ලියන්නන් ඇතුළු මහජනතාව පෙළගැසිය යුත්තේ බෙදන්න ගිය උන් පත්කොළේ එළාගෙන තමන්ගේ පතටම බෙදාගැනීමේ ක්‍රමය දැන් හෝ නැවැත්වීමට පෙළගැසිය යුතු බවය.

නැතහොත්

“මෙහෙමම කළොත් රට කරවන
සියලු දෙනා
නෑකම් කියා අමතනු ඇත
අපට ගොනා
රට පුන්නක්කු තණකොළ කන
වලිගෙ වනා
ජනපතිකමට මරු හෙන්දගෙ
කබර ගොනා”



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ජනපතිගේ කතාවේ භාෂාව ගැන-වචන ගැන-අන්තර්ගතය ගැන-ඉදිරිපත් කිරීම ගැන කිසිම ගැටලුවක් නෑ! හැබැයි කෝ ජනතා ප්‍රශ්න විසඳන වැඩපිළිවෙළක්! රනිල් අගමැති වුණ දවසේ ඉඳන්ම කළේ පැරදුණු මිතුරන්ගේ ප්‍රශ්නයි පාර්ලිමේන්තුවේදී එතුමට උදව් කරපු මන්ත්‍රීවරුන්ගෙයි ප්‍රශ්න විසඳපු එක! ඩලස්ගේ විග්‍රහය මෙන්න! (VIDEO)

Next Post

ත්‍රිවිධ හමුදාවෙම ඉන්න වැඩිම ලේ හලපු රණවිරුවා දන්නවාද?

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.