• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බුද්ධ භෝගය චීන අසූචිවලින් අපිරිසුදු නොකරනු!

November 9, 2021
in Exclusive, News
Reading Time: 9 mins read
A A
ලංකා මුහුදට ඇතුල් වූ චීන පොහොර නැව අතුරුදන්!
Share on WhatsAppShare on Facebook

‘ගෙරි කටු පෝර’ ගැන අපේ වැඩිහිටියන් කතා කරනු ඇසී තිබුණත් ඔවුන් ‘අසූචි පෝර’ ගැන කතා කරනු ඇසී නැත. එහෙත් මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ එවැනි කර්මාන්තශාලාවක් තිබූ බව ඇතැමුන් කියනු නම් ඇසී තිබේ. කෙසේ වෙතත් වී ඇටය ‘බුද්ධ භෝගයක්’ ලෙස සලකන ගොවීන් මේ අසූචි පොහොර තම වගාවන්ට යෙදූ බවක් නම් කිසිදු වැඩිහිටියකු කියනු අසා නැත.

එහෙත් නව යොවුන් වියේදී කියවා රසවිඳි ලෝ ප්‍රකට නවකතාවක් වන 19 වැනි සියවසේ චීනයේ ගැමි ගොවි ජීවිතයේ කැඩපතක් වන් පර්ල් එස්. බක් විසින් රචිත ‘සාරභූමි’ නම් නවකතාවේ නම් එහි කතානායක ගොවියා වන ‘වාන්ලූන්’ විසින් අසූචි පොහොර තම වගාවන්ට යොදාගන්නා ආකාරයට කියවීමට ලැබිණි. එහි දැක්වෙන ආකාරයට චීන ගොවීන් සියවස් ගණනක සිට පොහොරක් ලෙස අසූචි තම වගාවන්ට භාවිත කර ඇත.

මේ අසූචි පොහොර ගැන තවත් මතකය අලු‍ත් කරන්නේ නම් බටහිර සම්බාධක හමුවේ අන්ත අසරණ වී සිටින ඒකාධිපති උතුරු කොරියානු ගොවීන් තම වගාවන්ට අසූචි පොහොර යොදන බවත් ඒ හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු‍ (පණුරෝග සහ චර්ම රෝග) ඇති වී තිබෙන බවත් බටහිර මාධ්‍ය වාර්තාවල නිතර සඳහන් වේ.

පසුගිය සති කිහිපය පුරා ලංකාවද ඇතුළු බටහිර මාධ්‍යවල නිතර නිතර අසූචි පොහොර ගැන වාර්තා පළවූයේ අවාසනාවකට ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙනය. එහි විශේෂත්වය වන්නේ මුලින් සඳහන් කළ ආකාරයට වී ඇටය බුද්ධ භෝගයක් ලෙස සලකන ශ්‍රී ලංකාව සම්බන්ධ කරගෙන මේ අසූචි පොහොර කතාව මතුවීමය.
ලෝකයේ මුල්ම කාබනික රට?

පසුගිය අප්‍රේල් 22 වැනිදා ජනාධිපති මන්දිරයේදී රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීහු සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා අනපේක්ෂිත (ආන්දෝලනාත්මක) ප්‍රකාශයක් කළේය. ජනාධිපති මාධ්‍ය ඒකකය එදින නිකුත් කළ මාධ්‍ය වාර්තාවක මෙසේ සඳහන් විය. ‘රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. වැව්, ඇළවේලි සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. ප්‍රතිකාර සඳහා වැයවන මුදල සහ ජීවිතවලට වන බලපෑම ඉහළය. නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඒ වෙනුවෙන් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කරන බව ජනාධිපතිවරයා කියා සිටී.’

ජනාධිපති මාධ්‍ය ඒකකය එදා සියලු‍ මාධ්‍ය වෙත නිකුත් කළ, මාධ්‍ය විසින් පුළුල් ආවරණයක් දුන් මෙම පුවත මෙරට සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි ආන්දෝලනයක් ඇති කළ අතර එහි කූඨප්‍රාප්තිය අප්‍රේල් 28 වැනිදා සිදුවිය. ඒ වස විසෙන් තොර රටක් බිහිකිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය සහ ආනයනය තහනම් කිරීම ඇතුළු දැඩි තීන්දු රැසක් ගැනීමය. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මස 28 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් කියවුණේ ‘වස විසෙන් තොර රටක් බිහි කරන්න’ ජනපති දැඩි තීන්දු රැසක් ගත් බවය.

එදා සිට, එනම් පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට කාබනික කෘෂිකර්මාන්තය ගැන පුවත් පිට පුවත් මැවුණු අතර යළිත් අප්‍රේල් 29 වැනිදා ජාත්‍යන්තර අවධානය පවා දිනාගත් පුවතක් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළේය. ඒ, ‘රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ලංකාව පත්කරන බව’ ජනපතිවරයා ප්‍රකාශ කළ බවයි.

‘ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට ළඟාවීමට බාධාවක් නොවේ. කතා කර කර නොසිට ගොවියා දැනුවත් කර වගා බිමට බැස නිරෝගීමත් පරපුරක් බිහිකිරීමට එක්වැන්නැයි ජනාධිපතිවරයා සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටී. රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම පිළිබඳ දැනුවත් කිරීමට පසුගිය 29 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙවැනි ප්‍රකාශයක් කළ ඒ වන විට දකුණු ආසියාවේ කුඩාම රටක් වන භූතානය 2008දී 100%ක් කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් තීන්දුවක් ගෙන ක්‍රියාත්මක වෙමින් තිබූ අතර ඉන්දීය ප්‍රාන්ත රාජ්‍යයක් වන ‘සිකීම්’ ද 100%ක් කාබනික ප්‍රතිපත්තියට ගමන් කර තිබුණේය. ඒ අනුව ලෝකයේ 100%ක් කාබනික කෘෂිකර්මාන්තයට ගමන් කළ මුල්ම රට ‘ශ්‍රී ලංකාව බවට පත් කරන බවට’ ජනපතිපතිවරයා කළ ප්‍රකාශය සාවද්‍ය එකක් බවට පත්විය.

රසායනික පොහොරවලට ගිය මිලියන 80,000 ගොවීන්ට

ජනපතිවරයාගේ මේ දැඩි තීන්දුව ගැන බලාපොරොත්තු විය යුතු ආකාරයෙන්ම පක්ෂ හා විපක්ෂ තර්ක ඉදිරිපත් වූ අතර අස්වැන්න අඩුවීම, කාබනික කෘෂිකර්මාන්තයේ මිල අධික වීම ඇතුළු තර්කානුකූල මෙන්ම බරපතළ විවේචන රැසක්ද ඉදිරිපත් විය.

මේ ඍණාත්මක විවේචනවලට යළිත් ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් මැයි 12 වැනිදා ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ‘කාබනික ගොවිතැනේ බර ගොවියාට සහ පාරිභෝගිකයාට දෙන්නෑ – ජනපතිගෙන් සහතිකයක්’ හිමිවන බවයි.

‘කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් බවත් ගොවියා ඒ සම්බන්ධයෙන් බියවිය යුතු නැති බවත් පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවත් “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ” සාමාජිකයන් සමග මැයි 11 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර කාබනික වගාවට යොමු වීමට ගත් තීන්දුවට එරෙහිව වර්ධනය වෙමින් පැවති විරෝධතා දුර්මුඛ කිරීමට හෝ ගොවීන් ඇතුළු පාර්ශ්ව නොමඟ යැවීමට ජනපතිවරයා ජූලි මස 01 තවත් ප්‍රකාශයක් කළේය. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එදින නිකුත් කළ නිවේදනයකට අනුව එදින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ජනපතිවරයා කියා සිටියේ ‘බෝ නොවන රෝගවලින් අනාගත පරපුර බේරාගනිමින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක (80,000) මුදල මෙරට අහිංසක ගොවි ජනතාවගේ අතට ලැබීමට සලස්වන බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි.

ජනපතිවරයා කළ මේ ප්‍රකාශයේ බරපතළ සාවද්‍ය බවක් තිබුණද මිලියන 80,000ක් හෙවත් රුපියල් කෝටි 8,000ක් තමන් අතට පත්වීම ගැන ගොවීන් අතිශය සතුටට පත්වූවාට සැක නැත.

කාබනික පොහොර
නිෂ්පාදනය කළ හැටි

දැන් තීන්දුව ගෙන හමාරය. එය ආපසු හැරවීමට ජනපතිවරයා, මුදල් ඇමැති බැසිල් හෝ 2005දී රුපියල් 350ට පොහොර ලබාදී ගොවි ඡන්ද බැංකුව තමා සතුකරගත් අගමැති මහින්ද රාජපක්ෂ සූදානමක් නැත. ඒ සමග කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ කෘෂිකර්ම බලධාරීන් ප්‍රවෘත්ති පිට ප්‍රවෘත්ති නිකුත් කළේය. සමස්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාතමේන්තුව පමණක් නොව යුද හමුදාව ඇතුළු එකී නොකී සියලු‍ රාජ්‍ය ආයතන හා ගැති කල්ලි තරගයට කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළේය.

එහි තවත් සුවිශේෂ පියවරක් සටහන් කරමින් සැප්තැම්බර් 01 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ දිවයින පුරා පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම කාබනික පොහොර මෙටි්‍රක් ටොන් 100 බැගින් නිෂ්පාදනය කළ යුතු බවත්, ඒ වෙනුවෙන් එක් ගොවිජන සේවා මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 10 බැගින් වෙන්කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා සඳහන් කළ බවයි.

එපමණක් නොව මෙහි තවත් දිගුවක් ලෙස දැනට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට මේ මස 15 වැනිදාට පෙර රුපියල් 7,500ක මූලික ගෙවීම ගෙවා නිම කළයුතු බවටද අමාත්‍යවරයා ගොවිජන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අප්‍රේල් 22 වැනිදා සිට මේ දක්වා ආණ්ඩුව සහ රාජ්‍ය ආයතන ගත් තීන්දුව හා ක්‍රියාකාරීත්වය අනුව මේ වන විට ලංකාවටම අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයක් සිදුවිය යුතුව තිබුණි. එහෙත් ආණ්ඩුවේ පොතේ ඇති සැලසුම් භූමිය මත යථාර්ථයක් නොවූ අතර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි එකක්ද නොවීය. ඒ නිසා තවත් මාස කිහිපයකින් නිමක් නැති ගොවි උද්ඝෝෂණ හා විද්වතුන්ගේ දැඩි විවේචනවලට මුහුණ දුන් ආණ්ඩුව සිය අති උද්ධච්චභාවය නිසාම ගත් අතිශය වැරදි තීන්දුව (මේ තීන්දුව වැරදි බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ඔක්තෝබර් 19 වැනිදා ඩේලි මිරර් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පිළිගත්තේය. ‘රසායනික පොහොර භාවිතය අවලංගු කිරීම ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කළා. මම හිතන්නේ එය වැරදි උපදෙස් මත පදනම් වූවක්. මම ඒකට වගකියන්නේ නැහැ. ජනාධිපතිවරයාත් එයට වගකිව යුතු නැහැ. අපි ඉහළම දේශපාලන තලයේ තීරණ ගන්නන්ට උපදෙස් දෙන විට එය නිසි පරිදි සිදුවිය යුතුයි. මෙය සිදු නොවිය යුතුව තිබූ බව මම විශ්වාස කරනවා’.
ආපසු හරවනු වෙනුවට නාඩගම් පිට නාඩගම් නැටූ අතර එය අවසානයේ සෙලුවෙන් රඟන රංගනයක් බවට පත් විය. ඒ 2021/22 යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර රට තුළ නිෂ්පාදනය සම්පූර්ණයෙන් අසාර්ථක වීම නිසාය.

කැබිනට් මණ්ඩලය ගත් මෙම තීන්දුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අගෝස්තු 10 වැනිදා නිකුත් කළ නිවේදනයක මෙසේ සදහන් විය.

‘දේශීය කාබනික පොහොර නිෂ්පාදනයන්ගෙන් සපුරාගත නොහැකි 2021/22 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආනයනය කිරීම සඳහා 2021/05/31 වැනි දින අනුමැතිය ලබාදෙන ලදී. ඒ අනුව ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වෙත අවශ්‍ය පොහොර තොග සැපයීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී’.

මේ අනුව උද්ධච්ච බව නිසා තමන් විසින්ම කපාගත් වළේ වැටුණු ආණ්ඩුව තවත් වටයකින් වැළ ගැඹුරු කර ගනිමින් කාබනික පොහොර ආනයනයට අගෝස්තු මස 09 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත් අතර මේ සමග රසායනික පොහොර ආනයනයට වැයකළ රුපියල් මිලියන 80,000 මෙරට ගොවීන්ට ලබාදෙන බවට ජූලි 01 වැනිදා ජනපතිවරයා දුන් සහතිකය වතුරේ ගියේය.

කාබනික වගාවට යොමුවීම හත්පොළේ ගා ගැනීමක් වුණා නම් කාබනික පොහොර ආනයනයට ගත් තීන්දුව ඒවා මුඛය තුළම ඔබා ගැනීමක් වශයෙන් සැලකිය හැකිය. ඒ කාබනික පොහොර ආනයනය හා සම්බන්ධ සමස්ත ක්‍රියාවලියම අතිශය දූෂිත, අවිද්‍යාත්මක හා වංචනික ක්‍රියාවලියක් බවට චෝදනා රැසක් එල්ල වීම නිසාය.

ඒ අනුව ලිතුවේනියාවෙන් ආනයනය කළ මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙටි්‍රක් ටොන් 30,000ක් කොළඹ වරායෙන් ගොඩබාන ලද බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් 13 වැනි දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් විය.

කාබනික පොහොර
අසූචි වුණු හැටි

100%ක් කාබනික කෘෂිකර්මාන්තයට ගමන් කිරීමට ගත් තීන්දුව මෙන්ම දේශීය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයට ගත් වෑයමද අසාර්ථක වූ තැන ආනයනික පොහොර මගින් එකී අවශ්‍යතාව සපුරා ගැනීමට රජය පියවර ගත් අතර කාබනික කෘෂිකර්මාන්තය ‘අසූචි කෘෂිකර්මාන්තය’ නැතහොත් එස්.එම්. මරික්කාර් හඳුන්වා දුන් ආකාරයට ‘ගූ පොහොර’ බවට මෙතැන් සිට පත් වුණේය.

2021/22 මහ කන්නය අත ළඟට පැමිණ තිබුණද දුන් පොරොන්දු සහ කළ සැලසුම් ප්‍රකාරව දේශීය කාබනික පොහොර නිෂ්පාදනයෙන් 1%ක් හෝ ජයගැනීමට නොහැකි වූ ආණ්ඩුව කාබනික පොහොර ආනයනයට යොමු වූ අතර එය සිදුවිය යුතු පරිදිම චීනය හා කරන පහසු සහ දූෂිත ගනුදෙනුවක් බවට පත්වුණු බවට චෝදනා එල්ල විය.

2005-2015 දශක පාලනය තුළ චීන රජය සහ චීන සමාගම් සමග නිමක් නැති මහා පරිමාණ අන්ත දූෂිත ගනුදෙනු කර ඇති වත්මන් පාලකයෝ සහ පාලක ගැති ව්‍යාපාරික සහ නිලධාරී කල්ලිය නිමක් නැති පුරසාරම් සහ විච්චූර්ණ කතා සමග චීන සමාගමක් වන කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෲප් සමාගමෙන් කාබනික පොහොර ආනයනයට පියවර ගත්තේය.

චීන සමාගම සමග සිදුවූ මෙම ගනුදෙනුව ආරම්භයේ සිටම විපක්ෂයේ සහ ජනමාධ්‍යවල දැඩි විවේචනයට සහ සැකයට හේතු වුණේ එකී සමාගම ගැන ‘පිළිගත හැකි’ තත්ත්වයක් නොවූ නිසා පමණක් නොව චීනයේ කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රමිතිය සහ අමුද්‍රව්‍ය ගැන දැඩි සැකයක් තිබූ නිසාය.

මෙම ආනයනික පොහොරවල අධික නයිට්‍රජන් සාන්ද්‍රණය ඒවා මුහුදු පැළෑටි මගින් නිස්සාරණය කළ නිසා සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ආණ්ඩුවට ගැති පාර්ශ්ව ප්‍රකාශ කළ ද ආරම්භයේ සිටම ප්‍රකාශ වූයේ ඒවා ‘අසූචි’ මගින් නිෂ්පාදිත ඒවා බවයි. ඒ බව මනාව තහවුරු කරමින් ආනයනයට සූදානම් කළ පොහොර සාම්පල්වල මෙරට පසට අතිශය හානිකර බැක්ටීරියා විශේෂ දෙකක් ඇති බව මෙරට ශාක නිරෝධායන සේවය තහවුරු කළේය.

ඒ සමග චීන අසූචි පොහොර ගැන මාධ්‍ය සහ විද්වතුන්ගේ අඛණ්ඩ අවධානය දිගින් දිගටම මෙම ආනයනික පොහොර වෙත යොමු වූ අතර ක්ෂේත්‍ර යේ විශේෂඥයින් ඒවා දැඩිව ප්‍රතික්ෂේප කළේය. එහි බලපෑම හමුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ බලධාරීන්ට අදාළ පොහොර තොගය භාර ගැනීම අත්හිටුවීමට සිදුවූ අතර අවසානයේ එය මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන මහජන බැංකුව ‘අසාදු ලේඛනයට’ ඇතුළත් කරන තැන දක්වා ගමන් කළේය.

හොල්මන් ගූ නැව

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් වන ශාක නිරෝධාන සේවය ලබාදුන් වාර්තා සහ විශේෂඥ උපදෙස් මත මෙම පොහොර ආනයනය තහනම් කළ යුතුව තිබූ නමුත් මෙම දූෂිත ගනුදෙනුව පිටුපස, නැතහොත් මෙම පොහොර තොගය ආනයනය කළ සමාගම වත්මන් පාලනයේ ඉහළින්ම වැජඹෙන ගාමිණි සෙනරත් මහතාට සම්බන්ධ ඥාතියකුට අයත්ව ඇති නිසා කොතරම් හානිකර වුවත්, ගැටලු‍ රැසක් ඇති කළත් නැව ආපසු හරවා යැවීමක් සිදු නොවූ බව විපක්ෂයේ චෝදනාව වී තිබේ. ඒ වෙනුවට සිදු වූයේ අදාළ පොහොර තොගයෙන් මෙටි්‍රක් ටොන් 20,000ක් රැගත් සමාගමට අයත් නෞකාව ශ්‍රී ලංකාව වෙත ගමන් කිරීමයි.

ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව දොස්තර හොඳහිත කාටූන් චිත්‍රපටයේ දියරකුස් මෙන් නෞකාවේ නම සහ කොඩිය මාරු කරමින් සති ගණනාවක් සිට ලංකාව අවට මුහුදේ හොල්මන් කරන චීන අසූචි පොහොර රැගත් නැව අද හෝ හෙට චීනයට අයත් හම්බන්තොට වරායටම සේන්දුවිය හැකිය.

මුලින් කියැවුණේ මෙම නැවේ නම Hippo Spirit ලෙසය. නමුත් දින කිහිපයකට පසු එහි නම Seiyo Explorer ලෙස වෙනස්ව තිබිණි. එමෙන්ම දකුණු මුහුදු තීරයට ඔබ්බෙන් නැව නැංගුරම්ලා තිබියදී එහි පිහිටීම සෙවිය හැකි ජී.පී.එස්. යෙදුම අක්‍රීයව තබාගෙන ඇති බවටද විපක්ෂය චෝදනා කර සිටියේය.

ඒ ගැන අපට කිසිම සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන්නේ ආණ්ඩුවේ බලධාරීන් සහ නිලධාරීන් සේම ආණ්ඩුවේ මාධ්‍යද මේ වන විට හැසිරෙන හා හැසිරී ඇති ආකාරය ගැන පැහැදිලි සහ නිරවුල් අවබෝධයක් අපට ඇති නිසාය.

තම මඩිය තර කර ගැනීමට ඕනෑම දෙයක් කරන වත්මන් පාලක කල්ලිය බුද්ධ භෝගය වන වී ඇටය චීන අසූචිවලින් අපවිත්‍ර කරනු ඇති බවට සැකයක් තබාගත යුතු නැත. එය කාලය හා සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් වනු ඇති අතර හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදීද තවත් දැකගත හැකිවනු ඇත.

චින්තක බණ්ඩාර කරල්ලියද්ද

SendShareShare
Previous Post

ෆොන්සේකා ඇත්ත කියයි! රුවන්ගේ ඩේලිමිරර් පත්තරේ ‌ගහපු බොරුව හෙළිකරයි! (VIDEO)

Next Post

සජිත් ගාමිණීගේ පුතා එක්ක තරුණ බළකාය කැදෙව්වේ ඇයි? (PHOTOS & VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.